Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්
බූන්දි, 17:16:53
කිසියම් මොහොතක යම් නිර්මාණයක, පාත්‍ර චරිතයක හෝ සමාජ දේහයේ වෙසෙන පුද්ගලයෙකුගේ අවබෝධයට හසුවන ආලෝකවත් යථාර්ථය (epiphany) පැවැත්මෙහි ශුද්ධාලෝකය ලෙස නව විචාරයෙහි (new criticism) හැඳින්වේ. මේ කියන ශුද්ධාලෝකය, මොහාන් රාජ් මඩවල සිය "රැජින" කෘතියෙහි නොමසුරුව භාවිතා කරයි.

ක්‍රී. පු. 47 දී ලංකාවේ රාජ්‍යත්වයට පැමිනි අනුලා බිසව වංශ කතාවේ විශේෂණය වන්නේ විවිධ ස්වාමිවරුන්ගේ පහස පැතූ රාගාධික හා මිනීමරු රැජිනක ලෙසිනි. ලෝකයේ ඕනෑම ජාතියක ඉතිහාස වෘත්තාන්ත තුළ එවැනි හංවඩු ගැසුණු පිළිගැනීම් පවතී. එහෙත් සැබවින්ම එවැනි සිදුවීම් සිදුවු ආකාරය හෝ ඒ අදාළ ඓතිහාසික චරිත ක්‍රීයාකල ආකාරය වංශ කතාවේ හෘදයාංගම ලෙස සටහන්ව නොතිබීමේ ඉඩකඩක් පැවතිය හැකිය. මෙවන් උභතෝකෝටික තත්ත්ව සමාලෝචනය කිරීමේදී විචක්ෂණ කතුවරයකු තුළ ඉහත කී විනිවිද දැක්මේ ශුද්ධාලෝකය තිබීම වැදගත්ය.

එමෙන්ම සාහිත්‍ය සේවනයේදී හා නිර්මාණ රචනයේදී සම්ප්‍රදායික ඉතිහාසය දෙස එක් අතකින් මානව විද්‍යාත්මකවත්, තවත් අතකින් තියුණු ලෙස සුසර කර ගත් මානවීය දෘෂ්ටියකිනුත් අවලෝකනය කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙය විචාරවේදයේදී හඳුන්වනු ලබන්නේ නව ඉතිහාසවාදය (New Historicism) ලෙසිනි. ඒ අනුව මොහාන් රාජ් මඩවලගේ රැජින, නව ඉතිහාසවාදය ගුරු කර ගනිමින් ලියැවුණු නවකතාවක් බව කිව යුතුය.

පැරණි ඉතිහාසවාදයත්, නව ඉතිහාසවාදයත් අතර වෙනස පැහැදිලි කරන මහාචාර්ය විමල් දිසානායක, පැරණි ඉතිහාසවාදය වංශකතා හා සාහිත්‍ය මතත්, නව ඉතිහාසවාදය ඉතිහාසය පිළිබඳ ලියැවුණු හාත්පස ලේඛන මතත් රදාපවතී යැයි පවසයි. මොහාන් රාජ් මඩවලද හුදෙක් අනුලා රැජින පිළිබඳ මහාවංශ ආඛ්‍යානය මත පමණක් විශ්වාසය නොතබා සමකාලීන වෙනත් ඉතිහාස වාර්තා මෙන්ම මිසරය හා ක්ලියෝපැට්රා රැජින පිළිබඳ ඉතිහාසය ද මෙහිදී පරිහරණය කරන බව පෙනේ. මොහාන් රාජ් සිදුකරන මේ පරිශීලනය නව ඉතිහාසවාදය පිලිබඳ නිර්මාණකරනයේදී වැදගත් ප්‍රවේශයකි.

අනුලා නැමැති චරිතය පිළිබඳ සවන්පත් වත්ම කෙනෙකු තුළ ද්වේශයක් සහ පිළිකුලක් ඇතිවීම සාමාන්‍ය ස්වභාවය වුවද, ඇය අතිශයින් සංවේදීවුත්, සියුම් අනුරාගය හා මුසු වු මානව භක්තියකින් යුත් ගැහැනියක බව "රැජින" කියවීමේදි පාඨකයාට තියුණු ලෙස දැනේ. ඉතිහාසය තුළ ඇය සල්ලාල හා මිනීමරු කාන්තාවක යැයි සටහන් වන්නේ බොහෝ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමවල අවසන් වගකීම රාජ්‍ය පාලකයා මත පැටවීමේ සාමාන්‍ය නියාමය අනුවය. අනුලාගේ ස්වාමිවරුන් එක එකා මියගියේ රාජ්‍ය තන්ත්‍රයේ අප්‍රකට හා රහස් කුමන්ත්‍රණවල ප්‍රතිඵල ලෙසිනි. ඒවායේ නායකත්වය ගත්තෝ එක් එක් විටදී මතුවු සමාජ බලවේග නියෝජනය කල අය වෙති. එහෙත් මියගියේ අනුලාගේ ස්වාමිවරුන් වූ නිසා ඒවායේ වගකීම ඇය පිට පැටවුනේ ඉතා පහසු ලෙසය.

යම් ඓතිහාසික හෝ වේවා සමකාලීන හෝ වේවා පුද්ගලයන් පිළබඳ ප්‍රතිරූප මතුකිරීම හෝ බිඳ දැමිම සිදුවන්නේ සමාජීය හා පුද්ගල අවශ්‍යතා අනුව බව 1949 දී බර්නාඩ් ෂෝ ගේ චරිතය ඇසුරින් ලියවුනු Days with Bernard Shaw නම් කෘතියෙන් ද ප්‍රකට වන බව සේනාරත්න වීරසිංහගේ "මැද මිදුල" කෘතියේ දැක්වේ. මේ යථාර්ථය අනුලාගේ ඓතිහාසික චරිතයට ඒ සම්ප්‍රදායික කැළල ඇතිවීම කෙරෙහි බලපා ඇතැයි සිතේ.

අනුලා කුමරිය විවිධ පුරුෂයන් හට බිරිය වු බව සැබෑය. ඇයගේ පළමු හිමියා වුයේ මහානාග රජුය. ඉන් අනතුරුව කුඩා තිස්ස රජු ඇය බිසව කරගනී. ඒ සියලු පුරුෂයෝ අනුලා තම කාම පහස සතපා ගත හැකි උරගලක් සේ තැකුහ. එහෙත් අනුලා තුල තම අභ්‍යන්තර ලිංගික හා භාවමය රිද්මය සමඟ පෑහෙන පුරුෂයකු පිළිබඳ හැඟීමක් ඇතිවිණි. ඒ තිස්ස නම් වු කරත්තකරුවා ගැනය. තිස්ස පසුව ඇමතිවරයකු බවටත්, ඉනුත් පසුව අනුලාගේ මනදොළ තෘප්ත කරන පෙම්වතා බවටත් පත්විණි. ඩී.එච්. ලෝරන්ස්ගේ Fantasia of Unconscious නම් කෘතියේ මේ තත්වයෙහි යථාර්ථය විස්තර වේ. සමාන ලිංගික හා භාවමය රිද්මයෝ එකට බැඳෙතැයි එහි කියවේ.

මෙසේ බැඳන්නේ සංස්කෘතියෙහි හෝ ආගමෙහි අනුදත් සදාචාර ප්‍රඥප්තීන් අනුව නොවේ. බොහෝ අපරිණත හා අල්පශ්‍රැත ගැහැනුන්ට හා මිනිසුන්ට, අනුන් පිළිබඳ කලු සුදු තීරණ ගැනීම ඉතා පහසුය. "ඒ මිනිහා මෙහෙමලු", "අර ගෑනි අරෙහෙමලු" වැනි නර්මාලාප සමාජයේ ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ සිරස්තල බවට පත්වන්නේ ඒ නිසාය. ඒත් ඇත්ත වශයෙන්ම එවන් මිනිසකු හෝ ගැහැනියක පිළිබඳව යථාරූපී තීරණ දීමට හැකිවන්නේ මනුෂ්‍යත්වය හා මනුෂ්‍ය සන්තානගත සංකීර්ණ භාවවේග පිළිබඳ සියුම් ඥානවිභාගයක් සහිත ඥානවන්තයෙකුට පමණි. එසේ කළ නොහැකි මිනිසුන් සංකීර්ණ හා සංවේදී මිනිසුන් ගැන අදහස් පළකිරීමට නොයා අතකට පියාගෙන සිටීම වඩා යහපත් බව ආචාර්ය පිිලිප් සී. මැග්‍රෝ සිය Life Stratgies කෘතියෙහි දක්වා තිබේ.

අනුලා නම් වු හෘද සංවේදී සියුම් ගැහැනිය මත ඉතිහාසයේ ජීවත් වු අල්පශ්‍රැත හා අපරිණත මිනිසුන් විසින් පතිත කරන ලද අඳුරු වහන්තරා සහ පැල්ලම් සුනු විසිනු කරමින් ඈ මත "ශුද්ධාලෝකය" පතිත කළ කෘතියක් ලෙස මොහාන් රාජ් මඩවලගේ රැජින නවකතාව හැඳින්විය හැකිය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rajina by Mohan Raj Madawala, Sinhala Epic Novel, Sinhala Nawakatha, Sri Lankan Novels, Sinhala Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පොත් බූන්දි
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
සමහර කමටහන් සහ සමහර රජත
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook