Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
බූන්දි, 17:58:49
ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි තුඩු අග පිබිදුණු රන හස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ

ඇගේ සුරත ගෙන පිනි විල්ලුඳ මත
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
පෙරලා ඔබ හට පෙම් කරනා බව
ඇය මුමුනන සඳ ඔබ සිත සුවපත්වේ
ඔබ සිත සුවපත්වේ

ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ


ප්‍රේමය නැතහොත් ආදරය යැයි කියූ විට ම එය ලිංගික තත්වයක්. ලිංගික යන්න ඇසෙත් ම කම්පිත වීම සාමාන්‍ය ශිෂ්ට යැයි සම්මුතිගත මිනිසාගේ ස්වභාවය. නමුත් එය අප පුළුල් ආකාරයෙන් දැකිය යුතුයි. ප්‍රේමය සම්බන්ධ කාරණයේ දී ලිංගික ජීවිතයේ චේතනා ශක්තිය පිළිබඳ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නමැති මනෝවිශ්ලේෂකයා දරන්නේ මෙවැනි මතයක්. චේතනා ශක්තිය හෙවත් චේතනා බලය කුමක් හෝ බාහිර අරමුණක් කෙරෙහි යොමුවන ශක්ති එකතුවක් බව. ඒ කියන්නේ කාම අපේක්ෂාව, කාම සංවේදනය, කාමරාගය හෙවත් ලුබ්ධිය කියන එකයි. දැන් බලන්න පුංචි ළමයෙකුගේ මේ කාම සංවේදනය හෙවත් ලුබ්ධිය මුළින් ම ඇතිවන්නේ මුඛයේ. කිරිබීම, සැපීම වගේ දේවල් නිතරම කරන්නේ ඒ නිසා. පසුව එය අත් පා සහ ශරීරයේ අනෙකුත් අංග හරහා වර්ධනය වෙනවා. මෙන්න මේ ලුබ්ධි ශක්තියේ ප්‍රධාන අංගය තමයි ලිංගික ප්‍රේමය කියන්නෙ. එය මාන බලන්නෙ ලිංගික සම්බන්ධයකට ම තමයි.

දැන් අපි මේ ගේය කාව්‍ය විමසා බලමු. මේක රචනා කරන්නෙ බණ්ඩාර කේ. විජේතුංගයි. වික්ටර් රත්නායකගේ සංගීතයෙන් වර්ණවත් වෙලා ගායනා කරන්නෙ අමරදේවයන් සහ වික්ටර් රත්නායකයනුයි. පළමුවන කාව්‍ය ඛණ්ඩය ගත්තම ඒකෙන් කියන්නේ පෙම්වතියගේ ඇකයේ හිස රඳවා ගෙන සිටිනා විට පෙම්වතා ඉන් සැනහෙනා බවත් ඇයට ආදරයක් නොවන බවත්. මෙය අමරදේවගේ මියුරු හඬින් ගැයෙන්නේ කෙනෙක් පෙම්වතාට කරුණු පැහැදිලි කර දීමක් වගෙයි. පෙම්වතාගේ කොටස ඉන් පස්සෙ කියන්නෙ වික්ටර්. ඔහු කියන්නෙ මොකද්ද? දෙකොපුල්, දෙතොල්, ඇඟිලි තුඩු, පියොවුරු යන මේ ශාරීරික අංග අලංකාර උපමාවලින් විචිත්‍රව ප්‍රකාශ කිරීමයි. ඔහු උද්දීපනය ලබන්නෙ මේවගෙන්. ඔහු කායිකව ලිංගික ආස්වාදයක් ලබන බවයි. පෙම්වතා හෝ පෙම්වතිය අනෙක් පාර්ශ්වය දැකීම, කටහඬට සවන් දීම, දේහ ගන්ධය, ස්පර්ශය, දෙතොල් රස බැලීම ආදිය සාමාන්‍ය සිද්ධින්.

බලන්න ඊලඟ කොටසින් කියන්නෙ ඇයගෙන් 'ඔයා මට ආදරෙයි ද?' කියා ඇසූ පසු පෙරලා ඇය දෙන පිළිවදනින් ඔහුගෙ සිත සුවපත් වෙන බවයි. සුවයට පත් වන්න නම් රෝගයක් තියෙන්න ඕන. රෝගය තමයි ඇය ඔහුට ආදරේ ද යන වග හෝ ආදරයේ ප්‍රමාණය දැන ගැනීමයි. ඒක සාමාන්‍ය දෙයක්නෙ ආදරවන්තයින් අතර. පිරිමියෙක් මවක කෙරේ ඇති සම්බන්ධය නිසා අවිඥානිකව ම ඇතිවන ඇල්ම ඊඩිපස් සංකීර්ණය බවත්, පියා දියණිය අතර ඇත්තේ ඉලෙක්ට්‍රා සංකීර්ණය බවත් මනෝවිශ්ලේෂකයන්ගේ මතයයි. පිරිමියෙකු බොහෝ විට සොයන්නේ තම මවට සමාන වූ පෙම්වතියක්. දියණියක් නම් පියාට සමාන ලෙස. ඒ ලිංගික අවශ්‍යතාවන් සපුරා ගැනෙන්නේ එම පෙම්වතා හෝ පෙම්වතියගෙන්. ඉතිං මේ ලිංගික සංගතිය සම්පූර්ණයෙන්ම ලිංගේන්ද්‍රියන්ට පමණක් ඉතාමත් කිට්ටුවෙන් සම්බන්ධ වූවක් නෙමේ. ආත්මීය ප්‍රේමයත් දකින්න පුළුවන්. ඒක තියෙන්නෙ මිතුරන්, දෙමාපියන්, වැඩිහිටියන් වැනි අයට. නමුත් මේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය නම් ලිංගිකත්වයෙන් තොරව ස්ථාන ගත කරන්න ම බෑ. කොහොමත් මේකෙ අවසානෙ කියවෙන විදියට ඔහු ආදරේ කරන්නෙ තමන්ට බවත් ඇයට නොවන බවත් ය. නමුත් ඔහු එය පිළිගන්නට සූදානම් නැත. ඔහු පෙරලා තමා ආලය කරන බව කියයි. ඇත්තටම එකම පුද්ගලයාගේ දෙපැත්තක් විදියටයි මෙය දැනෙන්නෙ. තමන්ගේ ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමට ආශක්ත වී වෙනකෙකුට ආදරය කරන්නේ තමාට ආදරය නිසා බව සියුම්ව හිතුවොත් තේරුම් යනවා. ඒකයි 'ඔබට පමණි ඔබ ආදරේ' කියන්නෙ. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් තමයි. නමුත් එය ලිංගිකයි. එය සංස්කෘතික රාමුවකට කොටු වීමක් ද වෙනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ayage Akayehi Sinhala Song, W.D. Amaradeva, Victor Rathnayake, Sigmund Freud, Psychoanalysis, Libido, Sex Drive
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදේශ් කවීශ්වරගෙන් තවත් වියමන්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
තවත් ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
මේ තරම් සියුමැලි ද කළුගල්....
අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්...
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
What's New | අලුතෙන්ම
කවි| බර

13-Secs

(ලාල් හෑගොඩ) ආලිංගනයෙන් මිදී කවියා
ඔසවා ගත්තේ ඇය දෑතට
මලක් දෝතට ගන්නා සැහැල්ලුවකිනි සිතේ

එනමුත් කවටකම රුචියෙන්
කීය මෙලෙස... [More]
කතන්දර| "ඔරුව"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "තෑග්ග" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "ඔරුව" ළමා කතන්දරය (අනුවාදය- දැදිගම වී. රුද්‍රිගු)... [More]
පොත්| කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය

5-Mins

(තාරක කල්දේරා) පාත්ත ගෑණි, පාත්ත කෙල්ල ආදී වශයෙනුත් පාත්තයාට මනුෂ්‍ය ස්වභාවයක් ආරූඪ කළ හැකිව තිබුණ ද ඇය මෙම ගැහැණු පාත්තයාට වික්ටෝරියානු ගෞරවාන්විතයක්... [More]
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook