Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
සංසිඳීමක්
බූන්දි, 23:18:42
සන්තාපය තාමත් ඉවර නොවී තිබෙන බව සහන් අනුත්තරාට පැවසුවේලු. අනුත්තරාගේ ඇස් වලින් කඳුළු පෙරෙනවා. ඈ සිටියේ මට පිටුපා අහස දෙස බලාගෙන. ඉන්පසු අප දෙදෙනා ගල්බැම්ම මත වාඩිවී ගස් සෙලවෙන සිලි සිලි හඬට සවන් දුන්නෙමු. මුළු මහත් විශ්වයම කලාගාරයක් යැයි සහන් අපට පැවසුවේය.

"ගහ කොළ සතා සිව්පාවා තේරුම් ගන්න පුළුවන්, ඔවුන්ගේ හඬට සවන් දෙන්න පුළුවන් වුන දවසට තමයි මනුස්ස ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ." අනුත්තරාගේ ඉකිබිඳුම පරයා සහන්ගේ හඬ මගේ මනසේ නින්නාද විය.

"එයා හිටියේ හරි හමන් රස්සාවක් නැතිව නන්නත්තාර වෙලා. ජීවිතයේ බැඳීම් මතුවෙන හැම උල්පතක්ම එයා සම්බන්ධයෙන් වියළිලා ගියා. ඒක මිනිහෙක්ගේ දෛවයට වඩා මේ රටේ කාලකන්නිකම." අනුත්තරා පැවසුවාය.

මම යළිත් සොබා දහමේ හඬට සම වැදුනෙමි. සැපටිල්ලා ගසේ වසා සිටින කුරුල්ලෙකු කීචි බීචි ගා මොර දුන්නේය. මේ ගසේ අතු මත වාඩිවී සහන් සමඟ සිදුකල තර්ක විතර්ක මට සිහි වේ. ඒ සෑම විටෙකම ඔහුව තර්කයට පටලා ගත්තේ මා විසිනි. ඒ වන විට අප දෙදෙනා ගමන් කරමින් සිටියේ එකම අරමුණක් කරා වුවත් වෙනස්ම මාර්ග දෙකකයි. තමා තුළටම නැමුණු හදකින් යුතු වූ සහන් විමුක්තිය සොයා ගියේද ඔහුගේම ඇතුළු හද පර්යේෂණාගාරයක් කොට ගෙනය.

"කෙනෙකුට තමාගේ මනසින් හදාගත්තු ලෝකෙ අවසානයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ කැමති නම් අපට වුනත් අපේ සංකල්ප ලෝකෙ නැති කරගන්න පුළුවන්." සහන් පැවසුවේය.

එහෙත් මම උමතුවෙන් මෙන් ඔහු හා තර්ක කළෙමි. "සැබෑ විමුක්තිය කියන්නේ උඹ ඔය කියන විදිහෙ මනෝරාජික තැනක තියෙන දෙයක් නෙවේ. මේ සමාජ සම්බන්ධතා වෙනස් කරන්නේ නැතිව තනි පුද්ගලයෙක් සමඟ බද්ධ වුනු විමුක්තියක් ගැන කතා කරන එකත් මුලාවක්."

එහෙත් ඔහු පෙරලා මට මෙසේ පැවසුවේ ය.

"මට උඹත් එක්ක තර්ක කරන්න ඕනේ නෑ. තර්කය කියන්නේ වචන ගොඩකට. උඹ තාම කිසි දෙයක් පරාජය කරල නැති ප‍්‍රාථමිකයෙක්. ඉස්සෙල්ල වචන, භාෂාව පරාජය කරපන්. භාෂාව තමයි මිනිස්සු නිර්මාණය කරපු ඓතිහාසික බොරුව. භාෂාවෙන් නිදහස් වුනහම උඹට තේරෙන්න ගනීවි."

මම අනුත්තරා දෙස බැලූවෙමි. ඇය තාමත් කඳුළු පිරුණු දෑසින් අහස දෙස බලා සිටින්නීය. සහනුත් මමත් ජීවිතයේ සියලූ බැඳීම් අත්හරිමින් සිටි සමයෙක අනුත්තරා අප වෙත ආවාය. උත්තර නොමැති ඉරණමක කොටස්කාරියක වීමේ ඇගේ දෛවය ඇයට වළකා ගත නොහැකි වූවාය. ලයිබ‍්‍රරියේ මුල්ලකට වී පොත පත කියවන අනුත්තරා ප‍්‍රාග්ධනයේ වසඟයට හසු නොවුණු නිර්මල පිනි බිඳක් ලෙසින් එකල මට පෙණුනේය. මම ඇගේ රූපයට වඩා ඈ තුළින් පිළිඹිබු වුනු දෘඩ මනුෂ්‍යත්වයට පෙම් බැන්දෙමි. අනුත්තරා මට හමුවුන කාලය වනවිට සහන් මිනිසුන්ගෙන් නිරාශ‍්‍රය වී සිටියේය. මා සම්බන්ධයෙන් පවා ඔහුගේ ප‍්‍රතිචාර නිශ්ක‍්‍රීය වෙමින් තිබුනේය. ඔහු පැවසුවේ ආශ‍්‍රය කිරීමට තරම් හරයක් කිසිවකු ළඟ නොමැති බවයි.

"මිනිස්සු වේශ නිරූපණය වෙලා. ඒගොල්ලො මං ඉදිරියට එද්දී ටිෂූ එකකින් වගේ උන්ගේ අධ්‍යාත්මයේ තියෙන සියළු දේ මට පේන්න ගන්නව. වේශ නිරූපණ යන්ත‍්‍රත් එක්ක සම්බන්ධයක් හදාගන්න මට බෑ." යි සහන් පැවසුවේය.

කෙසේ වෙතත් මට කලින් අනුත්තරා සහන්ගේ මිතුරියක වූවාය. අනුත්තරා තාමත් ඒ දවස ගැන කියමින් සිනාසෙන්නීය.

"එදා මම හිටියේ ලයිබ‍්‍රරියේ මට පුරුදු මේසෙට වෙලා පෙරදිග දර්ශනය ගැන ලියවුනු පොතක් කියව කියව. මට දැනුන මගේ මේසෙ ඉස්සරහ කවුරුහරි කෙනෙක් හිටගෙන ඉන්නව. මම ඔළුව උස්සල බලද්දී වැස්සට තෙත බරිතවුණ කොල්ලෙක් මං දිහා බකමූණෙක් වගේ බලන් ඉන්නව. ඒ විතරක්යැ - ගෝරිල්ලෙක් වගේ මූණ පුම්බල බුක් - බුක් ගෑවා. මට 'බකස්' ගාල හිනහ ගියා. එයා පුටුවක් ඇදල අරන් මං ඉස්සරහ වාඩි වුනා. වාඩිවෙලා කිව්ව "මම කැමතියි ඔයා එක්ක මිත‍්‍රත්වයක් හදා ගන්න.ඒ කියන්නෙ ඔයා මගේ මිතුරියක් වෙනව නම් මම කැමතියි. ඒකට ඉඩ දෙනව නම් මම ඔයාට පොරොන්දු වෙනව අපේ මිත‍්‍රත්වය පාවිච්චි කරල ඔයාගෙ ඇඟ උඩ නගින්න මම කවදාවත් උත්සාහ කරන්නෑ කියලා."

මට එදා පුදුම හිතුන මේ කොල්ල ගැන. ජීවිතේ ගැන මහා දාර්ශනික කථා කියන මිනිස්සු ඕන තරම් මට ඒ වෙනකොට හමුවෙලා තිබුනා. කොටින්ම මට උගන්වපු ගුරුවරු පවා මොකක්දෝ සමීප විය නොහැකි හතුරු කමක් හැමදාම අපි අතරෙ ඉතිරිකරගෙන හිටිය. දන ගහල වැඳපු වැඩිහිටියන්ගේ හිත්වලත් මොකක්දෝ ගුප්ත දෙයක් සැඟවිලා තියෙනව කියලා හය-හතර තේරෙන කාලෙ ඉදන්ම මට හිතිලා තියෙනවා. මම ජීවත් වුනේ බයෙන් සැකෙන්. වැඩිහිටි පිරිමි ඉස්සරහ මගේ දණහිස් වෙව්ලුව. කොටින්ම මට සේරම පිරිමි පෙණුනෙ මාව ගිලගන්න බලන් ඉන්න හිවල් රැළක් විදිහට. ඒත් එදා මේ කොල්ලගෙ ඇස් වල තිබුනු අවංකකම මම ටක්කෙටම තේරුම් ගත්තා. මට දැනුනා මගේ ක්ලෝන පිටපතක් මං ඉස්සරහ ඉඳගෙන ඉන්නව වගේ හැඟීමක්. පැනල මේ කොල්ලව බදාගෙන ඉඹින්න තරම් ආවේගයක් මට ආව. හී... හී..... මගේ ඇස් වලට කඳුළු පිරුණ. දැනගෙන ජීවත්වෙන්න ගත්තු දවසෙ ඉඳන් එදා තරම් මම සතුටට අඬල නෑ කවදාවත්ම.


පස්සෙ දවසක සැපටිල්ලා ගහ උඩදී සහන් මට මෙහෙම කිව්වා. "මං මගේ අන්තිම එක්ස්පරිමන්ට් එකත් කරා.... මට දැන් මං ගැන පූර්ණ විශ්වාසයක් තිබෙනවා. අනුත්තරා දැන් මගේ හැබෑම මිතුරියක්. සිදුහත් කුමාරයාටත් ස්ත‍්‍රීත්වය වටා ගොඩනගල තිබුණු මායාව බිඳදාන්නළඟන රැඟුම් බලන්නම වුනා. තුන්සිය හැටපස් දවසෙම බස්වල එක ගොඩේ තෙරපිලා මිරිකිලා යන එන මේ මිනිසුන්ට තාමත් බැරිවෙලා තියෙනව සැබෑ මිනිස්කම වෙත ළඟා වෙන පාර අවුරල තියෙන මායාව මොකක්ද කියල තේරුම් ගන්න."

මම ඒ වෙනකොට හිටියෙ සහන් කෙරෙහි ආකර්ශණය වෙමින්. මට වඩා මොන පැත්තෙන් බැලුවත් ඔහු දක්‍ෂයෙක්. කන්තෝරු කාමරවල සීතලට ගුලිවෙලා ඉන්න මිනිසුන් සමඟ බලන විට සහන් අඩුම තරමින් මෙරටෙහි ඇකඩමියාව තුළ ඉහළ තනතුරක ඉන්න ඕනෙ මිනිසෙක් ය යනුවෙන් මට සිතුණු වාර අනන්තය. එහෙත් අම්මයි, නංගිල දෙන්නෙකුයි ජීවත් කරවීමට ඔහුට අන්තිමේ පාරට බසින්න සිදු විය. එනමුත් කවදාවත් සහන් ඔහුගේ ඉරණම ගැන පශ්චාත්තාප නොවුනු බව මගේ විශ්වාසයයි.

"බෙදීම් හදාගත්තොත් තමයි බං මේ හැමදේකම අසම්පූර්ණත්වයක් අපට පෙනෙන්නෙ. මේ හැමදේකම මම නම් දකින්නෙ ශුන්‍යත්වයක් විතරයි." ඔහු කීවේය.

සැපටිල්ලා ගහට යටින් ඈතට දිවයන වෙල්යාය පුරා සැන්දෑ සූර්යාලෝකය පැතිරී තිබේ. වෙල්යාය කෙළවර අහස රක්ත වර්ණයෙන් බැබලේ. සහන්ගේ අම්මා ආලින්දයේ හාන්සි පුටුවට වී ඈත වෙල්යාය දෙස බලාගෙන සිටී. අනුත්තරා මගේ උරහිසට හේත්තු වූවාය. සහන් ගියාට පසු ඇතිවුනු හිස්කමේ ආගාධයට අපි දෙදෙනාම ඇද වැටුනෙමු. අනුත්තරාත්, මමත් අතිනත ගත්තේ අනුරාගයටත් වඩා විරාගය පෙරටු කොටගත් ආත්මීය හැඟීමකිනි. එක් කලෙක අපි තිදෙනාම මේ විපරිත ලෝකයේ හුදකලා වූවන් වී සිටියෙමු. තනි තනිව අප අත්විඳි දේවල් දියුණු තේරුම් ගැනීමක් දක්වා විකසිත කිරීමට අප අතර ඇතිවුන මිතුදම සමත් විය. එහෙත් සහන්ගේ නික්ම යාමෙන් පසු ඇතිවුන හිස්කම අපි පුරවා ගත්තේ අනුත්තරාත්, මමත් එකම ජීවි ඒකකයක් බවට පත්වීම හරහාය.

මම අද වන විට ඈ පිළිබඳ පූර්ණ විශ්වාසයකින් පසුවෙමි. ඇයත් එලෙසම මාව විශ්වාස කරනවා ඇත. දිනෙන් දින අප අතර මෝරා වැඩෙන අනුරාගයට ගොදුරු නොවී සිටීමට ද අපට නොහැක. අප දෙදෙන දිනෙක ගෙවල් දොරවල් හදනු ඇත. දරු මල්ලන් බිහි කරනු ඇත. ඒ සියල්ල සිදු වනු ඇත්තේ එකිනෙකා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙන නිසාය. ජීවිතයේ යථාර්ථය පිළිබඳ සවිඥ්ඥානක නිසා අපට අප දෙදෙනා හැර අන් තැනක්ද ලෝකයේ නැත. එහෙත් විශ්වාසය කඩවුණු, විනාශ වුනු තත්ත්වයකට මුහුණ දෙන්නේ කෙසේද කියා අප තාමත් සිතා නැත.

මට දැන් දැන් ඔහුගේ මුහුණ මැවී පෙනේ. ඔහුගේ මුහු‍ණේත් ඇස්වලත් තිබුණු අව්‍යාජත්වය අප දෙදෙනා තරම් මෙලොව කිසිවකු දැන නොසිටින්නට ඇත. මනුෂ්‍යත්වයේ අර්ථය අපි ඔහු තුළින් දුටුවෙමු. එහෙත් ඔහු දිනෙන් දින අප කෙරෙන් දුරස් විය. තව කලෙකදී සහන් යනු අපේ ජීවිත වල මතක මං පෙතක් පමණක් වනු ඇත. ඉඳහිට ලැබෙන විරාමයක බීර වීදුරුවක් තොලගාමින් ඒ මං පෙතේ මෙමා පියමන් කරනු ඇත. මට ඔහු මේ රක්තවර්ණ අහසේ පෙනේ. හිස බූ ගා කසාවතක් හැඳ නිවුණු දෑසින් ඔහු මා දෙස බලා සිටී. වළාකුළු ඔහුට පවන් සලයි. සුළඟට සෙලවෙන ගහකොළ වල නාදය ඔහු වෙනුවෙන් ගැයෙන මිහිරි ගීතයයි. හෝ...... ඕ..... ඕ..... "මම උගෙන් පිරිලා......." මම අනුත්තරා දෙස බලා කෑ ගැසුවෙමි.... "කොහොමටත් එයා තාම බුදුවෙලා නෑ...." අනුත්තරා කීවාය.

-අඳින ලද සුදු පැහැ ඉරි සටහන් (2016)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Andina Lada Sudu Paha Iri Satahan, Sinhala Short Stories, Sanjeewa Munamalpe, Sinhala Ketikatha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංජීව මූණමල්පෙගෙන් තවත් වියමන්
කතන්දර
අඳින ලද සුදු පැහැ ඉරි සටහන්
කතන්දර
ඔපරේෂන් එම්.සී. 37
කතන්දර
පිහි පාර
කතන්දර
මම
කතන්දර
සිහිනයත් අප සමග මිය ගියා නොවේද?
තවත් කතන්දර බූන්දි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
ලියුම්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook