Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් සෝභිත හාමුදුරුවන් වෙතටයි!
සමහර ලියුම් තියනවා ඒවා ආවේ කොහෙන්ද කොහොමද කියල හොයාගන්න බැරි ඒවා. මේ පාර හැක් කරපු ලියුම නම් අති-විශේෂ එකක්. කොළඹ ජනප්‍රිය ලිපිනවල, සිවිල් සමාජයේ මිනිස්සු ඉන්න තැන්වල පා වෙවී තියනකොට තමයි මේ ලියුම හම්බවුනේ. හරි හමං ලිපිනයක් නැතිව රස්තියාදු වෙන ලියුම් කඩල බලන්න තියා අල්ලන්නවත් එපා කියල කියනවනේ. මොකද ලියුම්වල වුනත් බෝම්බ තියෙන්න පුළුවන්. කතාව හරි..!
හිතවත් සෝභිත හාමුදුරුවන් වෙතටයි!

ඔබවහන්සේ මගේ පොළොන්නරුවේ ගෙදර ලිපිනයට එවාපු ලියුම ලැබුනා. ලියමන දැක්ක ගමන් මට හිතාගන්ඩ බැරිවුනා කොහොමද ඔබවහන්සේගෙන් මට ලියුමක් ලැබෙන්නේ කියලා. අනික රටේ ජනාධිපති වෙච්චි මට හැමෝම කොළඹ ජනාධිපති කාර්යාලයට ලියුම් එවනකොට ඔබවහන්සේ විතරක් මොකද පොළොන්නරුවේ ගෙදරට ලියුම් එවන්නේ කියල හිටං කල්පනා කරලා කරලා බැරිම තැන, ලියුම මට ගෙනත් දීපු පොළොන්නරුවේ ගෙදර බලා කියා ගන්න මනුස්සයාගෙන් මේ ගැන ඇහුවා. උන්දෑ මාර කතාවක් තමයි කිවුවේ. මිනිහ කියපි ඔබවහන්සේ හිතනවා ඇතිලු ඒ දවස්වල අපි කතා කොරගත් දින වකවානු අනුව දැන් ජනාධිපති තනතුර එහෙම අහෝසි කරල හිටං සාධාරණ සමාජයක් එහෙම ඇතිකරලා හිටං මම දැන් පොළොන්නරුවට වෙලා කුඹුරු කොටනවා ඇති කියලා. අම්මප ඌට මඩු වලිගෙන් තලන්ඩ ඕනේ...!

මං ජනාධිපති තරඟෙට ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ලා ඔබවහන්සේ මගේ අතේ බැන්ඳ පිරිත් නූල තාමත් අතේ තියනවා. දැන්නම් ඒක කළු ගැහිලා පාට ගෙහුං කැඩිලා යන්ඩත් ළඟයි. ජනාධිපතිවරයෙකුට දිනපතා පිරිත් නූල් වලින් නම් අඩුවක් නැති එකේ ඒක ගලවලා දාන්ඩ කියලා ගෙදරින් මට කියනවා. ඒත් ඔබවහන්සේ මට කරපු උදවු මතක් වෙනකොට එහෙම කරන්නේ කොහොමද ඉතිං...?

මං ජනාධිපති උනු ගමන්ම පුදුම විදිහට කාර්යබහුල වෙච්චි හන්දා ඒ කාලේ අපි සාධාරණ සමාජයක් කිය කියා හදපු ලිපිගොනු ටිකවත් ආයේ කියවන්ඩ තියා දාපු තැනකින් හොයාගන්ඩවත් බැරි උනා. අපවත් වෙන්ඩ කිට්ටුව ඔබ වහන්සේ නම් හිතේ අමාරුවෙන් හිටියා කියල අපේ කට්ටිය කියනවා. ඒකට මං ඉතිං කාටවත් දොස් කියන්නේ නෑ, මොකද ඔබවහන්සේ ආගමික නායකයෙක් මිසක් දේශපාලකයෙක් නෙමෙයිනේ.
දේශපාලකයෙක් උනා නම් ඔබවහන්සේටත් මුට්ටියේ තාලෙට ඔලුව හදාගෙන හිටං දෙයියනේ කියල තව කාලයක් ජිවත් වෙන්ඩ තිබ්බා.

පුදුමේ කියන්නේ අපේ හාමුදුරුවනේ, ඒ දවස්වල අපි රට ගැන කතාකරපු බර බර දේවල් ගැන දැන් කතාකරන්නවත් කෙනෙක් නෑනේ. මං කියන්නේ නිකන් හවසට පොඩි කයියක් ගහගෙන ඉන්ඩවත්. ඔබවහන්සේට කීවට මොකද ඔය යහපාලන, සාධාරණ සමාජ වගේ වචනවල තේරුම වත් මට හරියට නිච්චි නෑ. ඒ දවස්වල ඕව ගැන හරියට කථා කරගන්ඩවත් අපිට වෙලාවක් තිබුනේ නෑනේ. අවංකවම කියනවා නම් මට තිබ්බේ මරා එක්ක කෝන්තරයක්නේ. චන්ද්‍රිකා නෝනටත් එහෙමනේ. වැලේ වැල් නැතුව හිටිය රනිල් මහත්තයට නම් වැඩේ අල්ලලා ගියා.

අගමැති කෙනෙක් වෙලා රජරට ගොවි රජ්ජුරුවෝ වගේ පුංචි නම්බු නාමයක් අරගෙන දේශපාලනය ඉවර කරන්න කියාලා හිතාගෙන හිටිය මාව ඔබවහන්සේ ඇවිල්ලා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වා. ඊට පස්සේ ඔබවහන්සේගේ ගෝලයෝ බාලයෝ ඇවිල්ල පයිරු තානන්තර, යාන වාහන එහෙම මගෙන් ඉල්ලගෙන ගියා ගියාමයි තාම සද්දයක් බද්දයක් නෑ. ඔබවහන්සේගේ පරණ හිතමිත්‍රයින්ට ලියුමක් කාරිය ලියනවානම් මාත් මතක් කරා කියල කියන්න.

ඔබවහන්සේගේ ලියුම දැකපු අපේ හාමිනේ කියනව දැන් සිද්ධවෙන සේප්පඩ විජ්ජා දකින්නේ නැතුව ඔබවහන්සේ අපවත් වෙච්චි එක හොඳයි කියලා හිටං. ඔය මගේ පස්සේ එල්ලිලා හැමතැනම ගියාට උන්දැ දන්න දේශපාලනයක් නෑ. ඒ උනත් ඔබවහන්සේගෙන් පස්සේ අර සාධාරණ සමාජෙ පුටුවට ආපු මහත්තයා කහඹිලියා ගෑවිලා වගේ දඟලන දැඟලිල්ල දැක්කම ඒ මහත්තය ගැනත් මට දුකයි. එහෙමයි කියලා ඉතිං, දුවන කෝච්චියට බෙල්ල තියන්න මට පුළුවනැයි හාමුදුරුවනේ.

තමුන්ගේ ජිවන අත්දැකීම් වලින් පොත් ලියන වැඩේ මේ දවස්වල ලංකාවේ බර සාරෙට සිද්ධ වෙනවා හාමුදුරුවනේ. ඔබවහන්සේගේ සාධාරණ සමාජ විප්ලවේ ගැන පොතක් ලියන්න මාත් හිතාගෙන ඉන්නවා. මං කල්පනා කරන්නේ ඒකෙ මුල් පිටපත පිළිගන්වන්නේ කාටද කියලා. දේවල් සිද්ධ වෙවී යන පිළිවෙලට, ඒක බැරි වෙලාවත් මහින්ද මහත්තයාට එහෙම පිළිගන්වන්ඩ සිද්ධ උනොත් හිටං ඔබවහන්සේ මාත් එක්ක තරහ වෙන්න එහෙම එපා ඕං....!

මීට,
සදා නොවෙනස්,
මෛත්‍රී
වෙනත් සබැඳි |
හිතවත් දහම් මලේ...,
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Maduluwawe Sobitha Thero, Maithripala Sirisena, Sri Lankan President, January 8, Mahinda Rajapaksa
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මයිකල් මුවර් කියයි.
ධනවාදය, අප විශ්වාස කරන සාධාරණත්වය, තෝරාගැනීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බඳු සියළු දේවලට එරෙහිය. එය ඇත්තේ, ධනවතුන් රැකීමටත් බඩජහරිකම නීත්‍යානුකූල කොට පවත්වා ගැනීමටත් ය. කෑදරකම අපගේ ආර්ථික... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook