Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සම රිසිභාවය වරදක් වූ සමාජයක....
බූන්දි, 17:13:25
'පුද්ගලයන් තම උපත, තරාතිරම, තමන් අයත්වන සමාජ කණ්ඩායම සහ තම ලිංගික අනන්‍යතාව යන හේතු මත ලජ්ජාවට භාජනය කරන සමාජ ආයතන සහ භාවිතාවන් පවතින සමාජයක් ශිෂ්ටසම්පන්න සමාජයක් නොවේ.'
-මහාචාර්ය අවිශායි මාර්ගලික්, හීබෲ විශ්වවිද්‍යාලය


'මේ තුන් ලෙව් තුළ සුපේක්ෂල ශික්ෂාකාමී සිංහල බෞද්ධ රටක් වෙත්. එහි ජනී ජනයා රහසින්වත් පව් නොකරති. පංචශීලය නම්වූ මූලික ශීලය දිවිහිමියෙන් පිළිපදින ඔවූහු අන්‍යයන්ට ගරු කරති. තම භාර්යාව, ස්වාමියා සමග පමණක් ලිංගිකව එකතුවන ඔවූහු එය ද සිදුකරනුයේ ස්වභාවධර්මයට එකඟවය. එනිසා එම රට තුළ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කියා දෙයක් නොමැත. ඉතිහාසය පුරාවට සිදුවී ද නැත. ලිංගිකත්වය සලකනුයේ පූජනීය දෙයක් ලෙසින් වන අතර, ගණිකා නිවාස, සම්භාහන මධ්‍යස්ථාන, රාත්‍රී සමාජ ශාලා යනාදී කිසිවක් එහි නැත. කොටින්ම ඒවා ගැන දන්නේ ද නැත. එකිනෙකා දෙස හරි ආදරයෙන් බලා ගරු කරන ඔවූහූ සාමයෙන් සමගියෙන් යෙහෙන් ජීවිකාව ගත කරති. එබැවින් ඒ රටට ලෝකෙන් උතුම් රටයැයි කියති. ශ්‍රේෂ්ඨ යැයි, ප්‍රෞඪ යැයි කියති. එනිසා එය හරි අගේ ඇති අපූරු රටකි!'

මේ රොබට් නොක්ස්, එදා හෙළදිව තුළ තැබූ සටහනක් නොවේ. ඩේව් දුටු ලංකාව තුළ සටහන් වන්නක් ද නොවේ. මේ නම් ළමා අවධියේ සිට ලංකාව ගැන රචනා ලිවීමට, කතා පැවැත්වීමට අපට හුරුවූ අපට හුරු කළ රටාවයි. අප වනපොත් කළ සංස්කෘතිකමය කතාවයි.

මෙම ලිපිය ලිවීමට අපට නිමිත්ත සැපයූවේ පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ කිසිදු සංශෝධනයකින් තොරව ප්‍රතික්ෂේප වූ සමලිංගික අයිතීන් නීතිගත කිරීමේ යෝජනාව හා ඊට සමගාමීව ගොඩනැගී තිබෙන සමාජ කතිකාවයි. එය වරදක් ලෙස පිළිගන්නා අප රටේ සංස්කෘතිය එක හෙළාම එවැනි සංශෝධන ප්‍රත්ක්ෂේප කරති. නමුත් මෙවැනි සංසිද්ධීන් හුදෙක් පයට පාගා ඉරාදැමූ පමණින් මිනිසුන්ගේ සංවේදනාවන් යට ගැසිය හැකිද? අප රට තුළ සමලිංගිකත්වය කියා දෙයක් ඇත්තේම නැතිද? එම සංවේදනාව වරදක් වන්නේ කාට සාපේක්ෂවද? සංවේදනා සාපේක්ෂ වන විට බහුතර කැමැත්ත මත සුළුතරයේ සංවේදනා විනාශකර දැමීම සාධාරණද?

'එයටම අනන්‍ය දේශීය සංස්කෘතියක් ඇතැයි කියන ශ්‍රී ලංකාව බටහිරකරණය නොවිය යුතුය. බටහිරින් ගෙනා විවිධ යෝජනා, විවිධ සංකල්ප අප රටට ගැලපෙන්නේ නැත. අද වන විට ආජන්ටිනාව, බෙල්ජියම, කැනඩාව, බ්‍රසීලය, එංගලන්තය, නවසීලන්තය, ප්‍රංශය, පෘතුගාලය, දකුණු අප්‍රිකාව හා ඇමරිකාව යනාදී රටවල් බොහොමයක සමලිංගිකත්වය නීතිමය වශයෙන් පිළිගන්නා තත්වයට පැමිණ තිබෙන නමුත් ශ්‍රී ලංකාවට මෙවැනි තත්ව කිසිසේත්ම ගැලපෙන්නේ නැත. එයට හේතුව වන්නේ අප රට පිවිතුරු බෞද්ධ සංස්කෘතියකින් අනූන රටක් වන නිසාය.' යනුවෙන් අප කොතරම් කෙසේ කීවද, අප රට තුළ සමලිංගිකත්වය කියා දෙයක් ඇත්තේම නැතිද? මේ පිළිබඳ නියම තතු සමාජය දෙස සංවේදී ඕනෑම අයෙකු අග මුල ඇතුව දනී. එම හැඟීම් දැනීම් ඇති මිනිසුන් මෙරට තුළ ඇත්තේම නැතිද? සිටිනවානම් ඔවුන් තමන්ගේ ආදරය, කැමැත්ත හා ආකල්ප ජීවත් කළ යුතු වන්නේ නැතිද?



බහුතර පිරිසකගේ හේතු විරහිත වර්ගකිරීමක් හා නීති පැනවීමක් හේතුවෙන් ඔවූහූ මියයා යුතුද? මිනිසා විසින් මිනිසාව ජීවත් කරවීමට, මිනිසාගේම පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කරගන්නා ලද සංස්කෘතිය තුළින් තවත් මිනිසුන් පිරිසක් ආන්තිකකරණයට ලක්කළ යුතුද? අවඥාවට ලක්කළ යුතුද? ශිෂ්ට සම්පන්න සමාජයක් යනු එයද?

සමලිංගිකත්වය වැරදිය, එය පිළිකුල්ය යන මතය ලංකා සමාජය තුළ ස්වභාවිකකරණයට ලක්වන්නේ කවදාද? කෙසේද? එය වරදක් වන්නේනම් නිවැරදි දේ කුමක්ද? පුද්ගලයාගේ අතිශය පෞද්ගලික ප්‍රධානතම සංවේදනාව පවා තීරණය කළ යුත්තේ සංස්කෘතිකමය අවකාශය තුළින්ම පමණද? එසේ නොමැතිව පුද්ගල සංවේදනාවන් අනුව කිසිවෙකුටවත් කරදරයක් නොමැතිව තමාගේ පෞද්ගලික අවශ්‍යතාවන් සපුරාගන්නටවත් සර්ව සාධාරණ ශිෂ්ට සම්පන්නභාවයක් රටකට තිබිය යුතු නොවන්නේද? ඊශ්‍රයාලයේ, හීබෲ විශ්වවිද්‍යාලයේ, දර්ශනය පිළිබඳ මහාචාර්ය අවිශායි මාර්ගලික් (Avishai Margalit), ශිෂ්ට සම්පන්න සමාජය (The Decent Society) නමැති සිය කෘතියේදී ශිෂ්ට සම්පන්න හා ශීලාචාර සමාජය පිළිබඳව මෙවැනි නිර්වචනයක යෙදෙයි.

"ශීලාචාර සමාජයක් යනු, එහි සාමාජිකයන් එකිනෙකා අවමානයට පත් නොකරන සමාජයකි. ශිෂ්ටසම්පන්න සමාජයක් යනු, එහි සමාජ ආයතන විසින් මනුෂ්‍යයන් අවමානයට භාජනය නොකරන සමාජයකි."

එසේ බැලූ කල ලංකාව, ශිෂ්ට සම්පන්න හෝ ශීලාචාරවත් සමාජයක්ද? ආගමික වශයෙන් අප විසින් කුමන මතයක් දැරුව ද, සිද්ධස්ථාන කොතරම් ඉදිවී තිබුණ ද, සැදැහැවතුන් පන්සල්, පල්ලි, කෝවිල්වල පිරී ඉතිරී සිටිය ද, ශිෂ්ට යැයි කිව හැක්කේ කුමන කරුණු පදනම් කරගෙනද? අපේ සමාජය විසින් මේ සිදුකරනුයේ සියල්ල දැනගෙන, නොදන්නා ගානට කටමැත දෙඩවීම පමණක් නොවේද?

බුදු දහම යනු අන්තවාදී දහමක් නොවේ. එය යා යුතු මග හෙලිකළ දහමක් විනා මඟ අවුරා නීති පැනවූ දහමක් නොවේ. ලාංකේය බහුතර සමාජ විඥානය තුළ සමලිංගිකත්වය යනු වරදක් ලෙස නිර්වචනය කිරීම අරඹනුයේ බුදු දහමින් ආභාෂය ලද බෞද්ධ සංස්කෘතියෙන් නොව, බටහිර යටත්විජිතවාදයෙන් පසුව මෙරට තුළ ගොඩනැගුණු නීති පද්ධතියෙනි. ශ්‍රී ලංකාව යනු පිවිතුරු සිංහල සභ්‍යත්වයක් සහිත රටක් ලෙස අප කොතරම් හඳුනාගන්නට උත්සහ කළ ද, අප රට තුළ ක්‍රියාත්මක වන්නේ විවිධ සංස්කෘති වෙතින් පෝෂණය වූ නීති පද්ධතියකි. ඉංග්‍රීසි නීතිය, රෝමානු නීතිය, කන්ද උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය හා මුස්ලිම් නීතිය වශයෙන් වූ නීති රැසකින් යුතු පාලනයක් අප රට තුළ ක්‍රියාත්මක වේ. කොතරම් අධිරාජ්‍යවාදයට විරුද්ධ යැයි කීවද, බටහිරකරණය නොවන බව කීවද අප පාලනය වන්නේ අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දුන් නීති පද්ධතිය තුළින්මය.

ඒ අනුව, අප රට තුළ අද වන විට ක්‍රියාත්මක වන්නේ වර්ෂ 1883 දී ඉංග්‍රීසි පාලනය යටතේ හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහය වන අතර, එය සම්පූර්ණයෙන්ම පදනම්ව ඇත්තේ එවකට බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වූ වික්ටෝරියානු සදාචාරවාදී අපරාධ නීති මතයි. නමුත් වර්ෂ 1950 දශකයේ අගභාගය පමණ වන විට බ්‍රිතාන්‍යයන් සමලිංගිකත්වය පිළිබඳව සිතන ආකාරය ඉතාමත් ලිහිල්ය. සරලවම කිවහොත් බ්‍රිතාන්‍යන් අද වන විට වික්ටෝරියානු සදාචාරය සහමුලින්ම පාහේ තුරන්කොට හමාරය.

අප නිරන්තරයෙන්ම පුරුදු පුහුණු වී සිටින්නේ පෞද්ගලිකව අප අකමැති, අපට අප්‍රසන්න වන යම් කිසි ප්‍රපංචයක් පිළිබඳව ආධානග්‍රාහී ලෙස ප්‍රතික්ෂේප කිරීමට පමණි. එසේ නොමැතිව අප අකමැති වුවද තවත් අයෙකු කැමති වන කිසියම් දෙයක් පිළිබඳව සහෘදාත්මක අයුරින් අපගේ පරිකල්පනය මෙහෙයවීමේ විඥානයක් අප සමාජයේ සාතිශය බහුතරය තුළ තවම වර්ධනය වී නොමැත. සමලිංගිකත්වය යනු සැබැවින්ම ලෝකය තුළ සම්මත වූ ලිංගික දිශානතියකි. තමන්ට සමාන වූ ලිංගික අවයව ඇති දෙදෙනෙකු අතර ස්වකැමැත්ත මත පමණක් ඇතිවන ලිංගික ආකර්ශණය සරලවම එලෙස හැඳින්වේ.



වෛද්‍ය විද්‍යානුකූලව වුවද සමලිංගිකත්වය පිළිගනුයේ විකෘති ලිංගිකාශාවක් ලෙස නොව, සාමාන්‍ය ලිංගික දිශානතියක් ලෙසිනි. ඒ අනුව මෙය රෝගයක් හෝ මනෝවිද්‍යා උපදේශන ලබාගතයුතු තත්වයක් නොවේ. සමාජය නමැති සංකල්පය තුළ මූලිකම සංවේදනාව වන්නේ ආදරය සහ ලිංගිකත්වය වන අතර, එය අතිශය සාපේක්ෂ කාරණාවකි. විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ඇතිවන ආකර්ශණය යනු ප්‍රකෘතිය ලෙස පිළිගන්නා, ස්වභාවිකකරණය වූ සමාජයකට, එයට ප්‍රතිවිරුද්ධව සිදුවන සියල්ල විකෘතියක් ලෙස පෙනී යා හැකිය.

සමලිංගික සම්බන්ධතා සහ සමලිංගික විවාහයන් යනු එකම කාරණාවක් නොවේ. ලොව බොහෝ රටවල් තුළ අඩු වැඩි වශයෙන් සමලිංගිකත්වය පිළිගනු ලැබූවත් එම විවාහයන් සඳහා නීතිමය අවසර ලබාදී නොමැත. මෙම කාරණාව පිටුපස ඇත්තේ අපට හැඟෙන අයුරින් වෙනත් කාරණාවකි. එනම් විරුද්ධ ලිංගිකත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ගැබ්ගැනීමයි. එහිදී බිහිවන තුන්වන ජීවියා වෙනුවෙන් නීතිමය රෙගුලාසි තිබිය යුතුය. භාරකරුවෙකු, නඩත්තු කරුවෙකු සිටිය යුතුය. 'විවාහය' යන නීතිමය කාරණාව එහිදී ප්‍රමුඛත්වයට පැමිණේ. නමුත් සමලිංගිකත්වය තුළින් එසේ තුන්වන ජීවියෙකුගේ පිළිසිඳ ගැනීම, වැනි සිදුවීමක් සිදුනොවන බැවින් 'විවාහය' එහිදී ප්‍රධාන බලපෑමක් සිදුකරන්නේ නැත.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළද සමලිංගිකත්වය සමාජගතවී තිබුණ ද එය පවතිනුයේ ආන්තිකකරණයට ලක්වය. සමාජයේ කේන්ද්‍රයට වඩාත් දූරස්ථවය. අප රට තුළ කලා නිර්මාණ ඔස්සේ පවා මෙම අඩවිය ස්පර්ශ කරනුයේ කලාතුරකින්ය, වර්ෂ 1982 දී ප්‍රථම වතාවට සිනමා නිර්මාණයක් තුළින් සමලිංගිකත්වය පිළිබඳව කරළියට ගෙන එන්නේ 'මලට නොඑන බඹරු' සිනමාපටය හරහාය. ඉන්පසුව 'මමත් ගැහැනියක්', 'තනි තටුවෙන් පියාඹන්න', සහ පසුගිය වසරේදී තිරගත වූ 'ෆ්‍රැන්ජිපැනි' වැනි සිනමාපට ඔස්සේ මෙම ආස්ථානය පිළිබඳව කතිකාවක් ගොඩනැගීමට උත්සාහ කළ ද මෙම නිර්මාණ සමාජයේ පරිධියෙනුත් බොහෝ ඈතට විතැන්වීමට විශාල කාලයක් ගතවූයේ නැත. ෆ්‍රැන්ජිපැනි සිනමා පටය මහනුවර, වෙම්බ්ලි සිනමා ශාලාවේ දී නරඹමින් සිටි මාත් මාගේ බිරිඳත්, විවේක කාලය උදාවන විට දුටුවේ ප්‍රේක්ෂකාගාරය තුළ අප දෙදෙනා පමණක් සිටින බවයි. මුල් දර්ශන වාරය තුළ ද හූ හඬවල්, විසිල් ගැසීම් කඩින් කඩ මතුවූ අතර, අප සිටින සංස්කෘතිකමය ප්‍රජාතන්ත්‍රවාදී ආස්ථානයේ දුගී දුප්පත්භාවය පිළිබඳව අප සිටියේ ඉමහත් කළකිරීමෙනි. කලාව බිහි වුවද එය වටහා ගැනීමේ මානසික සූදානමක් අපේ රසඥතාව තුළට මේ සංස්කෘතිය විසින් උගන්වා නැත.

සමාජය තුළ අතිශය සංවේදී සංවේදනා පිළිබඳව ප්‍රසිද්ධියේ කතාකරන්නට බොහෝදෙනා මැලි වෙති. එයට ප්‍රධාන හේතුව වන්නේ කතාකරන පුද්ගලයාට ද කාඩ් ගඩා ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය පිළිබඳවද ප්‍රශ්න කරමින් 'දෙන්නම් බැටේ' විචාර කලාවක් ලංකාව තුළ තවටත් ක්‍රියාත්මක වීමයි. පාර්ලිමේන්තුවේදී ද සිදුවන්නේ එවැනි සිදුවීමකි. මෙම සංශෝධන පිළිබඳව කතා කළ සියලුදෙනා වෙත අද වන විට සමාජය විසින් උපහාසයේ හංවඩුව ගසා හමාරය.

ලංකාවේ ලිංගික අධ්‍යාපනය පවතිනුයේ ඉතාමත් පසුගාමී තත්වයකය. ලෝක දත්ත වාර්තාවලට අනුව පස්වන වතාවටත් ලිංගිකත්වය පිළිබඳව ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් ගවේෂණය කළ බහුතර පිරිස ලාංකිකයන්ය. ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ දිනෙන් දින වර්ධනය වෙනවා හැරෙන්නට අවම වීමක් දක්නට නැත. දික්කසාදවීම්, ගබ්සා කිරීම් වැනි අංශවලින් ද ශීඝ්‍ර වර්ධනයක් පවතී. මේ සියලුම සමාජමය සංසිද්ධීන්වල මූලබීජය වන්නේ 'ලිංගිකත්වයයි'. ඒ පිළිබඳව නිසි අවබෝධයකින් තොර වීමයි. විෂම ලිංගිකත්වය පිළිගන්නා බහුතර සමාජ ආස්ථානය තුළ උද්ගත වූ සමාජ ගැටලු රැසක් එහෙමපිටින්ම තිබියදී සමලිංගිකත්වය වැනි කාරණාවක් වෙත කැට මුගුරු අමෝරා පහරදීමට, සමාජය පෙළගැසී සිටීම උපහාසයට කරුණක් නොවේද?

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වඩාත් සමීපව කතාකරන මෙවැනි යුගයක සුළුතරයකගේ ලිංගික අයිතීන් අවඥාවෙන් බැහැර කරමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් පාගා දමන්නට තරම් අප කටයුතු කරන්නේනම් රටක් වශයෙන් අපට ඇති ශිෂ්ටත්වය කුමක්ද? පුද්ගලයා යනු සාපේක්ෂ සංවේදනාවන්ගෙන් සැදුම්ලත් අයෙකි. කායිකව හා මානසික වශයෙන් ඔවුනොවුන් අතර ඇත්තේ එකිනෙකාට ආවේණික වූ සංවේදනාවන්ය. ඒ අනුව සමාජයේ පුරවැසියන් වශයෙන් අපට එහි ජීවත්වන සියලුදෙනාගේ සුඛවිහරණය වෙනුවෙන් විචක්ෂණශීලී සහෘදාත්මක සංස්කෘතියක් නිර්මාණය කළ හැකිනම්, මතු දිනෙක එම සමාජය ඉතාමත් සුන්දර වනු ඇත. මෙලොවට බිහි වූ සියලුම සත්වයින්ට පය ගසා ජීවත්විය හැකි, කිසිවෙකුටත් කරදරයක් නොවී ඔවුනොවුන්ගේ ස්වාධීනත්වය හා අවශ්‍යතාව සපුරා ගත හැකි සුභවාදී පරිසරයක් ගොඩනැගිය හැක්කේ, සමාජයට වෛර කොට පිළිකුල් කිරීමෙන් හෝ අනුකම්පා කිරීමෙන් හෝ නොව, අපි අපිටම ආදරය කිරීමෙන්ම පමණි.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Government on LGBTIQ rights, Sri Lankan Law, homosexuality, Human Rights, Avishai Margalit, The Decent Society, Malata Noena Bambaru, Frangipani
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් සී. තිලකරත්නගෙන් තවත් වියමන්
අදහස්
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
රංග
කැඩපතට ගල් ගසා ගත් පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (අවසාන කොටස)
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (දෙවන කොටස)
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (පළමු කොටස)
තවත් අදහස් බූන්දි
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
Che says...
My only one in the world,
I take you with me in my heart
And we will continue together until the road vanishes…

- From Che to Aleida

[Remembering... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
ඔත්තු| නේරංජනේ ඉස්නානේ- අගෝ. 29

16-Secs

2000 වසරේදී අතිශය ආදෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ. කේ. සමන් කුමාරගේ 'නේරංජනේ ඉස්නානේ' නවමුද්‍රණය,... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කතන්දර| රා ත්‍රි ය

2-Mins

(අරුශිමා කරුණාකලගේ ) ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook