Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
බූන්දි, 10:31:38
ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත
එදා අප්‍රේල් පහ නවසිය හැත්තෑ එක
සිදුව ඇති එක ම එක වෙනස
හතයි එකයි තිබූ තැන් මාරුවෙන එක විතරද..
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

ඒ හැත්තෑ එකේ උදෑසන
මේ වගේ නිසොල්මන් නැහැ නේද..
බලන්න අද කොයි තරම් සතුටින්ද
චූන් පාන් හඹා යන අප හෙවත් ජනතාව..
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

යුනිකෝඩ් යුනිකෝන්ලා නැති යුගයක
බවුන් නොවඩනු පිණිස වනගතව
සිල්ලර කඩයක් දාගෙන දුක දිනා ජයගන්නැතුව
ඊට ලොකු හීනයක හුස්මගත් එක ගැන
කලකිරීමක්වත් තියෙනවද..
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

පිස්සන් අතිධාවකයන් ගොබ්බයන් උම්මත්තකයන්
ම්ලේච්ඡයන් මිනීමරුවන් කී නොකී නෙක නම්වලින්
අනාගත සුධීමතුන් විසින් හඳුන්වනු ලබන බව දැන දැන
ප්‍රාර්ථනාවක් විතරක් ම මිට මොළවගෙන
පොලීසිය ඉස්සරහ හිටගත්ත එක ගැන
පසුතැවිල්ලක් හෙම නැහැ නේද..
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විමල් කැටිපෙආරච්චිගෙන් තවත් වියමන්
කවි
අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!
කවි
ඩබල්!
කවි
ඇන්ටන් ජෝන්ස්ලාට උපහාර හිඟයි!
අදහස්
ගොළුවෝ, කථිකයෝ සහ කුමාර්
කරන්ට්ස්
ජෝතිපාල
තවත් කවි කරන්ට්ස්
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
විප්ලවය දිනේවා !!
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
කතන්දර| අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]

12-Secs

අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩිත්තන්ට- චූටි ටීචර් සමග "අලුත් වෙමුද අවුරුද්දේ?"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Kids... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කතන්දර| වනවාසි සහ ලෝකවාසී

26-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා.... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
කතන්දර| "මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

මෙන්න පොඩිත්තන්ට රුසියාවෙන් තවත් කතන්දරයක්! වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "මීයා සහ පැන්සල" ළමා කතන්දරයේ සිංහල ප්‍රතිනිර්මාණය.

හඬ මුසුව- නයෝමි ගුණසිරි,... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
රංග| ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය

11-Mins

(චින්තා පවිත්‍රානි) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
කතන්දර| "පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"පුංචි පුතුට පාඩමක්"- පොඩි දරුවන්ට ලොකුම ලොකු පාඩමක් කියා දෙන ආදරණීය කතාවක් [කාටූන්]- Alex Latimer ලියා, Patrick Latimer සිත්තම් කළ... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
ඔත්තු| මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5

21-Secs

කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය, 2018, අප්‍රේල් 05 වන... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook