Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
බූන්දි, 18:29:34
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව පුරා කාන්තාවන් දොළොස් දෙනෙකුට පිරිනැමුණු මේ සම්මාන ක්‍රියාවලියේ සන්ධ්‍යා වෙනුවෙන් සැකසුනු හේතුපාඨ වල සඳහන් වී තිබුනේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම උදෙසා ඇය කරන ලද වෙහෙසකර කැපකිරීමට උපහාරයක් පිණිස මේ සම්මානය ප්‍රදානය කරන බවයි.

සම්මානය ලබාගැනීම සදහා ඇමරිකාවට ගිය සන්ධ්‍යාට ඇමරිකානු පුවත්පතක සේවය කරන ලද ප්‍රගීත් වැනිම මාධ්‍යවේදියෙකු වූ ගැරී වෙබ් නැමැත්තා මුන නොගැසෙන්නට ඇති. ගැරී යනු ඇමරිකාවේ San Jose Mercury News නම් පුවත්පතේ සේවය කරමින් සිටින අතරතුර CIA සංවිධානය සම්බන්ධව සුවිශේෂී ගවේෂණාත්මක පුවතක් පළකිරීම නිසා රස්සාවෙන් ඉවත්කර පසුව අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ නොහොත් ඔලුවට වෙඩි පහරවල් දෙකක්ම තබාගෙන 'සියදිවි නසාගත්' මාධ්‍යවේදියෙක්.

ප්‍රගීත්ගේ සිදුවීමේ සහ ගැරී වෙබ්ගේ සිදුවීමේ බැලූ බැල්මට බොහෝ සමානකම් තිබෙනවා. වෙනසකට ඇත්තේ ගැරී ගේ සිදුවීම නැවතීමේ තිතකින් අවසන් වී ප්‍රශ්නාර්ථ ලකුණකින් යළි ආරම්භ වී තිබීමත් ප්‍රගීත්ගේ සිද්ධිය ප්‍රශ්නාර්ථ ලකුණකින් අතරමග නැවතී තිබීමත්. ඇමරිකාවේදී සන්ධ්‍යාට ගැරී වෙබ් වැනි නැවතීමේ තිතකින් සහ ප්‍රශ්ණයකින් නිමාවට පත්වුණු මාධ්‍යවේදියෙකු මුණගැසුනේ නම් නැවතීමේ තිතකින් වැළලී යන්නට තිබු ප්‍රගිත්ව ප්‍රශ්නයක් ලෙසට ඉදිරියට ඇදගෙන ඇවිත් සමාජයම ප්‍රශ්ණ කරන්න සන්ධ්‍යාට තිබුන දිරියට උපහාර පුදන්නට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉක්මන්වීමේ කෘතවේදීකම, අහිංසකකම, සංවේදීකම වැනි කාරණා වල සැඟවුණු තිත්ත ඇත්ත සමහරවිට දැනගන්නට තිබුනා.

අසුව දශකයේ ඇමරිකාවේ රේගන් පාලනය ආරම්භ වීමත් සමගම රට තුළ බොහෝ ආර්ථික සහ නීතිමය වෙනස්කම් සිදුකෙරෙනවා. මේ නීතිමය වෙනස්කම් ලෝකයටම බලපානවා. රටේ බහුජාතික සමාගම් එකිනෙක සම්බන්ධ වී ඒකාධිකාරී ආයතන ඇතිවීමට තිබු ඉඩකඩ තව තවත් පුළුල් කරනවා. මින් උපරිම ප්‍රයෝජනය ගන්නේ මාධ්‍ය සමාගම්. රටේ ජනමතය හැසිරවීමේ බලය ප්‍රධාන සමාගම් හතරක් වෙත බැරවෙනවා. මේ බලවත් ‘මාධ්‍ය සමාජය’ රටේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන බලවේගය බවට පත් වෙනවා.


ප්‍රගීත් එක්නැලිගොඩ

අසුව දශකයේ නිකරගුවාවේ කොමියුනිස්ට් විරෝධි ගරිල්ලා ව්‍යාපාර වලට රහසේ අවි ආයුධ සහ පුහුණුව ලබාදීමේ රහස් මෙහෙයුමක එවකට CIA සංවිධානය නිරතව සිටි බවට වාර්තා වෙනවා. එම වකවානුවේ දකුණු ඇමරිකානු කලාපයේ සමාජවාදී කඳවුරුවල බිම් මට්ටමේ පිබිදීම් පිලිබඳව ගැරී වෙබ් මාධ්‍ය වාර්තා පලකරනවා. ඒ විතරක් නෙමෙයි මේ ක්‍රියාවලිය නිසා එවකට ඇමරිකාවේ කළු ජාතික තරුණයන් තුල හෙමින් සීරුවේ හටගෙන තිබුණු විකල්ප දේශපාලන උනන්දුව ගැනත් ඔහු අදහස් පළකරනවා.

ගැරී ගේ මාධ්‍ය ජීවිතය කණපිට හැරවුණේ ඔහු විසින් ඉදරිපත් කළ Dark Alliance නම්වූ වාර්තා වැඩසටහන නිසයි. එමගින් ඔහු කියා සිටියේ නිකරගුවාවෙන්, කොකේන් මත්ද්‍රව්‍ය හොර රහසේ රැගෙනවිත් ඇමරිකාවේ කළු ජාතික තරුණයන් අතර බෙදා හැරීමේ ජාවාරමක CIA සංවිධානය නිරත වෙන බවයි. මෙමගින් නිකරගුවාවේ ආණ්ඩු විරෝධී ගරිල්ලන්ට මුදල් ලැබෙන අතර, ඇමරිකාවේ කළු තරුණයන්ගේ දේශපාලන පිබිදීම මත්කර සිරගත කිරීම CIA අරමුණ බවත් ඔහු ප්‍රකාශ කරනවා.

ඇමරිකාවේ රාජ්‍ය නිලධාරීන්ට පුද්ගලික වශයෙන් මෙවැනි චෝදනා තිබුනත් සමස්ත CIA සංවිධානයට මෙවැනි චෝදනාවක් එල්ල කළ ප්‍රථමයා තමයි ගැරී. වියයුතු පරිද්දෙන්ම ඇමරිකාවේ මාධ්‍ය සහ රාජ්‍ය තන්ත්‍රය එකම තාරතාවයකින් යුතුව මේ ප්‍රවෘත්තිය නිසා ඇවිලෙනවා.

ප්‍රථමයෙන්ම සිදුවෙන්නේ රේගන් රජය මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කිරීම. රේගන්ගේ බිරිඳ නැන්සි රේගන් තරුණයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ඒ වෙනවිට ප්‍රසිද්ධ වැඩසටහනක් දියත් කර තිබීම නිසා තත්ත්වය තවත් බරපතල කාරණයක් වෙනවා. ගැරී සේවය කළ කුඩා මාධ්‍ය ආයතනයට රටේ යෝධ රාජ්‍ය-මාධ්‍ය බලඇණිය ඉදිරියේ හිටගන්න බැරිවෙනවා. ඉන්පසුව ගැරීගේ මාධ්‍ය වාර්තා වැරදි බව කියමින් ඔවුන් ජනතාවගෙන් සමාව ගන්නවා. ඊට පස්සේ ගැරීට රස්සාව අහිමි වෙනවා. රස්සාවක් හොයාගෙන වෙනත් මාධ්‍ය ආයතන වලට ගියත් සුපිරි මාධ්‍ය බුවල්ලාගේ අදෘශ්‍යමාන හස්තය විසින් එයත් වළක්වනවා. ගැරීගේ බිරිඳ ඔහුව දාල යනවා. ඊට පස්සේ ගැරී තම පියාට අයත් ග්‍රාමීය ගොවිපොළකට ගොස් තම අත්දැකීම් ආශ්‍රයෙන් පොතක් ලියන්න පටන් ගන්නවා.


ගැරී වෙබ්

පොත එළියට දාන්න ආසන්න වෙද්දි ඉතා අභිරහස් ලෙස ගැරී සියදිවි නසාගන්නවා. ඉතා අභිරහස් සියදිවි නසාගැනීමක්. මේ පුදුම සියදිවි නසගනිමේදී ඔහුගේ හිසේ මාරාන්තික වෙඩි උණ්ඩ දෙකක්ම තිබුණු බව පසුව අනාවරණය වෙනවා.

ගැරී යනු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උදහසට ලක්වූ පළමු හෝ අන්තිම මාධ්‍යවේදියා නෙමෙයි. ඒත් මේ කාලයේ, එනම් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ඔත්තු සේවා ලෝකයේ සෑම මිනිසෙකුම හුස්ම ගන්න හැටි පවා නිරීක්ෂණය කරමින් සිටින අවධියේ මාධ්‍යවේදීන් මියයන්නේ ලෝකයට කථාකරන්න කිසිම කතන්දරයක් ඉතිරි නොකරමිනන්.

විකිලීක්ස් විසින් කළ හෙළිදරවුවකට අනුව වසර 2013 එක් දිනක එනම් ප්‍රගීත්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සන්ධ්‍යා ඇතුළු අතළොස්සක් හුදකලා සටනක නිරත වෙමින් සිටින අවධියේ ඇමරිකාවේ Rolling Stone නම් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙක් වන මයිකල් හෙස්ටික්න්ස්, ලොස් ඇන්ජලීස් නුවරදී වාහන අනතුරකින් මියයනවා. මියයන්නට පැය දොළහකට ප්‍රථම ඔහු තම මිතුරෙකුට කථා කොට තමා ආන්දෝලාත්මක පුවත් හෙළිදරවුවක් කිරීමට සුදානම් බව කියනවා. මේ සංවාදයට ඇමරිකාවේ Cyber Intelligence Centre මගින් සවන්දුන් බවට විකිලීක්ස් වාර්තා කරනවා.

විකිලීක්ස් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මිය යනවිට මයිකල් කොල්ස්ටික්න්ස් එවකට CIA ප්‍රධානියාව සිටි ජෝන් බෙර්නන් පිළිබඳ හෙළිදරව්වකට සුදානම්ව සිටි බවයි.

ජනවාරි අටවෙනිදා දවසක පත්වූ පරණ ලංකාවේ අලුත් ආණ්ඩුව ඉදිරියේ ලේ තැවරුණු ෆයිල් එකක් දෙකක් නොව ෆයිල් රාක්කයක්ම ඉතිරි වෙනවා. මේ ෆයිල් අතරින් ප්‍රගීත්, ලසන්ත, කීත් ආදීන්ගේ ෆයිල් විවර වෙන අතර බොහෝ ෆයිල් උඩ බැඳුණු අතීත මකුළු දැල් උඩ අළුත් මකුළු දැල් බැදෙනවා. ෆයිල් විවර වීම සහ නොවීම මේ කාලයේ දේශපාලනයේ ඉත්තන්ගේ හැසිරීම මත අවාසනාවන්ත ලෙස තීරණය වෙනවා. මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතාගේ අතපය කඩා රටින් එලවා දැම්මේ තමන් බවට ඒ කාලයේ වහසි බස් දෙඩු මර්වින් සිල්වා වැනි චරිත මේ කාලයේ දේශපාලන දාන් ලෑල්ලේ රජා ලඟට වෙන්නට තැපලා ඉන්න නිසා, ප්‍රශ්නයක් නොවී, පොද්දලගේ ෆයිල් එක නොඇරීම මකුළුවන්ට සින්න වෙලා යනවා.


මයිකල් හෙස්ටික්න්ස්

දේශපාලන අජෙන්ඩා වල චලනයන්ට අනුව මිනිසුන්ට ජිවත් වීමට ඉඩ දීම හෝ නොදීම මෙන්ම සම්මානයෙන් පිදීම හෝ නොපිදීම පිළිබද දැනුම ලංකාව සහ ඇමරිකාව එකිනෙකා අතර ආනයන-අපනයන කරගෙන ඇති නිසා දැන් මේ වගේ දේවල් ඉතා සුමට ලෙස සිදුවෙනවා.

ප්‍රගීත්ට යුක්තිය සොයා සටන් කරමින් සිටි සන්ධ්‍යා ඇතුළු සුළු පිරිසක් සහ අලුත් යහපාලන මිනිසුන් පිරිසක් ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක එකට හමුවීමේ ප්‍රීතිය නිමිත්තෙන් අලුත් යාලුවන්ට ජිවිතේ හීනෙන් පවා නොහිතපු රජකම්, යුව රජකම් වගේ පාට පාට තානාන්තර ලැබෙනවා. ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය වෙනුවට සන්ධ්‍යාටත් සම්මාන හම්බ වෙනවා. මේ මොහොතේ ලංකාවේ දේශපාලනය බොහෝ පාඩම් කියා දෙමින් ඉන්නවා. ඉතිහාසය සල්පිලාකාරව කැරකැවී ආපසු පැමිණෙන්නේ නිකම් නොවේ; අති භයානක ලෙස විහිළු ද නිෂ්පාදනය කරමින්. ඉතිහාසය කරකැවුණු අනාගතයේ දවසක මහින්ද සුළග ගෑවුනු වේදිකාවකදී ‘දිරිය ගැහැණිය’ සම්මානයක් ගැනීමට සන්ධ්‍යාට සිදුවුවහොත්, අපි අපේ ඉතිහාසය සමග තරහා නොවී සිටීමට දැන්ම තියා පුරුදු විය යුතුය!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Gary Stephen Webb, San Jose Mercury News, Prageeth Eknaligoda, Sandya Eknaligoda, Dark Alliance, Michael Mahon Hastings, Rolling Stone, WikiLeaks, Woman of Courage, US Department of State
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
වෙසෙස්
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
අදහස්
අමරදේව මාස්ටර්, අපිනං ගොඩ...!
අදහස්
චේ නැතිව චේ සමග!
වෙසෙස්
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
තවත් අදහස් බූන්දි
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
Castro says...
Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
What's New | අලුතෙන්ම
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
ඔත්තු| නේරංජනේ ඉස්නානේ- අගෝ. 29

16-Secs

2000 වසරේදී අතිශය ආදෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ. කේ. සමන් කුමාරගේ 'නේරංජනේ ඉස්නානේ' නවමුද්‍රණය,... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කතන්දර| රා ත්‍රි ය

2-Mins

(අරුශිමා කරුණාකලගේ ) ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook