Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
බූන්දි, 21:49:13
එකම නාට්‍යයක් දිගින් දිගටම රඟදක්වන විට කතාවේ රසය අඩුවේ, නීරස වේ. එවිට ඇති එකම බලාපොරොත්තුව මෙවර තිරපිටපත අවසානයේ කිසියම් හෝ වෙනසක් කරඇත්ද යන කුතුහලයයි. එහෙත් කිසිම නිර්මාණාත්මක බවක් නැති රනිල් වික්‍රමසිංහ මෙවරත් ඒ තිරපිටපතම ඒ ආකාරයෙන්ම රඟදැක්වූයේය. සාමාන්‍ය ජනසමාජයේ දේශපාලන සාක්ෂරතාවය අල්ප නිසා ඔහුට නැවත නැවත එකම පිටපත රඟදැක්වීමේ ඉඩකඩ විවරව ඇත. කෙසේ නමුත් වාහන සදහා අයකරන දඩය අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීම තුළ යම් සිවිල් කතිකාවක් ගොඩනැගුණේය. වාහන දඩය වඩාත්ම බලපෑවේ පුද්ගලික බස්රථ, ත්‍රීවීල් සහ මොටර්බයිසිකල් වෙනුවෙනි. කතිකාව ගොඩනැගීම සදහා ප්‍රධාන දායකත්වයක් සැපයූවේ තමන්ටම වාහනයක් හිමි, එය පාරේ පැදයන විට හිංසාවට පත්වන පුද්ගලයින්ය. මේ සිද්ධිය දේශපාලනිකව එතරම් වැදගත් නොවූවත් මේ ගොඩනැගුණු කතිකාව ඊට වඩා වැදගත්ය.

සැබැවින්ම ලංකාවේ අන් ක්ෂේත්‍ර තුළ මෙන්ම මහපාරේ ද 'බලපුළුවන්කාර පොරවල්' සිටිති. (ඔව්! ෆේස්බුක් එකේ ද එහෙමය!) පාරේ රඟන ප්‍රධානම 'චණ්ඩීන්' නම් බස්රථ, ත්‍රීරෝද රථ, සහ මෝටර්බයිසිකල්ය. ඊට අමතරව පස් ලොරි ද කන්ටේනර් රථ ද අනෙකුත් ලොරි ද ශක්තිවන්තයෝය. වඩාත් පීඩාවට පත්වන පීඩිතයෝ නම් කාර් රථය. මිල අධිකම වාහන පංතිය වුවත් මහපාරේ නීතිය අනූව ඔවුන් පීඩිතයෝ බවට පත්ව ඇත. රු. 25,000.00ක් දක්වා දඩය වැඩිකළ බව ප්‍රකාශ වූවාත් සමගම ඒ වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ මේ පිරිසය. සැබැවින්ම අනෙක් පිරිසට ඒ වෙනුවෙන් කිසිලෙසකින්වත් පෙනී සිටි නොහැකි අතර තවත් පිරිසකට එය අදාළ ද නැත. විශේෂයෙන්ම තවමත් ලංකාවේ ජනතාවගෙන් 90%ක් පමණ පිරිසක් සිය ප්‍රවාහන අවශ්‍යතාවය සපුරාගන්නේ පොදුප්‍රවාහන සේවය තුළින්ය.



එහෙත් ඒ අයගේ ගමන සෘජුලෙස පහසු කරවන කිසිදු අවශ්‍යතාවයක් එකී දඩගැසීමේ වරදවල් තුළින් ආමන්ත්‍රණය කොට තිබුනේ නැත. බස්රථ, ත්‍රී රෝද රථ මගින් මගමගදී අන් පිරිස් අපහසුතාවයට පත්කරවන විනය විරෝධී රියපැදවීම් සෘජුලෙස වැළැක්වීමට මෙකී දඩමුදල් වැඩිකිරීම මොනම අයුරකින් හෝ දායකවීමක් වන්නේ නැත. එහෙත් බස්රථ සහ ත්‍රීරෝද රථ වෙනුවෙන් ඇති තරහව පිටකරගැනීමට දියහැකි දඬුවමක් ලෙස පමණක් මෙකී දඩ නියම කිරීම් වලට පක්ෂව සහයෝගය ලැබුණේය. උදාහරණයක් ලෙස රක්ෂණ සහතිකය කල් ඉකුත්වීම හෝ අධික වේගයෙන් ගමන් කිරීමට දඩ ගැසීම වාහන තදබදයට පිළියමක් වන්නේ නැත. විනය විරෝධී වාහන පැදවීම වැළැක්වීම දඩමගින් සිදුකළ නොහැක්කක් බව පැහැදිලිය.

බස්රථ නොමැති කොළඹ පාරවල්වල නිස්කලංක බව මම ද එදා අත්දුටුවෙමි. එහෙත් පොදු බස්රථ ප්‍රවාහනය නොමැතිව අපහසුතාවයට පත්වූ බහුතරයක් ජනතාව කිසිලෙසකින්වත් අමතක කළ නොහැක. කාර් රථයකින් යෑම හුදු ප්‍රවාහන අවශ්‍යතාව පමණක් නොව සමාජ තත්ත්වය පිළිබඳ අදාළ කාරණයක් නිසා එදා දිනයේදී අමුත්තන් රැගෙන පැමිණි කාර් රථ හිමියන් එය දිගින් දිගටම කරයි යන්න බලාපොරොත්තු විය නොහැක. නගර කේන්ද්‍ර කොට ඇති රථවාහන තදබදයට ප්‍රධානතම හේතුව අන්කවරටත් වඩා ප්‍රමාණවත් මාර්ග පද්ධතියක් නොමැති කම බව ද සඳහන් කළ යුතුය. සැලසුමක් නැති මාර්ග පද්ධතිය වෙනුවෙන් වගකිව යුත්තේ රජය මිසෙක වෙන කවුරුත් නොවන බව 'මිස්ටර් ක්ලීන්'ව විහිළුවක් බවට පත්කරගැනීමට පෙර තේරුම් කර දියයුතුය.

රියැදුරු සහ කොන්දොස්තර යනු වෘත්තීන්ය. ඒවා කිසියම් පෙර පුහුණුවකින්, ආයතනගතව ගොඩනැංවීමකින් පසු ලබාදිය යුතු රැකියාය. පොදු ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ ද එවැනිය. අමන ලෙසින් විවෘත ආර්ථික සංකල්පය පමණක් ගෙඩිපිටින් රැගෙන විත් ලංකාව විකාරයක් කළ 'ජයවර්ධන මාමා' මේ ප්‍රවාහන අර්බුදයේ අවජාතක පියා බවට බෑණාට පෙන්වා දිය යුතුය. එහි අවසන් ඵලය වී ඇත්තේ ඩ්‍රයිවරයා සහ කොන්දා නම් කිසිදු පරිචයක් නැති, පුද්ගලික ජීවිතයක් නැති, මත්පැනට වහල් වූ පිරිසක් බිහිකිරීමත් ඔවුන්හට ලංකාවේ ආර්ථිකයේ කොඳුනාරටිය වන ශ්‍රමබලකායේ ජීවිත බාරදීමත්ය. මන්ත්‍රීලාට අල්ලස් දීම සඳහා කෝටි ප්‍රකොටි ගණන් වියදම් කරන මුදල් වලින් කොටසකින් පමණක් වැයකිරීමෙන් දිගුකාලීන වෙනසක් කළ හැකිබව රූකඩ නැට්ටුවෙකුගේ භූමිකාව රඟදක්වන ලොක්කාට කෙසේ වෙතත් රූකඩය නටවන්නාටවත් නොතේරීම අවාසනාවකි.



මේවා තේරෙන්නේ නැති දේශපාලන න්‍යායකින් විග්‍රහකරනවාට වඩා සරල දැනුමකින් විග්‍රහ කරගැනීම අප කාටත් හොඳය. එසේ වුවත් පුද්ගලික අයිතියෙන් යුතු ප්‍රවාහන සේවාවක් විධිමත් ආයතන පද්ධතියකින් තොරව පවත්වාගෙන යාම අසාර්ථකය. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මේ කොන්සර්වේටිව් ආණ්ඩුවට ප්‍රවාහනය රාජ්‍යය අතට ගන්නට යැයි ඉල්ලා සිටීමම හිස් වැඩකි. එහෙත් සිවිල් පුරවැසියන් ලෙස ආයතන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් හඬක් නැගිය හැකිය. එසේ නොමැතිව ව්‍යූහාත්මක ගැටලුවකින් බිහිවන අවර ඵලයක් වෙතට වෛරය එල්ලකිරීම මගින් කිසිදු අයුරකින් ගැටළුවට පිළියමක් සැපයෙන්නේ නැත.

අවසාන වශයෙන් මෙය සටහන් කළ යුතුය. ඉතාලියේ නුදුරු මැතිවරණයකදී බලය ලබාගැනීමේ වැඩි හැකියාවක් ඇතැයි කියවෙන "තරු පහේ ව්‍යාපාරයේ" (Five Star Movement) ප්‍රධාන සටන් පාඨයක් නම් "තිරසාර ප්‍රවාහනය" යි. එය මිනිසාගේ පහසුව, කාලවේලාව, පීඩනය වැනි කාරණා පමණක් නොව පරිසරයට එල්ලවන බලපෑම, බලශක්ති වැයවීමේ ප්‍රමාණය වැනි විසල් පරාසයක විහිදුණ මාතෘකාවකි. 'ප්‍රවාහනය' යනු එතරම් පළල් කතිකාවක් වන විට අපගේ රජයයන් විසින් එය බළල් අතක් බවට පත්කර ගැනීමට දරණ වෑයම ශෝචනීයය.

සේයාරූ- ෂෙහාන් ගුණසේකර
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Transportation Crisis in sri lanka, The Five Star Movement, Movimento 5 Stelle, Sustainable Transport, Commuters, Ranil Wickremesinghe, J.R. Jayawardena
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
අදහස්
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ස්ටීව් බිකෝ කියයි.
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook