Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!
බූන්දි, 19:02:45
'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.' මෙවැනි කතාවක් අතීතයේ සිට අප ව්‍යවහාරයේ පවතී. 'ඇස්වහ කටවහ' යනු වර්තමානයේ අප කතාබහට ලක් කරන පොදු මාතෘකාවකි. අතීතයේ තිබූ මානව ගති සිරිත් සිතුම් පැතුම් චර්යාවන් වර්තමානය වනවිට ඉවත් වී ඇතැයි පැවසුණ ද ඇස්වහ කටවහ යනු දිනෙන් දින නවීකරණය වෙමින් පවත්නා අධි විශ්වාසයකි. එයට හොදම උදාහරණය නම් අතී නවීන මෝස්තරයේ හයිබ්‍රිඩ් වාහනවල පවා බෆරයේ ඇස්වහ කටවහ කැපීමේ දෙහි ගෙඩි කීපයත් අමු මිරිස් කරල් කීපයත් එල්ලී පැවතීමයි. නමුත් මෙම ඇස්වහ කටවහ නම් වූ අධි විශ්වාස සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් ගවේෂණයක් හෝ විමර්ශනයක් සිදු කෙරී නැත. ඒ පිළිබදව විමර්ශනයක් ක‍ළහොත් ඉතා රසවත් කරුණු රාශියක් අපට සොයා ගන්නට පුළුවන.

ඇස්වහ කටවහ සදහා පහසුවෙන්ම සහ වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ යැයි කියන්නේ ළදරුවන් සහ රූමත් තරුණියන්ය. ඇස්වහ නිසා රූමත් තරුණියන් කැතවන අතර ළදරුවන්ට සිරුර පුරා ඇස්වහ බිබිළි දමයි. එනම් ළපටි, ලාමක, ලද බොලඳ දෑ වැඩි වශයෙන් ඊට ගොදුරු වන බව ජන විශ්වාසයයි. ඊට අමතරව බවබෝගවලින් තක්කාලි, පුහුල්, කෙසෙල් ආදියට වැඩි වශයෙන් ඇස්වහ වදී. මේවායේ ඇති මෘදු බව එයට හේතුව ලෙස සැළකිය හැකිය. දිරා ගිය සිරුරු සහිත රළු පරළු කාන්තාවන්ට ඇස්වහ වැදීම අඩුය. එමෙන්ම බවබෝගවලින් මුරුංගා ආදී රළු බෝගවලට ඇස්වහ වැදීම අඩුය. මේවා තක්කාලි සහ රූමත් තරුණියන් මෙන් මෘදු නොවන අතර කටුක බවින් යුක්ත ය. මේ අනුව මෘදුබවින් වැඩි දේ සදහා ඇස්වහ වැදීම වැඩි බවටත් රළු දේ සදහා ඇස්වහ වැදීම අඩු බවටත් ඇති නිර්ණායකයේ යම්කිසි සැළකිය යුතු කරුණක් තිබේ.

සතුන් පිළිබදව සළකා බැලීමේදී ගෘහස්ථ සතුන්ට ඇස්වහ වැදීම වැඩිය. විශේෂයෙන්ම පුහුණු කරන ලද සතුන්ට සහ ආදරයට ඇති කරන සතුන්ට වැඩි වශයෙන් ඇස්වහ වදී. කතා කරන්නට පුහුණු කළ ගිරවුන්, මයිනුන් වැනි පක්ෂීන්ට ද අලි ඇතුන් වැනි සතුන්ට ද වැඩි වශයෙන් ඇස්වහ වැදීමේ ප්‍රවණතාවක් ඇතැයි පැවසේ. එසේම වනයේ සෑදුණු වන පළවැලවලට කිසිදා ඇස්වහ නොවදින අතර වනයේ ජීවත් වන සතුන්ට ද එසේ ඇස්වහ නොවදී. මොණරා පිල් විදහාගෙන කොපමණ අලංකාර නැටුම් නැටුවද මොණරාට ඇස් වහ වදින්නේ නැත. එමෙන්ම පිං තාලි, අම්බලම් වැනි පොදු පාවිච්චිය සදහා ඉදි කර ඇති දේවලට ද පූජනීය ස්ථාවලට ද රජයේ දේපළවලට ද ඇස්වහ වදින්නේ නැත. ඒ අනුව ඇස්වහ වදිනු ලබන්නේ ‍පෞද්ගලික දේවල්වලට බව මින් ඉතා හොඳින් පැහැදිලි වේ.

එමෙන්ම ඇස්වහ කපන්නේ යැයි සැළකෙන දෙහි ගෙඩි සහ අමු මිරිස් පෞද්ගලික බස් රථවලට එල්ලනු අප ඕනෑතරම් දැක තිබේ. නමුත් ඒවා පොදු ගමනාගමනය සදුහා යොදවා ඇති ලංගම බස් රථවල එල්ලා නැති අතර ඒවාට ඇස්වහ වදින්නේ ද නැත. පෞද්ගලික වෙළද සැලකට ඇස්වහ වැදුණ ද සමූපකාරවලට, කෝප් සිටිවලට ඇස් වහ වදින්නේ නැත.



ඇස්වහ කටවහ දුරු වේවා යනුවෙන් නිතර ව්‍යවහාර කරනු ඔබ ඇතිවාට සැක නැත. එම ඇස්වහට වඩා බරපතල දෙයක් ලෙස හෝවහ සැළකිය හැකිය. නමුත් මෙම හෝවහ යන වචනය වර්තමානයේ ව්‍යවහාර වනුයේ කලාතුරකිනි. ඇස්වහ යනු ඉංග්‍රීසි බසින් 'evil eye' වන අතර කටවහ 'evil mouth' ලෙස හඳුන්වනු ලැබේ. හෝවහ යනු 'evil thought' ලෙස හදුන්වා තිබේ. ඇස්වහ කටවහ ඊර්ෂ්‍යාව මත පදනම් වූවක් වන අතර එය සම්ප්‍රේෂණය වන්නේ සාමාන්‍ය ජන සමාජය තුළ පමණි. එනම් උසස් ජන සමාජවල ජීවත් වන මහා ධනකුවේරයන්ගේ දේපලවලට හෝ රාජ රාජ මහාමාත්‍යදීන්ට ද ඇස්වහ වදින්නේ නැත. සාමාන්‍ය ජන සමාජය තුළ ඊර්ෂ්‍යා කළ හැකි ඥාති මිත්‍රාදීන්ට වැඩි වශයෙන්ම ඇස්වහ වදිනු ලබයි. ලොව සිටින ධනවත්ම පුද්ගලයාට කිසිවකු ඊර්ෂ්‍යා නොකළ ද අප අතරම සිටින අපේම මට්ටමේ හිත මිතුරන්ට, ඥාතීන්ට ඕනෑතරම් ඊර්ෂ්‍යාකාරයෝ සිටිති.

හෝවහ යනු හුදු ඊර්ෂ්‍යාව මත පදනම් වූවක් නොවේ. යමෙකුගේ කීර්තිය පිළිබදව ඇසීමෙන් හෝ දැකීමෙන් තමන් තුළ ඇතිවන ස්වාසය හෝවහ ලෙස නම් කෙරේ. ස්වාසය යනු හීල්ලීමයි. මෙය බහුල වශයෙන්ම සමාජය තුළ පවතී. උදාහරණ ලෙස මෙසේ සිතමු. යමෙකු ගමනක් යනවිට ඉතා අලංකාර නිවසක් දැක 'අනේ මේ වගේ ලස්සන ගෙදරක් මට නෑනෙ' යනුවෙන් සිතන්නට යොමු විය හැකිය. එම නිවසේ අයිතිකරුවන් කවුද යන්න ගැන පවා ‍ඔවුන් දන්නේ නැත. නමුත් නිවස දිහා බලමින් හීල්ලීම හෝවහ ලෙස නම් කෙරේ. එය ඊර්ෂ්‍යාව නොව තමාට ළගා වෙන්නට බැරි දෙයක් පිළිබදව පවත්නා අතෘප්තිකර ආශාවයි. 'මෙම නිවසට බුදු සරණයි', 'මෙම නිවසට ජේසු පිහිටයි', ‍'මෙම නිවසට දෙවි පිහිටයි' ආදී වශයෙන් සමහර නිවෙස් ඉදිරිපිට බෝඩ් ගසා තිබෙන්නේ ද මෙම හෝවහවලින් ගැලවීම පිණිසය. යමෙකු නිවසක් දෙස බලා හූල්ලනු වෙනුවට විශාල බෝඩ් ලෑල්ල දෙස බලා සිතන්නේ නැතිවම එය කියවීම මගින් නිවසට ආශිර්වාදයක් සිදු වෙතැයි හිමිකරුවෝ බලාපොරොත්තු වෙති. මේ ආකාර‍යට සළකා බැලීමේ දී මිනිසා වැඩි වැඩියෙන්ම බිය වී ඇත්තේ ඇස්වහට කටවහට නොව හෝවහට ය. නමුත් වර්තමානයේ ඇස්වහ කටවහ ගැන කියනවා විනා හෝවහ පිළිබද කතාවක් නැත.

ඇස්වහ නිවාරක ලෙස යොදා ගනු ලබන දෙහි, අමු මිරිස් සහ පුහුල් ආදියට ඇස්වහ උරා ගන්නේ යැයි මතයක් තිබේ. නමුත් දෙහි ගස්වල තිබියදීත්, අමු මිරිස් ගස්වල තිබියදීත්, පුහුල් වැල්වල තිබියදීත් එම වගාවලට ඇස්වහ වදින බව ජන විශ්වාසයයි. ඇස්වහ නිවාරක ද්‍රව්‍යවලට ඇස්වහ වැදීම තවදුරටත් අප විවිධ අයුරින් සිතා බැලිය යුතු කරුණකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Traditional Beliefs, Evil Eye, Evil Mouth, Evil Thought, Superstitious Beliefs
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!
මුතුරාජවෙල වනසන්නට පෙර
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රෝසා ලක්සම්බ(ර්)ග් කියයි.
ආණ්ඩුවේ ආධාරකරුවන් හෝ සාමාජිකයින් පමණක් සතු නිදහස, පක්ෂ සාමාජිකයින් පමණක් සතු නිදහස, ඔවුන් ගණනින් කෙතරම් ප්‍රමාණයක් වුව ද එය සැබෑ "නිදහස" නොවේ. නිරන්තරයෙන් සහ විශිෂ්ට... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
ඔත්තු| නේරංජනේ ඉස්නානේ- අගෝ. 29

16-Secs

2000 වසරේදී අතිශය ආදෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ. කේ. සමන් කුමාරගේ 'නේරංජනේ ඉස්නානේ' නවමුද්‍රණය,... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කතන්දර| රා ත්‍රි ය

2-Mins

(අරුශිමා කරුණාකලගේ ) ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook