Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
බූන්දි, 18:03:57
පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද ගිනිදැල් භෞතිකව නිවී ගියදා පටන් උතුරේ සිට දකුණටත්, දකුණේ සිට උතුරටත් සියලු පුරවැසියන් ප්‍රාර්ථනා කළ, ප්‍රාර්ථනා කරන බලාපොරොත්තුව සංහිඳියාවයි.

සංහිඳියාවේ වචනාර්ථය දෙස විමසිලිමත්වීමේදී එය සිංහලයෙන් නිපන් වදනක් නොවේ. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් හා වොකැබියුලරි යනාදී ශබ්දකෝෂවල ඉංග්‍රීසියෙන් 'Reconciliation' ලෙස ලියැවෙන මෙම ඉංග්‍රීසි වචනයේ අර්ථය වන්නේ, පුද්ගලයින් දෙදෙනෙකු හෝ කණ්ඩායම් ද්විත්වයක් අතර ඇති වූ කිසියම් ගැටුමක් හෝ මත භේදයකින් පසුව මිත්‍රත්වය, සමගිය, සාමදානය ගොඩනැගීමයි. එය අප සිංහලයේදී 'සංහිඳියාව' ලෙස හඳුනාගන්නාවිට දමිළ භාෂාවේදී එය 'සමරසම්' යනුවෙන් වර නැගේ.

කෙසේ නමුත් ඉංග්‍රීසි, ප්‍රංශ හා ලතින් භාෂා ඔස්සේ සිදුවූ පරිණාමයට අනුව එය වත්මන් සිංහල සමාජ සංස්කෘතිය වෙත ප්‍රවේශකොට විග්‍රහ කරන කල්හි, එමගින් සරලවම අර්ථ ගැන්වෙන්නේ අප රටේ ඇති වූ ජනවාර්ගික අරගලය හේතුවෙන් විභේදනය වූ සමාජ සංස්කෘතික දේහය, අන්‍යෝන්‍ය වටහාගැනීමක් සහිත සංස්කෘතිකමය අවබෝධතාවක් වෙත ගෙන ඒමේ ක්‍රියාවලියයි.

පුරා දශක ගණනාවක් මුළුල්ලේ උතුර සහ දකුණ ලෙස බෙදී අපි යුද්ධයක පැටලී සිටියෙමු. ජයග්‍රහණය උදෙසා යුද්ධ කළෙමු. එහිදී ගලා ගිය රුධිරය හා ඒ සමඟ ඇද වැටුණු කඳුළු, ප්‍රාමාණිකව මෙතෙකැයි කියා කිව නොහැකිය. මේ සියල්ල අතරතුර සියලු ජන හදවත් පසාරු කරමින් පැතිර ගිය අහිමිවීමේ, වෙන්වීමේ ශෝකයෙන් නැඟුණු සෝ සුසුම්වල වේදනාව, උණ්ඩයෙන් විඳි වේදනාවට වඩා තීව්‍ර විය. එම වේදනාව අද දක්වාම; මේ මොහොත දක්වාම උතුර-දකුණ භේදයකින් තොරව අපි විඳිමින්, විඳවමින් සිටින්නෙමු. යුද්ධයේ අවි ගැටුම කෙලෙසින් හෝ අවසන් විය. නමුත් එම ගැටුමේ නිමිත්ත නිර්මාණය කළ සමාජ, දේශපාලනික හා සංස්කෘතිකමය සාධකවල අවසානයක් අදට ද සිදුවී නොමැත. එබැවින් යුද්ධය ජයග්‍රහණය කළ ද එමගින් දැනෙන වේදනාව, යුද්ධයක පරාජයෙන් ලබන වේදනාවට වඩා බරපතල බව අද වන විට ඔබ අප සැමට හොඳාකාරවම ප්‍රත්‍යක්ෂ වී හමාරය.

ඒ අනුව සංහිඳියාව අවශ්‍ය වන්නේ මෙම වේදනාවෙන් මිදීම උදෙසා වන එකම විසඳුම එයම වන බැවිනි. විශේෂයෙන්ම සංහිඳියාව ඇති කිරීම උදෙසා, තුන්වන පාර්ශ්වයක අනිවාර්ය මැදිහත්වීමක් අවශ්‍ය වන බව සාමය පිළිබඳ සුවිශේෂී මැදිහත්කරුවෙකු වන ආචාර්ය ජෝන් ගල්තූන් විසින් සඳහන් කර තිබේ. එනම් ගැටුමට; විරසකයට ලක්වූ පාර්ශ්ව දෙක අතර සංහිඳියාව ගොඩනැඟීම උදෙසා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන තුන්වන පාර්ශ්වයක් සිටිය යුතු බවයි. ඒ අනුව, අද වන විට ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩනැඟීම සඳහා රජය මැදිහත්ව සිව් වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට තිබේ. සත්‍ය සෙවීම, යුක්තිය ඉටුකිරීම, හානි පූරණය හා යළි සිදුවීම වැළැක්වීම සහතික කිරීම වශයෙන් වූ එම වැඩපිළිවෙල දියත් කිරීම උදෙසා දීපව්‍යාප්තව පුළුල් යාන්ත්‍රණයක් ද බලාත්මක වේ. පසුගිය 2015 වසරේ ජනවාරි මස මෙරටට පැමිණි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවා ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේ රට තුළ සංහිඳියාව ඇති කිරීම උදෙසා මූලික වශයෙන්ම සිදුකළ යුත්තේ සත්‍ය හෙළිදරව් කිරීම වන බවයි.

එනම් දශක ගණනාවක් මුළුල්ලේ රට තුළ සිදුවූයේ මොනවාද? ඒවා ඒ අයුරින් සිදුවීමට බලපෑ හේතු සාධක කවරේද? ඒ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාද? නමුත් එම අර්බුද නිරාකරණය කරගැනීමට අපහසු වූයේ ඇයිද? යනාදී වශයෙන් යුද්ධයකට හේතු වූ සියලු සත්‍ය අප සමාජය ඉදිරියේ හෙළිදරව් කරගත යුතු බව එමඟින් අර්ථවත් වේ. උගත් පාඩම් පිළිබඳ කොමිසමේ නිර්දේශවලට අනුව, රට තුළ පැවති අර්බුදකාරී වාතාවරණයට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ භාෂාව පිළිබඳ ගැටලුවයි. ඒ අනුව සංහිඳියාව යනු හදවතේ ඇති විය යුතු සංවේදනාවක් වන බැවින් එය වටහා ගැනීමටනම් භාෂාවේ සන්නිවේදන අභියෝග සාර්ථකව ජය ගත යුතුය.

ඒ අනුව සුළු ජාතිය කොන්වී, පීඩාවට පත්වීම සඳහා ඍජුවම භාෂා ප්‍රශ්නය බලපෑවේය, උතුර, දකුණ වෙන් වෙන්ව සිය අනන්‍යතා සොයන්නට විය. සමස්ත ද්‍රවිඩ ජනතාවම ත්‍රස්තවාදීන් ලෙස දකුණ විසින් සැලකූ අතර, සමස්ත දකුණම ඔවුන්ගේ සතුරන් බව උතුර සැක කළහ. දකුණේ උණ්ඩයෙන් මෙන්ම උතුරේ උණ්ඩයෙන් ද ළය පසාරුවී ගලායන්නේ එකම රතු පැහැති රුධිරය වුවත්, උතුර-දකුණ නිරන්තරයෙන්ම ජීවත්වීමට උත්සහ කළේ වෙන් වෙන්ව ජාතීන් වශයෙනි. දමිළ භාෂාවට, එම සංස්කෘතියට වෛර කරමින් දකුණෙන් ඔවුන්ව පළවාහැර සිංහල පමණක් යන අන්තවාදී විභේදන දකුණේ ඇති වූ අතර, උතුර ද සිංහලයන්ව ප්‍රතික්ෂේප කරන්නට විය. වෙන්වී බෙදී ජීවත්වීමට, ස්ථානීයව අනන්‍යතා සෙවීමට අප කුඩා කල සිටම පුරුදු පුහුණු වූයේ, කාලාන්තරයක් මුළුල්ලේ ක්‍රියාත්මක මෙම ඝනීභූත වූ අනන්‍යතා සෙවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

භාෂාවෙන් ආරම්භ වූ මෙම අරගලය ආගම, භූමිය, ප්‍රදේශය, සිරිත් විරිත්, යනාදී ප්‍රවහයන් ඔස්සේ උඩුදුවන්නට වූ අතර, එකිනෙකා ඉවසන්නට අපට නොහැකි විය. රටක් තුළ විවිධ ජාතීන් ජීවත්වීම අතිශය ස්වාභාවිකය. මෙලොව උපත ලද ඕනෑම අයෙකු එම භූමියේ පුරවැසියෙකු වන අතර, ඔහුට හෝ ඇයට එහි ජීවත්වීමේ නිදහස තිබිය යුතුමය. නමුත් අප උපත ලද දින පටන් හුරු පුරුදු වූයේ විවිධත්වය ප්‍රතික්ෂේප කොට, මෙරට සිටිය යුත්තේ එකම ජාතියක් වන බව පිළිගැනීමටය. එය අප ලද අධ්‍යාපනයේ වරදකි. අප සමාජානුයෝජනය වූ ක්‍රමයේ වරදකි. පවුල තුළ, පාසල තුළ ඈ නොව පල්ලිය- පන්සල- කෝවිල තුළ අප ප්‍රාර්ථනා කරන ලද්දේ එකිනෙකාට වෙන් වෙන් වූ භෞමික අනන්‍යතා, ප්‍රාදේශීය අනන්‍යතා විනා අප සියල්ලෝම මිනිසුන්ය යන හැඟීමෙන් ජීවත්වීම සඳහා එකම රටක් නොව, දමිළ සිංහල මුස්ලිම් වශයෙන් ජාතිවාදයක් විනා ශ්‍රී ලාංකේය එකම ජාතියක් නොව.

සංහිඳියාව, අපට අත්‍යවශ්‍යම මානසික ප්‍රපංචයක් වන්නේ යථොක්ථ හේතු සාධක යළි යළිත් ඇතිවීම වැළැක්වීම සඳහාය. රජය ප්‍රධාන වූ විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම උදෙසා තුන්වන පාර්ශ්වකරුවා ලෙස මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. පසුගිය 68 වන ජාතික නිදහස් උළෙලේ සිට සිංහල- දමිළ භාෂා ද්විත්වයෙන්ම ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමට ඇරඹීම එම සංහිඳියා යාන්ත්‍රණයේ කැපී පෙනෙන පියවරක් ලෙස අපට සැලකිය හැකිය. ඒ අනුව අප සංහිඳියාව ඇති කළ යුත්තේ නීති පැනවීම හෝ ඳඩුවම් පැමිණවීම තුළින් නොව, එය මානසිකව හදවත තුළට කාවැදිය යුතු සංවේදනාවකි. ජාතික ගීය තම භාෂාවෙන් ගායනා කිරීමේ නිදහස මෙරට ප්‍රධාන ජාතීන්වලට හිමිවීම, සංහිඳියා මාවතේ සනිටුහන් කළ සුවිශේෂී සලකුණක් ලෙස සැලකිය හැක්කේ එබැවින්ය.

මහ ජාතිය හෝ සුළු ජාතිය වශයෙන් විභේදිතව සංහිඳියාව ක්‍රියාත්මක කළ නොහැකිය. මෙවැනි නිර්ණායක තීරණය වන්නේ විවිධ ජාතීන් අතර පවතින ජන ඝණත්වය අනුව විනා අන් කිසිදු පදනමක් සහිතව නොවේ. පළමුවෙන්ම තමාගේ හදවත තුළ සංහිඳියාව ගොඩ නගා ගත යුතු අතර, පවුල තුළින් එම සංහිඳියාව සමාජය වෙත රැගෙන යා යුතුය. ආගමික සංහිඳියාව, දේශපාලනික, අධ්‍යාපනික, ආර්ථීක හා භාෂාමය සංහිඳියාව යනාදී ප්‍රපංචයන්ගේ සංහිඳියාව ක්‍රමානුකූලව ඇති වූ විට පමණක් නිසැකයෙන්ම එය ජාතික සංහිඳියාවක් දක්වා වර්ධනය වීම ස්වාභාවිකය. ඒ අනුව සංහිඳියාව යනු ඇති කළ හැකි තත්ත්වයක් නොව, කාලයාගේ ඇවෑමෙන් ඇතිවීම සඳහා අවැසි සමාජයීය පසුබිම නිර්මාණය කළ යුතු තත්ත්වයකි. එහි වගකීම අද වන විට ඔබ අප සියලුදෙනා වෙත කාලයේ අවශ්‍යතාව විසින් පවරා හමාරය.

යළිත් විවිධ ජාතීන් අතර සැකය, වෛරය, බිය හා කළකිරීම වැනි මානසික සංවේදනා ඇතිවීම හේතුවෙන් පසුගිය සමයේ විඳි අහිතකර අත්දැකීම්වලටත් වඩා අර්බුදවලට මුහුණදීමට මතු අනාගතයේ ද අපට සිදුවනු ඇත. අනාගත යුද්ධයක, අනාගත වාර්ගික අරගලයක පුරෝගාමී වැළකුම්කරුවන් ලෙස අප අද අදම ක්‍රියාත්මක වීමටනම් සංහිඳියාවෙන් පිරි සමාජ, මානසික වාතාවරණයක් රට තුළ අනිවාර්යෙයෙන්ම ගොඩනැඟිය යුතුය. අද වන විට සංහිඳියාවේ අවශ්‍යතාව වඩාත් ප්‍රබලව දැනෙනුයේ අද වෙනුවෙන් නොව, ඒ වඩාත් යහපත් සුහදශීලී හෙටක් තැනීම පිණිසය.

උතුරේ සංහිඳියාවත්, දකුණේ සංහිඳියාවත් යනු දෙයාකාරයකින් අරුත් ගැන්වෙන්නකි. වචනාර්ථයෙන් එය සමස්ත දේශය පුරාවටම පැවතිය යුතු තත්ත්වයක් වන නමුත් අද වන විට උතුරට අවශ්‍යව ඇත්තේ ඔවුන්ට කාලාන්තරයක් මුළුල්ලේ අහිමි වූ දේවල්ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා ඔවුන්ට බොහෝ කාලයක සිට අහිමිව පැවතුනි. නමුත් දකුණේ සංහිඳියාව විග්‍රහ කළ හැක්කේ වෙනත් අයුරකින්ය. එනම් සුළු ජාතීන්ගේ අයිතීන් සුරක්ෂිත කරනු පිණිස මහ ජාතියේ අයිතීන් උල්ලංඝනය නොවිය යුතුය යන අරුතිනි. සංහිඳියා ක්‍රියාදාමය තුළින් අප සිදුකිරීමට උත්සහ කළ යුත්තේ, තවදුරටත් සුළු හෝ මහ ජාතිය වශයෙන් වන සංඛ්‍යාත්මක පදනම සහිත අන්තවාදී බෙදීම තුරන් කොට, එකම දේශයක් තුළ විවිධත්වය ඉවසන ජන සමාජයක් ගොඩනැගීමයි.

අධ්‍යාපනයට එහිදී සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබේ. ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමය පෙරපාසලේ, දහම් පාසලේ සිට ක්‍රියාත්මක විය යුත්තේ සංහිඳියාව සහිත පුරවැසියන් බිහිකිරීම උදෙසාය. සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ විනා දකුණ, උතුර, නැගෙනහිර හෝ මධ්‍යම, වයඹ ලෙස බෙදුණු ප්‍රාදේශීය විභේදිතයින් නොව, සිංහල - දමිළ- මුස්ලිම් - බර්ගර් හා මැලේ ලෙස බෙදුණු සංස්කෘතික විභේදිතයින් ද නොව, අප සියලුදෙනාටම උරුමවන්නේ මනුෂ්‍යත්වයයි. එය පිළිගතහැකි, අන්‍යෝන්‍ය අවබෝධයක් සහිත ජන සමාජයක් බිහිකිරීමේ ප්‍රමුඛ වගකීම අධ්‍යාපනික සංහිඳියාව තුළින්ම ඇති කළ යුතුය.

එමෙන්ම ආගමික සංහිඳියාව ද මෙම සංහිඳියා ව්‍යාපාරයේ ප්‍රබල පාර්ශ්වයක් නියෝජනය කරන්නකි. නිරාහාරව හෝ පිපාසිතව හෝ සිය ආගම වෙනුවෙන් බොහෝදෙනා පෙනී සිටිති. ආගම වෙනුවෙන් සියදිවි නසාගිනිති. තම ආගම පමණක් පැවතිය යුතුයැයි යන සංකල්පය පෙරදැරිව ආගමික අනන්‍යතා වෙනුවෙන් සටන්, අරගල කරති.

නමුත් ආගමක් යනු පුද්ගලයාගේ විනාශය වෙනුවෙන් පැවතිය යුතු දෙයක් නොව, එමගින් සිදුවිය යුත්තේ සංස්කෘතිකමය මිනිසා, එම සංස්කෘතිය තුළ සහජීවනයෙන් යුතුව නගාසිටුවීමයි. අන්‍යයන්ට ගරු කරමින්, සියලුදෙනාටම සාපේක්ෂ වශයෙන් අනන්‍යතාවක් සහිත බව පිළිගැනීමට ඉගැන්වීමයි. ආගම, භාෂාව, අධ්‍යාපනය යනාදී වශයෙන් වූ සංස්කෘතිකමය ප්‍රපංච යනු ආරක්ෂා කරගත යුතු තත්ත්වයන් නොව, පවත්වාගෙන යා යුතු තත්ත්වයන්ය. වැටකඩොලු බඳිමින්, තහංචි; තහනම් දමමින් කොටු, තීරු ගසා සීමා පැනවිය යුතු තත්ත්වයන් ද නොව. එකිනෙකාට ගරු කරමින්, සියලු පුරවැසියෝ ශ්‍රී ලාංකිකයෝය එමෙන්ම ඔවුහූ සියල්ලෝම මිනිසුන්ය යන උදාරතර සංවේදනාවෙන් යුතුව මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ යම් කලෙකද, එය සංහිඳියාවේ කූටප්‍රාප්තියම වනු ඇත.

එබැවින් උතුරට අහිමි වූ සාධාරණත්වයත්, දකුණට අහිමි වූ සහනශීලීත්වයත් උරුම කරදීම සඳහා සංහිඳියාව මෙරට තුළ ඇති කළ යුතුමය. යළි යළිත් වෛරීසහගත ජාතිවාදයෙන් විතැන්වීම සඳහාත්, ප්‍රාදේශීයව හා සංස්කෘතිකමය වශයෙන් එකිනෙකාට අභියෝගයක් වීම වැළැක්වීම සඳහාත් සංහිඳියාවේ අසම සම දෑත උතුරටත්, එමෙන්ම දකුණටත් එක හා සමානවම දිගු විය යුතුමය. එය මට - ඔබට පමණක් සිදුකළ හැකි දෙයක් නොව, අපි සැවොම අපගේ නිවස තුළ පටන්ම ක්‍රියාත්මක විය යුතු බලහත්කාරී නොවන සහෘදශීලී සංවේදනාවකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Unity, Reconciliation, Sinhala, Sinhalese, Tamil, Muslim, Sri Lankan Ethnic War, Johon Galthung
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් සී. තිලකරත්නගෙන් තවත් වියමන්
අදහස්
සම රිසිභාවය වරදක් වූ සමාජයක....
රංග
කැඩපතට ගල් ගසා ගත් පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (අවසාන කොටස)
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (දෙවන කොටස)
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (පළමු කොටස)
තවත් අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
Che says...
My only one in the world,
I take you with me in my heart
And we will continue together until the road vanishes…

- From Che to Aleida

[Remembering... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook