Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
බූන්දි, 18:16:21
දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප් එකේ හිටියේ කළුවර වැටෙනකල්ය. කළුවර වැටුණ ගමන් දඩිබිඩි ගා කළේ ගෙදර දුවන එකය. තත්ත්වේ හැටියට එළිය වැටිලා තියන වෙලාවක ගෙදර යන්නටත් බැරිය. පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ සිද්ධිය ටක්කෙටම දැන් ගෙදරට ආරංචිවෙලා තියෙන්නට ඕනෑය. එහෙනම් ගෙදර යන්න වෙන්නේ කන් දෙකේ කිරල ඇබ දෙකක් ගහගෙනය. දියත පාර්ක් එක එක පුරා කිරල ගස් තිබුණත් අැබයකට ගන්නට කිරල ගහක අත්තක්වත් අල්ලන්නට බැරිය. දිනේෂ් තරහටම ගෝඨාට පළු යන්නට බැන්නේ හිතේ වේදනාවටමය.

කළුවර වැටුණ පසුව හොර පාරෙන් ගෙදරට යන දිනේෂ්ට මතක් වුණේ ඒ දවස්වල රෝයල් එකේ තාප්පෙන් පැනලා හොර පාරෙන් ගෙදර ආ හැටිය. ඒ කාලේ රනිල්නම් මළාට තාප්පෙන් පනින්නේ නැත. ඒකට හේතුව එකක් රනිල්ට තාප්පෙට නැග ගන්නට බැරිය, අනිත් එක රනිල්ට දිනේෂ් ෂුවර්ම නැත. එදත් හොර පාරෙන් යද්දි දිනේෂ්ට රෝයල් එක මතක්වෙලා කඳුළු ආවටත් වඩා එකපතේ කාගෙන හිටපු කරූ තමන්ව දොට්ට දාපු එක ඉවසන්නටම බැරිය. 'ලැජ්ජයි... කියලා කිව්වට ඉතින් පාර්ලිමේන්තුවෙන් දොට්ට දාන්න ඕනද?' ගම්මන්පිල කිව්වේ ඒ වගේ කතාවකි. දැන්නම් දිනේෂ්ට ඇඬෙන්න ඔන්න මෙන්නය. ඉන්නේද ගෙදර ගේට්ටුව ලඟම නිසා අඬන්නත් බැරිය. ඒ අතර ගේට්ටුව ලඟ ඇති ලඳු කැලෑව පැත්තෙන් සර සර හඬක් ඇහුණ නිසා දිනේෂ් ඒ පැත්ත බැලුවේය. අප්පට සිරි තඩි සිංහ පෝතකයෙක් කැලයෙන් මතුවුණේ ඒ වෙලාවේමය. දඩි බිඩි ගා සරම වලාපට ගහගත්ත දිනේෂ් සෙරෙප්පු දෙක ද දමා දුවන්නට සූදානම් විය.

"ඔහි හිටු අවලමා... දුවන්න එපා... තෝව මම කීතු කීතු කරනවා..!"

සිංහයා දුවන්නට ඔන් යූවර් මාක් කියාගෙන ඉන්න දිනේෂ්ට කිව්වේය. දැන් දිනේෂ්ට චූ යන්නට ඔන්න මෙන්නය. සේරටම වඩා අවුල සිංහයා කතා කරන්නේ කොහොමද කියලාය. දිනේෂ්ට සිද්ධි ගණනාවක් මතක් විය. එකක් සිංහබාහුගේ සීන් එකය, අනිත් එක නාර්නියා ෆිල්ම් එකේ කතා කරන හුරතල් සිංහයා ගැනය. අන්තිමට ලයන් කිංග් එකත් ලාවට මතක් විය.

"ඔහේ කවුද... කො..කො...කොහොමද කතා කරන්නේ...?" දිනේෂ් ගොත ගහ ගහ අහනවිට සිංහයාට අසූ හාරදාහයි දශම පහට තදවිය.

"මම කව්ද... මම තොගේ තාත්තා බොල.... තූ නොදකින් තෝ කරන ඒවට මට හතර විලිලැජ්ජයි බොල..."

දැන් දිනේෂ්ට හිතාගන්නට බැරිය. බැරිවෙලාවත් මේක ආණ්ඩුවේ මායවක් වෙන්නට බැරිද? තාත්තා පිලිප් විදිහට බොරු සිංහයෙක් එව්වා වෙන්නට බැරිද? පහුගිය කාලයේ සිංහ-ලේ පෙන්නුවෙත් මෙන්න මේ වගේ වැඩය. ඒ නිසා දිනේෂ්ට දැන් තමන්ගේ තාත්තාවත් ෂුවර් නැත.

"අප්පොච්චා.. කොහොමද සිංහයෙක් වුනේ...?"

"සිංහයෙක් වුණේ....? කටින්ද බොල අහන්නේ...? තොපි නේද බොරළුගොඩ සිංහයා.. බොරළුගොඩ සිංහයා කිය කිය කෑ ගැහුවේ... තොපේ අලුගුත්තේරු ප්‍රාර්ථනාවලට හෙණ ගැහිලා යන්න ඇත්තටම මම සිංහයෙක් වෙලා ඉපදුණා යකෝ... දැන් මේ හතර හන්දි පණ නැතිවෙනකල් කැලයක් කැලයක් ගානේ ඇවිදලා ට්‍රොස්කිවාදෙත් අමතකයි බොල...."

දැන්නම් දිනේෂ්ට මේ තාත්තා කියා බුදු ෂුවර්ය. තාත්තාගේ දේශනාවත් මේ වගේම නිසා සිංහයෙක් වෙලා තාත්තට අත්වුණ ඉරණම ගැන දැන් දිනේෂ්ට හෙණ දුකය.

"අනේ අප්පොච්චා සිංහයෙක් වෙච්ච එක ගැන මට සෑහෙන්න කණගාටුයි.."

"තොට කණගාටුයි... තෝ නෙවෙයි බොල මමයි විලිලැජ්ජාවෙලා ඉන්නේ තෝ කරන තකතීරු වැඩවලට... තෝ පාර්ලිමේන්තුවෙන් එලෙව්වා නේද අද...?" සිංහයා දිගටම කියාගෙන යද්දී දිනේෂ්ට විලිලැජ්ජාවේ බැරිය. එකක් තාත්තා නිසා මොකුත් කියන්නට බැරිය, අනික සිංහයා නිසා අවුල් හදාගෙනත් බැරිය. දැන් දිනේෂ් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේය.

"ඒ වුණාට අප්පොච්චා මම සාධාරණ දේ ගැන කතා කලේ... අර තකතීරු කරූවා... ඕකට හොඳක් වෙන්න එපා... ඕකා රනිල්ට ඕන දේ තමයි කළේ..."

දිනේෂ් අඳෝනාව කියාගෙන යද්දි සිංහයාට ආයෙත් මල පැන්නේය. ගොරවාගෙන දත් විලිස්සාගෙන දිනේෂ් ගාවට පැන අත්දෙක දිනේෂ්ගේ උරේට තියා බිම පෙරළා යට කරගත්තේය.

"උඹ එක වචනයක් කියන්න එපා... මගේ පුතා නොවුණ නම් මම උඹව මෙතනම ඉරනවා නිකන් එම්සී එකේ එවුන් ටිකට් ඉරනවා වගේ. උඹ මොන සාධාරණයක් ගැන කතා කරන්න ගිහිල්ලද යකෝ එළියට දැම්මේ... අර ජනතාවගේ සල්ලිවලින් ගෙදර වැඩකරන ගෑණිටත් වාහන දීපු එකාලගේ සැප ගැන කතාකරන්න යන එකද බොල සාධාරණේ... එහෙම එකක් කොහෙද බොල අපි දන්න සාමජවාදේ තියෙන්නේ... මට කියලා මැරුම් කන්න එපා උඹ..."

දිනේෂ් ඔළුවත් පාත්කරගෙන ට්‍රයි කලේ නැගිටින්නය. නැගිටින්නම බැරිය සිංහයා ඇඟ උඩය.

"ඒත් අප්පොච්චා යූ.එන්.පී කාරයන්ට මෙහෙම නටන්න දෙන්න බෑ. ඇරත් මාව පාර්ලිමේන්තුවෙන් එලියට දාද්දි වැඩිපුරම හිනාවුනේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකාකාරයෝ..."

සිංහයා ආයෙත් දත් විලිස්සා ගත්තේය.

"තෝ දැනගනින්... තෝ නිකන් බූරුවෙක් වගේ ඕන එකටයි එපා එකටයි පාර්ලිමේන්තුවේ බෙරිහන් දෙන එකෙන් අපේ පරපුරටම තෝ ලැජ්ජාකරනවා... අනිත් එක තව ටික දවසක් ඔහොම බෙරිහන් දුන්නොත් තෝ පාර්ලිමේන්තුව ඇතුළෙම නහරයක් පුපරලා මැරෙනවා... එහෙම වුනොත් උඹ ඉපදෙන්නේ අමුතුම සතෙක් වෙලා... ඒක මතක තියාගනින්..."

දිනේෂ්ට කට වසාගෙන ඉන්නටම බැරිය. ඒ නිසා සිංහයාගේ ඉස්සරහා ආයෙත් කට ඉස්සර විය.

"ඒ වුණාට අප්පොච්චත් ඉස්සර පාර්ලිමේන්තුවේ අසාධාරණයට විරුද්දව කතාකරපු කෙනෙක් නේ... මම කළේ අප්පොච්චගේ නම ගෙනියන එක..."

ඒ පාර සිංහයා දිනේෂ්ට පයින් පාරක් දුන්නේ තරු විසිවෙන්නටය.

"තෝ දැනගනින් උඹ දැන් අර සයිටම් එකට විරුද්ධව වේදිකාවල බෙරිහන් දෙනවා උඹට මතකද පහුගිය ආණ්ඩුව කාලේ ඕවා හොඳයි කියලා බෙරිහන් දුන්නෙත් උඹමනේ මුලින්ම... යකෝ දෙපිටකාට්ටුවෙක් වගේ වැඩකරලා මගේ වලටත් හෙණගහන වැඩකරන්න එපා තවත්..."

දිනේෂ් බැනුම් වේගය වැඩිවෙනකොටම ඇස්දෙක වහගත්තේ ලැජ්ජාව වැඩිකමටමය. අන්තිමට ඇස්දෙක ඇරලා බලනකොට සිංහයා නැත. දිනේෂ් හෙමීට නැගිටලා වැලි එහෙම ගසලා දාලා සරමත් ඇඳගෙන ගේ පැත්තට යන්නට වුනේ මොකුත් නොවුණ ගානටය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Dinesh Gunawardena, Philip Gunawardena, Boralugoda Sinhala
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍රගෙන් තවත් වියමන්
අදහස්
බදු, ණය සහ අපේ අනාගතය
අදහස්
වැලිවේරිය, රූකාන්ත, චන්ද්‍රලේඛා සහ තවත් කතා
අදහස්
හෘද සාක්ෂියක් ඇත්තෙකුගේ අනාගත ආමන්ත්‍රණය
අදහස්
සුරූපී නිවේදිකාව සහ කැරලිකාර කණ්ඩායම
අදහස්
ඇමතිතුමෙක් සිය පුත්‍රයාගේ ගුරුවරියට ලියූ ලිපියක්
තවත් අදහස් බූන්දි
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සිත්තරා මරා ඝාතකයා පහළ වීම
හිට්ලර්, ස්වකීය තුරුණු විය මුලුල්ලේම සිහින දුටුවේ සිත්තරෙකු වීමටයි! වියානා කලා ඇකඩමියට ඇතුළත් වීම සඳහා හිට්ලර් ඉදිරිපත් කළ අයදුම්පත් දෙවරක් ම ප්‍රතික්ෂේප විය. පසු කලෙක... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
ඔත්තු| නේරංජනේ ඉස්නානේ- අගෝ. 29

16-Secs

2000 වසරේදී අතිශය ආදෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ. කේ. සමන් කුමාරගේ 'නේරංජනේ ඉස්නානේ' නවමුද්‍රණය,... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කතන්දර| රා ත්‍රි ය

2-Mins

(අරුශිමා කරුණාකලගේ ) ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook