Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අරගල කළ යුත්තේ පුද්ගලික විශ්වවිද්‍යාල වසාදැමීම උදෙසාද?
බූන්දි, 00:22:37
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව ගෙනයන සටන නැවතත් උණුසුම් මාතෘකාවක්‌ බවට පත්ව ඇත. මිට වසර 28කට පමණ පෙර පාසල් ළමුන්ව සිටි අප 'අධ්‍යාපන ධවල පත්‍රිකාව'ට එරෙහිව පන්ති වර්ජනය කළ බව අද මෙන් මතක තිබේ. ධවල පත්‍රිකාව කළුද සුදුද කියාවත් නොදැන සිටි අප වර්ජනයට එක්වී කෑකෝ ගැසූ ආකාරය කිසිදා අමතක නොවේ.

කෙසේ වෙතත් අද මා මෙම ලිපිය ලියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට සහය දැක්වීම පිණිසය. මේ පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම දෙබරයට ගල්ගැසීමක් බව මම හොඳාකාරවම දනිමි. මෙම මතය පළකරන තැනැත්තා නිදහස් අධ්‍යපනයේ පිහිටෙන් උපාධියක් ලබාගත් අයෙකුනම් තත්ත්වය තවත් බරපතල වේ. එම තැනැත්තා විදේශයක පදිංචිව සිටින අයෙක්නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම දේශද්‍රෝහියෙකු වේ. තත්ත්වය මෙසේ තිබියදී, දේශද්‍රෝහීකු ලෙස හංවඩු ගසනු ලැබීමට ඇති අවදානම ද අතැතිව මෙසේ අදහස් දක්වමි.

පුද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට පක්ෂ මතයක් මසිත පලමුවෙන්ම ගොඩ නැගුනේ, ලංකාවේ විශ්වවිද්‍යාලයක අවස්ථාවක් නොලබන සිසුන් විදේශ විද්‍යාලකට ඇතුළුවීම සදහා ගෙවනු ලබන මුදල් කන්දරාව පිළිබඳ දැනගැනීමෙන් පසුවයි. මෙයට වසර හතරකට පමණ පෙර මම මේ පිළිබඳ පුද්ගලිකව සොයා බැලුවෙමි. එවකට අපොස සා/පෙළ විභාගයට සුදානම් වෙමින් සිටි මගේ දරුවා මට කියා සිටියේ ඔහුට නීතිය ඉගෙනගැනීමට අවශ්‍ය බවයි. ඔහු දක්ෂ දරුවෙකු වුවද, නීති පීඨයට හෝ නිති විද්‍යාලයට ඇතුළත්වීම කෙතරම් අසීරු ද යන්න හොඳින් දැනසිටි මම, නීති උපාධියක් හැදෑරීමට ඔහු ඉන්දියාවට, එංගලන්තයට හෝ ඔස්ට්‍රේලියාවට හෝ යවනු ලැබුවහොත් කොතරම් මුදලක් වැයවෙනු ඇතිදැයි සොයා බැලුවෙමි. එසේ වැයවන මුදල ගැන දැනගත්විට මම විශ්මයට පත් වුනෙමි. වසර විස්සක් තිස්සේ රැකියාවල නිරත වුවත්, හැකි සැමවිටම යම්මුදලක් ඉතිරි කරනු ලැබුවත්, අපගේ දරුවාගේ විදේශ විශ්වවිද්‍යාල සිහිනය යථාර්ථයක් නොවනබව මට සක්සුදක් සේ පැහැදිලි විය.

කෙසේ වෙතත්, සිසුන් විදේශ අධ්‍යාපනයට යොමු කරන වීසා නියෝජිතයෙකුට කතාකර බැලීමටත් මම අමතක නොකෙලෙමි. ඔහුට අනුව නම් ඔස්ට්‍රේලියාවට ගොස් ඉගෙන ගැනීම එතරම් අමාරු දෙයක් නොවනු ඇත. පළමු වාරයේ පන්ති ගාස්තු ගෙවා දරුවා ඔස්ට්‍රේලියාවට යැවු පසු, ඉගෙන ගන්නා ගමන් රැකියාවක් කරමින් ඔහු ඉතිරි මුදල් සොයා උපාධිය සම්පුර්ණ කරගනු ඇත. සිහිනය යථාර්ථයක් වීමට මාර්ගයක් පෑදුනු බව මොහොතකට සිතුන ද, දරුවාට අනුග්‍රහය දැක්වීමට තරම් ලොකු මුදලක් බැංකුවේ නැතිබව සිහිවීමෙන් නැවතත් සිහිනය බිඳී ගියේය. නැවතත් බලපොරොත්තු ඇතිකරමින් නියෝජිතයා පැවසුවේ රුපියල් දෙලක්ෂයක් දුන්විට ලක්ෂ 40ක මුදලක් මාස දෙකකට අපේ ගිණුමේ තැම්පත් කළ හැකි දානපතියන් ඕනෑතරම් සොයගතහැකි බවයි.

මේ සුන්දර සිහිනය විශ්වාස කිරීමට මැළිවූ මා, ඒ දක්වා මා තුළ වූ බුද්ධිගලනයට විරුද්ධ ප්‍රතිපත්තිය අමතක කර ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමට අයදුම් කරනු ලැබුවේ, එය සංසන්දනාත්මක බැලු කල මිල අඩු විශ්වාසදායි ක්‍රමයක්‌ වූ බැවිනි. මෙහි පැමිණ නොබෝ දිනකින්, ශිෂ්‍ය වීසාවලින් මේ රටට පැමිණි දරුවන් විඳින දුක දැකගත් පසු, මගේ දරුවා ශිෂ්‍ය වීසා මගින් මෙහි නොඑවීමට ගත් තීරණය නිවැරදි බව තහවුරු විය. මගේ දරුවාට වඩා වසරකින් හෝ දෙකකින් වැඩිමහල් දරුවන් දිවා රෑ නොබලා පිරිසිදු කරන්නන් ලෙස කටයුතු කරමින් පන්ති ගාස්තු, ගෙවල් කුලී, කැමබීම වියදම් සොයා ගැනීමට වෙහෙසෙන ආකාරය දෙමාපියන් දන්නේනම් ළය පැලී මියයනු ඇත. මෙම දරුවන්ගේ දෙමාපියන් සිතන්නේ, තම දරුවන් උදේ වරුවේ දේශනවලට සහභාගි වී සවස් වරුවේ McDonald හෝ KFC අවන්හලක සේවය කරනු ඇතිබවයි. එහෙත් සත්‍යය වන්නේ, මෙවන් අවන්හල්වල සේවය කරන අතිබහුතරයක්‌ වයස 16-17 වයස්වල දේශීය දරුවන් බවයි. මෙවැනි ආයතන අඩු වැටුපට අවුරුදු 18ට අඩු දරුවන් බඳවා ගැනීමට කැමැත්තක් දක්වයි. අනෙක් සත්‍යය වන්නේ ශිෂ්‍ය වීසා මත මෙරට රැඳී සිටින අතිබහුතරයක් දරුවන්ට පිරිසිදු කරන්නන් ලෙස කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.

පිරිසිදු කිරීම පහත් රැකියාවක් ලෙස සැලකීමක් මෙහි නොමැති නමුත්, උදේ වරුවේ එක් තැනකත් සවස්වරුවේ තවත් තැනකත් රැකියාවල නිරත වෙන මෙම දරුවන්හට ඉගෙනගැනීම වෙනුවෙන් වෙන්කිරීමට කාලයක් නොමැති තරම්ය. අනෙක් අතට සතියකට පැය 20කට වඩා වැඩ කිරීමට ශිෂ්‍යයන් හට නීතියෙන් අවසරයක් නැත. එහෙත් පැය 20ක ආදායමෙන් සියළු වියදම් පියවා ගැනීම කිසිසේත් කළ හැක්කක් නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ අඩු වැටුපට ශ්‍රමය සූරාකන, අතට මුදල් දෙන, පිරිසිදු කිරීමේ ව්‍යාපාරිකයන් ළග වැඩ කිරීමට හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැති වීමයි.

මේ සියල්ල දකිනවිට මට සිතෙන්නේ, ප්‍රමිතියෙන් ඉහළ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් අපේ රට තුළ තිබුණා නම් යන්නයි. එසේ නම් රජයේ විශ්ව විද්‍යාලවලට වරම් නොලබන දරුවන්ට, විදේශ රටවල අපාදුක් නොවිඳ, ඒ සඳහා වැයවන මුදලින් තුනෙන් පංගුවක් පමණක් වියදම් කර ප්‍රථම උපාධිය ලබාගත හැකිවේ. විදේශ අධ්‍යපනය අපේ රටේ දරුවන්ට අකැප යැයි මම යෝජනා නොකරමි. අඩුම වශයෙන් පන්ති ගාස්තු ගෙවීමට දෙමපියන්ට හැකිනම්, ඉතිරි වියදම් සොයාගෙන අධ්‍යාපන කටයුකු නිමකර ගැනීමට ශිෂ්‍ය වීසා මත පැමිණෙන දරුවන්ට හැකිවනු ඇත. පශ්චාත් උපාධි සදහා මෙවැනි රටවලට පැමිණීම වඩාත් සුදුසු වේ. ඊට හේතු කිහිපයක් ඇත. පශ්චාත් උපාධියක් හදාරන වයස වනවිට බොහෝ දෙනා කායිකව සහ මානසිකව පරිණත වී ඇති බැවින් ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව, ප්‍රථම උපාධියක් හැදෑරීමට එන ලාබාල දරුවෙකුට වඩා ඉහළ මට්ටමක පවතී. අනෙක් අතට එසේ පැමිණෙන බොහෝ දෙනෙකු එන්නේ තම සහකරු හෝ සහකාරිය සමග බැවින් ඔවුන්ට අමතර ආර්ථික හැකියාවක් සහ මානසික සහයෝගයක් ලැබේ. අනෙක් අතට පශ්චාත් උපාධියක් අවසන් කළ පසු බොහෝවිට, වසරක සේවා වීසාවක් ලැබෙන බැවින් වියදම් කළ මුදලින් කොටසක්වත් නැවත උපයා ගැනිමටත් හැකිවේ.

මේ සියළු කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතියෙන් උසස් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් පිහිටුවීම සුදුසුයැයි මම විශ්වාස කරමි. මේ පිළිබඳ ජාතික කතිකාවක් ආරම්භ කිරීම නොපමාව කළයුතුය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අරගලය, පුද්ගලික විශ්වවිද්‍යාල වසාදැමීම වෙනුවට, ඒවායේ ප්‍රමිතිය ඉහළ දැමීම සදහා ප්‍රතිපත්ති සම්පාදනයට රජයට බලකරන අරගලයක් වියයුතුය. කුසලතා මත පිරිනැමෙන පුර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්ව යම්කිසි ප්‍රමාණයක් ඇති කිරීමට පුද්ගලික විශ්වවිද්‍යාල පෙළඹවිම සඳහා විය යුතුය. ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට හැකියාව සලසන දිර්ඝ කාලින අධ්‍යායපන ණය ක්‍රමයක්‌ රාජ්‍ය බැංකු හරහා ඇතිකිරීමට රජයට බල කිරීම සදහා විය යුතුය. නව විශ්වවිද්‍යාල ස්ථාපනය කර වැඩිපුර සිසු සිසුවියන් සංඛ්‍යාවක් බඳවා ගැනීම රජයට නොහැකි නම්, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය ඉහළ දැමීමට කටයුතු කිරීම සහ වැඩි දෙනෙකුට ඒවායේ ඉගෙන ගැනීමට සැලසීම රජයේ වගකීමකි. ඒ සදහා රජයට බල කිරීම සිවිල් සමාජයේ වගකීමයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan University Education, Private Universities in Sri Lanka, Protests against SAITM, National Education in Sri Lanka, Inter-University Students Federation, Foreign Education
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තරංගා ද සිල්වාගෙන් තවත් වියමන්
අදහස්
දෙමාපියන්ගේ සබඳතා බිඳ වැටීම හා දරුවන්ගේ සුබසාධනය පිළිබඳ උභතෝකෝටිකය
තවත් අදහස් බූන්දි
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
[සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
හැනා අරෙන්ඩ්ට් කියයි.
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
What's New | අලුතෙන්ම
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook