Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
බූන්දි, 18:11:46
මුලින්ම මේ දවස්වල වැඩ ගැන කතා කළොත්...

අවුරුදු දෙකක තුනක නිහැඬියාවකට පසුවයි මං නව නිෂ්පාදන කිහිපයකට අත තිබ්බේ. විශේෂයෙන් රූපවාහිනී සංස්ථාව තුල ඉන්න කොට මගේ නිර්මාණ කටයුතුවල යම් පසුබෑමක් තිබුණා. අන්තිමට මං තීරණය කළා එතන තියන දේශපාලනමය වාතාවරණයත් එක්ක මට එතන සුදුසු තැනක් නෙවෙයි කියලා. ඉතින් මං එතනින් ඉවත්වෙලා බොහොම සතුටින් නවතම චිත්‍රපට දෙකකම රූගත කිරීම් නිමකරලා ඒවායේ පසු නිෂ්පාදන කටයුතු සිදු කරමින් යනවා. එයින් එක චිත්‍රපටයක් මගේ සාමාන්‍ය චිත්‍රපට භාවිතාව ඔස්සේ පවුලේ නැත්නම් ළමා චිත්‍රපටයක් විදිහට රූගත කරා. ‘සරිගම’ ලෙස නම් කරලා මේ වෙනකොට ප්‍රදර්ශනය වෙන්නේ ඒ චිත්‍රපටය. ඒක Sound of Music කියන ඉංග්‍රීසි චිත්‍රපටයේ අනුවර්තනයක් විදිහට එන සංගීතමය චිත්‍රපටයක්. මා විසින් පද රචනය කරපු ගීත දහ තුනක් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් මේ චිත්‍රපටය පුරාවටම අන්තර්ගතයි. මේක ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක්. සංගීතය, ගායනය, නර්තනය ආදියෙන් මේ චිත්‍රපටය පොහොසත්. ඒ වගේම පවුලේ කතාන්දරයක් නව ශෛලියකින් ලංකාවේ චිත්‍රපට කලාවට හඳුන්වාදීමක් මේ චිත්‍රපටයෙන් සිද්ධ වෙනවා. දැනටමත් ඉහල ප්‍රතිචාර මේ චිත්‍රපටයට ලැබෙමින් පවතිනවා. අනෙක් චිත්‍රපටය මගේ සුපුරුදු චිත්‍රපට රටාවට වඩා ටිකක් වෙනස් එකක්. ඒක ළමයින්ට නැරඹිය නොහැකි වැඩිහිටියන්ට පමණක් සීමාවුණු මානසික ආබාධිතයෙකුගේ ලිංගික ආශාවන් ගැන සාකච්ජා කරන චිත්‍රපටයක්. කියන්න සතුටුයි ලංකාවේ පළවෙනිවතාවට මේ චිත්‍රපටය සඳහා අපි ඉහළම තාක්ෂණය යොදාගත්තා. කැමරාව පවා "රෙඩ් ඩ්‍රැගන්" කියන ලෝකේ නවතම චිත්‍රපට සඳහා භාවිතා කරන කැමරාවක්. සංස්කරණයටත් ශබ්ද පරිපාලනයටත් ඉහළ තාක්ෂණික මෙවලම් භාවිතා කළා. මේකෙත් දැනට සංස්කරණ කටයුතු සිදුකරමින් යනවා. මේ චිත්‍රපටයත් වෙනස් අත්දැකීමක් එක්ක ළඟදීම ලාංකීය ප්‍රේක්ෂකයින්ට රස විඳින්න පුළුවන් වෙයි.

සිනමාහල් හා ඩිජිටල්කරණය ගැන අදහස මොකද්ද?

මොන තාක්ෂණය භාවිතා කරත් අපිට චිත්‍රපට පෙන්නන්න වෙන්නේ අර පණස් ගණන්වල හැට ගණන්වල හදපු සිනමාහල්වලමයි. මගේ චිත්‍රපට දෙකම ඩිජිටල්. නමුත් අපිට නැවත මිමී 35 රීලයට බහින්න සිද්ධවෙලා තියනවා. නමුත් අනිවාර්යෙන් දැනට පවතින සිනමාහල් ඩිජිටල්කරණය වියයුතුයි. ලෝකෙම ඩිජිටල්කරණය වෙමින් යන මොහොතක අපි ඒ ඔස්සේ ගියේ නැති උණොත් අපිට සිනමාව නවත්තන්න වෙනවා. මොකද මිමී 35 රීලය කොඩැක්, ෆුජි වැනි නිර්මාණ කණ්ඩායම් පවා නිෂ්පාදනය කරන එක දැන් නවත්තලා තියනවා. ඉතින් අනිවාර්යෙන් ලංකාව ඒ මට්ටමට එන්න ඕන. එතකොට එතනදී ප්‍රශ්නේ තියෙන්නේ සාමන්‍ය සිනමාහල් හිමියෙකුට ඒ සඳහා යන වියදම එකවර දරන්න බැරි පිරිවැයක් වෙන එක. සාමාන්‍යයෙන් ඒ සඳහා මිලියන දහයක විතර වියදමක් යනවා.

මේ සඳහා ඔබ වැනි වගකිවයුතු සිනමාකරුවන්ගේ මැදිහත්වීම මොකද්ද?

ඛේදවාචකය තියෙන්නේ ඔතන. මේ වෙනුවෙන් අනිවාර්යෙන්ම රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි. නමුත් මේ මොහොතේත් මීට පෙර පාලන සමයෙත් මගේ ජිවිතකාලය තුළම පැවතුන කිසිම රජයකටවත් සිනමාව විතරක් නෙවෙයි කිසිම කලා මාධ්‍යයක වටිනාකමක් තිබුණේ නෑ. මේ ළඟදී නාට්‍ය උත්සවයට වුන වැඩෙත් පේනවනේ. හරිම නින්දිතයි ඒ වැඩේ. දැනට කලාව කියන එක පාලකයන්ට දේශපාලන වේදිකාවකට හරි සැරසිල්ලකට හරි විතරක් ඕන දෙයක්. නැතුව කලාව කියන එක ආධ්‍යාත්මික හෝ බුද්ධි වර්ධනයට යොදාගන්න පුළුවන් බව දේශපාලකයින්ට තේරෙන එකක් නෙවෙයි. ඒ නිසා කිසිම කලා මාධ්‍යකට ඒ අයගේ උදවු නෑ. "කලාව කොහොමහරි දුවනවනෙ, ඔය කොල්ලෝකුරුට්ටෝ මොනවා හරි කරයි" කියලා තමයි එයාලා හිතන් ඉන්නේ.

මේකට රජයටම විතරක් බැනලා හරියනවද? බහුජාතික සමාගම් කිහිපයකම ආධාරයෙන් වැඩ කරන කලාකරුවන් රැසක් ඔබලා අතර ඉන්නකොට බැරිද මේ අර්බුදයට පිළියමක් ගේන්න?

ඔව් එක ඇත්ත. අපි සිනමා සංගමයෙන් මේ ගැන රජය දැනුවත් කරා. පෞද්ගලිකවත් දැනුවත් කරලා තියනවා. ළඟදී සරසවිය පත්තරේ පල කල ලිපියකිනුත් මං මේ ගැන සඳහන් කළා අනිවාර්යෙන්ම මේ ඩිජිටල්කරණය වියයුතුයි කියලා. රජය මේකට මැදිහත් විය යුතුයි. එන්.ජි.ඕ ආධාරයකින් යමක් සිද්ධ වෙනවා නම් අපිත් කැමතියි ඒකට උදවු වෙන්න. නමුත් අනෙක් සිනමාකරුවන්ට වගකියන්න මට බෑ.

ඍජු අනුකරණයක් නැත්නම් එහෙම්පිටින්ම කොපි වුණත් වාණිජ හා ජනප්‍රිය තලයේ චිත්‍රපට කිහිපයක්ම අපි මේ මෑත සිනමාවේ දැක්කා. මේ ගැන අදහස?

සිනමාවේ ආරක්ෂා වියයුතු අංශ දෙකක් තියනවා. එකක් සිනමා කලාව. අනෙක සිනමා කර්මාන්තය. මිනිස්සු පෝලිම්වල ඉදලා බලන එක හරි දින සීයක් තිරගත වීම හරි සිනමා කර්මාන්තයක් ගොඩනැගෙන්න උදවු වෙනවා. නමුත් සිනමා කලාවට විශාල ප්‍රේක්ෂක අවධානයක් නොලැබෙන්න පුළුවන්. වැඩි ප්‍රේක්ෂක පිරිසක් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් එකත් වැදගත්. අන්න එතැනදී තමයි සිනමා කලාව ආරක්ෂාවට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය. මේක ඉස්සර හැට හැත්තෑව දශකවල තිබුණා. පස්වන මණ්ඩලය සම්භාව්‍ය මණ්ඩලය කියලා. මුලින්ම චිත්‍රපටය වර්ගීකරණයක් දෙනවා A,B,C,D, විශිෂ්ඨ ශ්‍රේණිය කියලා. එක කලාත්මක විශිෂ්ඨ ශේණිය නියෝජනය කරනවා නම් අධ්‍යක්ෂකවරයාගේ තරම නොබලා ඒ වෙනුවෙන් ණය හෝ සහන දීමේ වැඩපිළිවෙලක් තිබුණා. වෙනම සිනමාශාලා පද්ධතියක් තිබුණා. රාජ්‍ය මාධ්‍යවල ප්‍රචාරණයක් ලැබුණා. ඒ නිසා තමයි 60,70,80 දශකවලදී අපේ සිනමාවේ ස්වර්ණමය යුගය බිහිවුණේ. නමුත් දැන් එහෙම නෑ. ඒ නිසා සිනමා කර්මාන්තය රැකුනොත් තමයි දැන් සිනමා කලාව රැකෙන්නේ. ඒ නිසා ප්‍රේක්ෂකයින් ආසයි නම් එවැනි කොපි බිහිවුනත් කමක් නෑ කියන එකයි මගේ අදහස. නමුත් අභාෂය ගන්නවා නම් වඩාත් හොඳයි.

ඔබේ සරෝජා, පුංචි සුරංගනාවී වැනි චිත්‍රපට වල ඉඳන් මෑතකාලීන බිංදු, සිරි පැරකුම් වගේ චිත්‍රපට දක්වා ගත්තහම යම් දැනුවත් පසුබෑමක් හා කරන්නම් වාලේ වාණිජකරණයට හසු වීමක් තිබෙන බව කෙනෙක් කිව්වොත්?

මං නම් හිතන්නේ නෑ එහෙම දෙයක්. මං සාමාන්‍යයෙන් මගේ සිනමාවට පාදක කරගෙන තියෙන්නේ අපේ සමාජයේ කතිකාවට ලක්වෙන මාතෘකා. නමුත් එකිනෙකට වෙනස් මාතෘකා කතා බහට ලක් වෙනකොට ඕකට හංවඩුවක් ගහනවා මේක වාණිජ මේක කලාත්මක කියලා.

සරෝජා, පුංචි සුරංගනාවී කියන චිත්‍රපටත් ඒ මොහොතේ සෑහෙන්න මුදලක් ඉපැයූ චිත්‍රපට. නමුත් බිංදු දක්වා එනකොට කැමරා භාවිතාව, කතා සන්දර්භය වගේම රූපණය පවා යම් පසුබෑමක් තියනවා කිව්වොත්?

තම තමන්ගේ නිර්ණායක තුලින් බලන නිසා ඕන කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. මං එක දන්නේ නෑ. මට සරෝජා චිත්‍රපටයත් බිංදු චිත්‍රපටයත් දෙකම එකයි. ඒ නිසා මං ඒක පිළිගන්නේ නෑ.

ලංකාවේ චිත්‍රපට විචාරකයින් ගැන ඔබ මොකද හිතන්නේ?

හොඳ ප්‍රශ්නයක්. ලංකාවේ එක්කෙනෙක් දෙන්නෙක් හැර ඉන්නේ විචාරකයෝ නෙවෙයි. බොහෝවිට පුද්ගලික දැන හැඳුනුම්කමට, අමනාපකම්වලට නිර්මාණය දිහා බලලා නෙවෙයි නිර්මාණකරුවා දිහා බලලා තමයි මේ විචාර සිද්ධ වෙන්නේ. නිර්මාණකරුවාගේ සමාජ, දේශපාලන පසුබිම, පන්තිය, විචාරකයා හා නිර්මාණකරුවා අතර පවතින සම්බන්ධය මත තමයි විචාර ලියවෙන්නේ. ඒ නිසා ලංකාවේ සිනමා විචාරකයෝ කියලා කට්ටියක් නෑ. ඉන්නේ විවේචකයෝ විතරයි. මේක හැම කලා මාධ්‍යකටම පොදුයි.

වර්තමානයේ රටේ කෙටි චිත්‍රපටකරුවන්ගේ හෝ තරුණ චිත්‍රපටකරුවන්ගේ නිර්මාණ ඔබට දැනෙන්නේ කොහොමද?

වර්තමානයේ ගොඩක් ඉන්නේ ජනප්‍රිය වෙන්න බලාගෙන මොනවහරි කරන එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසක්. නමුත් තරුණ සිනමාකරුවන්ගේ කෘති කිහිපයක්ම මට පරිශීලනය කරන්න ලැබුණා. කෙටි චිත්‍රපටත් එහෙමයි. ඒ අතර අපට ඉඳහිට හම්බවෙනවා හොඳ නිර්මාණකරුවන්. සමහර නිර්මාණ අති විශිෂ්ඨ ගණයේ ඒවා. නමුත් මේ මොහොත වන විට ඔවුන් හඳුනාගැනීමට හෝ සමාජයට ඒ නිර්මාණ ලබාදීමට රාජ්‍ය යාන්ත්‍රණයක් නෑ. වේදිකා නාට්‍ය, කවිය වගේ කලා මාධ්‍යන්ටත් එහෙමයි. හොද තරුණ නිර්මාණකරුවන් ඉන්නවා සල්ලි නැතුව. සල්ලි හොයාගත්තත් චිත්‍රපටය කරලා පෙන්නන විදිහක් නෑ. අඩුම තරමේ තරඟකාරී මට්ටමෙන් හෝ මේ තරුණයින් හඳුනාගන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි.

මෑතකාලීනව දේශපාලන වේදිකාවල නිතර පෙනෙන්න හිටපු ඔබේ මේ වෙනකොට දේශපාලනික ආස්ථානය මොකද්ද?

ඇත්තටම මේ වෙනකොට මං දේශපාලනිකව අතරමං වෙච්ච කෙනෙක්. මට දැනට දේශපාලන පක්ෂයක් නෑ. ඔව් 1994 ඉඳන් මං දේශපාලන වේදිකාවල පෙනී හිටියා. ඒ ගැන මං කණගාටු වෙන්නේ නෑ. යුද්ධය නිමා කරන්න එක පාරක් අපි පෙනී හිටියා. පස්සේ රට හදන්න ඕන නිසා පෙනී හිටියා. නමුත් බලය එක තැනක දීර්ඝ කාලයක් රැඳෙනකොට එතන දුෂණය වෙනවා. බල ලෝභය හා තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න ඕන වැඩක් කරන්න පෙළඹෙනවා. ගෝලබාලයෝ පවුලේ අය විනාශකාරී විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. අපි දැක්කා එහෙම වෙනවා. අපි විශ්වාසය තියපු පුද්ගලයා නෙවෙයි පස්සේ එතන හිටියේ. මහින්ද රාජපක්ෂ කෙලින්ම විවේචනය කරපු තනි පුද්ගලයා මම. රන්මිණිතැන්න හදනකොටම ඒ කමිටුවේ ඉඳන් මං ඇහුවේ 'සර් මේක කාගේ උවමනාවට කාගේ යහපත සඳහා ද හදන්නේ' කියලා. එතකොට එයා කිව්වේ 'මේක මගේ උවමනාවට, කාගේත් යහපත සඳහා හදන්නේ' කියලා. ඉතින් මං 'එහෙනම් අපෙන් අදහස් විමසන එකෙන් වැඩක් නෑනේ' කියලා එතනින් නැගිටලා ආවා.

ඒ නිසා අපි දේශපාලන පියවරක් ගත්තා. නමුත් කණගාටුවෙන් කියන්න වෙන්නේ දැනුත් එහෙමයි. මේ පාලනයත් එකම විදිහයි. ඔක්කොම එකයි. අපි බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියක් මේ රටේ හදන්න බෑ. ඒකට මේ දේශපාලනය සම්පූර්ණයෙන්ම අලුත් වෙන්න ඕන. මේ පාර්ලිමේන්තු නඩේ එහෙම්මම නැති වෙලා අවංකව රටට ආදරය කරන අලුත් පිරිසක් මේ පාලනය අතට ගන්න ඕන. හොඳ පිරිස් ඉන්නවා නමුත් ඔවුන් දේශපාලනය කරන්නේ නෑ. මොකද රටේ බහුතරයකට දේශපාලනය එපා වෙලා. එක පුදුමයක් නෙවෙයි.

නමුත් ඔබත් එදා සිනමාවේ පැනනැඟුණු ඒ රජකතා හෝ ජාතික ආලය වඩවන චිත්‍රපට අතරේ එවැනි නිර්මාණයක් නිෂ්පාදනය කළා. ඒකට යම් යටි අරුතක් තිබුණද?

නෑ. යටි අරුතක් තිබුණේ නෑ. රජ කෙනෙක් පාලනය කරපු ඒ සමයේ මාත් රජ කතාවක් කළා කියලා ඔබ කියනකොටයි මටත් ඒ ගැන හිතුණේ. ලෝකේ එක එක කාලෙට එක එක රැලි එනවනේ. කලාවේ මේක වඩාත් ඉස්මතුවෙලා පේනවා. නමුත් ඒ මොහොතේ මට දැනුණු දේ තමයි මං කරේ. කිසිම දේශපාලන යටි අරුතක් එකේ තිබුණේ නෑ.

ඔබේ ඔය දේශපාලන දැක්මත් එක්ක ඔබේ සිනමා භාවිතාව කොහෙද තියෙන්නේ?

සිනමාව විතරක් නෙවෙයි කලාව නියෝජනය කරන්නෙක් විදිහට මං ස්වාධීනයි. මට ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ගන්න තිබුණා. මේ රටට ඕන දෙයක් වෙච්චදෙන් කියලා මගේ ව්‍යාපාර කරගෙන, බොහෝ අය කරනවා වගේ වෙනත් රටකට වෙලා ඉඳලා හිටලා නිර්මාණයක් කරන්න තිබුණා. නමුත් මං එහෙම කරේ නෑ. හැම මනුස්සයෙක්ගේම ඇතුළේ දේශපාලන දැක්මක් තියනවා. ඒ වගේම අපි ඇතුළේ මනුස්සයෙක් ඉන්නවා. ඉතින් මේ මනුස්සයා දකිනවා මේ සමාජේ වෙන දේවල්. ඒ නිසා මං ස්වාධීනව ඉන්න තීරණය කරනවා.

ඔබ ප්‍රශ්නෙන් පිට පනිනවා. මීපුර වැසියෝ නාට්‍යයෙදී හෝ සරෝජා චිත්‍රපටයේදී ඔබ අවංකයි. සරල කතාවත්, දේශපාලනයත්, ජනවාර්ගික අර්බුදයත්, මානුෂික ධර්මතාත් කියන මේ ක්ෂේත්‍ර සියල්ලම ඔබ මනාව හසුරවලා තිබුණා. නමුත් පසුකාලීනව ඔබ වංකයි කිව්වොත්?

නෑ නෑ. අපේ ගොඩක් අය වරද්දගන්නේ ඔතන. සමහර ඒවාට දේශපාලනය ගෑවිලාම නෑ. නමුත් ඒවා කලා කෘතීන්. නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණවලින් නිතරම දේශපාලනයක් කතා කරන්න ඕන නෑ. දේශපාලන පසුබිමක් සහිත නිර්මාණ පමණක් කලාකරුවෙකු සිදුකලයුතු නෑ. අපි විවිධ නිර්මාණ කරනවා. ඒවා බාරගන්න එක නොගන්න එක ප්‍රේක්ෂකයාට බාරයි. ඒවගෙන් සමාජ අසාධාරණකම් හෝ පාලනයේ අඩුලුහුඬුකම් කියවෙනවද නැද්ද කියන එකත් ප්‍රේක්ෂකයින් තීරණය කලයුතු දෙයක්. මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි. ඒ වගේම ඌව ඕන වෙලාවට එළියට ගන්න මං ලෑස්තියි.

මේ දේශපාලන වාතාවරණයත් එක්ක ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද?

බොහෝ විට මං 2017 දී වේදිකා නිෂ්පාදනයක් කරාවි. මාත් වේදිකාවෙන් ආපු කෙනෙක්. නමුත් වේදිකාවෙන් ලැබුණු ඒ සාර්ථකත්වය නිසාම මං එක එක තැන්වලට හිර වෙන්න පටන්ගත්තා. එත් ඒ සොඳුරු වේදිකා මතකය නැවත මට වදදෙන නිසා ඉදිරියේදී මං ආසාවෙන් වේදිකා නිෂ්පාදනයක් කරාවී.

ඔබ දකින විදිහට මේ මොහොතේ කලාකරුවාගේ වගකීම වියයුත්තේ කුමක්ද?

ජනතාව දැනුවත් කළයුතුයි. මේ සමාජ රටාවේ තියන අවුල් සහගත තැන් පෙන්වා දිය යුතුයි. නමුත් ඒක නිර්මාණයක් හරහාම සිද්ධ කරන්න ඕන නෑ. මොකද ඒකට කාලයක් ගතවෙනවා. දේශපාලන වේදිකාවක්, ලිපියක්, කියමනක් වගේ ඍජු දේවල්වලින් වගකිවයුතු පුරවැසියන් විදිහට කලාකරුවන් ජනතාව දැනුවත් කළයුතුයි. ඒවගේම කවදාවත් අනුන් මත යැපෙන්න හෝ රාජ්‍ය අනුග්‍රහය ලැබෙනකල් ඉන්න එපා. තමන්ගේ වැඩ කොහොමහරි කරන්න. ඒකට හිමි වටිනාකම කවදා හෝ ලැබෙයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Somaratne Dissanayake, Sri Lankan Film Director, Saroja, Punchi Suranganawi, Bindu, Sarigama, Sound of Music, Mahinda Rajapaksa, Mee Pura Wesiyo
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප‍්‍රනීත් චානක මුරමුදලිගේගෙන් තවත් වියමන්
රංග
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
කතා-බස්
විවෘත නාට්‍ය විචාරයක් නැතිකමින් හොඳ නිර්මාණ සමාජගත වෙන්නේ නෑ.- ප්‍රියංකර රත්නායක
රංග
මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක්
රංග
සිංහල වේදිකාවට ඇත්නම් 'පැන්තම්'..!
රංග
2014 රාජ්‍ය නාට්‍ය උළෙල සහ දිගු නාට්‍ය හටන
තවත් රහ කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook