Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි!
ඕං මෙදා සැරෙත් මට හම්බවුනේ ඇඩ්‍රස් නැතිව රස්තියාදු ගගහා ඉන්න ලියමනක්. ඒක ලියලා තියෙන්නේ අපේ රනිල් අගමැතිතුමා. ලියුම දැකපු මගේ හාමිනේ කියාපි එයාගේ ලියුං හැක් කොරන්ඩ මහන්සි වෙන්නෙ මොටද එයා වටේ ඉන්න අය එයාව දැනටමත් හැක් කොරලයි තියෙන්නේ කියලා. මොනා උනත් ලියුමෙ ඇන්ටික් වටිනාකම හන්දම ඕං සරද ඒකත් හැක් කොළා.
හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි,

මං ලංකාවේ හතර පාරක්ම යුව රජු තනතුරට පත්වෙනකොට අළුත් අළුත් සංකල්ප ගෙනාවා. මේ පාර ගෙනාපු එකේ ඉන්නෙ ඔබතුමා. ඒ කියන්නේ මේ පාර මං කීවේ ලිච්ඡවි රජ සමයේ වගේ දුෂණයෙන්, භීෂණයෙන් තොර විනිවිද පෙනෙන යහපත් පාලන තන්ත්‍රයක් අරගෙන යනවා කියලනේ. කරුමේ කියන්නේ රජතුමනි, අපේ රටේ උන් ඒක පිළිගත්තානේ! ඔබවහන්සේට කිවුවට මොකද කයිවාරු ගැහුව වගේ නෙමෙයි කරන්න ගියපුවාම පශ්චාත් භාගය බිම ඇනෙනවා.

ඔබතුමාගෙන් විශේෂ කාරණයක් අහගන්න්ඩත් එක්ක තමයි මේ ලියුම විශේෂයෙන්ම ලියන්ඩ හිතුවේ. ලිච්ඡවි රජ කාලයේ කිසිම හොර බොරු නැති ටිප් ටොප් පාලන තන්ත්‍රයක් තිබ්බා කියලා තමයි මෙහෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම එහෙම එකක් තිබ්බද? නැතිනම් ඔබතුමාත් ඔය ප්‍රසිද්ධ සිවිල් පොරවලුයි මාධ්‍ය ඔස්තාර්ලයි අල්ලාගෙන පොඩි පොඩි ජිමික්ස් වැඩ කෑලි ටිකක් ලෝකෙට පෙන්නුවාවත්ද?

මං මේ ඔබතුමාට හින්ද කියන්නේ අපේ මිනිස්සුන්ට පොඩ්ඩක් වමට ගහන්ඩ ඉඩ දීලා වංගුවක් දෙකක් සයිඩ් එකෙන් ගස්සවලා 'අත මීට සරු කළේ' නැතිනම් ආණ්ඩුවක් තියා ඇඳන් ඉන්න කලිසමවත් ඉතුරු වෙන්නේ නෑ. හැබැයි ඉතිං මං ඔබතුමාගේ නම එහෙම එහෙන් මෙහෙන් කියලා හීනි සංදර්ශනයක් දෙකක් එහෙම දාල බොහෝම යහපත් විදිහට වැඩේ කරගෙන යන්ඩ උපරිම උත්සාහයක් දානවා. ඒකේ ප්‍රතිඵල ඇස් පනාපිට පේන්ඩ තියනවා. දැන් රටේ උන් මාව විතරක් නෙමෙයි ඔබවහන්සේව, ඔබවහන්සේගේ මව් රැජිණින් වහන්සේව පවා මතක් කරනවා!

මූණේ විතරක් නෙමෙයි මුලු ඇඟ පුරාම කටවල් තියෙන අපේ පැත්තේ එකෙක් පහුගියදා කියපු කතාවක් ගෙදරට සල්ලි ඔතාගෙන ආපු පත්තර කෑල්ලක තිබිල මට හම්බ උනා. ඌ කියල තියනවා දුෂණය භීෂණය වගේ වචන අපේ දේශපාලන ශබ්ද කෝෂයෙන් අයින් කරනවා කියලා. හැකර කටා උනත් ඌ කියපු කාරණේ හරි. නම් වෙනස් කළා නම් ඉවරයිනේ. ඔබවහන්සේ මොකද හිතන්නේ? පගා ගැහිල්ලට කියන්ඩ පුළුවන් මූලෝපායික ආර්ථික උපක්‍රම කියලා. අතුරුදහන් කෙරිල්ලට කියන්ඩ පුළුවන් නිර්වාණෙට යවනවා කියලා.

මාත් එක්ක තරහ වෙන්ඩ කාරී නෑ ඔබවහන්සේ වගේ මං වාසනාවන්ත නෑනේ. ඔබවහන්සේට නම් මොකද වැරදි කරන මිනිස්සුන්ගේ හිස ගසාදාගෙන ගියාම බයටම සමාජය හොඳ වෙනවා. ඒ වගේ තීරණ ගන්නේ කොහොමද මං තාම දෙවෙනියානේ. ලොක්කව සීරු මාරුවට තියාගන්ඩ එපැයි මොන ආණ්ඩුව කරන්ඩත්. ලොක්කගේ ඔලුවේ තියෙන්නේ මොනාද කියල මං තියා ලොක්කවත් දන්නේ නෑ. හෙවණැල්ලවත් විශ්වාස කරන්ඩ බැරි කාලයක්නෙ මේක.

වැරදි කරන හැම එකාගේම බෙල්ල කපන්ඩ ගියොත් බෙලි කපන යන්තරයක් චීනෙන් ගේන්ඩ වෙයි. අනික දේශපාලනය කරන්ඩ මිනිහෙක් හොයාගන්ඩ වෙන්නේ නෑ. ඇත්තම කියනවනම් මගේ බෙල්ල ගැන උනත් මට විශ්වාස නෑ.

මම,
සදානොවෙනස්
යුවරජ,
රනිල්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ranil Wickremesinghe, Licchavi Kings
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
නිකෝස් කසන්සාකිස් කියයි.
සැබෑ ගුරුවරු නම් තම සිසුන් තරණය කළ යුතු යයි සිතන දේ හරහා යාමට තමන් ම පාලම් බවට හැරවෙන්නෝ ය. තරණයට උදව් කළ පසු සතුටින් බිඳ... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook