Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
බූන්දි, 18:16:42
හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා වී අවසානයේ මෙම හේතුවාදය යන වදන ඒ සඳහා යෙදී ඇත්තේ අඩමානයට මෙනි. කෙසේ හෝ අද වන විට එය හේතුවාදය වශයෙන්ම සිංහල බසෙහි පැලපදියම් වී තිබේ.

Rationalismයන ඉංග‍්‍රීසි වදන සඳහා ලොව පිළිගත් අරුත් ගැන්වීම් දෙකක් තිබේ. ඒ මෙලෙසිනි.

1. නිගමනයන් හෝ ක‍්‍රියාවන් ආගමික විශ්වාසයන් හෝ භාවාත්මක ප‍්‍රතිචාරයන් මත නොව තර්කය සහ දැනුම මත පදනම් විය යුතු ය යන විශ්වාසය හෝ න්‍යාය.

2. දැනුමෙහි නිශ්චිත පදනම අත්දැකීම් මත නොව තර්ක බුද්ධිය මත පිහිටිය යුතු ය යන න්‍යාය.

මගේ පෞද්ගලික විශ්වාසය අනුව මානව ඉතිහාසයේ ප‍්‍රථම හේතුවාදියා ක‍්‍රිස්තු පූර්ව හයවන සියවසේ ඉන්දියාවේ පහළ වූ සිද්ධාර්ථ ගෞතම නම් ශාස්තෘවරයා ය. එනම් බුදුන් වහන්සේය. එහෙත් එම දේශනාවේ මූලික හේතුවාදී පදනම යටපත් කොට පසුව සංවර්ධනය වූ බුද්ධාගම නම් ආගමික දෘෂ්ටිවාදය නිසා ලොව හේතුවාදීන්ගේ ලේඛනයේ මුලින්ම සඳහන් විය යුතු සිද්ධාර්ථ ගෞතම නාමය ඉන් බැහැරට ඇදී ගොස් ඇති අයුරක් පෙනෙන්නට තිබේ. හේතුවාදී න්‍යාය මුළුමනින්ම අන්තර්ගත පටිච්ච සමුප්පාදය නම් න්‍යාය ඇතුළත් මූලික බුදු සමයෙන් එය අර්ථකථනය වනුයේ මෙලෙසිනි.

ඉමස්මිං සති ඉදං හොති - මෙය ඇති කල්හි මෙය වෙයි.
(හේතුව පවත්නා කල්හි ප‍්‍රතිඵලය පවතී.)
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති - මෙය ඉපදීමෙන් මෙය උපදී.
(හේතුව හට ගැනීමෙන් ඵලය හටගනී.)
අමස්මිං අසති ඉදං නහොති - මෙය නැති කල්හි මෙය නොවේ.
(හේතුව නොපවත්නා කල්හි ප‍්‍රතිඵලය නොපවතී.)
ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති - මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
(හේතුව නැතිවීමෙන් ප‍්‍රතිඵලය නැතිවේ.)


හේතුඵලවාදය හෙවත් පටිච්ච සමුප්පාදය Causality යන ඉංග‍්‍රීසි වදන හා මනාව සැසඳෙනුයේ එබැවිනි.

හේතුඵලවාදය පිළිබඳව කතා කරන විට ඊට අතිශයින් සමාන්තර ගමනක යන චින්තන ධාරාවක් වන හේතුවාදය පිළිබඳව ද සඳහන් කළ යුතු ය. නමුදු අද වනවිට සමස්ත ශ‍්‍රී ලාංකීය ජන සමාජයෙන් සියයට අනූවකටත් වඩා සිතනුයේ හේතුවාදය යනු අනාගමික සේම ආගම් විරෝධී චින්තන ධාරාවක් බව ය. එය බලවත් මුලාවකි.

කෙසේ හෝ ශ‍්‍රී ලාංකීය හේතුවාදයේ පියා වශයෙන් සැලකෙන එහි සමාරම්භක සභාපති ඒබ‍්‍රහම් තෝමස් කොවුර් විසින් එක්දහස් නවසිය හැටේ දශකයේ ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමය පිහිටුවීමත් සමඟ එය සියලූ ආගමික සංස්කෘතික සාරධර්ම පද්ධතින් නිශේධනය කරන ශුන්‍යතාවාදයක් (Nihilism) යන මතය රටපුරා පැතිර ගොස් තිබේ. එදා තත්ත්වය පසෙක තිබිය දී අද ද බොහෝ දෙනකු සිතනුයේ හේතුවාදීන් යනු ආගම් වහකදුරු කොටගත් පිරිසක් ලෙසිනි.

ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ ඇතැම් වත්මන් සාමාජිකයන් තුළ පවා මෙවන් ආගමික විරෝධයක් පැන නැඟ ඇත්තේ එහි නිර්මාතෘ දිවංගත ආචාර්ය එ්බ‍්‍රහම් ටී. කොවුර් හේතුවාදය සහ ආගම් ඇදහීම සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය පිළිබඳව නිසි වැටහීමක් නොමැති නිසා යැයි මට සිතෙයි.

ඒ සම්බන්ධයෙන් ආචාර්ය කොවුර්ගේ අගනා අදහස් දැක්වීමකට මුල පිරෙනුයේ පරගම්මන සිරිල් විජේසිංහ නම් මහතකු 1968 ඔක්තෝබර් හත්වන දා 'සිලෝන් ඔබ්සවර්' පුවත්පත සඳහා ලියනු ලැබූ ලිපියකි. විජේසිංහ මහතාගේ ලිපිය මෙලෙසිනි.

"පුනරුත්පත්තිය, කර්මය, බුද්ධත්වය ආදී සියලූ ආගමික විශ්වාසයන් හේතුවාදය මගින් ප‍්‍රතික්ෂේප වන බව අප රටේ හිඳින ප‍්‍රමුඛතම හේතුවාදියා වන ඒබ‍්‍රහම් ටී. කොවුර් මහතා නොබෝදා දේශනයක දී සඳහන් කොට ඇත.

ඔහුගේ එම ප‍්‍රකාශය වෙත මගේ අවධානය යොමුව තිබේ. ඒ ඔහුගේ හේතුවාදී සංගමයේ නිලධාරීන්ගෙන් වැඩි දෙනකු බොදු වත් පිළිවෙත් අනුගමනය කරන්නවුන් බව මා පෞද්ගලිකව දන්නා නිසා ය. (කොවුර් මහතා කෙසේ කීව ද) මෙම මහතුන්ට පුනරුත්පත්තිය ආදී ආගමික විශ්වාස පරම සත්‍යයක් මිස බොරු නොවේ.

ඒ අනුව මෙම විෂයය පිළිබඳව සභාපතිවරයා දරන ස්ථාවරය පිළිබඳව මෙම මහත්වරුන් සිතනුයේ කුමක් ද යන්න දැනගැනීම අපට වැදගත් වනු ඇත. මේ සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ සමාජයෙන් 'මිථ්‍යා විශ්වාස' දුරු කරලීමට පෙර ඒවා තම සාමාජිකයන් වෙතින් ඉවත් කිරීම ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයට වඩාත් ඵලදායී විය හැකි බව ය."


සිරිල් විජේසිංහ මහතාගේ මෙම අභියෝගාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් එවක ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමය මගින් ප‍්‍රකාශිත The Ceylon Rationalist Ambassador ලිපි කළඹ මගින් ආචාර්ය කොවුර් දී ඇත්තේ මෙබඳු අතිශය සහනශීලී පිළිතුරකි.

"හේතුවාදය මගින් සියලූ ආගමික විශ්වාස ප‍්‍රතික්ෂේප වන බව මෑතක දී මා ප‍්‍රකාශ කළ බවක් විජේසිංහ මහතා පවසා ඇත. මා කිසි විටෙකත් එබඳු ප‍්‍රකාශයක් කොට නැත. එපමණක් නොව මගේ ප‍්‍රකාශය වාර්තා කළ පුවත්පතේ ද එවැන්නක් සඳහන්ව නැත.

කිසිදු ආගමක යහපත්, සදාචාරාත්මක අංග ප‍්‍රතික්ෂේප කිරීමට හේතුවාදීන්ට අවශ්‍ය නැත. ඔවුහු එසේ නොකරති. ඔවුන් පසුබට නොවනුයේ ආගම් හා සබැඳුණු මිථ්‍යා විශ්වාස ප‍්‍රතික්ෂේප කිරීමට පමණි. අනෙක බොහෝ ආගම්වලින් ඉදිරිපත් කෙරෙන යහපත් සදාචාරාත්මක ඉගැන්වීම් එම ආගම්වල ඒකාධිකාරයන් නොවන බව ද හේතුවාදීහු දනිති. එනිසා එ්වා ආගම් හා සබැඳුණු මිථ්‍යාවන් හා කලවම් කර නොගන්නා හේතුවාදීහු ඇතැම් ආගමික භක්තිමතුන්ටත් වඩා හොඳින් එම සදාචාර ධර්ම පිළිපදිති."


එසේ පවසන ආචාර්ය කොවුර් එහි මෙසේ ද සඳහන් කර ඇත.

"ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමය එම අරමුණු හා එක්වන සැමට එක සේ විවෘත ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යූහයකි. දැනට ගුප්ත අන්ධකාරයේ ගිලී ඇති තර්කයටත්, විමර්ශනයටත් ලක් කළ හැකි සෑම දෙයක් කෙරෙහිම සංවිභාගශීලීවීම එහි මූලික අරමුණු අතර වෙයි. එමෙන්ම ජාති, ආගම්, කුල ආදිය මුල් කර ගනිමින් සමාජීය, දේශපාලනික, ආර්ථිකමය වශයෙන් මානව සංහතියේ අභිවෘද්ධියට සිදු කෙරෙන නොවිධිමත් බලපෑම්වලට විරෝධය පෑම ද අප සංගමයේ අරමුණකි. ලෞකික (Secular) වූ ආචාර ධර්මීය විනයවත් අධ්‍යාපනයක් තුළින් බුද්ධිමත්, සදාචාරාත්මක පුරවැසියන් සමාජයට දායක කරවීම අප සංගමයේ අරමුණය.

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සියලූ සාමාජිකයෝ මෙම පොදු අරමුණු උදෙසා ක‍්‍රියා කරති. අන් බොහෝ අය සේම අප සාමාජිකයෝ ද කුඩා වියේ සිට ආගම්වල නාමයෙන් විවිධ අන්ධ මිථ්‍යා විශ්වාස මගින් හැසිරවුණු මනැස්වලින් යුක්ත වූවෝ වෙති. අපගේ අරමුණ වනුයේ ඒ තුළින් මුදා ගන්නා ඔවුන් හේතුවාදී චින්තනයට යොමු කිරීම ය. මෙහි දී ආගම්වලින් මෙන් ඔවුන්ගේ සිතීමේ හා විමසීමේ නිදහසට අප විසින් වැට කඩොලු බඳිනු නොලැබේ. ඒ අනුව ඇත්තෙන් නැත්ත වෙන්කර ගැනීමට ඇති හැකියාව මත එම මිථ්‍යා විශ්වාස එකි'නෙක දුරු කර ගැනීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත. එබැවින් හේතුවාදී සංගමයේ සාමාජිකයන් ආගම් විශ්වාස මුලිනුපුටා දැමිය යුතු ය යන විජේසිංහ මහතාගේ උපකල්පනය හුදු සාවද්‍ය එකක් බව කිව යුතු ය.

ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ සාමාජිකයන් වැඩි දෙනකු බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කරන බව විජේසිංහ මහතා පෞද්ගලිකව දැන හිඳින්නට පුළුවන. එය අපට ප‍්‍රශ්නයක් නොවේ. එමෙන්ම ලෝකය මැවූ සර්වබලධාරී දෙවියකු පිළිබඳවත්, මරණින් මතු ඉවත්ව යන ආත්මයක් පිළිබඳවත් සංකල්ප මුළුමනින්ම බැහැර කොට ඇති බුදු දහමින් ශේෂ වී ඇති බුද්ධාගම දැනට පවත්නා සෙසු ආගම් අතුරින් වඩාත්ම හේතුවාදී දහම බව ද කිව යුතු ය. එමෙන්ම සෙත් කවි, නැකත්, පිරිත්, පුනරුත්පත්තිය, පේ‍්‍රත ලෝක, දිව්‍ය ලෝක, ධාතු වන්දනා, බෝධි පූජා, යක්ෂ, පේ‍්‍රත විශ්වාස, සූනියම්, නැකත් ආදී බුදු දහමේ මූලික හරයනට අයත් නොවන දේ නූතන බෞද්ධයන් මූලික බෞද්ධ ඉගැන්වීම් ලෙස පිළිගන්නා බව ද හේතුවාදීහු හොඳින් දැන අවබෝධ කරගෙන හිඳිති."


ඒ අනුව වර්තමානයේ බොහෝ දෙනෙකු 'දේවදත්තයකු' සේ දකින ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර්ගේ සැබෑ භූමිකාව දෙස විමසිලිමත් වන අපට ඔහු බෞද්ධාගමික ලේබලය අලවා නොගත් සැබෑම බෞද්ධයකු නැතහොත් බුද්ධියේ සරණ ගිය අයකු බව අපට වටහා ගත හැකි වනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Abraham Thomas Kovoor, Rationalis, Buddhism in Sri Lanka, The Buddha, Sri Lanka Rationalist Association, Rationalism, Causality
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තිලක් සේනාසිංහ ගෙන් තවත් වියමන්
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
වෙසෙස්
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
තවත් වෙසෙස් බූන්දි
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
BoondiLets
නෙල්සන් මැන්ඩෙලා කියයි.
විජයග්‍රහණය සැමරුම් අභිමුව අන් සියල්ලන් පෙරමුණෙහි ද ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතු වන්නේය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබිමුවෙහි දී ඔබ හැමවිටම පෙරමුණ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook