Review on Hakawathi- a collection of Sinhala Short Stories by Dawson Preethi | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
හකාවතී- කියවල අඬන්නද? හිනාවෙන්නද?
බූන්දි, 18:12:45
ඩෝසන් ප්‍රීතිගෙ "හකාවතී" කියවලා ඉවර වුනා. වෙනම කල්පිත ලෝකයක් කියලා එයා මුලින්ම කියල තමයි කතා පටන් ගන්නෙ. ඒත් මේ කතාව සිංහලෙන් ලියලා තියෙන්නෙ. බහුතරයක් සිංහල පාඨකයො කියවන්නෙ. ඒ අයට මේ කියවන්නෙ අපි ඉන්න ලංකාව කියන අද්භුත රට ගැනයි කියලා හිතන එක නවත්තන්න ප්‍රීතිට බැහැ. එයා එහෙම කියන එක මුලු පොතටම අදාල නිර්වචනයක් ලෙස ගත්තොත් අපි ලංකාවෙ වෙන සිදුවීම් ගැන දැන් හිතන හැටි එහෙම තමයි. තමන්ට වෙනකම්ම ඕනම බරපතල කාරණයක් නොදැක්ක ගානට, වෙන ලෝකෙක වෙන දෙයක් ගානට හිතන්න අපි පුරුදුවෙලා ගොඩක් කල්. අපි හැමෝම 'ඔබ නැතුව ඔබ එක්ක'! මම නැතුව මම එක්ක!

ප්‍රීතිගෙ කතාවල වාක්‍ය හරිම දිගයි. හරියට ජාතක කතාවල වගේ. එක්කො එක ඡේදයක් එක වාක්‍යයක්. නැත්තං වාක්‍ය දෙකක්. එහෙම නැතුව ලියල තියෙන කතාවක් නම් ඒ අවස්ථානුකූල වර්නණයක්. පස්වෙනි කතාව ‘මාරාව‘ ඒ වගේ කෙටි වාක්‍ය තියෙන කතාවක්. බුත්සරණෙ 'නාලාගිරි දමනය' වගේ.

ඔහු සාමාන්‍ය සිදුවීමක් කවදාවත් නොවෙච්ච දෙයක් වගේ අපි ලව්ව කියවනවා.

"මම සරම කඩල දමල චීත්තෙත් එකපාරින් කඩල දැම්මා. ඉර එළිය යම්තමට වලාකුලු අස්සෙන් ගන සැරේට විහිද විහිද තිබ්බ මොහොතකට විතර. චීත්තෙ තිබ්බ මල් පොහොට්ටු හතර වටේ පඳුරුවල පිබිදුනා වගේ, මම දැක්කෙ අහසෙ විදුලි කෙටුමකුත් එක්කලම. යටිකය නිරුවස්තරේ එයා බිමට වකුටු වුනාම පිටිපැත්තෙ කොඳු නාරටිය තට්ටමේ දෙබෙදුමට පැතිරිච්ච හරිය ඉර බහින මූකලානෙ කඳු පන්තිය වගේ දිස්නෙ දුන්න ආලෝකෙට..."

ඉතිං මේව ජාතක කතා නොවෙන්නෙ ඇයි? මේ කතාවල ඉන්න අයත් කවදහරි බුදුවෙන බුදු පැල නෙමෙයිද? මිනිස්සුම නං බුදු වෙන්නෙ... ලෝ වාසී සියලු බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා! අයිසිස්/ අමෙරිකන්/ නාසියන්/ ලාමාවරුන්/ හීනයානිකයන්/ මහායානිකයන් හැමෝම බුද්ධාංකුර. කිසිම කෙනෙක් සුවිශේෂීවත් නොවැදගත්වත් නොවන බව ප්‍රීති නොකියා කියනවා.

ප්‍රීතිගෙ ප්‍රීති වාක්‍ය හරිම දුක්බරයි. 'මිරැන්ඩා'ගෙන් පටන් ගමු. මිරැන්ඩා වගේ ගැහැනියක් ලංකාවෙ පිරිමියෙක් ඇත්තටම බාර ගන්නෙ කොහොමද? පක්ෂෙ වැඩ කරන, රෑ දොළහට ගෙදර එන ගෑනියක්. ස්වාධීන චරිතයක්. කේතලයක්, රෙදිසෝදන යන්ත්‍රයක්, ළමයි හදන කිරිදෙන මැෂිමක්, සැමියා කියන දේ අහගෙන පවුල රැකගෙන ඉන්න දෙනෝදාහක් ගෑනු මැද්දාවෙ මිරැන්ඩාව අපි බාර ගන්න ලෑස්තිද?
ප්‍රීති දුකෙන් අහන ප්‍රශ්නය අපිට තේරුම් ගන්නම වෙනව අකමැත්තෙන් වුනත්. සඳලතා, නිශ්ශංක හා වන සම්බන්ධය අතිශය මානුෂික වුනත් මිරැන්ඩා වේසියෙක් නොකර නිශ්ශංකට හිතන්න බැරි වුනා. සඳලතා එක්ක සම්බන්ධය සාධාරණ වෙන්න නම් මිරැන්ඩා වේසියෙක් කියල හිතවගන්නම වෙනව නිශ්ශංකට. අපි හැමෝම අනියම් සම්බන්ධතා නියම් කර ගන්න මානසික වේසියො සහ වේසාවියෝ නිර්මානය කර ගන්නවා. නිශ්ශංකට වෙන්නෙ ඒක. ඒක අපේ සංස්කෘතිය අපිට දායාද කරන දෙයක්. ඒ සංස්කෘතිය තවදුරටත් පවත්වාගෙන යාම මිරැන්ඩලා එක්ක ඉන්න මිනිස්සුන්ට කරන්න බැහැ. හොදම දේ සඳලතා කෙනෙක් හොයා ගන්න එක. ඒක කරන්නත් සංස්කෘතිය ඉඩ දෙන්නෙ නැහැ. කතා හදනවා. සඳලතයි දරුවයි බාත්රෑම් එකේම කුණු වෙන්නෙ ඒකයි. ඒකයි ප්‍රීතිගෙ දිග වාක්‍ය හරිම ශෝක බරිත. ඒවායෙ තෙත් ගතියට සුහදයෙක්ව ඇදුම දක්වා ගෙන යන්න පුලුවන්.

ප්‍රීතිගේ මන:කල්පිත ලෝකය තුල ආයෙම කතා කරන්නෙ වත්මන් ලංකාවෙම අතරමං වුනු මිනිස්සුම නෙමෙයිද? ලංකාව කල්පිත ලෝකයක ඇතුළට දැම්මම ප්‍රශ්නෙ කැත නැතුව කතා කරන්න පුලුවන්. ලැජ්ජ වෙන්න ඕනිත් නෑ. ‘සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය‘ දෙවෙනි කතාව. මේක ‘මාරාව‘ කතාවෙ අනිත් පිටුව වගේ. කවි පැටියෙක් හදා ගන්න පියෙකු දරන වෑයමක් මෙහි විස්තර වෙනව. එක අතකට ඒක කුණු බක්කියක හැදෙන ළමයෙකුගේ කතාවක්. ඒක දූෂණයක්. කවි පැටියගෙ තාත්ත දූෂණය වුනු ගැනි ගාව (කවි පැටියගෙ අම්ම ගාව) එයාගෙ පහරකින් මැරිල වැටෙනවා. මේ කතාවම රූපකයක් ලෙස ගත්තොත් ලංකාවෙ රාජ්‍යයට එරෙහිවන ඕනෑම කෙනෙක් ආණ්ඩුව අතින් මැරෙන්න තියෙන සම්භාවිතාව ගැන කියවෙන්නෙ. කවියෙක් වුනත් විප්ලව කාරයෙක් වුනත් වෙනසක් නෑ. ලසන්තම, ලලිත් කූගන් වෙන්නම ඕන නැ. ඒ නිසා පරිස්සම් වෙන්න කියල දෙන වෝනින් එකක් ලෙසත් මෙය ගන්න පුලුවන්. ඒ හැබෑ ලංකාවෙ අයට දෙන පනිවිඩය.

සරච්චන්ද්‍රගෙ 'කල්පනා ලෝකය'ත් මේ එක්කම කියවන්න හිතුන. ඒත් මේ කතා යථාර්ථවාදී රීතිය ඔබ්බවා ගිය සංකීර්න කතා. ඒවා නැවත නැවත වෙනස් විදියට කියවන්න කියල කතුවරයා ආරාධනා කරනවා. නිදසුනක් ලෙස කතාවක් ඉවර වුනාම ගැහැනු නම්වලට පිරිමි නම් දීල ආයෙම කියවන්න වගේ. ඇත්තටම මුලු ලෝකයම ඒ විදියට කියවන්න පුරුදු වෙන්න ඕන. මේ හැමදෙයකම තියෙන උත්ප්‍රාසාත්මක වේදනාවක් ඒ හරහා මතුකරගන්න පුලුවන්. ජීවිතය මොනතරම් හිරගෙයක්ද?

ගූ ගොඩක ඉන්න පණුවො වගේ අපි ලංකාවෙ ඉන්නෙ. නැද්ද? නැත්තං සජිත්ල ඔය තරම් දේවල් කියයිද අපිට? යහපාලනය ගෙනාවෙ එස්.බී. වගේ කාලකන්නි පන්නලා. යහපාලනය ආපු ගමන් ඒ හාදයව භාණ්ඩාගාරික වුනා. ඒත් අපිට කරගන්න දෙයක් තිබුනෙ නෑ. අපි බලල්ලු ගලේ රුන්න. වහන්න බෑ. "ඔන්ලයින් පාංශුකූල" මේ ගැන කරන විකාර කතාවක්. මහචාර්යවරයෙක් සකස් කරපු වාර්තාවක්. ඒක මාර කතාවක්. අධ්‍යාපන ක්‍රමය ගැන විස්තරයක්. පොත් නොකියවා පොත් ගැන කරන විචාර. ඒවට දෙන සම්මාන. මේ අප්‍රසන්න නරාවල ගැන ලංකාව ගැන කරන විස්තරයක්. පොත් නොකියවා පොත් ගැන කතා කිරීමේ පාඨමාලාව, සිය දිවි නසා ගැනීමේ පහසු ක්‍රම ආදී අද අප විදින දුක හිතෙන ජීවිත කතා ගැන කරන කතා නැවත නැවත අපි ගැන අවධානය යොමු කරවනවා.

'ඊවා ලුනා සහ අනුර' ඉතා පරිස්සමින් කියවන්න ඕන කතාවක්. කතාවකින් එළියට පනින චරිතයක් ඇත්ත ලෝකයට එනවා. 'සඳකඩපහන' මේ පොත ගැන එයා කරන විවරණයක් කියල මට හිතෙන්නෙ මොකද මන්ද? කිසිවක් පිලිබද පුර්ව මතයන් සම්මතයන් කොතෙක් තිබුනද ඒ පිලිබඳ තවත් කතාවක් ගොතන්නට එය බාධාවක් කර ගන්නෙ මොකටද? අලුත් විදියට ජීවිතය කියවිය යුතු නොවෙයිද?

'ඇය ශෝකී නම් වු ඇස්ටරොයිඩයයි'- මේ කතාව මේ පොතේම සාරාංශය. දේවල් සිදුවෙනකං බලං ඉන්නවා ඇරෙන්න මිනිසුන්ගේ දුබල ආත්මයන්ට කළ හැක්කේ කුමක්ද? ලෝක විනාශයක් වෙන බවට දක්වන අනතුරු ඇඟවීම් හමුවේ මිනිසුන් කෙසේ ක්‍රියා කරනු ඇතිද? ඒත් අද දින තමන් තෘප්තිමක් කල හැකි යමක් සොයා යාම ඇරෙන්න ඔවුන් කළ යුත්තේ කුමක්ද? බඹයක් තරම් ශරීරය ලෝකය නම් ලෝකය විනාශවන මොහොත ගැන අනාවැකි කුමට? අවසන ඇස්ටරොයිඩය කඩා වැටෙයි. ලෝකය අළුවෙයි.

"තව අරක්කු බෝතලයක් මිළදී ගන්නට සල්ලි සොයා බැංකුවක් කඩමින් හුන් ජිනදාසගේ ගෝනියේ වූ සල්ලි කොල ඔහුට පෙර අළු විය."
අප සාදා ගත් ලෝකයන් හළු වන්නේ ද මෙපරිද්දෙන්. ඕනෑම මොහොතක එය විය හැකියි. සූදානමින් සිටින්න. මේ ශෝකී ඇස්ටරොයිඩ අප වටා කැරකෙමින් තිබෙයි. ඇති තරම් සව්දිය පුරන්න. විඩා නිවන්න. නටන්න. ගයන්න. ඔබ අළුවීමට ආසන්නයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hakawathi (2014) by Dawson Preethi, A collection of Sinhala Short Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සමන් පෙරමුණගෙන් තවත් වියමන්
වෙසෙස්
උපේක්ෂාව සමග යහන්ගත වීම
පොත්
රං'කුඹල්' හදවත් ගැන කියන 'කුරුලු හදවත'
පොත්
අරගලය සහ ආදරය අතර | ප්‍රමෝද්‍යා ආනන්තගේ "පලායන්නා"
පොත්
අමර කවි
කරන්ට්ස්
“නිරුවත් දෙවිවරු” | “NAKED GODS”
තවත් පොත් බූන්දි
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook