Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ ඔත්තු
මහිමාලංකාර- නත්තල් දා
රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ "මහිමාලංකාර" නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යය, 2016 දෙසැම්බර් 25 වන දින, රාත්‍රී 7.30ට සහ 2016 දෙසැම්බර් 26 වන දින මධ්‍යාහ්න 12.00ට, ජාතික රූපවාහිනියෙන් විකාශනය වෙයි.

"මහිමාලංකාර" කතා සාරාංශය-

මධූ කුඩා කාලේ ඉදලා කුප්පි ලාම්පුවක් යට දැක්කේ ලොකු හීනයක් නෙමේ හරිම සරල අහිංසක හීනයක්. ඒ ලයිට් එකක් යට ජීවත් වෙන්න ලැබෙන්න කියන එක. අන්තිමේදි ඇගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. මධූගේ එකම දරුවයි අම්මයි ජිවත් කරන්න මධූ සිය සිරුර පිපාසිත සමාජයක පිපාසිතයන්ගේ දහනය වන ගිනි නිවන්න යොදා ගන්නවා.

සාම්ප්‍රදායිකව ජිවිතය තුළ විවිධ සීමාවන් ඇතුලේ අපිව විනිශ්චයට ලක්වෙනවා වගේම අපේ ජීවන ගමන අවසානයේදී අප සැවොම විනිශ්චයට ලක් වෙනවා. මධූගේ කතාව ආරම්භ වෙන්නෙ සීතල උඳුවප් කාලයත් එක්ක. මධූගේ අභිසරු ජීවිතය මධූ තුලම හට ගන්නාවූ මනෝරාජික උසාවියක් ඇතුලේ විනිශ්චයට ලක් වෙනවා. ලෝක ආර්ථීකය විසින් සමාජය වෙත තදින් මුදාහැර ඇති ජිවත් වීමේ අර්බුදයට මධූට ද මුහුණ පෑමට සිදුවෙනවා. තමන්ගේ රැකියාව සම්මත සමාජය තුල වරදක් වන නිසාවෙන් මධූ විනිශ්චයට හසු වෙනවා. එහෙත් මධූ තමන්ව ප්‍රශ්න කරන විනිශ්චය පෙරලා ප්‍රශ්න කරන්නේ ඇගේ ජීවිතය තුල ඇති අත්දැකිම් හා ඇගේ ජිවිතය අභිසරු ලියක් වීම දක්වා ගොඩ නැගුණු සමාජ කාරණා සමගයි. ආලෝකය අපේක්ෂා කරන්නාවූ අඳුරේ සිටිනා ජිවිතවල ස්වභාවයන් මනෝරාජික විනිශ්චයක් තුල විවරණය කරන්නාවූ කතා පුවතක් මහිමාලංකාර නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යයේ අන්තර්ගත වෙනවා.

කිතු සමය පසුබිම් කොට ගත් ජේසුස් වහන්සේගේ සහ මරියා මග්දලේනා අතර ඇතිවූ සමාජ කතිකාව පදනම් කොටගෙන ගොඩනැංවෙන මෙම ඒකාංගික ටෙලි නාට්‍යය මධූ, ඇගේ දරුවා හා මනෝරාජික විනිශ්චය අතර දෝලනය වෙමින් ගෙත්තම් වන රූප කාව්‍යයකි.

චරිත රංගනය- ඩබ්ලිව්. ජයසිරි, හර්ෂිකා රත්නායක, සකි වික්‍රමආරච්චි
අධ්‍යක්ෂණය- රංග බණ්ඩාරනායක
රූපවාහිනී රචනය- චාමර ප්‍රසන්න කොඩිතුවක්කු
නතා සංකල්පය- දිනුක රංගන පෙරේරා
සංගීතය- දේශක බමුණුමුල්ල
කැමරාකරණය- ජනිත් සුසෙව්හේවා
ආලෝකකරණය- සෝමරත්න පෙරේරා
සංස්කරණය- දිමුත් කුරුප්පු
ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගතකිරීම- පද්මසිරි ගුණතිලක, සුගත් පන්නිලගේ
නිෂ්පාදනය- ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකය













මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Mahimalankara by Ranga Bandaranayake, Sinhala Teledrama, W. Jayasiri, Harshika Rathnayake, Sri Lankan National Rupavahini Cooperation
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ ඔත්තු
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියයි.
සිනමා පටයක "දිග" යනු, මිනිස් මුත්‍රාශයේ දරා සිටීමේ හැකියාව සමග සෘජු ලෙස සම්බන්ධ කොට සැලකිය යුත්තකි!
What's New | අලුතෙන්ම
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook