Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කොළඹ නිල කතෝලික සභාවේ පෝර්ට් සිටි විරෝධය
බූන්දි, 17:07:56
පසුගිය රජය ආරම්භ කර ක්‍රියාත්මක කළ වත්මන් රජයේ අගමැතිතුමා සිදුවිය හැකි පරිසර විනාශය හේතුකොට ගෙන තමන් බලයට පැමිණි විට නවත්වන බව සපථ කර කියූ නමුත් මේ රජය ද ජයටම කරගෙන යන ජෝර්ට් සිටි ව්‍යායපෘතියට එරෙහිව මීගමුව ඇතුළු බටහිර මුහුදු තීරුවේ ධීවරයින්ගෙන් විරෝධතා මතුවිය. මෙකී විරෝධතාවයන් ගොනු කර පෝර්ට් සිටි විරෝධී සංවිධානය බිහි විය. මෙම සංවිධානය රාජපක්ෂ යුගයේ සිටම මෙම ව්‍යාපෘතියට එරෙහිව විරෝධතා දැක් වූ අතර බලයට කෙළ හලමින් සිටි රනිල්ලා ඊට හූ මිටි තැබූහ.

එකල කොළඹ නිල කතෝලික සභාව නිහඬව සිටි බව කවුරුත් දනිති. එකල ද රටේ විවිධ ප්‍රදේශවල කඳුගැට පුපුරුවා කඩා ගත් කළුගල් ද, අවට මුහුදින් වැලි ද යොදා ගනිමින් අදාළ මුහුදු ප්‍රදේශය ගොඩ කරමින් තිබිණි. පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරය ජනතාව දැනුවත් කරමින් ද ජනතාව බල මුළු ගන්වමින් ද කටයුතු කරනු දැකිය හැකි විය.

පෝර්ට් සිටිය ගොඩගැනීමේ කටයුතුවල යෙදී සිටින චීන සමාගම මාධ්‍යය ද බටහිර මුහුදුකරයේ කතෝලික ජනයා ද හීලෑ කරන මං සොයමින් සිටියේ ය. මේ අතර සිරස මාධ්‍ය ආයතනය එකී චීන සමාගමේ අනුග්‍රහයෙන් ගලක් අරගෙන රට වටේ යනු දක්නට ලැබිණි. කොළඹ කතෝලික සභාවට බරපතළ ගැටලුවක් මතු වී තිබිණි. එනම් දෙවන ලෝක යුද සමයේ ශ්‍රී ලංකාව යුදරකුසාගෙන් බේරා ගැනීම වෙනුවෙන් මරියතුමියට කෘතඥතාව පළ කිරීම සඳහා ගොඩනැගූ තේවත්ත බැසිලිකාවේ වහලේ මතු වු කාන්දුවයි. මේ සඳහා විශාල මුදලක් වැය වන බව ගණනය කරනු ලැබිණි. පූජක ප්‍රාණීන් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට ලැගුම් ගන්නට කෝටි ගණන් වැය කර ගෙවල් හදන කොළඹ නිල කතෝලික සභාවේ පිළිසරණට අදාළ චීන සමාගම පෙරට ආයේ ය. චීන රාජ්‍යය තුළ කතෝලික ආගම ඇදහීමේ නිදහසට කොතරම් සම්බාධක තිබුණ ද ආදාළ කොම්පැනියට පහළ වූ මහා සත්ත-කරුණාව නිසා දෝ බැසිලිකාවේ වහල නොමිලේ ම ප්‍රතිසංස්කරණය කර දෙන්නට ඉදිරිපත් විය.

මේ අතර අලුත් ආණ්ඩුව පැමිණි පසුව ද පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරය, ඉදිකරමින් පැවති පෝර්ට් සිටිය අසබඩ ගාලු මුවදොරට විත් විරෝධය පාමින් එතැනට සම්ප්‍රාප්ත වුණු අගමැති නියෝජිතවරයාට සිය ලිඛිත විරෝධය භාර දුන්හ. පසුගිය දිනෙක මීගමුවේ සිට උස්වැටකෙයියාව දක්වා ධීවරයෝ අදාළ ගම්මානවලම රැස්වී නිහඬ විරෝධය පළ කළහ. කොළඹ නිල කතෝලික සභාවට කිසිවක් නොකර සිටිය නොහැකි විය. එතෙක් පැවති පෝර්ට් සිටි විරෝධතාවය වැලි විරෝධයකට ලඝුවී නව මගක් ගති. මීගමුව අවට මීසම් සේවක පියතුමන්ලාගේ නිල අනුග්‍රහයෙන් නව ප්‍රාණයක් ලද ධීවරයෝ මීගමු-කොළඹ මහා මාර්ගය අවහිර කර පසුදා සිට දින ගණනාවක් දරුපවුල් පවා උගසට තබා, රැකියාවට නොගොස් දිවා රෑ මීගමුව නගර සභා පිටියේ රැදී උන්හ. රජය ද කරුණාබරිත විය. කි.මී 10කට එහායින් පමණක් වැලිගන්නා බව නිවේදනය කෙරිණි. පෝර්ට් සිටි වැඩේ ජයමට කෙරෙයි.

කැලෑ පත්තරයක්

ඉහත අවසාන සිදුවීමට පෙර වූ තවත් සිදුවීමක උභතෝකෝටිකය ද පාඨක භවතුන්ගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් විය හැක.

පසුගිය දිනෙක මීගමුවේ සිට උස්වැටකෙයියාව දක්වා ගම්මට්ටමෙන් ජනතාව දැක් වූ නිහඬ විරෝධයෙන් පසු එළඹි ඉරුදින එම ප්‍රදේශවල පල්ලිවල සැදැහැවතුන්ට ලැබෙන පරිදි මඩ කැලෑපත්තරයක් බෙදා හැර තිබුණි. ඒ පූජකවරයෙන් පසු 70 දශකයේ සිට මේ දක්වා මීගමුව හා තදාසන්න ප්‍රදේශවල දිළිඳු ජනයා සංවිධානය කරමින් ජනතා සංවිධාන ගොඩනගමින් වචනයෙන් කියා නිම කළ නොහැකි සුවිශාල මෙහෙවරක යෙදුණු හා දැන් පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරයේ පෙරමුණේ සිටින ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාට එරෙහිව ය.

ඒ මඩ කැලෑ පත්තරයේ අරමුණ පැහැදිලිය. ඒ පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරය කඩා බිඳ දැමීමය. එහි පැහැදිලිව සටහන් වී තිබුණේ කතෝලික ජනයා පොර්ට් සිටියට විරුද්ධ නැති බවක් කියැවෙන අමූලික බොරුවය.

මේ කැලෑපත්තරය බෙදා හැරිමේ යෙදුණු දෙදෙනෙකු පිළිබඳව පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරයට දැනගන්නට ලැබිණි. ඔවුන් පිළිබඳ තොරතුරු මීගමුව පොලිසියට ලබා දීමෙන් අනතුරුව පොලීසිය විමර්ශනයක් කැඳවීය. පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය හා සම්බන්ධ පියතුමන්ලා හා අදාළ මඩ කැලෑ පත්තරය බෙදාහැරීමට සම්බන්ධ වූ දෙදෙනා මුහුණට මුහුණ පොලිසිය ඉදිරියේ සම්මුඛ වීමෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළ පියතුමෙකු පැවසූයේ අදාළ මඩ කැලෑපත්තරය ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයෙන් නිරිමාණය වී බෙදා හැරි එකක් බැව් ඔවුන් ප්‍රකාශ කළ බවයි. මේ පිළිබඳ වංහුං නියම ලෙස දැන ගැනීම පිණිස පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරය හා ඓන්ද්‍රීය ලෙස බැදී ඇති ක්‍රිස්තියානී සහයෝගිතා ව්‍යාපාරය අදාළ අමාත්‍යාංශයේ ඇමතිතුමා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් නැත. මීපුර අවට මීසම්වල පියතුමන්ලාගේ අනුග්‍රහයෙන් පෝර්ට් සිටි විරෝධය වැලි ගැනීමට එරෙහි විරෝධයක් බවට ලඝු වි දවස් ගණනාවක් ධීවරයන් මීගමු නගර සභා පිටියේ සිර කර සටන දියාරු කර හැරෙන්නේ ඉන් ඉක්බිතිවය.



ඥානාර්ථ ප්‍රදීපය

පෝර්ට් සිටි විරෝධය වැලි විරෝධයක් බවට පරිවර්තනය කර දියාරු කිරීමේ සටන රජයේ පාර්ශ්වයෙන් සිදුවූ තදබල විරෝධයකින් තොරව ජයගැනීම නිසා උද්දාමයට පත් ආචාර්ය කැමිලස් පියතුමාගේ කර්තෘත්වයෙන් යුත් කතෝලික සභාවේ නිල පුවත්පත වූ ඥානාර්ථ ප්‍රදීපයේ කතුවැකිය හැමදාම ජනතාවාදී අරගල භූමියේ සිටියවුන් හාස්‍යයට ලක්කිරීමට තරම් උඩඟු වීම අපට නම් නියම හාස්‍යජනක කරුණකි. ජනතාවාදී අරගල භූමියේ හුළඟක්වත් නොවදින්නට පරිස්සම්වන එතුමන්ලා අරගල කරුවන්ට අරගල කරන හැටි කියා දීම තව තවත් හාස්‍යජනකය.

ඥානාර්ථ ප්‍රදීපයේ හිටපු සංස්කාරක සාන්ත සාගර පියතුමා තමන් උපන් ගම් ප්‍රදේශයට ද ඍජුවම බලපාන පෝර්ට් සිටි සිද්ධියට එරෙහිව පැහැදිළි ස්ථාවරයක් ගෙන තිබිණි. මේ පිළිබඳව කොළඹ නිල කතෝලික සභාවේ ඉහළම තැන්වල උදහසට එතුමා ලක් වූ බව සැලය. ප්‍රදීපයේ සකසු අංශවලින් අසන්නට ලැබෙන ආරංචි මාර්ග අනුව එතුමාගේ මාරුවට ද බලපා ඇත්තේ එය ය. මෙම ලිපිකරු මේ පිළිබඳව එතුමා සමඟ කළ සංවාදයේදී මේ බව තහවුරු වන්නට තරම් කරුණු අනාවරණය විය. කෙසේ වුවද පුද්ගලබද්ධ වීම වලක්වනු පිණිස ඒ සියලු කරුණු අනාවරණය කිරීමෙන් වැලකීම පිළිබඳව පාඨකයෝ කමත්වා!

අපෝස්තලික සේවාව යනු මීසම් ආකෘතිය තුළ පමණක් කෙරෙන කෙරුවාව බැව් සිතන එක්තරා නොමේරූ තරුණ පියතුමෙකු ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ මුහුණටම එතුමාගේ අපෝස්තලික සේවාව හෑල්ලු කරමින් අපහාසාත්මකව දෝෂාරෝපණය කළ බව උස්වැටකෙයියාව පැත්තෙන් වාර්තාවේ. ඒ ගැන අපට නම් ඇත්තේ පිළිකුලකි. 70 දශකයේ සිට මේ දක්වා සරත් ඉද්දමල්ගොඩ පියතුමා කළ සේවාවට අලගු තියන්නටවත් කිසිවක් කර නොමැති එතුමන්ලා සිතා සිටින්නේ මීසමක් භාරදුන් පමණින් තමන් තරම් කෙරුමෝ ලොව නැති බව ය. අඩුම තරමින් වැඩිහිටි පියතුමෙකුට ඇහුම්කන්දීමට හෝ ගරු කිරීමටවත් සදාචාරයක් නැති එතුමන්ලා වැනි අය ජනතාවට උගන්වන දහම ප්‍රශ්නාර්ථයකි.

මෙවන් ප්‍රතිචාරවලට අපට ඇත්තේ එකම උත්තරයකි. ඒ කතෝලික සභාවේ සසුන් පියා වූ ප්‍රැන්සිස් පාප්තුමා පජකාධිපත්‍යය (Clericalism) පිළිබඳ ලියූ උපදේශ ලිපිය කියවන ලෙස ඉල්ලා සිටීමයි. එය අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බව දැනගැනීම පිණිස වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි.

කොළඹ නිල කතෝලික සභාවට ප්‍රශ්න කිහිපයක්

01. බටහිර මුහුදුකරේ ධීවර ජනතාව ද ඔබගේ නිල පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපය ද මුල සිටම ගොනු කළ පෝර්ට් සිටි විරෝධය වැලි විරෝධයක් දක්වා පසුබැස්සවූයේ ඔබ පෝර්ට් සිටි ව්‍යාපෘතිය අනුමත කරන නිසා ද?

02. ගොඩ මුහුදෙන් වැලි නොගෙන දියඔ මුහුදෙන් වැලි ගැනීම මගින් පරිසර හානියක් සිදු නොවන්නේ යැයි ඔබට සහතික විය හැකි ද?

03. පෝර්ට් සිටිය ඉදි කිරීම නිසා ලාංකීය ධීවරයන්ට හිමි මත්ස්‍ය භූමි ඔවුන්ට අහිමි නොවේයැයි ඔබට කිව හැකිද?

04. පෝර්ට් සිටිය ඉදි කිරීමෙන් අනතුරුව කොළඹ හා කැලණි ගඟ තදාසන්න ප්‍රදේශවල සිදු විය හැකි යැයි අනුමාන කෙරෙන පස් කඳු කඩා වැටීම් හා ගංවතුර තර්ජන ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?

05. අවු. 99 බද්දකට රටේ කොටසක් පිටරටකට විකිණීම මගින් රටේ ස්වෛරීත්වයට ඇති විය හැකි තර්ජනය හා හානිය පිළිබඳව මොහොතක්වත් ඔබ සිතා ඇත්ද?

06. මෙය මූල්‍ය නගරයක් බව බවට දැනටමත් හෙළිදරව් කොට ඇත. මුදල් හම්බ කිරීම ප්‍රමුඛතම අරමුණ වුණු නගරයක සුරැකෙන ආගමික හා සදාචාරාත්මක වටිනාකම් මොනවාද?

අවසාන වශයෙන් මගේ සභාව වෙනුවෙන් මගේ සමිඳුන්ට කරන යාච්ඥාවකින් මෙය නිමා කරන්නට රිසි වෙමි.

"දිළිඳුන් අතර ඉපිද, නිරිඳුන් හා පූජකයන් විසින් පාවා දෙනු ලදුව, කුරුසපත් කරන ලද්දා වූ මගේ ආදර ජේසු ස්වාමිනී, ඔබ වහන්සේ ම පමණක් සිරස වූ මගේ ශුද්ධ වූ සභාවට ප්‍රඥාවත්, දුරදක්නා නුවණත්, නිහතමානී ගුණයත් දානය කළ මැනව. ආමෙන්...."
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Colombo Port City, Sarath Iddamalgoda, Protests against Colombo Port City, China, Gnanartha Pradeepaya, Ranil Wickremesinghe, Rajapaksa Era
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් හැඩ්ලි පෙරේරාගෙන් තවත් වියමන්
අදහස්
පාලම තව දුරය සෙන්දුරන්
අදහස්
බෙදුම්වාදී ෆෝබියාව
වෙසෙස්
ශ්‍රී ලංකාවම ෆෝබියාවෙනි...!
අදහස්
අලුත් වයින් පරණ බඳුන්
අදහස්
දැන් පෙන්නනවා! 'පාප්තුමාගේ ලංකාගමනය'!
තවත් අදහස් බූන්දි
සම රිසිභාවය වරදක් වූ සමාජයක....
ආණ්ඩුවේ සමකාමී-සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහිව පෙත්සමක්..
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
ෆිදෙල් කස්ත්‍රෝ - පීඩිතයාට ජීවය ද ආදරය ද දුන් සදාකාලික සටන්කරුවා!
[සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චේ ලියයි.
...මතක තබාගන්න, අරගලයේ බොහෝ වර්ෂයන් එළඹෙන්නට නියමිත ඉදිරියටයි. ඔබ වැඩුණු ගැහැණියක වූ පසු, ඔබට ද අරගලය වෙනුවෙන් වූ ඔබේ කොටස ඉටු කරන්නට සිදු වෙනු ඇත.... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| කුකුල් බය

40-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) ගොවි ගෙදරක හිටියා හරිම හීලෑ උකුස්සෙක්. එයා එයාගෙ ස්වාමියා කතා කළාම ඇවිත් අතේ ලගිනවා, කෑම කනවා. ඒත් මේ ගෙදරම ඉන්න... [More]
කතන්දර| අලුත ගෙනා මනාලිය

8-Mins

(සුනීතා ජෛන් | නිලූක කදුරුගමුව) යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට උවමනාය.... [More]
අදහස්| සම රිසිභාවය වරදක් වූ සමාජයක....

6-Mins

(කසුන් සී. තිලකරත්න) 'පුද්ගලයන් තම උපත, තරාතිරම, තමන් අයත්වන සමාජ කණ්ඩායම සහ තම ලිංගික අනන්‍යතාව යන හේතු මත ලජ්ජාවට භාජනය කරන සමාජ ආයතන... [More]
Cine| ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව

7-Mins

(අශෝක හඳගම) කාමොද්දීපනය කෙරෙන නාරි ලාලිත්‍යයක් උපතින්ම දායාද කරගත් සිල්වියා නම් ස්වීඩන් රංගන ශිල්පිනිය සුප්‍රසිද්ධ ට්‍රොවි වතුර මල වෙතට සක්මන් කරනවා. ඇය... [More]
කතන්දර| වල් බූරුවයි- පොල් බූරුවයි

41-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) දවසක් තවලමක බඩු අදින ජේත්තුකාර බූරුවෙක් තණ බිමක තණ උලාකන වල් බූරුවෙකුව දැක්කා. අපේ සමහර මිනිස්සුන්ට වගේම මේ ජේත්තුකාර බූරුවටත්... [More]
වෙසෙස්| ඇය හෙවත් මැඩෝනා!

1-Mins

(සංඛ කිරිඳිවැල) ඒ 1979 අවුරුද්ද. නිව්යෝර්ක් කියන්නේ හරි භයානක නගරයක්. මම මෙහෙ ජීවත්වෙන්න ගත්ත පළමු අවුරුද්දෙම මාව තුවක්කුවක් පෙන්නලා බයකරලා, වහලක් උඩට... [More]
ඔත්තු| සන්ථව කාව්‍ය විචාර සම්මානය 2017

57-Secs

ශ්‍රි ලංකේය නූතනම කාව්‍ය ව්‍යාපාරය ඔස්සේ කාව්‍ය විචාරය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් සන්ථව ප්‍රකාශන ආයතනය,... [More]
කතන්දර| නිල් මල් ගවුම

13-Mins

(ඉසුරු චාමර සෝමවීර) විදුර ගියා. මං දොර වහලා විනාඩි හතර පහකට පස්සෙ තමා එයාගෙ කාර් එක ස්ටාර්ට් කරනවා ඇහුනෙ. ස්ටාර්ට් කරලත් ඒක ගියෙ... [More]
කවි| නන්දා ....

25-Secs

(රුවන් නෙලූ) ඇන්දා වු සිතුවම් අහස හිමිකරු හිරුද ළා සඳුද
රන්දා ආදරේ බිඳෙන රළ ළඟ වෙරළ නිහඬමද
කැන්දාන එන්නට වරම් නැති හිත අතැර යා යුතුද
නන්දාට ආදරේ දෙන්න පුළුවන් පියල්ට විතරමද

උස් මතක රැඳි රූමස්සලින් බැස දේදුණුත් හංගා... [More]
කතන්දර| මාස තුනක් සහ එක දවසක්

9-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) තරුණයෙක්, තරුණියක පසුපස යයි. එසේ පෙනුණන් දෙදෙනාගේ සංවාදය සමාන්තරව ගමනේ යෙදේ.
ස්ථානය: මහජන පුස්ථකාල පරිශ්‍රය කොළඹ

"යන්න එපා පොඩ්ඩක්... [More]
අදහස්| ආණ්ඩුවේ සමකාමී-සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහිව පෙත්සමක්..

1-Mins

සමකාමීත්වය ලංකාවේ ව්‍යස්ථාපිත නීතියට අනුව ඇතුලත් (365 වගන්තිය) අපරාධ වරදකි. සම ලිංගිකයන්ගේ හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් නීති ගත කරන ලෙස... [More]
වෙසෙස්| දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා

4-Mins

(සරද සමරසිංහ) පසුගිය දා දිවි සැරියෙන් සමුගත් දීපාල් සිල්වා නම්වූ ගායකයා ගැන අපේ රටේ මාධ්‍ය තුලින් ඒ හැටි යමක් කථා නොවෙන්නේ අහම්බෙන්... [More]
ඔත්තු| නූතන කවිය පිළිබඳ සංවාදයක්- ජන. 25

12-Secs

ලක්ශාන්ත අතුකෝරලගේ මෑතකදී නිකුත් වූ කාව්‍ය සංග්‍රහයන් ද්වය ('සමහර කමටහන්' සහ 'සුසුමකින් සුළි සුළඟ') නිමිති... [More]
ඔත්තු| 'රැහැයියනි, රැය ගෙවුණි'- ජනවාරි 21

8-Secs

තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ විසින් රචිත 'රැහැයියනි, රැය ගෙවුණි' කාව්‍ය සංග්‍රහය 2017 ජනවාරි 21 දින සවස... [More]
ඔත්තු| 'බැබිලෝනියන්වරු'- ජනවාරි 21

16-Secs

ප්‍රනීත් චානක මුරමුදලිගේ 'බැබිලෝනියන්වරු' නාට්‍ය ග්‍රන්ථය 2017, ජනවාරි 21 සෙනසුරාදා, සවස 2:00ට, කොළඹ මහජන පුස්තකාල... [More]
ඔත්තු| 'පේ‍්‍රමයට ඉඩක් ඇත'- ජනවාරි 19

13-Secs

සුපුන් අතුකෝරලගේ 'පේ‍්‍රමයට ඉඩක් ඇත' කාව්‍ය සංග‍්‍රහය 2017, ජනවාරි 19 බ‍්‍රහස්පතින්දා පස්වරු 3:30ට, කොළඹ 07,... [More]
කවි| පුංචි බොරැල්ලේ සිද්ධාර්ථ

23-Secs

(සඳුන් ආසිරි අරඹවෙල) එකසිය තුනේ බස් එක එළවන ඡන්න
පාස්පෝර්ට් බැහැගන්නට මොර දුන්න
සසර කලකිරී කොරියාවට යන්න
ආ සිදුහත් බෝධිය ළඟ නවතින්න...

සුදොවුන් සදිසි පියවරු ලොතරැයි ගේන... [More]
කතන්දර| කබායක් පැළැඳි මැදිවියේ කත

4-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) "අලුතෙන් බලන්න දෙයක් නෑ අනේ. දස පණතම තමයි. අක්කටත් එවලා තිබුණේ" මම සිනාසෙන්නට වීමි. අම්මා මගේ සිනාවට අනුබල නො දෙමින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook