Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
කැමැත්ත හා පෙරමඟුල
බූන්දි, 00:17:47
සුමේධා කසාද නොබඳින්නේ බය නිසා කියලා කියපු දවසෙ මුළු ඔෆිස් එකම බිරන්තට්ටු වුණා. "ඒ කියන්නේ එයාට බය කියලත් දෙයක් තියනවා" සුමේධා නැති තැන කට්ටිය කුටු කුටු ගාපු එකෙත් වැරැද්දක් නැහැ. ඔෆිස් එකේ හැමදේකම මූලිකත්වය ගන්න සුමේධා මොන දේකටවත් බයයි කියලා හිතන්න අමාරුයි. මළ ගෙදරක යනකොට ගෙනියන්නේ චොකලට් බිස්කට් ද නයිස් බිස්කට් ද කියන එක වගේම උපන්දිනයකට නම් කේක් ගේන්න ඕනේ ෆැබ් එකෙන් ද ස්පොන්ජ් එකෙන් ද කියලත් තීරණය කළේ එයා. එක ඔෆිස් වෑන් එකේ යන හින්දා සුමේධාව ආශ්‍රය කළාට මම කළේ ප්‍රධාන නිළියට සබන් කෑල්ල ගෙනිහිං දෙන චරිතේ විතරයි. වෑන් එකේදි වුණත් ට්‍රැෆික් දවසට යන්නේ බොරැල්ලෙන් ද පුංචි බොරැල්ලෙන්ද කියන එක තීරණය කරන සුමේධාට සිංදු අහන්න හිතුණොත් වෙනදට සිංදු කියන රූකාන්ත කට වහගෙන නානා මස්කුරීට ඉඩ දෙනවා. වෙසක් භක්ති ගීත කියන්න සුදු සාරියක් ඇඳගෙන එහෙ මෙහෙ දුවද්දියි නත්තල් කැරොල්වලට රතු ලෝගුවක් ඇඳගෙන පාවෙද්දියි මමත් එයාගෙ පස්සෙන් ඇදුණා. වයස තිස් අටක් වුණාට, බඩ පේන්න සාරි අඳින තරමේ ලස්සන ඇඟක් එයාට තිබුණා. ටිකක් අයිශ්වර්යා වගේ වුණත් ඊරිසියාව නිසා වෙන්න ඇති කවුරුත් ඒක මූණට කිව්වේ නැහැ. ඇන්ජලා නම් පරණ තරහක් තිබුණ නිසා "අයිශ්වර්යාගේ ෆොටෝ කොපියක්" කියලා හිනා වුණා. මාකටිං එකේ කට හැකර කොල්ලෙක් කියලා තිබ්බා "ෆොටෝ කොපියක් නෙමේ, ෆැක්ස් කොපියක්" කියලා. ෆැක්ස් එකක් එනකොට පාට වෙනස් වෙලා ඇද වෙලයි එන්නේ කියන එක මටත් තේරුණේ පස්සේ. "ඌ ජේ. වී. පී කාරයෙක්. ආනන්දේට ගියා කිව්වට හෙණ ගොඩයෙක්" සුමේධා එදා දවසම කළේ අර කොල්ලාට බණින එක. එයත් එක්ක දවල් කෑමට යාමේ වරප්‍රසාදය හිමි වුණු මට තිබ්බේ එයා කියන ඒවා අහං ඉන්න විතරයි.

"කසාද නෙමේ තව පොඩ්ඩෙන් මට පිස්සු හැදිලයි නවතින්නේ" ඔන්න ඉතිං සුමේධා එක හේතුවක් මාත් එක්ක කියන්න ගත්තා. දහම් පාසලේදි පළමුවෙනි ධර්ම සංගායනාව ගැන උගන්නනකොට වගේ එයාටත් හැමදේකටම ආසන්න හේතු, දුරස්ත හේතු හුඟක් තිබුණා. සුමේධා ඒ කාලේ යාළුවෙලා ඉඳලා තිබ්බේ පොත්පත් උත්සවවලට යන, පත්තරේ නම වැටෙන කලාකාරයෙක් එක්ක. "මම ප්‍රභාත් නිසා පොත් කියවන්නත් ගත්තා". සුමේධා කියන විදිට නම් එයා 'උතුම් පැතුම්' පොත සම්පූර්ණයෙන්ම කියවලා තියනවා. "ඒත් වැඩක් වුණේ නෑ අනේ. ප්‍රභාත් කියවන්නේ සිංහලත් නෙමෙයි. අර තඩි වඳුරා ඉන්න පොත මොකක්ද ?" එහෙම ඇහුවට මම දන්නවද ප්‍රභාත් කියවපු පොත්. ටාර්සන් නෙමෙයි කිව්ව සුමේධටම මතක් වුණා ඒ මහා භාරතය කියලා. "ඔක්කොමත් හරි. කියන මළ දානයක් තේරෙන්නේ නෑ අනේ. එයා පවුලට කියන්නේ කුටුම්බෙද මොකක්දෝ කියල" සුමේධා තොල කණපිට හැරෙව්වා. එහෙම නම් අමාරුයි. මමත් එකඟ වුණා.

මහා භාරතය නිසා හිත රිදිලා ඉන්න සුමේධගේ පිහිටට එන්නේ නෑදෑ ජෝඩුවක්. "රජී අක්කල නොකියවපු පොතක් නෑ. ඒ කපල් එක වෙරි ඕපන් මයින්ඩඩ්" ඔන්න සුමේධා ඥාති වර්ණනාව පටන් ගත්තා. මොනවා නැතත් සුමේධාට අපිටත් එක්ක ඇතිවෙන්න නෑදෑයෝ ටිකක් හිටියා. එයාලා මළ ගෙදරකට ගියොත් මිනියටත් වඩා කැපිලා පේන ජාතියේ කට්ටිය. "වෙන එකක් තියා බැන්ද දාකට ෆේස්බුක් යූස් කරන විදිය හිටං එයාලා ඇඩ්වයිස් කළා" අෂ්ඨක කියන කෙනාට පිටිපස්සෙන් රජී අක්කා ලැප්ටොප් එකක් අරං ඉන්න හැටි මට මැවිලා පෙනුණා. "බැන්ද වුණත් ගැලපෙන්නේ නැත්නම් හොඳම දේ දෙන්නා සෙපරේට් වෙන එක" කියලා කියපු රජී අක්කලා රණ්ඩු සරුවල් වෙවී පවුල් කන එක මෝඩ වැඩක් කියල කියා දුන්නලු. "ඒක නම් ඇත්ත" කියලා මගෙ කටින් ඉබේම පිටවුණා. "බම්බුව" සුමේධා ගිනි පිටවෙන ඇස්වලින් මා දිහා බලං හිටියා. මට මතක් වුණේම නාගීනා එකේ ශ්‍රී දේවිගේ ඇස් දෙක. "කාලයක් යනකොටයි දන්නේ. රජී අක්කලා රණ්ඩු වෙන්නේ නෑ. උන් අතින් පයින් ගහ ගන්නවා".

මාස ගාණකටපස්සේ සුනේත්‍රා නොහොත් අවිචාර සමය උදාවෙනවා. සුමේධලගේ පවුලේ හිතවතියක් වන සුනේත්‍රා නැන්දා එක දිගට වරුවක් වුණත් උපදෙස් දෙන්න හරිම දක්ෂයි. එයා සුමේධාට කිව්වලු "දුවේ, ඇත්ත ආදරේ කියන්නේ සල්ලිවලින් හරි රූපයෙන් හරි සමාජ තත්ත්වයෙන් හරි තමන්ට වඩා දුප්පත් කෙනෙක් බඳින එකයි" කියලා. ඔය කතා අස්සේ සුමේධට අවුරුදු නමයක්ම බාල, රස්සාවට ත්‍රීවීල් එළවන මධුරංගව මුණ ගැහෙනවා. "හරියට ඇන්ටෝනියස් බන්ඩාරේස් වගේ" කොහොමත් පාස්කු නාට්‍ය පවා බලන්න යන නිසා ඕනේ නළුවෙක්ව දන්න සුමේධාගේ ඇස් දිලිසුණා. දවසක් සුමේධා මධුරංගට කෝල් කරලා තමන්ගේ හිතේ තියෙන දේවල් කියලා. එදා ඉඳන් මධුරංගගේ ෆෝන් එක ඕෆ් නිසා බැරිම තැන සුමේධා ත්‍රීවීල් පාක් එකට ගිහිං එයාව මුණ ගැහුණලු. "සුනේත්‍රා නැන්දා තමයි මගේ ඔළුව අවුල් කළේ. නැත්නම් මට මොකටද අනේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ස්ලා" සුමේධා නෝක්කාඩු විදියට මගේ අතට ගැහුවා. මධුරංගත් එදා සුමේධාට කියලා තියෙන්නේ පුදුම හිතෙන කතාවක්. "අනේ මිස්. මොකුත් හිතන්න එපා. සුනේත්‍රා නෝනා ඔය කතාව මාත් එක්කත් කියලා තියනවා. මමත් කවදාහරි බඳින්න හිතන්නේ මටත් වඩා දුප්පත් කෙනෙක්වමයි. ඉතිං මට බැහැ මිස් වගේ කෙනෙක් එක්ක යාළුවෙන්න" එහෙම කියපු මධුරංග මාස දෙකකට පස්සේ බේකරියේ මුදලාලිගේ දුව එක්ක පැනලා ගියා. "ඔයා කියන්න අනේ? එපා වෙන්නේ නැද්ද" සුමේධා අහනවා. මටත් එපා වෙනවා.

සුමේධා තවම කිව්වේ ඔය ප්‍රශ්න ටික විතරයි. ඒවා ඔළුවට බරක් නිසා එයාට බඳින්න තියා ඒ ගැන හිතන්නවත් බැහැලු. ඒ කතාව ඇත්තක්ය කියලා මටත් හිතෙනවා. බඳින්නේ නැත්තේ ඇයි කියලා තාම නම් අහන්නේ සුමේධාගෙන් විතරයි. මගෙන් ඇහුවොත් නම් මට අලුතෙන් හේතු කිය කිය ඉන්න ඕනෙ නැහැ. සුමේධාව පෙන්නුවම හරි. මට බැහැ සුමේධාට තරම් ලස්සනට ඒ වගේ දෙයක් පැහැදිලි කරන්න.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සහන් කසීර වික්‍රමසිංහගෙන් තවත් වියමන්
කතන්දර
ඉරණවිල එළිය
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
කල්ලඩි පාලම පාමුල
කතන්දර
කබායක් පැළැඳි මැදිවියේ කත
කතන්දර
"අජිත් තමයි හොඳ"
තවත් කතන්දර බූන්දි
බුම්මන්නා පවුල සහ ලේලිය
දොළොස්දාහක්
අලුත ගෙනා මනාලිය
නිල් මල් ගවුම
මාස තුනක් සහ එක දවසක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook