Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ගේබ්‍රියෙල් නම් සුරදූතයා
මෙය ගාර්ෂියා මාකේස්ගේ 'Crónica De Una Muerte Anunciada' නම් නවකතාව Gregory Rabassa විසින් 'Chronicle of a Death Foretold' යන නමින් ඉංග්‍රීසී බසට නැඟීම අරභයා, සල්මන් රෂ්ඩි විසින් London Review of Books සඟරාවේ 1982 සැප්තැම්බර් මස පළවූ වෙළුම් අංක 4, 17 වන කලාපයට සැපයූ විචාරයකි.
බූන්දි, 16:45:23
බොහෝ කාලයක් තිස්සේ ගේබ්‍රියල් නම් මිනිසාට මායාවන් කළ හැකිද යන්න ගැන අපි විමසිලිමත් වූයෙමු. මක්නිසාදයත් අවුරුදු ගණනක් තිස්සේ ඔහු අත්තටු නැතියවුන් සමග සූරදූතයන් ගැන බොහෝ දේ කතා කළේය. එහෙයින් පොත් මුද්‍රණය කරන සමාගම් ද තම මායම් පෙන්වන්නට පටන් ගන්නා විට අපි ද ඒවා දැනසිටියා මෙන් හිස වැනුවෙමු. ඇත්තවශයෙන් ම ඔහුගේ මායම් වල අනාගතඥානය නම් බලසම්පන්න ග්‍රහණයට අප හසු වී සිට ඇත. එමෙන් ම එම අතීතකාමී හූනියම් වලින් පරල වූ අපි, අසුන්ගෙන සිටි බංකු වලින් සහ ඕවිලි වලින් නැගිටුවා මැස්සන් බෝවෙනවාටත් වඩා වේගයෙන් සිහිවිකල්ලෙන් මෙන් පොත් ගැසූ මුද්‍රණාලයන් වෙත හුස්ම නොඅල්ලාම දිව ගියෙමු. අප අත දිගු කරන්නටත් පෙර පොත් අප අත් වලට පැන ගත්හ. මුද්‍රණාල පිරී ඉතිරී දෝරෙ ගලා ගිය පොත් ගඟ මුහුරත් උළෙල ද්වාරය කඩා ඇතුළු විය. එම භයංකාර ආඛ්‍යානමය මහෝඝයෙන් මංමාමවත්වල යන එන්නන් යටකර දමා ඔවුන්ගේ සිහිවිකල් කොට පොත්හල්වලට උමතුවෙන් රොක්වන්නට සැලැස්සුවේ ය. ඉන්පසුව සැතපුම් ගණනක් දුරින් පැවති නිවෙස්හි සිටි අයගේ ඉන මත්තට නැගිණ. එම කතාවෙන් කිසිවෙකුට ගැලවිය නොහැකි විය. ඔබ අන්ධ වුව ද ඉන්ගැලවීමට ඇස් පියා ගත්ත ද ඉන් කිසි වාසියක් නම් නුවුයේ ය. මන්දයත් ඔබගේ කන අද්දර කවුරුන්හෝ එම කතාව ශබ්ද නගමින් කියවමින් සිටියහ. අප සෑම කෙනෙකු ම තමන්ගේ ම ස්වයංචරිතාපදානයක් සේ හැඟෙන එම කතා අසා ප්‍රීතිමත් ළමිස්සියන් බවට පත්වී සිටියා වැනි ය. රටෙහි අස්සක් මුල්ලක් නෑර පිරුණු පසුව එය විදේශයන් බලා ගමන් කළේ ය. අපගේ වෘත්තියෙහි ඇති උමතු භාවයෙන්ම අප අවබෝධකරගෙන සිටින්නේ, යම් දෙයක් ලෝකගෝලය පුරා පැතිරෙන තෙක්, එනම් සත් සමුදුරු වල කඳු ප්‍රපාත වල සහ උමං දුම්රිය තුළ මෙන් ම වියළි කාන්තාර යන සියල්ලක ම මායම් වුන මුද්‍රණාලවලින් අසීමාන්තික ලෙස පිටවෙන පොත් වලින් ඇහිරී යනතෙක්, එකී ප්‍රපංචය නවතින්නේ නැති බව ය. ව්‍යතිරේකයක් වශයෙන් මෙල්කියුඩේස් නම් හිඟන්නා පැවසුවාක් මෙන්, උතුරේ හුදකලාව ඇති බ්‍රිතාන්‍යය නම් රටේ සිටින වැසියන් බොහෝ කාලයකට පෙරසිට ම පොත් රෝගය නොවැලඳී සිටීමට තරම් ප්‍රතිශක්තියක් ඇති වූවන් වූ හෙයින් මේ විඩාව කෙතරම් කර්කශ වූවත් ඉන් ඔවුනට නම් ප්‍රශ්නයක් නැත..!

ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් විසින් ‘සියක් වසක හුදකලාව‘ පොත ප්‍රකාශයට පත්කොට වසර පහළොවක් ඉක්ම ගොස් අවසානය. එම කාලය අතරතුර දී එය ස්පාඤ්ඤ භාෂාවෙන් පමණක් පිටපත් මිලියන හතරක් විකිණී ඇති අතර පර්වර්තන පිටපත් කීයක් විකිණෙන්නට ඇත් ද යන්න මම දන්නේ නැත. මාකේස් විසින් අලුත් පොතක් ලියූ විට එම ප්‍රවෘත්තිය ඇමරිකානු ස්පාඤ්ඤ දිනපතා පුවතපත්වල මුල්පිටුවේ පළවේ. පත්‍ර විකුණන කොල්ලන් උකුස්සන් මෙන් මංමාවත්වල එහා මෙහා යමින් ඒවා විකුණනන්ට පටන්ගනී. අලුත් අතිශයෝක්ති පද හිඟවීමෙන් විචාරකයන් සියදිවි නසාගන්නට පටන් ගන්නේ ඉන්පසුවය.

ඔහුගේ ‘මරණයක් ගැන කලින් කියූ අනාවැකිය‘ පොතේ මුල් මුල් මුද්‍රණය ස්පාඤ්ඤ භාෂාවෙන් පමණක් පිටපත් මිලියනයකට වඩා මුද්‍රණය කෙරිණි.

‘සුරදූත ගේබ්‍රියල්ගේ‘ හාස්කම් වල පැවති අපූර්වතාවන්ට, මාර්කේස්ගේ කතාවක් සත්‍ය ලෝකය තුළ හැසුරුණ අසම්භාව්‍ය බහුවලියක ස්වාභාවය හා සමාන වීමට කෙලෙසකවත් නොහැකිවිය. බ්‍රීතාන්‍යයේ නම් එවැනි කුප්ප වැඩ තාම වුණේ නැත. මාර්කේස් ගැන දෙඩවිලි තිබුණත් දකුණු එංගලන්තයේ සිටින මහජනයන්ට නම් ඒ ගැන වගක්වත් නැත. එයට හේතු වන්නට ඇත්තේ දවල් හීන දකින්නන් බ්‍රිතාන්‍ය වැසියන් එතරම් විශ්වාස කරන්නේ නැති නිසා විය හැකි ය. ටොල්කින්ට ('Lord of the Rings' කතා මාලාවේ කතුවරයා) අත් වුණෙත් ඒ ඉරණම ම ය. (සමහර විට ඔවුන් හොඳ දවල් හීන දකින්න අකමැති හින්ද වෙන්නැති. මගේ පෞද්ගලික අදහස වන්නේ බොහෝ බ්‍රිතාන්‍යයන් සිතන්නේ දැනටමත් දකුණු ඇමරිකාව සම්පූර්ණයෙන්ම සොයාගෙන අහවර බවයි. විචාරකයන් අසමත් වන භූමියක විශේෂ කාර්ය බලගනයකට සාර්ථක විය හැක. මහද්වීපයක පවතින දීර්ඝකාලීන නින්ද අවසානයේ ආර්ථික වාසි ජනනය කළ අතර මාර්කේස්ට සහ අන් සාමාජිකයින්ට ‘එල් බූම්‘ එකේ, එනම් අද්‍යතන ඇමරිකානූ ස්පාඤ්ඤ සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම පිබිදීම තුළින් ඔවුන්ට අත් විය යුතුම වූ අතිමහත් පාඨක ආකර්ෂණය ලැබිණි.

ගාඩියන් පත්‍රයේ පළවූ ලිපියකින් ජෝන් ‍ෆොව්ල්ස් විසින් දැනටමත් මෝල්විනාස් අත්පත් කරගැනීම සඳහා කළ සටන අවබෝධ කරගැනීමට ‘අනාවැකිය‘ ප්‍රිස්මයක් සේ භාවිතා කළ හැකි බව පවසා ඇත. කිසිම සැකයක් නැතිව සන් පුවත්පත ද ලඟදීම තම පාඨකයන්ට ද එසේ කරන ලෙස උපදෙස් දේවි. සැන්ඩි වුඩ්වර්ඩ් සටන් 32 ක් සැලසුම් කර ඒ සියල්ලම පැරදුණු කර්නල් ඔව්‍රෙලියානෝ බුඑන්ඩියාගේ කතාවේ හොඳ රසිකයෙක් බවට කිසිම සැකයක් නැත. වධක හාමිනේ ද (වරක් ඉන්දියානු දේශපාලනඥයෙක් අපගේ ආදරණීය පාලකයා ඇමතුවාක් මෙන්- මාග්‍ර‍ට් තැචර්) මාකේස් ගැන මාරියෝ වර්ගාස් යෝසා විසින් කළ දැවැන්ත විචාරාත්මක අධ්‍යනය අප රටේ කිසිදා ප්‍රකාශයට පත් නොවීම ගැන තැති ගන්නවා ඇත. දැවැන්ත බලවේග ක්‍රියාත්මක වෙමින් පවතී.

මාකේස් ගේ පරිකල්පනය කෙරෙහි බලපෑ ප්‍රධාන ම බලවේගය නම් තම ආච්චි අම්මා පිළිබඳ ස්මෘතියයි. ඔහුගේ කලාව ගැන තවත් බොහෝ පූර්වගතතා යෝජනා කර ඇත. ඔහුම පැවසූ පරිදි ‍ෆොල්කනර්ගේ ආනුභාවය ඔහුට ලැබී ඇත්තා සේම ඔහුගේ මැකොන්ඩෝවේ පැවති කල්පිත ලෝකය අවම වශයෙන් කොලම්බියානූ කැලෑවට පැටවූ යොක්නපතව්ව රටේ කොටසක් මෙන් විය. ඊළගට බෝර්ගස් සිටියේ ය. බොර්ගස්ට පසුව සිටි ප්‍ර‍බලයා වුයේ මචාඩෝ අසිස්ය. Epitaph of a Small Winner, Quincas Borba සහ Dom Casmurro යන මහා නවකතා ත්‍රිත්වය ඒවා ලියවුණු කාලය අතික්‍රමණය කොට තිබිණ. (1880, 1892 සහ 1900 වර්ෂ වලදී) ඔහු එම කාලයේ දකුණු ඇමරිකාවේ පැවති වල්වැදුණු සාහිත්‍යට දෙවියන්ට අයත් ඩානිකේනියන් අශ්ව කරත්තයකින් ගොඩබසින්නට ඇතැයි සිතෙන තරම් ප්‍රබල පරිකල්පනයකි. එහෙයින් ස්පර්ශ කළ හැකි ආලෝකය නම් සංකල්පය පැහැදිලිවම මයාවී පරිකල්පනයක ප්‍රතිඵලයකි. (උදාහරණයක් වශයෙන් මචාඩෝ විසින් Epitaph තුළ භාවිතා කරන ප්‍රති-විෂාදී පැලැස්තරය භාවිතයට ගැනෙන ආකාරය බලන්න.)

එමෙන්ම ගාර්ෂියා මාකේස් සතු වූ අනුස්මරණීය දෘෂ්ඨිමය අතිශයෝක්තීන් මතු කිරීමට දැක්වූ විශිෂ්ඨභාවය- උදාහරණයක් වශයෙන්, The Autumn of the Patriarch තුළ දැක්වෙන ලතින් ඇමරිකානු ඒකාධිපතියෙකුගෙන් ඔහු ගෙවිය යුතු ණය වල හිලව්වට මුහුදක් ලබාදෙන ලෙස බල කරන ඇමරිකානුවන් සේ, ‘ඔවුන් අප්‍රේලයේ දී කැරිබියන් මුහුද රැගෙන ගියේ ය, අර්වින්ග් නම් තානාපතියාගේ සාගර ඉංජිනේරුවන් විසින් එය කෑලි කෑලි වලට ගලවා ඇරිසෝනාවේ ලේ රතුපාට අරුණෝදයන් වල ඇති වන හුළං කෝඩ වලින් බොහෝ ඈතට ගෙන ගොස් සවිකළේය‘- යන උදෘත ඔහු චිත්‍රපට තිරපිටපත් ලිවීමට වෙහෙස වීමෙන් මුවහත් වූ පරිචය විය හැක. එහෙත් සියල්ලකටම ඉහලින් සිටියේ ආච්චි අම්මාය. ඇය මාර්කේස්ගේ ජීවතානය යි.

ලුයිස් හාර්ස් සහ බාබරා දොමාන් සමග කළ සම්මුඛ සාකච්ඡාවක දි මාකේස් පැහැදිලිවම ප්‍ර‍කාශ කළේ, තමන් අත්තම්මාගේ භාෂාව භාවිතා කළ බවයි. ‘ඇය කතා කළේ ඒ විදිහට තමයි, ඇය විශිෂ්ට කතාකාරියක්’. අනිතා දේසායි ද ඉන්දියානු ජන ජීවිතය ගැන ප්‍ර‍කාශ කර තිබුණේ ‘ගෑනු කියන්නෙ කතා කියන්නනම උපන් ජාතියක්‘ බවයි. දකුණු ඇමරිකාව දෙස බැලුවත් ඒක ඒ විදියටම අදාළ කරගත හැකි ය. මාකේස් හදා වඩා ගත්තේ එයාගේ ආච්චි සහ සීයා විසිනි. මාර්කේස්ට සිය මව මුණ ගැසෙන්නේ ඔහුට අවුරුදු හතක් අටක් වෙද්දී ය. අවුරුදු අ‍ටෙන් පස්සේ එයාගේ ආච්චි සීයා ගැන විශේෂ ආනන්දජනක කිසිම දෙයක් සිදුනොවූ බව ඔහු හාර්ස්ට සහ දෝමාන්ට අනාවරණය කර ඇත.

ඔවුන්ට භූත‍‍ බංගලාවක් වාගේ විශාල ගෙයක් තිබුණු අතර ඔවුන් භූතයින් ව යහමින් ම විශ්වාස කළ උදවිය ය. ගේ හැම අස්සක් මුල්ලකම ඇටසිකිලි සහ මතකයන් ‍ගුලිව තිබූ අතර හවස හයෙන් පසුව කිසිවෙකුත් තමන්ගේ කාමර වලින් අඩියක්වත් එළියට තැබීමට බියව සිටියහ. එය විශ්මයජනක ත්‍රාස්‍රයෙන් පිරි ලෝකයක් විය.

මාර්කේස්, එම නිවස පිළිබඳ මතකයත් තම ආච්චි අම්මාගේ කතා ශෛලියත් භාවිතා කරමින් තමන්ගේ ආයස්කාන්ත භාෂාවෙන් මැකොන්ඩෝව ඉදිකිරීමට පටන් ගත්තේය.

ඇත්ත වශයෙන්ම ආච්චි අම්මාට වඩා ඔහුට අවශ්‍ය වූ දේවල් තිබිණි. ඔහු නව යෞවන වයසේම ඇරකටකා නම් තම උපන් බිම හැරගොස් යථාර්ථය පිළිබද අර්ථවිවරණමය වනයට වඩා බෙහෙවින්ම අසංගත නාගරික ලෝකයට මුහුවිය. ‘සියක් වසක හුදෙකලාවේ‘ දැක්වෙන ලොව සිටි ආදරණීයම කෙල්ල වූ ලස්සන රෙමිඩියස් දෙව්ලොවට යාම, ‘වීමට තිබූ සිදුවීමක්‘ සේ සැලකුව ද, මැකොන්ඩෝවට පැමිනි මුල්ම දුම්රිය ගැන ආරංචිය පවසමින් ඉන් විමතියට පත් ගැහැනියක් කෑ ‍‍මොරදෙමින් පාරේ දිව ගියාය. "අන්න ඒක එනවෝ... මුළු ගමක්ම කුස්සියක අමුණාගෙන අන්න ඒක එනවෝ..." ඇය කෑ ගෑවාය. කීමට අනවශ්‍ය ය. මෙම අවස්ථා දෙක ගැන නාගරිකයන් ප්‍රතිචාර දක්වන ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස්ය.

ගාර්ෂියා මාර්කේස් විසින් දකුණු ඇමරිකාව තුළ යථාර්ථය වචනානුසාරයෙන්ම නැතිවී ඇති බව තීරණය කළේය. ඔහුගේ අධියථාර්ථවාදයේ මූලය වූයේ මෙයයි. යථාර්ථය බිඳවැටීම සංස්කෘතික වන්නාක් මෙන් ම වඩාත් දේශපාලනික කාරණයක් ද වේ. මාකේස්ගේ අත්දැකීමෙන් ම, සත්‍යය කෙතරම් පාලනයකට ලක්වූයේ ද යත් ඇත්ත නැත්ත කුමක්ද තේරුම් බේරුම් කරගැනීමට තරම් අපහසු විය. පැවති එකම සත්‍ය නම්, ඔබව සැමවිටම බොරුවෙන් රැවටීමට ලක්වීමයි. ගාර්ෂියා මාකේස් (කියුබාවේ, ක්‍රැස්තෝ රජයට සහය දැක්වීම නිසා ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණේ පමා වී වුව ද) සැමවිටම තීව්‍ර දේශපාලනික චරිතයක් විය. එහෙත් ඔහුගේ පොත් වල දේශපාලනය ගෑවී තිබුණේ පැත්තකින් පමණි. කර්නල් අව්රෙලියානෝ ගේ යුද ජීවිතය, එමෙන් ම තමන්ගේ භෝජන සංග්‍රහයකදී තමන්ගේ එදිරිවාදියෙකු ප්‍රධාන භෝජනය වශයෙන් ගත් - දවල් වෙනතුරු නිදාගත් දිනයක දී උදෑසන සේ සේ පෙනෙන්නට රාත්‍රියේ දී තමන්ගේ ජනේලය අසල ඉර සිත්තම් කළ කාර්ඩ්බෝඩ් පුවරු අල්ලා සිටීමට මිනිසුන්ට පැවරූ- ඔලුව උදුමවා ගත් කුලදෙටුවා වැනි චරිත වැනි මහේශාක්‍ය උපමා වලින් මහජන සබඳතා හෙලිදරව් කරන තන්හි පමණය.

El realismo magical හෙවත්, අවම වශයෙන් ගර්ෂියා මාර්කේස් විසින් භාවිතා කළ, මායා යථාර්තවාදය ‘තෙවන ලෝක‘ සවිඥානිකත්වයක් නිරූපණය කරන අධිසත්තාවාදයේ වර්ධනයකි.

එය අතිශය හම්පඩකම්- බියගන්වන සුළු නවීනත්වය සමග අරගල කරන, මහජන වංචා දූෂණ සහ පෞද්ගලික දුක් සන්තාප අසීමාන්තික සහ අතිමහත් වන නිසා අපක්ෂාභංගත්වයේම ගිල්වන, සමාජ සත්තාව සියවස් ගණනක් ගොඩගැසූ ධනය සහ බලය නැමැති ඝන තට්ටුවලින් වසා දැමුණු, නායිපෝල් වරක් පවසා ඇති ‘බාගෙට තැම්බුනු‘ සමාජ සමඟ කටයුතු කරයි.

ගාර්ෂියා මාර්කේස් ගේ කෘතීන් හි ඔහු විස්තර කරන ලෝකය තුළ, සත්‍ය වශයෙන් එළිමහනේ ගිනි මද්දහනේ අරුම පුදුම දේ නිරන්තරයෙන් සිදුවේ. මාර්කේස්ගේ සාහිත්‍යමය විශ්වය ඔහු විසින් මවාගත්, ස්වයං-ප්‍රඥාපනීය, ආවෘත ක්‍රමයක් ලෙස නොසැලකිය යුතුය. ඔහු ලියන්නේ අන් ලොවක් ගැන නොව අප ජීවත් වන මෙම ලෝකය ගැනම ය. සැබවින්ම මැකොන්ඩෝව පවතී. එහි මායාව වන්නේ ද එයම ය.

කෙස් වුව ද ඇතැම් විට අපට පෙනෙන්නේ මාකේස් හිතාමතාම ‘ගාර්ෂියාලන්තය‘ යන මිත්‍යාව අවධාරණය කරන්නට උත්සහ කරන බවකි. සියක් වසක හුදකලාවේ ආරම්භක වාක්‍යය සහ මරණයක් පිළිබඳ පෙර කී පුරාවෘත්තය ග්‍රන්ථයෙහි ආරම්භක වාක්‍යය සංසන්දනය කොට බලන්න. ‘ඔහුට තාත්තා තමාට අයිස් පෙන්වීමට රැගෙන ගිය එම දුරාතීයේ වැළලී ගිය දහවල ඉන් බොහෝ කලකට පසුව වෙඩි කෑමට මුහුණ දී සිටිය දී කර්නල් බුඑන්ඩියාට සිහිවිය...’ (සියක් වසක...) එමෙන් ම ‘තමා මරා දැමීමට තීරණය කළ දිනයේ, සන්තියාගෝ නසාර් හිමිදිරි පහයි තිහට අවදිව බිශොප්වරයා පැමිණෙන බෝට්ටුව එන තුරු බලා සිටියේ ය’ (පුරාවෘත්ත...) පොත් දෙකම ආරම්භ වනුයේ අනාගතයේ ඇති විය හැකි කෘෘර මරණයක් පිළිබඳ ඉඟිකරමින්, පෙර දී සිදුවූ ඉතා සුවිශේෂී සිදුවීමක් සලකා බලමිනි. The Autumn of the Patriarch කෘතිය ද මරණයක් දක්වමින් ආරම්භ වී ජීවන තොරතුරු දක්වමින් ඒ වටා එතෙමින් ගෙතමින් ගලා යයි. මෙය මාර්කේස්, අපට පොත් දෙක අතර සබඳතාවක් ඇති බව සිතන්නට කරන ඇඟවුමක් වැනිය. තවදුරටත් ඔහු විසින් භාවිතා කරන, වයසක සොල්දාදුවා, ඔල්මාද ගැහැණිය, කුලදෙටුවා, සාමකාමී පූජකයා, සංතාපයට පත් දොස්තර ආදී නිත්‍ය චරිත ගොන්නෙන් ද මෙය ම පැහැදිලි වේ.

In Evil Hourහි කතා වස්තුව තුළ ද, නගරයක් බොහෝ අය විසින් කළ අපරාධයකට එක් පුද්ගලයකු වරදකරුවෙකු බවට පත් කරන කතාවස්තුවක් අඩංගුවේ. රාත්‍රීකාලය තුළ දී කැලෑපත්තර ගැසීම- Chronicle of a Death Foretold තුළ ද එය ප්‍රතිරාව නඟයි. එනම් වෙනත් නගරයක නගරවැසියන් දරුණු අවිශ්වාස කිරීමේ අකර්මන්‍යතාවයකට ගොදුරුවී, එය පෙර අවස්ථා ගණනාවක දී ‘දන්වා තිබුණ ද‘ එසේත් නැතිනම් ‘අනාවැකි පළ කර තිබුණ ද‘ ඝාතනයක් සිදුවීම වැළැක්වීමට අපොහොසත් වේ. මාක්ස් ගේ කෘති සමස්තය තුළ ඇති මෙම සමස්වනයන් (සමාන ස්වර පැවතීම) නිශ්චිතව ම දැකගත හැකි අතර එමඟින් එම කෘති තුළ ඇති අන්තර්ගතයන් සැලකියයුතු අභිප්‍රායන්වල සහ මුදුන් පමුණුවා ගැනීම් හි විවිධතා පහසුවෙන් යටපත් කරයි.

මාකේස් තම ආච්චි අම්මාට වඩා නොව මැකොන්වෝවට ද වඩා විශාලය. ප්‍රත්‍යාවලෝකනීය ලෙස බැලුව හොත් ඔහුගේ මුල්කාලීන රචනයන් ‘සියක් වසක හුදකලාව‘ ලිවීම සඳහා කළ සුදානම් වීම් වැනි ය. එහෙත් එම කාලය තුළ දී ද මාකෙස් නගර දෙකක් ගැන ලිව්වේ ය. ඒ මැකොන්ඩෝව සහ ‘නමක් නැති‘ මැකොන්ඩෝව නොවන නගරයක් ගැන ය. එය මිත්‍යාමය වලාවෙන් මඳක් මිදුනු, වඩා ස්වාභාවිකත්වයට ලංවූ, එතෙක් මෙතෙක් මාර්කේස් විසින් ගෙන හැර දැක්වූ ස්වාභාවිකත්වයට වඩා ලංවූ දෙය විය. මෙය Los Funerales de la Mama Grande ('මහ කිරිඅම්මාගේ අවමංගල්‍යය' ලෙස පරිවර්තනය කළ හැකි, යම්ආකාරයකට ඩේමන් රන්යොන්ව සිහිගන්වන නම)හි සඳහන්වන නගරයයි. මෙහි එන බොහෝ කතා, අවමංගල්‍යයට පාප් වහන්සේ පැමිනෙණ තේමා කතාව හැරෙන්නට, පසුකාලීන මාර්කේස්ට වඩා මුල්කාලීන හෙමිංවේට ලංවන බව පෙන්. ඔහු විසින් කළ මහාර්ඝ කෘතියෙන් පසුව මාර්කේස් ඔහුගේ රමණීය වනවාසී ජනාවාස‍යෙන් ගැලවී යාමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියේය.

ඔහු The Autumn of the Patriarch තුළ සියල්ල වෙනස් කරන, සංවර්ධනය පිළිබඳ සියලු හැකියාවන් බලෙන් වළක්වන දුෂ්ට එ්කාධිපතියෙකු හා ගණුදෙනු කිරීම සඳහා චමත්කාරජනක ක්‍රමයක් සොයාගනී. කුල දෙටුවාගේ බලයට කාලයේ ගලායෑම නැවැත්විය හැකි ය. එමඟින් අවිඡින්නව ඝණීභූත කාලය පිළිබඳ හැඟීමට නියමාකාරෙයන් සාදෘශ්‍යය වන එහි රේඛීය නොවන ආකෘතිය නිසා, වියමනට ඔහුගේ පාලනයට යටත් කතා වටා පහසුවෙන් වක්කලං ගැසීමට හැකියාවක් ලබා දී ඇත. බැලූ බැල්මට Chronicle of a Death Foretold ඔහු‍ගේ මුල්කලීන රචනා ශෛලියෙහි ප්‍රත්‍යාවර්තනයක් ලෙස පෙනුණ ද, සත්‍ය වශ‍ෙයන් ම ඔහු නැවතත් නව්‍ය නිර්මාණකාර්යයක යෙදේ. Chronicle of a Death Foretold ගෞරවය සහ එහි ප්‍රතිවිරුද්ධය- එනම් අවමානය, නින්දාව පිළිබඳ ලියවුණකි. බයාර්දෝ සෑන් රොමේන් සහ ඇන්ජෙලා විසාරියෝ අතර ඇති වන විවාහය ඔවුන්ගේ මධුසමය රාත්‍රිය දා ම අවසන් වන්නේ ඇයගේ කලින් සිටි තරුණ අරාබියානු පෙම්වතා වන සන්තියාගෝ නසාර් ගේ නම හෙලි කිරීම නිසා ය. ඇය තම මහගෙදරට පැමිනෙන්නේ පෙද්රෝ සහ පැබ්ලෝ විසාරියෝ නම් නිවුන් සොහොයුරන් හා දිවි ගෙවීමටය. ඇය තම පවුලේ නම්බුව රැකගැනීම සඳහා සන්තියාගෝ මැරිය යුතුය යන තීරණයට පැමිණේ.

එමඟින් ඝාතනය සත්‍ය වශ‍යෙන්ම සිදුවූ බවට කිසිවක් අනාවරණය කරන්නේ නැත. එහෙත්‍ මෙම කෙටි අනුස්මරණීය ප්‍රබන්ධයෙහි ඇති විප්‍රකාර භාවය සහ කළ යුත්ත කිරීම සඳහා වන අකමැත්ත මත රඳා පවතී. ඔවුන් නිරන්තරෙයන් තමන්ගේ අභිප්‍රාය ගැන පුරසාරම් දොඩවන අතර සන්තියාගෝ නසාර්ට කිසිදා එය ආරංචි නොවීම තරමක ආශ්චර්යකි. නගරය තුළ පැතිර පවතින නිහඬතාව නිවුන්නුන්ට තමන්ගේ කාර්යය කිරීම සඳහා බලකරයි. තමා ආදරයෙන් බැඳී සිටි ගැහැණිය සමග දිවි ගෙවීම තම ගෞරවයට හානියකි'යි සිතූ බයාර්දෝ සෑන් රෝමන් මහත් පරිහාණියකට ඇද වැටෙයි. චරිත වලින් එකක් ප්‍රකාශ කරන්නේ ‘ආදරය යනු ගෞරවය’ යන්නයි. එහෙත් බයාර්දෝ සම්බන්ධයෙන් මෙය අදාළ නොවේ. මේ සියල්ලේ ම මූලය වන ඇන්ජලෝ විසාරියෝ මෙම ඛේදවාචකය අන් කිසිවෙකුට වඩා ඉතා නිහඬව දරාගෙන කල්ගතකරන බව පෙනේ.

මෙම කතාව අනාවරණය කරන මා‍ර්කේස් විසින් යොදාගත් නව්‍ය ආකාරයකි. ඔහු විසින් ඝාතන සිදුවී බොහෝ කලයකට පසු නැවතත් එම සිදුවීම් වූ අතීතය කරා ගොස් විමර්ශනයක් ආරම්භ කරන අඥාත, මයාත්මක පූරකයකු මෙවලමක් වශයෙන් භාවිතා කරයි. වියමන ඉඟිකරන ආකාරයකට මෙම පූරකයා යනු ගාර්ෂියා මාකේස්ම ය. අවම වශයෙන් ඔහුට එම වාසගමින් යුත් නැන්දනියක සිටී. නගරය මැකොන්ඩෝව බොහෝ වාරයක් සිහියට නංවයි. ගෙරිනෙල්ඩෝ මාකේස් ආරාධිත සම්ප්‍රාප්තියක් සිදුකරන අතර චරිත වලින් එකකට කොඓ්ට්සිගේ පෙර රචනා වූ කෘතියක් කියවූ පාඨකයන්ගේ මතකය අවුස්සවන නමක් ද ඇත.

එහෙත් එය මැකොන්ඩෝව වුව ද නැති වුව ද, අන් කවරදාටත් වඩා තමාට සමීප අත්දැකීම් වලින් වඩා ඈත් වෙමින් ලේඛනයෙහි යෙ‍ෙද්. ගත සහ එහි පූරකයා මන්දගාමීව, ‍වේදනාවෙන් මිරිකෙමින්, අර්ධ සත්‍යම ස්මරණ වල අඳුර තුළින් වක්‍රෝතීන්වල එතෙමින්, එකිනෙකට පරස්පර විස්තරවල ගැටෙමින් සිදුවූ‍යේ කුමක් ද එසේ වූයේ මන්ද යන්න මතුකර දැක්වීමට උත්සාහ කරමින් ඉදිරියට ඇදෙන අතර අවස්ථානූරූපී පිළිතුරු පමණක් ලබා ගනී. මෙම ප්‍රත්‍යාවලෝකනීය ක්‍රමයේ පරමාර්ථය වන්නේ Chronicleහි තානය අපූර්ව ලෙස ඛේදාත්මක කිරීමයි. එමඟින් මාර්කේස් තම මූලයන්ගෙන් මිදී එ්වා ගැන අපහසුතාවයෙන් විධිමත් වේල්පටයට මුවාවෙමින් ලේඛනයේ යෙදෙන ආකාරයක් පෙනෙයි.

ඔහු විසින් පෙර රචනා කරන ලද නවකතා සියල්ලකම තම වස්තු විෂයය කෙරෙහි පරම අධිකාරිත්වයක මඳ වෑහුන ද, මෙම කෘතිය තුළින් සංශයවාදී දුම් ගඳක් නහයට දැනෙයි. ගෙතහි පරිසමාප්තිය වන්නේ ඉතා ප්‍රශස්ත කතාවක් බිහිකර අවසානයේ වන අතර එය බලපරාක්‍රමයක තෙජෝ ගුණය විදහාපාන්නක් බවට පත්වේ. Chronicle of a Death Foretold එහි සංශයන්, එහි සිද්ධිවාචී ඓතිහාසික ආකෘතිය සමඟින් ගත් කල, එය ගාර්ෂියා මාර්කේස් විසින් පෙර රචනා කර ඇති කිසිවකට වඩා අදභූතජනක, වඩාත් චමත්කාරජනක සහ තත්‍යවාදීය. එය වඩා උපෙද්ශාත්මක ලේඛන කාරයයක් ද වේ. ගාර්ෂියා මාකේස් විසින් අතීතෙය් දී තමන්ගේ ප්‍රබන්ධ තුළ රාජ්‍ය දේශපාලන සබඳතා සැලකිල්ලට ගන්නා අවස්ථා වල දී පාර්ශවීය වූ බව පෙනේ. ඔහුගේ කතා වල යහපත් කෙසෙල් කර්මාන්ත හිමිකරුවන් නැත. එමෙන්ම පොදුජනයා, එනම් ‘මහජනයා’ පිළිබඳ අදහස, ඇතැම්විට - උදාහරණයක් වශයෙන් The Autumn of the Patriarch හි අවසන් පිටුකිහිපය තුළ දී භාවාතිශයට නංවා ඇත. එහෙත් මෙ‍ෙතක් ඔහු ‘මහජනයාගේ’ ජීවිත පිළිබඳ ලියූ අවස්ථා වල දී ඒවා විනිශ්චයට ලක් කිරීමෙන් වැළකිනි. Chronicle තුළ, කෙ‍ෙස් හෝ පරතරයක් ඇතිකිරීමෙන් ගාර්ෂියා මාර්කේස්ට සිහින දැකීමේ අනිවාර්යතාව මගින් ඉතා භයානක දේ සිදුවන, බෙහෙවින් පටු සමාජයක, ඉතා දැඩි සම්ප්‍රදායක් වෙත පහරක් එල්ල කිරීමට අවස්ථාවක් ලබා දුන් බව පැහැදිලිය. මෙතරම් ප්‍රතිවිරෝධයක් කිසිදු ලියවිල්ලක ඔහු නොදැරුවේය.

ඔහු එයින් ද ජය ගන්නා බව පෙනේ. මක් නිසාද යත් ඔහු කිසිදා ඔහු‍ගේ චරිත ඒවායෙහි අභිප්‍රායන්ට එ්කමානී වීමට ඉඩ නුදුන්නේය. සැබවින්ම ඔහුගේ අලංකාර වගන්ති වල සහ දෘෂ්ටිගෝචර භාෂා විලාසය (නැවතත් Gregory Rabassa විසින් ඉංග්‍රීසියට නංවන, ඇතැම් විට ගුන්තර් ග්‍රාස් ගේ පරිවර්තකයා වන Ralph Manheim ද මෙබදු කෘති පරිවර්තනයේ සැබෑ දක්ෂයන්ය), සියුම් හාස්‍යය සහ සත්‍ය ලෝකය තුළ මනෝරම්‍ය පරිකල්පනය ප්‍රබලව රඳවා තබා ගැනීමට දක්වන අසහාය හැකියාව ගැන සඳහන් කළ යුතුම ය. Chronicle යනු දිගුකාලීන නිහඟතාව බිඳිමකි. ගාර්ෂියා මාකේස් විසින් ප්‍රබන්ධය අතහැර දැමීමෙන් අනතුරුව, නැවතත් ප්‍රබන්ධ ලේඛනයට පැමිණීමට හේතු කවර වුව ද, අපට සතුටු විය හැක්කේ ඔහු නැවත පැමිණීමයි, විරාමය ඔහුගේ විචක්ෂණ භාවය පළුදු නොකළේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Gabriel García Márquez, Crónica de una muerte anunciada, Chronicle of a Death Foretold, Gregory Rabassa, Anita Desai, V.S. Naipaul
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සල්මන් රුෂ්ඩිගෙන් තවත් වියමන්
රත්තරං ටික
ප්‍රමුදිත දවස කවියෝ| The Jaguar Smile
තවත් වෙසෙස් බූන්දි
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
BoondiLets| ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook