Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
චේ නැතිව චේ සමග!
බූන්දි, 00:24:47
එක්දාස් නමසිය හැට හත වසරේදී බොලිවියාවේදී ඝාතනය කරන ලද චේ, දෙදහස් දහසය වසරේ ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක අසුන්ගෙන සිටිනවා. ඊළඟ මොහොතේ ඔහු ගිනි කාෂ්ටක අවුවේ පිටකොටුවේ වීදි දිගේ ඇවිදගෙන යනවා. කොණ්ඩේ වවාගත්තු ටීෂර්ට් ඇඳගත්තු 'ලෝකල් චේ'ලා අපේ චේගේ ඇඟේ හැප්පීගෙන, ගෑවී නොගෑවී යනවා. කියුබාවේ, බොලිවියාවේ, ආජන්ටිනාවේ පවා අහන්නට, දකින්නට නොලැබුණු තරමේ චේ සැමරුම් සන්නිපාතයෙන් ඔලුව ඔද්දල් වෙන චේ, තාප්පයක අලවා තිබුන චේ පෝස්ටරයකට පිට දී ඩිංගක් ඇල වෙනවා.

චේගේ දැහැන බිඳෙන්නේ මෝටර් සයිකල් වල බර බර සද්දෙන්. කොල්ලෝ කෙල්ලෝ ටික කඩිමුඩියේ සැමරුම් සවාරියක් යන්න සෙට් වෙනවා. ලාදුරු රෝගීන් සම්බන්ධයෙන් ඇති සමාජ ආකල්ප වෙනස් කරන්න චේ මෝටර් සයිකල් ගමනක් ගියාට මෙහෙ පුලුවන්ද ඔය ‘කරදර වැඩ’ කරන්න? ටීෂර්ට් ඇඳගෙන පපුව පුප්පගෙන, සද්දේ ඇතිව මෝටර් සයිකල් රවුමක් ගියානම් සැමරුම ගොඩ. මාධ්‍ය කට්ටිය වඳුරෝ වගේ වටේ එල්ලීගෙන ෆොටෝ ගහල පහුවදා පත්තරේ දායි. ඔය මදෑ.

ඔය අස්සේ ‘චේගෙ භාවිතාව’ වගේ වචනත් ඇහෙනව. හවානා සුරුට්ටුව වෙනුවට දල්වගත්ත ගෝල්ඩ්ලීෆ් එකක් සැරේට උරන ගමන් සැමරුම් වැඩේට සෙට් වෙලා ඉන්න අයගේ ඔලු ඇතුලට කිමිදෙන්න චේට පුළුවන් වෙනවා. ලීසිං කරලා ගත්ත මෝටර් සයිකලේ වාරිකය ගෙවන්න පස්ස පැත්ත ගෙවෙනකම් හැමදාම වැඩ කරන්න වෙන එක ඇත්ත. ඒ වගේද මේ වගේ වැඩකට සෙට් උනාම රතුපාට අයිඩෙන්ටියත් ආරක්ෂා කරගෙන හීනියට ෆන් එකක් ගන්න්ඩත් පුළුවන්. 'දැනුවත් කරන්න', 'භාවිතය', 'හදාරන්න’ වගේ බර බර වචන ලොකු අයියල බලා ගනියි. පොඩ්ඩෝ තමාටම මුමුණ ගනිමින් සයිකල් ආම්බාම් කරනවා.

මූණට ඉර කාස්ටකේ නොවැටෙන්න තොප්පිය හරි බැරි ගහල හදාගත්ත චේ මෝටර්සයිකල් රොත්ත දිහාට තවත් බැල්මක් දානවා. ගියපාර මොටර් බයිසිකල් සවාරියට ආරම්භක සංඥාව දෙන්න ආපු කෙට්ටු කොට කෙනා මැරිල ජාතික කොඩියකින් වහල භූමදාන කළා කියල ආරංචි උනාට පස්සේ මෙදා පාර ඇවිල්ල ඉන්නේ වෙන කෙනෙක්. මහත, කොට... රැවුල්කාර හරිම හැන්ඩි තරුණයෙක්. හැමෝම ඉන්නේ හරිම සන්තෝසයෙන්. හරියට විනෝද ගමනක් යන්න සුදානම් වෙනවා වගේ. හිටිගන්මන් මේ සංවිධායක සහෝදරයින්ගේ හා චේගේ ඇස් එකට ගැටෙනවා. නායකයින් බිම බලාගන්නවා. ඒත් වැඩේ ලෙහෙසියෙන් අතහරින්නට අකමැති උප තත්වයේ සිටින සහෝදර නායකයෙක් ෆයිල් එකකුත් අරගෙන චේ ළගට කිට්ටු කරනවා.

"සහෝදරයා ආවට බොහොම ස්තුතියි. ඒත් ඔයාට මෙහෙ කරන්න රෝල් එකක් තියනවද දන්නේ නෑ. අපි හරියට ඔයා ගැන කථා කරනවා. ඔයා මොන මඟුලකට බොලිවියාවට ගියාද කියලත් හිතෙනවා. අනික ඇමතිකමකුත් දාල. ඔච්චර ලොකු ඉමේජ් එකකුත් තියාගෙන? පුදුමයි. අපි තවමත් ඔය ඉමේජ් එකෙන් වැඩ ගන්නවා. වසර 2020 වෙනකම් ‘චේ සැමරුම’ පේටන්ට් එක පවා අපි අරගෙන ඉන්නේ. අපි වැඩේ දෙනවා තිතට. දැක්කනේ මොටර්බයිසිකල් සෙට් එක."

පුංචි සහෝදර පැටියාට හිනාවකින් දමා ගහපු චේ පිටකොටුවේ මැනිං මර්කට්ටුව පැත්තේ ‘වැඩකරන ජනතාව’ ඉන්න පැත්තට යනවා.

"ලොක්කා පැකේජ් එක දාහයි. ගන්නවද? එක එක ගන්නවට වැඩිය අම්බානක ලාබයි. සෙට් දෙකක් ගන්නවානම් තවත් අඩු කරලා දෙන්නං"

වැඩකරන ජනතාවගෙන් කෙනෙක් චේ මුහුණ ගහපු ටී ෂර්ට්, තොප්පි, මාල එල්ලගෙන චේ ඉස්සරහ ඉන්නවා.

"සහෝදරයා කොහොමද?"

"වරදක් නෑ ලොක්ක. මේ මුණ ගහපු කුණු තක්කාලි ගෙඩි වලට උනත් මේ දවස්වල පට්ට ඉල්ලුමක් තියෙන්නේ. මං පොඩි පැකේජ් එකක් හදල තියනවා. ටී ෂර්ට් එකයි, මාලෙයි, තොප්පියයි රුපියල් දාහයි. නැගල යනවා. පොඩි කාලයයි මේ ඉල්ලුම තියෙන්නේ. ලබන මාසේ ඉදල නත්තල් ගස් විකුනනවා. මේ ලොක්ක පොඩි කාරණයක් අහන්නද?"

"මොකක්ද ?"

"මේ ටීෂර්ට් එකේ ඉන්නේ කවුද බොස්? හැම අවුරුද්දෙම මේ කාලෙට මිනිහ ගැන බරසාරෙට කථාබස් රැල්ලක් යනව. ටීවී එකෙත් ලොකු කොකු මිනිස්සු ඇවිල්ල මිනිහ ගැන බරසාරෙට කතාව."

"ඔයාගෙන් ඔය ටීෂර්ට් ගන්න කට්ටියගෙන් ඇහුවේ නැද්ද ඒ කවුද කියල"

"ඇහුව දොරේ. උන් දෙන්නේ කරකැවිල යන උත්තරනේ. දැන් ටිකකට ඉස්සෙල්ල කොල්ලෝ දෙන්නෙක් ඇවිල්ල දාහේ පටියක් දීල සෙට් දෙකක්ම ගත්ත. උන් කිවේ මෙයා සිරාම පොරක් කියල. එංගලන්තේ පවා කොල්ලෝ සෙට් මේකලු දැන් අදින්නේ. ගර්ල් ෆ්‍රෙන්ඩ්ට තෑගි දෙන්න කියල තොප්පිත් ගත්ත."

"ඔයා කොහොමද දන්නේ මේවා මේ කාලෙට මාර්කට් වෙනව කියලා?"

"මෙහෙමයි බොස්. අපේ වැයික්කියේ මල්ලියෙක් තමයි හෝඩුවාව දුන්නේ. ඌ හවසට ගැන්සියට බහින කොට මෙයාගේ ටීෂර්ට් එක ගහගෙන බහිනවා. මිනිහට හොඳ සරුවට කථා කරන්න පුළුවන්. මිනිහගේ තෙල් ටෝක්ස් හරියට මේ දවස්වල් ටීවී එකට පාත්වෙලා අර කට්ටිය දාන ටෝක්ස් වගේමයි. යුක්තිය, සාධාරණේ දෝරේ යනවා දොරේ. ගැන්සියම කොර! මිනිහ තමයි කීවේ මේ දවස්වල මේ බිස්නස් එකට බැහැපන් කියල. ඌට හවසට බාගයක් වත් අරන් දෙන්න වෙනවා."

වෙළඳ සහෝට සමු දීල අඩියක් දෙකක්වත් යන්න උනේ නෑ හෙණ ගෙඩියක් පාත්වෙනවා වගේ මාධ්‍ය කොලුවා දෙන්නෙක් කඩා පාත් වෙනවා. එකෙක් කැමරාවකුත් උළුක් කරගෙන.

"හ හ හා... පුදුමයි! අදහගන්නත් බෑ. සහෝදරයා අපිට වොයිස් කට්ටෙකක් දෙනවද. අපි අහවල් චැනල් එකෙන්. හැමෝම ඇවිල්ල වැඩේ වාත වෙන්ඩ ඉස්සෙල්ල වැඩේ කරමු කැරකිලා යන්න" කැමරා කොලුවා ලොකු බලාපොරොත්තුවකින් කෑ ගහනවා. මේ අල්ලපනල්ලේ අනෙක් මාධ්‍ය සගයා චේගෙ අතින් අල්ලාගෙන... චේ මාධ්‍ය සගයාගේ කාරුණික අත්අඩංගුවක..!

"සහෝදරය ලංකාව ගැන මොකද කියන්නේ. අපිට හොද වොයිස් කට්ටෙකක් ඕනි බොස්. හරිම සාමකාමී ජාතියක්. හරි සතුටින් ඉන්න මිනිස්සු ටිකක්. ඕව තමයි පිටරටවලින් ආපු අය කියන්නේ. මේ... යහපාලනය ගැන මොකද හිතෙන්නේ? අත් දෙක එහෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වීසි කරලා පොඩ්ඩක් බරට කට් එකක් ඕනි සර්...."

මේ අතර මාධ්‍ය සගයාගේ අත චේගේ ග්‍රහණයෙන් පොඩ්ඩක් බුරුල් වෙනවා. ඇසිල්ලකින් චේ ක්‍රියාත්මක වෙනවා. කකුල් දෙකට පණ අරගෙන දුවන්ඩ පටන්ගන්නවා. මැනිං මාර්කට්ටුවේ ‘වැඩ කරන ජනතාව’ වගේ වගක් නැතුව වැඩ...! චේ දුවනවා. මාධ්‍ය සගයොත් අරින්නේ නෑ.... කැමරා උළුක් කරගෙන පස්සෙන් හැල්මේ දුවගෙන එනවා.

"බොස් බොස් මේ කොහෙද දුවන්නේ? අන්න පත්තර කාරයොත් පස්සෙන් එනවා.." ටී ෂර්ට් විකුණන වෙළඳ සහෝදරයා කොහේදෝ ඉඳල ආයෙත් සෙට් වෙලා චේ එක්කම දුවන ගමන් අහනවා.

"මට මුහුද තියන පැත්ත පොඩ්ඩක් කියනවද යාළුවේ. පනින්ඩ හිතෙනවා හලෝ මුහුදට..!"

"වැඩක් නෑ සර්. මැරුණත් ගැලවෙන්ඩ හම්බ වෙන්නේ නෑ. ලබන සැරෙත් මේගොල්ලන්ට ඕනි උනාම සර්ව පණගහල ගන්නවා...!"
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Death Commemoration, Cuban Revolution, Ernesto Che Guevara, Argentine Marxist revolutionary
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
අදහස්
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
වෙසෙස්
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
වෙසෙස්
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
අදහස්
අමරදේව මාස්ටර්, අපිනං ගොඩ...!
තවත් අදහස් බූන්දි
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
[සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියොන් ට්‍රොට්ස්කි ලියයි.
ඓතිහාසික වඩදිය බාදිය ගැලීම් පාලනය වනුයේ ඒවාටම සුවිශේෂී වූ නියාමයන් මගිනි. හුදු නොඉවසිලිවන්තබව ඒවායේ වෙනස්වීම ඉක්මන් කරන්නේ නැත. ඓතිහාසික පර්යාලෝකය දැකීමට මා හුරුපුරුදුව ඇත්තේ මගේ... [More]
What's New | අලුතෙන්ම
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook