Free the thousand children ordaining as novice monks for the sake of Vesak Festival in Sri Lanka | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!
බූන්දි, 18:09:03
එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු ප්‍රචාරණ සංකේතයකුත්, විචිත්‍රවත් සැරසිලි ගොන්නකුත් නිතර ප්‍රචාරය වෙනව දැකගන්නට තියෙනවා දිවා රෑ තිස්සෙම. තුන් ලෝකයට ම අග්‍රයි කියා කියන ශාස්තෘවරයෙක්ගේ, සනාතන විශ්වීය දහමක් යැයි කියාගන්නා දර්ශනයකට ජාත්‍යන්තර පිළිගැනීමක්, නිකම්ම නිකම් මිනිස් එකතුවකින් හැදුණු ලෝක සංවිධානයක් ලවා අනුමත කරවා ගැනීම බෞද්ධයන් විසින් ලබපු විශාල ජයග්‍රහණයක් හැටියට ඒ විෂය භාර ඇමතිවරයා පවා සෑහෙන ආඩම්බරෙන් කියල තිබුනා. ඒ කොහොම උනත්, ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියල ලොකු අකුරෙන් අපට අනතුරු හඟවන ත්‍රීවිල් විස්සක් තිහක්වත්, ඕනෑම වෙලාවක පාරෙ දකින්න හැකියාව තියෙන අපේ රටට, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති තවත් ආගමික නිවාඩුවක් සමරන්නට ලැබෙන විනෝදය මේ වෙසක් දවසෙන් පස්සෙ උදා වෙනවා.

කෝටි හයක මහා මුදලක් ජනතාවගේ මුදල් වලින්, අයවැය හරහාම වෙන් කරවාගෙන සමරන්නට යනවාය කියන මේ කානිවල් එකත්, මිනිස්සු පොදි කාගෙන, නිදි වරාගෙන, අතේ තියෙන කීය හරි වියදම් කරගෙන බලන්න යන්න නියමිතයි හැමදාම වගේම. අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේම, සතුට සහ ප්‍රබෝධය වෙනුවට, හිස්කම, නැතිකම, වේදනාව, අනියත බව ගැනම ඔලුවට බලහත්කාරයෙන් පොවා මානසිකව අඩපණ කළ ජන වර්ගයක්, සමාජගත වීම, රංචු ගැසීම වගේ අත්‍යවශ්‍ය මිනිස් වුවමනාවන් සපුරා ගන්නට යොදාගන්නෙත් ඒ වුවමනාවන්ට එරෙහි, ඊට සහමුලින්ම වග කියන්නට ඕන තක්කඩි ආගමික සංකල්පයන් හරහා වීම මහා බරපතල සමාජ ඛේදවාචකයක්. ලංකාවේ මේ වන විට පවතින වඩා මිල අධිකම, වඩා දේශපාලනිකම, වඩා තණ්හාධිකම ආගමික ව්‍යාපාරයේ හිංසාකාරීත්වය නමැති සැඟවුණු පැතිකඩට වඩා පුළුල් අවකාශයක් ලබාදීම මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ දී දැකගන්නට ලැබෙන දෙයක්. අලි ඇතුන් වැනි සතා සීපාවුන් අරභයා මේ තාක් කල් සිදු කළ "සංස්කෘතික" හිංසනය, රාජ්‍යයේ අනුග්‍රහය ද ලබමින්, වඩාත් ප්‍රසිද්ධියේ, දේශයේ කුඩා දරුවන් දහසකගේ ජීවිත මත මුදා හැරීම මෙවර වෙසක් සමයේ සිදුවන්නට නියමිත ප්‍රධානතම කාර්යයක්.

'කුල දරුවන් දහසක් පැවිදි කිරීම' ලෙසින් මාධ්‍ය මගින් උත්කර්ෂයට නංවමින් තියෙන මේ කුප්‍රකට ළමා අපචාරයේ ප්‍රධාන අණ දෙන්නා, නායකත්වය දරන්නා වන ජනාධිපතිවරයා, ලෝකය පිළිගත් මූලික මිනිස් අයිතිවාසිකම් පවා සත පහකට මායිම් නො කරමින් මේ උත්සාහ කරන්නේ බෞද්ධ සංස්කෘතික තිරයට මුවාවී, රටේ කුඩා දරුවන් දහසකට සිය ළමා කාලය අහිමි කරවීමේ තිරශ්චීන අපරාධයට ජාත්‍යන්තර සහතිකයක් ලබා ගැනීමට කියන දේ පැහැදිලිව පෙනෙන්නට ඇති දෙයක්. කෙළි සෙල්ලම් සමග, තමන්ගේ මිතුරු මිතුරියන් දෙමාපියන් අතර නිදහසේ වැඩෙන්නට, පෞර්ෂය ගොඩ නගාගන්නට ඇති අනුල්ලංඝනීය හිමිකම, සියවස් ගණනකට මත්තේ ජීවත් වුණු ජීවිතයෙන් පලා ගිය අසාර්ථක මිනිසෙකුගේ හුදෙකලා චින්තනයක් නඩත්තු කරවා ගැනීමේ බැලමෙහෙවරට ඇද දැමීම, ඒ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ හෘද සාක්ෂිය පිළිබඳ ලජ්ජා සහගත නිදර්ශනයක්. වෙහෙර විහාර, අසපු ආරාමවල අදටත් යහතින් වාසය කරන, පරපීඩක ශ්‍රමණයන්ගේ ලිංගික වහලුන් වශයෙන් ගොදුරු වනවා හැරෙන්නට, තමන්ගේ ජීවිතය පිළිබඳ කිසිවක් කරකියා ගන්නට නො දන්නා මේ නොදරුවන්ට වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැහැ.

දිනපතා පුවත්පත් පිටු අතරින්, වසරකට සිය ගණනින් හෙළිදරව් වන මේ නින්දිත අපයෝජනය පිළිබඳ ඇස් කන් නෑසූ අයුරින් හිඳින්නට තරම්, ආගමික මායාව විසින් තම අනුගාමිකයන් මත පතුරුවා ඇති මේ ඝන අන්ධකාරය ඉතාමත්ම බලවත්. ළමා අපයෝජකයෙකු වශයෙන් අත් අඩංගුවට පත්වෙන බෞද්ධ ශ්‍රමණයින්, හිමිවරුන් ලෙස නො තකා, චීවරධාරීන් හැටියට නම් කිරීමෙන් ම පෙන්නුම් කරන්නේ අසීමාන්තික ආගමික ගැති මනෝභාවයයි. ඒ අනුව, මේ ශ්‍රමණයන් වහා නිදහස් කරනවා ඔවුන්ගේ වගකීමෙන්, කිසිදු කිළුටක් ඔවුන්ගේ ආගම මත තැවරෙන්නට කලින්. මේ ඉතාම කැත අවස්ථාවාදය ඕනෑම අපරාධයක් තුළින් මේ රැවටිලිකාර මහණුන්ට ගැලවී යන්නට සමාජය විසින් ම තනා දෙන සිදුරක්.

වසර දෙකහමාරක් තිස්සේ කිසිදු ආකාරයක සාධනීය හැකියාවක් පෙන්නන්නට අසමත් වූ බෙලහීන නායකයා, ජාතිකවාදී බලවේග තුළ සිය පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා මේ රටේ කුඩා දරුවන් දහසක් බිලි දෙන්නට කැඳවාගෙන යන, සංඝ ශාසනය නම් වූ ස්වර්ණාලේපිත දංගෙඩිය ඒ තරම්ම අපවිත්‍ර, දූෂිත, බිහිසුණු තැනක්. ඒ මත තැවරී ඇත්තේ සිය ප්‍රීතිමත් කුඩා කාලය අහිමිවූ අසරණ දුගී දුප්පත් දරුවන්ගේ කඳුළුයි. ඒ මත වියළී තිබෙන්නේ, වයෝවෘද්ධ මහණුන්ගේ ලිංගික හිරිහැරවලින් ඉතිරි වූ රුධිර පැල්ලම් පමණයි. රටේ දරුවන් මන්ද පෝෂණයෙන්, ඩෙංගු වසංගතයෙන් අසරණව මිය ඇදෙද්දී, නිසි අධ්‍යාපනයක් නො ලබා, හිසට සෙවණක් නො ලබා මහ මගට ඇද වැටෙද්දී, ඔවුන්ට කිසිදු පිහිටක් ලබා දීමට අපොහොසත්, අසමත් පාලකයන් මේ උත්සවශ්‍රීයෙන් සමරන්නට යන ඊනියා පුණ්‍යකර්මය ඉතා පැහැදිලිව ම්ලේච්ඡ බිලි පූජාවක් හැරෙන්නට අන් කිසිවක් නොවෙයි.

ජාති ආගම් කුල භේදයෙන් මිනිසුන් පෙළන, එකිනෙකා අතර වෛරය හා සැකය අවුලන විහාරවාසී ජරාජීර්ණ මහල්ලන්ගේ අණසකට යටත්ව, යල් පැන ගිය සූත්‍ර පිඨක කට පාඩම් කරනවාට වඩා ඕනෑ තරම් දේ කුඩා දරුවන්ට මේ සුන්දර ලෝකයේ සොයා ගන්නට පුලුවන්. මලින් පිරුණු වන උයන් අතර, වන ලැහැබ් අතර සමනලුන් හඹා යා යුතු දිවියක් ඒ. සිය මිතුරු සමාගම් සමග පාසලේ දී, මහමග දී, වත්තේ පිටියේ දී ජීවිතය ඉගෙන ගත යුතුයි ඔවුන්. එළඹෙන දිනක දී, මේ ලෝකය වඩා යහපත් තැනක් කරන්නට අපට වඩා දියුණු, උපක්‍රමශීලී මෙන්ම, වඩා නිර්මාණශීලී ක්‍රමවේද ඔවුන් ඉගෙන ගනීවි තමන්ගේම අවටින්. ඒ වෙනුවෙන් ඔවුන් නිදහස් කළ යුතුයි ආගමෙන්, ජාතියෙන්, සංස්කෘතියෙන් දූෂිත නොවුනු පිවිතුරු සිතුවිලි වලාකුළු අතරට. ඔවුන්ට ලබා දිය යුතුයි අපි, ගවේෂණය කිරීම සඳහා නව මංපෙත්. ඒ වෙනුවෙන් ආරක්ෂාව, පෝෂණය සහ අධ්‍යාපනය අඩු නැතිව ලබා දෙනවා හැරෙන්නට, අපට අයිතියක් නැහැ වෙන කිසිම ආකාරයක බලපෑමක් හෝ පීඩනයක් යොදන්නට මේ සුන්දර ළමා ළපටින් මත.

අවුරුදු දෙදහස් හයසීයක්ම ගතවීමෙන් පස්සේත්, තමන්ගේ ආගම රැකෙන්නට, අනුන්ගේ දරුවන් පීඩාවට පත් කළ යුතුයි කියා කිසිදු පැකිළීමක් නැතිව සිතන ජන වර්ගයකගේ අහිංසාවාදී සුබ පැතුම් පලක් ඇත්තේ කාටද? ඔවුන් ලියා එවන වෙසක් පත්, ඔවුන් දල්වන පහන් කාට කෙසේ විමුක්තිය උදා කරන්නද? සදාකාලික චින්තන සිරගෙයක අගුළුලන්නට, ජනාධිපති අණ ලැබූ ඒ අසරණ දරුවන් දහසගේ කඳුළින් තෙතබරිත ඔබේ සුබ පැතුම් මේ එළඹෙන වෙසක් සමයේ මා වෙත එවීමෙන් වළකින්න. තවත් කුමන සුබ පැතුම් ද? මල් කැකුළු මතින් රූරා හැලෙන දුක් කඳුළුම මිස...
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Vesak Festival, United Nations, International Vesak Day, President Maithreepala Sirisena, Ordain of thousand children, Child rights, Buddhism, Novice monks, Buddhist Monks, Buddhist Temples in Sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
හිරාන් ද සේරම්ගෙන් තවත් වියමන්
අදහස්
ෆිදෙල් කස්ත්‍රෝ - පීඩිතයාට ජීවය ද ආදරය ද දුන් සදාකාලික සටන්කරුවා!
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.
What's New | අලුතෙන්ම
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook