Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
බූන්දි, 18:02:18
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ බොරුවකි.

නෙවිල් ප්‍රනාන්දු විසින් 2008 මාර්තු 31 දා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතින් සීමා සහිත නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික ආයෝජන සමාගම වෙත South Asian Institute of Technology and Management (SAITM) පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගන්නා ලදි. නෙවිල් ප්‍රනාන්දු ගේ ඉල්ලීම මත මෙහි ප්‍රධාන ආයෝජකයා ලෙස සීමා සහිත නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික ආයෝජන සමාගම යන්න වෙනස් කරමින් පසුව පුද්ගලිකව තමන් වෙත නෙවිල් ප්‍රනාන්දු විසින් මෙම අනුමැතිය ලබාගෙන ඇත. මෙහිදී අනුමැතිය ලබා ඇත්තේ වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට නොවේ. තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු, වෘත්තීය පුහුණු, සෞඛ්‍ය අධ්‍යාපනය, හෙද සහ භාෂා වැනි පුහුණු පාඨමාලාවන් වෙනුවෙනි.

2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, වෛද්‍ය එච්.එච්.ආර් සමරසිංහ විසින් ශ්‍රි ලංකාවේ පුද්ගලික උපාධි ප්‍රදාන ආයතනයක් සහ විදේශ වෛද්‍ය විද්‍යාලයක් එක්ව පිරිනමනු ලබන වෛද්‍ය උපාධිය පිළිගැනීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව දැනුම් දෙන ලදි. විදේශ විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය ශ්‍රි ලංකාව විසින් පිළිගැනෙන තත්ත්වයක් යටතේ පවා ඉහත "නිවුන් පාඨමාලාවන්" පිළිගත නොහැකි බව ඔහු වැඩි දුරටත් දන්වා තිබේ.

2009 සැප්තැම්බරයේදී නෙවිල් ප්‍රනාන්දු විසින් සයිටම් ආයතනය (මේ වනවිටත් එහි නම South Asian Institute of Technology and Management ය) එහි 40 දෙනෙකුගෙන් සමන්විත පළමු සිසු කණ්ඩායම වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ලියා පදිංචි කරන ලදි.

සිය දැනුම් දීම නොතකා රුපියල් ලක්ෂ 65 බැගින් අයකරමින් සිසුන් බඳවාගැනීමට සයිටම් බලධාරීන් කටයුතු කිරීම නිසා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසින් 2009 ඔක්තෝබරයේදී භාෂා තුනෙන්ම පුවත් පත් දැන්වීම් පළ කරමින් සයිටම්හි වෛද්‍ය උපාධිය පිළිගැනීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දෙන ලදි. ඒ වෛද්‍ය උපාධිය පිරිනැමීමට අදාළ නෛතික හෝ ආයතනික සුදුසුකම් නොමැති ආයතනයක් විසින් ඒ බව වංචනික ලෙස සඟවමින් වෛද්‍ය උපාධිය පිරිනමන බව කියමින් පුද්ගලයන් රවටමින් මුදල් ගසාකෑම වැළැක්වීමටය. එහෙත් නෙවිල් ප්‍රනාන්දු ආරම්භයේ සිටම උත්සාහ කළේ සිය බලගතු දේශපාලන සබඳතා උපයෝගී කරගනිමින් වෛද්‍ය සභාව විසින් මතුකළ කරුණු යටපත් කිරීමටය. ඉන් අනතුරුව හෝ 2010 පෙබරවාරියේදී ද තවත් සිසු කණ්ඩායමක් බඳවාගැනීමට කටයුතු කළේය. මේ නිසා නැවතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2010 මාර්තු භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරමින් සයිටම් හි වෛද්‍ය උපාධිය පිළිගැනීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දෙමින් ජනතාව දැනුවත් කරන ලදි.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ 2010 වාර්තාව

2010 සැප්තැම්බර් මස 01 දින පැවැත් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහා කමිටුවේ තීරණයක් අනුව සයිටම් ආයතනය පිළිබඳව විශේෂ වාර්තාවක් සකස් කිරීමට කමිටුවක් පත්කරන ලද අතර එම වාර්තාව දැන් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබේ. [බලන්න]

එම වාර්තාවේ මෙසේ සඳහන් වේ.

"4.1 ආයෝජන මණ්ඩලයට පටහැනි බව

මෑතක් වනතුරු ශ්‍රි ලංකා වෛද්‍ය සභාව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඇතුළු සමස්ත ජනතාවම විශ්වාස කරනු ලැබුයේ මාලඹේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ පූර්ණ අනුමැතිය යටතේ පිහිටුවා ඇති ආයතනයක් බවය. නමුත් මෙම සියළු කාණ්ඩ මවිතයට පත්කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලිඛිතව ශ්‍රි ලංකා වෛද්‍ය සභාවට දැනුම් දී ඇත්තේ තම ආයතනය හරහා මාලඹේ අධ්‍යාපන ආයතනයට වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවයි.

මේ අනුව පෙනී යන්නේ මෙම මාලඹේ පෞද්ගලික වෛද්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන හෝ වෛද්‍ය සේවාවේ ප්‍රමිතීන් හෝ රටේ ආර්ථිකය පිළිබඳව තීරණ ගන්නා කිසිදු ආයතනයකින් අනුමැතිය ලබා නොමැති ව්‍යාජ ආයතනයක් බවයි.

4.2 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට පටහැනි බව

විශ්ව විද්‍යාල පනතේ අංක 21 සිට 25A දක්වා වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව යටතේ පවතින ආයතනවලින් කිසිදු ගණයකට මෙම ආයතනය අයත් නොවේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසන ආකාරයට මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින ශ්‍රමිකයන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස පිහිටුවා ඇති නිසා මෙම ආයතනය අධීක්ෂණය කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට බලතල නොමැත.

4.3 ශ්‍රී ලංකා වෛද්‍ය ආඥා පනතට පටහැනි බව

මාලඹේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනය ඉහත සඳහන් කළ ආකාරයේ නිවුන් පාඨමාලාවක් ලෙස ආරම්භ කර ඇති අතර මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම ආයතනය ප්‍රතික්ෂේප කර ඇත. මේ බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව ලිඛිතව එම ආයතන ප්‍රධානීන්ට හා භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් හරහා මහජනතාවට දැනුම් දී ඇත. එම නිසා දැනට ක්‍රියාත්මක වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභා අනුමැතිය නොලත් ආයතනයකි. නමුත් පුදුමයට කරුණ වනුයේ මෙවන් පසුබිමක පවා එම ආයතනය එක් සිසුවෙකුගෙන් රුපියල් ලක්ෂ 65ක් බැගින් අයකරමින් දිගින් දිගටම සිසුන් බඳවා ගැනීමේ කටයුතුවල නිරත වීමය.

4.4 රුසියානු වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති බව

ඕනෑම රටක විශ්ව විද්‍යාලයකට පමණක් ස්වකීය කැමැත්ත අනුව තම ආයතනයේ ශාඛා වෙනත් රටවල පිහිටුවීමට නීතිමය අවස්ථාවක් නොමැත. එම ශාඛාව පිළිගත් අධ්‍යාපන ආයතනයක් වනුයේ එය මව් විශ්ව විද්‍යාලය පිහිටි රටේ උසස් අධ්‍යාපනය පිළිබඳ බලතල සහිත ආයතනයෙන් අනුමැතිය ලබා ඇත් නම් පමණි. නිෂ්නිනොව්ගොරොඩ් විශ්ව විද්‍යාලය ලබාදෙන වෛද්‍ය උපාධිය රුසියානු වෛද්‍ය සභාව මගින් පිළිගනු ලැබූවද කොටසක් රුසියාවේදී හා ඉතිරි කොටස ශ්‍රී ලංකාවේදී අධ්‍යාපන ලබාදෙන පාඨමාලාවට රුසියානු වෛද්‍ය සභා අනුමැතිය නොමැත. මෙම සියළු කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ මෙම ආයතනය වෛද්‍ය විද්‍යාලයක් මුවාවෙන් සිදු කරන මුල්‍ය වංචාවක් බවය."

-සයිටම් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වාර්තාව 2010


ආයෝජන මණ්ඩලය විසින් වෛද්‍ය සභාවට එවන ලද පිළිතුර-

2010 අගොස්තු 09 වැනි දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය ලලිතා මෙන්ඩිස් විසින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ප්‍රශ්නමාලාවක් South Asian Institute of Technology and Management ආයතනය සහ එහි ලියාපදිංචිය පිළිබඳව විමසන ලදී.

එහි ලා ඇය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න කීපයක් සහ ආයෝජන මණ්ඩලය විසින් දෙන ලද පිළිතුරු පහත දැක්වේ.

"2. වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම සඳහා යෝජනාවක් ඉල්ලුම් පත්‍රයේ අන්තර්ගත වූයේද?
පිළිතුර- නැත.

3. ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය [Nizhny Novgorod State Medical Academy (NNSMA)] සමග විදේශීය විශ්ව විද්‍යාලයක් ශ්‍රි ලංකාව තුළ පිහිටුවනු සඳහා ඒකාබද්ධ ඉල්ලුම්පත්‍රයක් ලෙසද?

පිළිතුර- නැත. ඉහත දැක්වෙන ආකාරයට මෙය 100%ක්ම දේශීය ආයතනයකි.

4. NNSMA ආයතනය විසින් ශ්‍රි ලංකාව තුළ විදේශිය විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සඳහා වෙනම ඉල්ලුම් කර තිබේද?

පිළිතුර- නැත.

7. කාරුණාකර අනෙකුත් අදාළ විස්තර සපයන්න.

පිළිතුර- සීමාසහිත නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික ආයෝජන සමාගම ඔවුන්ගේ 2008 මැයි 21 දාතමින් යුතු ලිපිය මගින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ ඔහු ගරු සෞඛ්‍ය ඇමැතිවරයා, ජනාධිපති, ශ්‍රි ලංකා වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වෙත පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා ඇති බවයි. එමෙන්ම ඔහු ඔවුන් වෙත යැවූ ලිපිවල පිටපත් ඉදිරිපත් කොට ඇත.

2009 ජනවාරි 26 වැනි දින දාතමින් යුතුව නෙවිල් ප්‍රනාන්දු විසින් ලියන ලිපිය මගින් ඔහු දන්වා ඇත්තේ රුසියාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් සමග එනම් නිෂ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය සමග සම්බන්ධව (Doctor of Medicine) M.D වෛද්‍ය උපාධිය පිරිනැමීමට හැකි බවයි. එමෙන් ම ඔහු වැඩි දුරටත් දන්වා සිටියේ එම M.D උපාධිය දැනටමත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන ඇති බවයි.
"

(-2010 අගොස්තු 09 වැනි දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය ලලිතා මෙන්ඩිස් විසින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා විසින් එවන ලද පිළිතුරු ලිපියෙන්)


රුසියාවෙන් ලද ලිපිය-

රුසියාවේ සහතිකකරණ සහ අනුමත කිරීම් පිළිබඳ ජාතික ආයතනය National Accreditation Agency විසින් සයිටම් පිළිබඳ වෛද්‍ය චානක පෙරේරාගේ විමසුමට පිලිතුරු ලෙස එවන ලද ලිපියේ මෙසේ දැක්වේ. (මූලාශ්‍ර)

"නිශ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රි ලංකා විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳව විමසමින් විවිධ පුද්ගලයන්ගෙන් ලිපි ගණනාවක් ලැබී ඇති බව මම ඔබට දැන්වීමට කැමැත්තෙමි. ඒකාබද්ධ වැඩසටහන් පිළිබඳ පිළිගැනීම සහ අනුමැතිය දීම සහතිකකරණ සහ අනුමත කිරීම් පිළිබඳ ජාතික ආයතනයේ වගකීමක් නොවන බැවින් එම ලිපි සියල්ල අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ ෆෙඩරල් සුපරීක්ෂක සේවය වෙත යොමු කරන ලදි.

තවද, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් 2010 දී නිකුත් කරන ලද Report on the ill- conceived Private Medical College at Malabe (South Asian Institute of Technology and Management – SAITM) යන වාර්තාව ද අප වෙත ලැබුණ අතර අප එයද රුසියානු භාෂාවට පරිවර්තනය කර අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ ෆෙඩරල් සුපරීක්ෂක සේවය වෙත යොමු කරන ලදි.

සහතිකකරණ සහ අනුමත කිරීම් පිළිබඳ ජාතික ආයතනය රුසියානු ෆෙඩරේෂනයේ සියලු උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ දත්ත පවත්වාගෙන යයි. එහෙත් නිෂ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රි ලංකා විශ්ව විද්‍යාලයක් ගැන කිසිදු විස්තරයක් එහි අඩංගු නොවේ. මෙහි අදහස වන්නේ මෙම ඒකාබද්ධ වැඩසටහන රුසියාව තුළ පිළිගත් එකක් නොවන බවය. සියළු වැඩිදුර විමසීම් මොස්කව් හි අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ ෆෙඩරල් සුපරීක්ෂක සේවය වෙත යොමුකළ යුතුය.

මෙම තොරතුරු උපකාරී වෙතැයි සිතමි.

ඔබේ විශ්වාසි,
ඉරීනා තතරිනෝවා
අධ්‍යක්ෂක
සහතිකකරණ සහ අනුමත කිරීම් පිළිබඳ ජාතික ආයතනය
රුසියාව
"


2011 පෙබරවාරියේදී දී සයිටම් ආයතනය සිය නම South Asian Institute of Technology and Medicine ලෙස වෙනස් කරයි. මේ වනවිට ද වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසු කණ්ඩායම් ගණනාවක් බඳවාගෙන පාඨමාලා ආරම්භ කර තිබුණි. 2011 දක්වා එහි ලියාපදිංචි වී වෛද්‍ය අධ්‍යාපනය ලැබූවන් ලියාපදිංචි වී ඇත්තේ South Asian Institute of Technology and Management යන ආයතන නාමය යටතේය. වෛද්‍ය සභාව සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මෙම ආයතනයේ යෝග්‍යතාව ප්‍රශ්න කිරීමත් සමගම නෙවිල් ප්‍රනාන්දු විවිධ දහංගැට දමමින් එම ප්‍රශ්න යටපත් කරන්නට උත්සාහ දැරූ බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂගේ සිට විවිධ බලගතු දේශපාලකයන්ගේ මැතිවරණ අරමුදල් වලට මිලියන ගණන් පුදමින් ද ඔවුන්ගේ දරුවන්ට සහ ඥාතීන්ට සයිටම් ආයතනය තුළ වෛද්‍ය විද්‍යාව හැදෑරිම සඳහා ශිෂ්‍යත්ව ලබා දෙමින් ද මෙම ආයතනය පිටුපස ශක්තිමත් මාෆියාවක් ගොඩනගා ගන්නට නෙවිල් ෆ්‍රනාන්දු සමත් වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හෝ ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය වෙත එහි ආරම්භක අවස්ථාවේදී විරෝධය පළ නොකළේ යැයි ගාමිණි වියන්ගොඩ හිතාමතාම බොරු කියන බව පැහැදිලිය. ඔහු මෙම බොරුව තුළින් ගොඩනැගීමට උත්සාහ දරන තර්කය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හෝ වෛද්‍ය සභාවේ රාජපක්ෂ හිතවාදින් බවත් ඒ හේතුවෙන් ඔවුන් එදා විරෝධය පළ නොකළ බවත් අද ඔවුන් විරෝධය පළ කරන්නේ ඔවුන්ගේ සදාදරණීය යහපාලනයට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස බවත් ප්‍රචාරය කරමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සමස්ත අරගලය ජනතාව හමුවේ හෑල්ලු කිරීමටය.

මෙම ආයතනයේ වෛද්‍ය පාඨමාලාව සඳහා රුපියල් මිලියන 65 සිට 12 දක්වා මුදලක් ගෙවා ඇති සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් මෙම ආයතනය සම්බන්ධව වෛද්‍ය සභාව හෝ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කරන ලද අනතුරු ඇඟවීම්වලින් පසුවත් එකෙකු දෙන්නෙකු හැර සෙස්සන් ඒ පිළිබඳව නිසිලෙස සොයා බලා නැත්තේ මන්ද? මිලියන 12ක් යනු ඔවුන්ට එතරම් කජ්ජක් නොවූ නිසාද? නැතහොත් අවසානයේ දී තමන් රාජපක්ෂලා, රාජිත සේනාරත්නලා, එස්. බී දිසානායකලා, ලක්ෂ්මන් කිරිඇල්ලලා හරහා සියල්ල ඉටු කරගෙන තත්ත්වය පාලනය කරන බවට දුන් ප්‍රතිඥාවන් විශ්වාස කළ නිසාද?

ගාමිණි වියන්ගොඩ විසින් සයිටම් සිසුන් සිය ආයතනයේ සහ එහි පාඨමාලාවන්ගේ ප්‍රමිතිය පිළිබඳව රජයේ විශ්ව විද්‍යාලවල සිසුන්ට වඩා උනන්දුවක් දක්වන බැවින් එහි ප්‍රමිතිය වඩාත් උසස්මට්ටමක පැවතීමට එය හේතුවනු ඇතැයි තවත් ප්‍රලාපයක් ගොඩනගයි.

"....රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තමන්ට නොමිලේ ලැබෙන නිසා එම අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇස් වසාගෙන සිටියාට, ලක්ෂ සීයක් පමණ වියදම් කරන සයිටම් ශිෂ්‍යයා තමන්ගේ අධ්‍යාපනය ගැන ඇස් කන් පියාගෙන සිටින්නේ නැත. එබැවින්, ප්‍රමිතිය පිළිබඳව අදාළ සෘජු පාර්ශ්වයේම මැදිහත් වීමක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකදී අපට දැක ගත හැකිය."

-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක- 7)


"රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු මෙන් නොව, තමන් ලබන අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා විශේෂ උනන්දුවක් දක්වයි. එහිදී සයිටම් විශ්ව විද්‍යාලය උදාහරණයට ගනිමින් එහි ශිෂ්‍යයෙකු වැය කරන ලක්ෂ සීයක් හෝ ඊට ආසන්න අති විශාල මුදල් ප්‍රමාණය නිසා, ඒ මුදලේ වටිනාකමට සරිලන අධ්‍යාපනයක් ලබා ගැනීම කෙරෙහි එවැනි ශිෂ්‍යයෙකු ස්වභාවයෙන්ම විශේෂ උනන්දුවක් දක්වන බව පෙන්වා දුනිමි.

ලක්ෂ සීයක් යනු සෙල්ලමක් නොවේ. එබැවින්, ප්‍රමිතිය පිළිබඳව සයිටම් ශිෂ්‍යයෙකු වඩාත් සවිඥානක වනු නියතයි."

-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක- 8)


ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසින් පළ කළ පුවත් පත් දැන්වීම් ගණන් නොගෙන මිලියන ගණන් නෙවිල් ප්‍රනාන්දුගේ වෛද්‍ය විද්‍යාල ජාවාරමට බැර කළවුන් දෙතුන් දෙනෙකු දැන් සයිටම් ආයතනයට එරෙහිව නඩු පවරා ඇත. සයිටම් ආයතනය තමන්ට වංචා කළ බව පවසමින් නිතිය හමුවේ සහ වෙනත් ආයතන හමුවේ පැමිණිලි කළ සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට කටයුතු කරමින් සයිටම් ආයතනය සිය "ඉහළ ප්‍රමිතිය" රැක ගෙන තිබේ. සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් සිය ආයතනයේ ප්‍රමිතිය රැකගැනීමට කොතෙක් කැපවී තිබේදැයි කිව හොත් ඔහු ඒ වෙනුවෙන් සිය මෝටර් රථයටම වෙඩි තබාගැනීමට තරම් පරිත්‍යාගශීලි වී තිබේ.

සයිටම් සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් බහුතරය රුපියල් මිලියන 12ක් ගෙවා ඇත්තේ ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමැතිය තමන්ට ඇතැයි ද රුසියාවේ නිශ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය සමග ඒකාබද්ධව (Doctor of Medicine) M.D වෛද්‍ය උපාධිය පිරිනැමීමට කටයුතු කරන බවට ද පවසන ලද බොරු අමු අමුවේ ගිල දමමිනි. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මගින් වෛද්‍ය උපාධියක් පිරිනැමීම යනු විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ එය ලංකාවේදී සාමන්‍යයක් නොවන බැවිනි. එහෙත් වියන්ගොඩගේ පවසන "ඉහළ ප්‍රමිතිය" මිලියන ගණන් දී මිලට ගත් සයිටම් සිසුන්ට හෝ ඔවුන්ගේ දෙමව්පියන් බහුතරයකට අඩු තරමින් මෙම ආයතනයේ හෝ එහි පාඨමාලාවන්ගේ අව්‍යාජත්වය තහවුරු කරගැනීමට පවා එතරම් උනන්දුවක් තිබී නැති සෙයකි. නැතහොත් ඔවුන් ද මෙම ආයතනයේ සිදුවන වංචනික සහ දූෂිත ක්‍රියාවලිය ගැන හොඳින්ම දැනුවත්ව අවසානයේදී දේශපාලන බලය යොදාගනිමින් වෛද්‍ය උපාධි සහතිකය මිලට ගැනීමට තමන්ට හැකිවෙතැයි යන විශ්වාසයේ පසුවන්නට ඇත. එහෙයින් මේ අතේ තිබූ දෙය කටේ දාගන්නට මොහොතකට පෙර සියල්ල කඩාකප්පල් කළ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සමස්ත සිසු පරපුරටත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයටත් ඔවුන්ගේ දැඩි වෛරය එල්ල වී තිබීම තේරුම්ගත හැකි දෙයකි.


තම ආයතනයේ ප්‍රමිතිය පිළිබදව දැඩිලෙස සැලකිළිමත් යැයි වියන්ගොඩ විසින් පවසන සයිටම් සිසුන් බාලාංශ ළමුන් මෙන් එක් ශිෂ්‍යාවකගේ පියෙකු පිළිගැනීමට පෙළ සැදී සිටින අන්දම


නාමල් සයිටම් නෙවිල් කාර්යමණ්ඩලය සහ රෝහිත සහ ඔහුගේ දුව


නාමල් සහ රෝහිත අබියස සයිටම් නෙවිල් සහ එහි කාර්යමණ්ඩලය එකත්පස්ව සිටිමින්

[ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- South Asian Institute of Technology and Medicine(SAITM), Gamini Viyangoda, Government Medical Officers Association (GMOA), Inter-University Students Federation, Namal Rajapaksa, Rohitha Abeygunawardena
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
පරිවර්තන
Torture Camp
තවත් අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
නිකෝස් කසන්සාකිස් කියයි.
සැබෑ ගුරුවරු නම් තම සිසුන් තරණය කළ යුතු යයි සිතන දේ හරහා යාමට තමන් ම පාලම් බවට හැරවෙන්නෝ ය. තරණයට උදව් කළ පසු සතුටින් බිඳ... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook