Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අමරදේව මාස්ටර්, අපිනං ගොඩ...!
බූන්දි, 19:28:59
අමරදේව මාස්ටර් ගැන මේ දවස්වල හැමෝම ලියනවා කියනවා. මුහුණු පොත ඇරියොත් අමරදේව මහත්තයා ගැන අටුවා ටීකා ටිප්පනි හෝල් සේල් එකේ ලාබෙට අහුලගන්ඩ පුළුවන්. මාස්ටර් ගැන වචන දෙකක් හරි ලියල කොහේ හරි ඇලෙවුවේ නැතිනම් නිකං අහෝසි වෙනවා වගේ බයක් දැනෙනවා. නිකං පරණයි වගේ...! මොඩ් නෑ වගේ, එහෙමත් නැතිනම් සම්භාව්‍යකමක් නෑ වගේ...! ඉස්සරනම් දන්න කියන කලාකාරයෙක් මැරුනොත් හදවත පුම්බගෙන, එයා ගැන ලියවුණු ලිපියක් දෙකක් කියවනවා. එහෙමත් නැතිනම් සෙට්වෙලා පොඩි කථා පාරක් දානවා. සංවේගය පුද්ගලිකවම විදිනවා. ඒත් දැන් ඩිජිටල් සන්නිවේදන යුගයේ එහෙම බෑ. අපි අයිති අපිට විතරක් නෙමෙයිනේ. ඉතිං මාත් මගේ ලියන මේසයේ වාඩි උනේ අමරදේව ගැන යමක් නොලියා මිසක් නැගිටින්නේ නෑ කියන දැඩි අදහසකින්!

මේ දවස්වල ජීවත්වෙන වාසනාවන්තම මිනිස්සු තමයි අමරදේව මාස්ටර් එක්ක එකට ඉන්න ෆොටෝ එකක් දෙකක්, වීඩියෝ කෑල්ලක් එහෙම සුරැකිව අරන් තියාගත්තු උදවිය. අනුන් ගත්ත ෆොටෝ එකක අයිනක එල්ලිලා හිටියත් කමක් නෑ. දැන් ඒවා වලින් වැඩ ගන්න පුළුවන්. ඒවා දැන් එහෙ මෙහෙ වීසි කරලා හරිම ලාබෙට ‘කාරුණික හෝ සම්භාව්‍ය මිනිසෙක්’ වෙන්ඩ පුළුවන්. මාත් මගේ ෆොටෝ එකතුව පීරලා බැලුවා එහෙම වාසනාවක්වත් තියේවිද කියල. මොන!

මුහුණු පොතේ මාස්ටර් ගැන ලියන අය යුගයේ මිනිසා, සංගීත ලෝකයේ මහා ප්‍රාඥයා ආදී වශයෙන් ලියමින් ඔහුව උඩ දාද්දි අමරදේව වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් ආදරණීය සහ සම්භාව්‍ය හමුදාවක් බව ඔවුන් එකිනෙකාට නොකියා කියාගන්නවා. ඒත් මේ ආකාරයේ සමාජ මහන්සිවීම් ‘සමාජ සල්ලි’ ඉපයීමේ කුරිරු මහන්සිවීම් බව ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයෙකු වන පියරේ බෝදියු (Pierre Bourdieu) කියනවා. ඔහු විසින් හඳුන්වාදී ඇති සමාජ ප්‍රාග්ධන න්‍යාය, ඉතා සරල ලෙස පැවසුවහොත් මුහුණු පොත ආදී සමාජ ජාලාවල සබඳතා ගොඩනැංවීම සහ අනෙකාගේ ප්‍රතිරුපය ‘පාවිච්චි’ කිරීම සමාජ මුදල් (Social Currency) ඉපයීමේ ක්‍රියාවලියක්.

අමරදේව සාධකයට සමාජ ජාලා වෙලඳපොළේ සමාජ මුල්‍ය වටිනාකම ඉතා වැඩයි. අමරදේවගේ ගීතයක් පුද්ගලිකව රසවිඳීමෙන් හෝ අමරදේව නම් වූ මිනිසාව පුද්ගලිකව මෙනෙහි කිරීමෙන් මේ සමාජ මුදල් වටනාකම් අත්පත් කරගන්ඩ බෑ. ඒ සදහා යුහුසුලුව ක්‍රියා කල යුතු වෙනවා.

මෙසේ යුහුසුලුව ක්‍රියා කරන ආකාරය අපේ සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉගෙන ගන්ඩ පුළුවන්. සාමාන්‍ය පංතියේ අමරදේව ලෝලියෙකු වන ඔහු සමාජ මුදල් ඌණතාවයෙන් පෙළෙන්නෙක්. ඒ නිසා ඔහු අමරදේව සමග වේදිකාවේ අමාරුවෙන් සිංදු කියනවා. ඉන් නොනැවතී අමරදේව මාස්ටර්ගේ මිනී පෙට්ටියටත් කර ගහනවා. ඉතා 'බිසී' දින චර්යාවක් ඇතැයි සිතිය හැකි ජනාධිපතිවරයා තමාගේ දවසේ වැඩසටහන් ගොනුවෙන් ඔහුත් නොදැනීම වාගේ අමරදෙවගේ මිනියට කරගහන වැඩේ තෝරාගන්නේ ඔහුගේ තිබෙන මානව හිතවාදී අහිංසක උසස් කලා රසිකත්වය නිසා බවක් අපට හිතෙනවා. ඒත් මේ සම්බන්ධතා ඒ තරම් අහිංසක නොවන සමාජ මුදල් ඉපයීමේ සම්බන්ධතායැයි පියරේ බෝදියු කියනවිට අපේ රන් දේවාල බිමට සමතලා වෙනවා.



මේ කාලයේ ලංකාවේ කලාකරුවෙකුට මිය නොගොස් වයසට යනතුරු ජීවත් වන්නට සිදු වීම ඉතා අවාසනාවන්ත අත්දැකීමක්. මොකද කලාකරුවාගේ යාළුවෝ, රසිකයෝ සහ සමාජ මුදල් ඌණතාවයෙන් පෙලෙන අය එකතුවෙලා ඔහු හෝ ඇය වෙනුවෙන් උපහාර උත්සව පවත්වනවා. මෙවැනි උපහාර වැඩවලදී බොහෝවිට කලාකරුවාට පිත්තල වලින් නිමකළ රත්තරං පිගානක් කෝප්පයක් හම්බවෙනවා! ඒ හිලව්වට කලාකරුවාට තමා වටා ගොඩනැගී ඇති සමාජ මුදල් මේ උත්සව සඳහා මහන්සි වෙන අයට ලෝබ නැතුව බෙදීමට සිදුවෙනවා. උත්සවයේදී කථා පවත්වන, කලාකරුවාව ඉඹගන්නා අයට තොග වශයෙන් සමාජ මුදල් ලැබෙන අතර මෙම උත්සව මුහුණු පොත්වල අලවා හෝ අයිනෙනේ වැඩේට බහින හෝ ෆුට්බෝඩ් ඒකෙ යන අයට සිල්ලර විදිහට සමාජ මුදල් ලැබෙනවා.

පණ්ඩිත් අමරදේව යනු මෙසේ උපහාර අකරතැබ්බ වලට මදි නොකියන්න මුහුණ දුන් අයෙක්. ඔහුගේ ජිවිත කාලයේ චන්ද්‍රිකා ගෙන් පටන්ගෙන සිරිසේන දක්වා හැමෝම මාස්ටර් වෙනුවෙන් දමා ගසන ලද එකම තාලයේ උපහාර උත්සව වලට මුහුණ දීමට ඔහුට සිදුවුනා. මරා වේදිකාවට විත් මාස්ටර්ව බදාගන්නාවිට සිරිසේන ඇවිත් අමරදේව සමග යුග ගී ගැයුවා. කාටහරි අවශ්‍ය නම් ලංකාවේ දේශපාලන බල කඳවුරු අතර සමගි සන්ධානයක් ගොඩනගන්න එයට සුදුසුම කෙනා මාස්ටර් අමරදේවයි!

අමරදේව සිංදු කියපු වේදිකාවෙන් එළියේ සිටි හොරු, තක්කඩි මෙන්ම වර්ගවාදීන් සහ බෙදුම්වාදීන් තීරණාත්මක යුධ ප්‍රකාශ කරමින් දිනපතා සටන්කරමින් ඉන්නවා. ඊළඟ නිමේෂයේදී ඔවුන් මාස්ටර්ගෙ වේදිකාවේ එකත්පසෙක හිටගෙන ‘ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ’ ගීතයට අත්පුඩි ගහනවා. ඒ තමයි අමරදේව. ඔහු සංවේදියි. ඒ සංවේදීකම ඔහුගේ ගීත තුලින් උත්කර්ෂයට නැගෙනවා. ඒත් අවාසනාවකට වගේ පාළොස්වක සඳේ ලලාසාව දකින ඔහුට තල් රුප්පාවෙන් හමන මළ මිනී වල සුවඳ දැනුනේ නෑ.

ඔහු තම ජිවිත කාලය පුරාවටම සුභාවිත ගීතය උත්කර්ෂයට නැගුවා. අපේ සමාජය සාමය ගැන කතා කරනවිට සාම ගීත ගැයීමටත්, යුධ කාලයට රණ ගී සහ විප්ලව කාලෙට විප්ලව ගී ගයමින් හැමදාම වීරයෙක් වී සිටීමට තරම් ඔහු ‘ස්මාර්ට්’ කලාකාරයෙක් වුනේ නෑ. ඒ වෙනුවට ඔහු බය නැතුව ජීවිතය වින්දා. අමරදේවව පරික්ෂා කෙරෙන ලිට්මස් පරික්ෂාව ඇත්තේ මෙතනද?

අමරදේව මාස්ටර් ගැන කථාකරන, ලියන විට බර බර වචන පාවිච්චි කිරීම අනිවාර්යයයි. 'හෙළ සංගීතයේ සුභාවිත ලකුණ' වගේ වචන ටිකක් ගලපගන්න පුළුවන් වුනොත් සමාජ වෙළෙඳපොළේ හොඳ ආයෝජනයක්. අමරදේව ගැන වෙළෙඳපොළේ බිස්නස් කරන අය අවසානයේ නොකියා කියන දේ නම් "අමරදේව මාස්ටර්.... ඔබ මැරුණා, ඔබේ මරණයත් උස්සන් අපි ගොඩ ගියා!" යන්නයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- W.D. Amaradeva, Pierre Bourdieu, Social currency, Social Networks, Facebook, Maithripala Sirisena, Mahinda Rajapaksa
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ක්‍රිස් හෙජස් කියයි.
අප දැන් සිටින්නේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍යය වනසන, නීතිවේදීන් විසින් සාධාරණය වනසන, විශ්වවිද්‍යාල විසින් දැනුම වනසන, ආණ්ඩු විසින් නිදහස වනසන, මාධ්‍ය විසින් තොරතුරු වනසන, ආගම විසින්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook