Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
බූන්දි, 19:30:17
පසුව ලියමි-

කතාවක් පටන් ගැන්මට පෙර පසුව ලිවිය යුතු කොටස ලිවීම කියවන්නා තව දුරටත් කතාව වෙත බැඳ තබා ගන්නට මා සතුව ඇති නොහැකියාව ඕනෑවට වඩා පෙන්නවා විය හැකියි. මේ කතාව ලියන කතා නායිකාව මේ වන විටත් ඇලුමිනියම් මුට්ටියක තැම්බෙන නියඟලා අලයට ලුණු ඉහගෙන කනවද එහෙමත් නැත්නම් ගම්මිරිස් ඉහගෙන කනවාද කියා දෙගිඩියාවෙන් සිටිනවා විය හැකියි. එසේ නැත්නම් නියඟලා අලය ලබා දෙන මරණය හිතනවාට වඩා වේදනාත්මක වේ දැයි සිතමින් මෙය ලියනවා විය හැකියි. බාගදා නියඟලා අලය නිසා මැරෙමින් සිටින විට කවුරුන් හෝ තමාව බේරා ගනිතොත් එතනින් පසුව ජීවිතය වඩා සුවදායි කරගැනීමට යමක් බැංකු පොතක ඉතිරි කර යෑමට සිතා සිටිනවා විය හැකියි. සැබවින්ම බොහෝ දේ අපට අනුමාන කළ හැකි වුනද ඒ අනුමානයන් අතර සත්‍ය තිබේ යැයි විශ්වාසයෙන් කිවීමට නොහැකි වීම කණගාටුයි. අනුමානයන්, කල්පිතයන් හා මනංකල්පිතයන් ගැන වධවීම් මා මෙන් පසෙකලා කතා නායිකාවට නිදහසේ ඇගේ කතාව කියාගෙන යාමට ඉඩදීම මේ මොහොතේ හැටියට යුතු යැයි හැඟෙයි.

කතාව-

මම ඒ ෆෝ කඩදාසියේ කළු පෑනකින් මළගෙයක චිත්‍රයක් අඳින්න පටන් ගත්තා. මුලින්ම ඒ ෆෝ කොලේ උඩින්ම ඇන්දේ ඉරක්. පස්සේ බෝල බෝල වලාකුළු හතරක්. කපුටෝ තුනක් අඳින එක ඕනෑවට වඩා වැඩියි. එක කපුටෙක් විතරක් අඳිනවා. ඒ හොඳටම ඇති. කොරියන් වගේම හින්දි ෆිල්ම් වල වුනත් සියදිවි නසා ගන්න දර්ශන වල කිසිම වෙලාවක චිත්‍රයක් අඳින ජවනිකාවක් තිබිලා නැහැ. මම බලපු කතාවල තියලා නැහැ කියන එක තමා හරිම කතාව. ලියුමක් ලියා තැබීම තමා සම්මතය. පොඩි කොළයක් අරගෙන එකේ තීන්ත බොඳ වෙලා ගිය අකුරු වලින් මොනා හරි වැල්වටාරමක් තමා කළ යුතුව තියෙන්නේ. එහෙම වුනාම සියදිවි නසාගත්ත හේතුව හොයා ගන්න අමාරුවක් නැහැ. ඒත් මට හේතුව ඉතිරි කරලා යන්න උවමනාවක් නැති නිසා මෙහෙම දෙයක් අන්තිම පැය දෙක තුනේ කරන එක හොඳයි. මළගෙයක් පුළුවන් විදිහට කුරුටු ගාන එක. පස්සේ කඩදාසිය හතරට නවල මැද හොයාගෙන එතනින් මිනී පෙට්ටිය අඳින්න පටන් ගත්තා. පස්සේ පෙට්ටිය වටේට රෝස මල් වඩම්. පෙට්ටිය තාම හිස්.

දොස්තර එක කිව්වේ මේ වගේ අසාමාන්‍ය තත්ත්ව වලට තවම විද්‍යාත්මක පැහැදිළි කිරීමක් හොයාගෙන නැති නිසා බෙහෙතක් දෙන්න බැහැය කියලා. දෙක සහ තුන දොස්තරලා කීවෙත් එකමයි. එක ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් හලන්නේ නැතිව. අවශ්‍ය නම් හතර දොස්තර කෙනෙක්ව චැනල් කරන්න මගේ ළඟ සල්ලි තිබුනත් මම ඒ සල්ලි වලින් සයිවර් කඩයකට ගිහින් තෝසයක් කාලා ප්ලේන්ටියක් බිව්වා.

මගේ හදවත සාමාන්‍ය නොවීම සම්බන්ධයෙන් වැරදිකරු කවුරුන්ද කියලා දැනගන්න එක මගේ මූලික අයිතිවාසිකමක්. තොරතුරු දැනගැනීමේ අයිතිය. පල්ලියේ පාදිලි කිව්වේ මැවීමේදී සිද්ද වුන වැරැද්දක් විත්තිය. ඒ විදිහට බැලුවොතින් වැරදිකරු දෙවියන් වහන්සේ තමා. ලංකාවේ නම් නොසැලකිලිමත් රිය ධාවනයට, බීමත් රිය ධාවනයට පවා රුපියල් පන්සියේ දාහේ දඩ ගැහුවත්, දඩේ ගෙවාගන්න බැරි අයව හිරේ විලංගුවේ දැම්මත් , 'නොසැලකිලිමත් ලෙස මිනිසෙකු මැවීම' (බාගදා බීමත්ව) කියන වරද සම්බන්ධයෙන් දෙවියන්ට දඩුවමක් නොපැනවීම ගැන මට තියෙන්නේ හරිම තරහක්. දෙවියන්ට විරුද්ධව මට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. එයා ඉන්නේ හැංගිලා නිසාත් පොලිස්සියට කියලා බෝගම්බර යවන්න බැරි නිසාත් මා වෙනුවෙන් යමක් කරන්න, දෙවියන්ට මගේ තරමින් දඬුවමක් දීමට කළ හැකි හොඳම විසඳුම කියලා පෙනුනේ, දෙවියන්ගේ අත්වැරැද්ද නිවැරදි කිරීම, දේව මැවිල්ල විනාස කර දෙවියන්ව රිදවීම, සියදිවි නසා ගැනීම.

හැමෝටම තිබ්බේ හරිම සාමාන්‍ය හදවත්. කර්ණිකා දෙකයි, කෝෂිකා දෙකයි. හෘද් කර්ණික කෝෂික ආවරයෙන් දෙකට බෙදිලා. පෙනහළු දෙක මැද්දේ වමට බරව. මගේ හදවත වමට හා දකුණට බරව කෝෂිකා හතරකුයි කර්ණිකා හතරකුයි එක්ක. මට තියෙන්නේ දෙබිඩි හදවතක්. හදවත් දෙකක් එකට බයින්ඩර් ගාලා අලවලා වගේ. මම කලින් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. පෙම්වතා නොම්බර එක පැමිණීම වෙනකොටත් මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.

පෙම්වතා නොම්බර එක, දෙකේ කාසියක් වගේ පැතලි, සුදුයි. උස වගේ පෙනුමයි. එයා ආවෙ විද්‍යුත් චුම්බක තරංග දිගේ බඩ ගාගෙන. එයාට කළ හැකි සහ කළ නොහැකි එකම දේ වෙලා තිබ්බේ ප්‍රේම කිරීම. එයා ද්විමානයි. අල්ලා බැලිය නොහැකියි. සීතල කාලගුණයක දී උණුසුම් වීමක් සඳහා වැළඳගැනීම කළ නොහැකියි. පෙම්වතා නොම්බර එක කුලී ගෙවීමක් නැතිවම එක හදවතක උඩ පහළ සංසරණයට අදාළ බලපත්‍රය අරගෙන තිබ්බා. ඔහු කිසිම වෙලාවක ද්විමානයෙන් පිටට ඇවිත් ත්‍රිමානමය වස්තුවක් වෙන්න වෙහෙස වුනේ නැහැ. මට ඔහුව ත්‍රිමාණව අවශ්‍ය හැම වෙලාවකදීම එයා බොහෝ නිහඬව හිටියා. ඒක මගේ ඉරණම කියලා පිළිගන්න එයා හැම වෙලාවේම උත්සහ කළා. ඔහු මට ප්‍රේම කළා හෝ නොකළා මම ප්‍රේම කරමින් හිටියා. අනිත් සාමාන්‍ය ගෑනු ළමයි වගේම ප්‍රේමය නිසා පපුවේ වම පැත්ත රිදෙන්න ගත්තා. හරිම සාමාන්‍ය විදිහට මම අසාමන්‍ය ප්‍රේමයකට පොහොර වත්කරමින් ඉන්නකොට, කලබලයෙන් වගේ පෙම්වතා නොම්බර දෙක කඩාගෙන වැටුණා.

සාමාන්‍යයෙන් කඩාගෙන වැටෙන්නේ මොන වගේ දේවල් කියලද අහලා තියෙන්නේ. ගෙවල්, කොන්ක්‍රීට් බිල්ඩිම්, ගස් වගේ දේවල්. ගොඩක් වෙලාවලට කඩාගෙන වැටීම සතුටු හිතෙන දෙයක් වෙන්නේ නැහැ. "අයියෝ මගේ ගෙදර කඩාගෙන වැටුණා" කියලා සතුටු වෙන කාව හරි දැකලා තියෙනවද. සමහර වෙලාවලට තරු කඩාගෙන වැටෙනවා. මම වගේ බොලඳ ඇය නම් තරු කඩා වැටෙනවට ආසයි. ඒ දිහා බලාගෙන "අනේ හෙට අපේ ඔෆිස් එකට ගංවතුර ගලන්න" කියලා ප්‍රාර්ථනාවක් දෙකක් කරන්න ආසයි. පෙම්වතා නොම්බර දෙක කඩා වැටුනේ ගහක් වගේද නැත්නම් තරුවක් වගේද කියලා මට තවම හිතා ගන්න අමාරුයි. මම ඒ ගැන දන්නේ කඩාගෙන වැටුණා කියන එක විතරයි. කඩාගෙන වැටුනේ පිටකොටුවේ බෝ ගහ ගාවදි.

එයා පෙම්වතා නොම්බර එක වගේ නෙමෙයි. එයාට දාඩිය දානවා. අල්ලා බැලිය හැකි භෞතික ශරීරයක් තියෙනවා. (පෙම්වතා නොම්බර දෙක කිව්වට එයා ඒ වෙනකොට පෙම්වතා නොම්බර දෙක නෙමෙයි. බඩේ ඉන්න කළලය වුනත් ඉපදෙනකන්ම දරුවෙක් කියලා පිළිගන්නේ නැහැනේ) එයාට පෙට්‍රෝල් බීලා දුවන්න පුළුවන් යකඩ අස්පයෙක් හිටියා. ඒ අස්පයාට පෙට්‍රෝල් අරන් දෙන්න ඕනි නිසා එයා රස්සාවක් කරනවා. වඩා වැදගත්ම දේ එයා මට ආදරේ ප්‍රකාශ නොකිරීම. පෙම්වතා නොම්බර දෙක සම්බන්ධයෙන් ප්‍රේමය පහළ වුනේ ඕපපාතිකව. අහේතුකව. අපිට වචන වලින් ගිවිසුම් තිබුනේ නැහැ. කඩ කළ යුතු හෝ රැකිය යුතු පොරොන්දු තිබුනේ නැහැ. එයා ආවා. දකුණු පැත්ත හදවතේ එයාගේ නාම පුවරුවක් එල්ලුවා එච්චරයි. පෙම්වතා නොම්බර එක එයාගේ අසල්වැසියා ගැන දැනගෙන හිටියේ නැහැ. නොම්බර දෙක පෙම්වතාත් අසල්වැසියා ගැන වධ වුනේ නැහැ.

මට හදවත් දෙකක් තියෙන විත්තිය මම දැනගත්තා. ඒ හදවත් දෙකම ආකාර දෙකකට ප්‍රේමය පොම්ප කරනවා. එක හදවතක් වමටත් අනික දකුණටත්. සමහරක් රාත්‍රීන් වලදී වම් හෘදය දකුණට වඩා ප්‍රේමයෙන් බර වෙනවා. ඒ දවස් වලට මම වම් ඇලයට හැරෙනවා. තවත් දවස් වලට හෘදය බර වෙන්නේ දකුණට. එතකොට මම වඩා සුවදායි දකුණු ඇලයට නිදාගන්නවා. කාලය ගෙවුනා. වම හා දකුණ ප්‍රේමය පොම්ප කළා.

අන්තිමට කලින් බොහොම දේවල් වුනා. අපිට ගංවතුරක් ආවා. අපේ ගෙයි පඩිය ගාවටම ආවත් වතුර ගෙට දැම්මේ නැහැ. වතුර දිගේ ආපු දිය බරියෙක් නංගිගේ කකුල කාලා තිබ්බා. පෙම්වතා එක , ගංවතුරේ ඔරු පදින්න ගිහින් හිටියා. පෙම්වතා දෙක , ගංවතුර බලන්න යාලුවෙක් එක්ක රත්නපුරේ ගියා. හැමදේම නරක අතට හැරුනේ ගංවතුර නිසා කියලා මම හිතනවා. ගංවතුර එයාලව මුණ ගස්සවලා තිබ්බා. අන්තිමට විය යුතු ලෙසම වී තිබුනා. මම චපල වුනා කියලා චෝදනාව ආවා. එයාලා දෙන්නම අතිශය සාමාන්‍ය කොල්ලෝ. හදවත් දෙකක පැවැත්මක් විස්වාස කරන්න අමාරු. පෙම්වතා නොම්බර එක යන්න කලින් එයා හිටිය හදවතේ බිත්තිවල කතා ලිව්වා. එක එක වල රූප අන්දා. එයා දොර කඩලා දාලා යන්න ගියා. පෙම්වතා නොම්බර දෙක ගියේ ආව විදිහටමයි. වෙනස එයා යන්න කලින් නාම පුවරුව ඉතිරි කරලා ගියපු එක.

*************************

හිතවත් කියවන්නනි, මෙතැන් සිට කතා නායිකාව අඳින ලද මළගෙදර රූපයක් එල්ලීමට මා කැමති වුනද තාක්‍ෂණික බාධාවක් නිසා එසේ කිරීමට නොවීම ගැන මම කනගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ඇය තැම්බූ නියඟලා අලය කෑමට ප්‍රථමව පිළිණු වී තිබුන නිසා කෑමෙන් වැලකි සිටීමට ඇය තීරණය කළ අතර, ඇය සිය දිවි නසා ගැනීමට ඇති වඩා යහපත්ම ආකාරය විශාදය සඳහා ඇයට නියම කරන ලද බෙහෙත් පෙති සියල්ලම එකවර ගිල දැමීම වග සිතා ඒ සියල්ලම පානය කළද හිසේ කරකැවිල්ල හා වමනය හැරුණු විට මරණය ඇය අසලට නොපැමිණි වග දන්වමි. පසුව මානසික රෝගී වාට්ටුවේ ඇය නේවාසිකව ප්‍රතිකාර ගත් අතර ඒ අතරතුර ඇය හා පෙම්වතා නොම්බර දෙක අතර ඇති වූ සංවාදයන් මෙලෙස දක්වමි. මෙය හුදෙක් උපුටා දැක්වීමක් මිස වෙන කිසිම යටි අදහසකින් පළ නොකළ වග ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මත අත තබා දිවුරා කියමි.

**************************************

"ඔයාට දැන් සනීපද? මම ගෙනාපු සුප් එක ඔක්කොම බිව්වා නේද? එකට සුප් කැට දෙකක් දෙකක් දාලා හදවාගෙන ආවෙ"

"ඔව්. එක රහයි. එකේ මස් කෑලි පේන්න තිබ්බ නිසා මම ආස වුනා. ඔයාට කියලා ටිකක් ප්ලාස්ක් එකේ දාලා අරන් තිබ්බා. බොනවද දැන්?"

"එපා. මම වෙසක් මාසේ මස් කන්නේ නැහැ. අපි මස් ගෙනත් ෆ්‍රිජ් එකේ දාලා අරන් තියලා තියෙන්නේ. වෙසක් පහු වෙච්ච ගමන් උයන්න."

"ඒක හොඳයි. එත් මාළු කන්න. මාළු නොකෑවත් හාල්මැස්සෝ නම් කන්න. ප්‍රෝටීන් නැත්නම් කලන්ත්ගේ දාන්න පුළුවන්."

"ඔව් මම මාළු කනවා. කෙල්වල්ලෝ මාළු. ඒක නෙමෙයි. දැන් ඔයාට සනීපද? තාම හදවත දෙබඩිද?"

"නැහැ මට තාමත් අසනීපයි. දැන් ප්‍රශ්නේ හදවත් දෙකක් තියෙන එක නෙමෙයිලු. දැන් එක හදවතක්වත් නැහැලු. ඔයාට විස්වාස නැහැ නේද? මේ බලන්න මේ එක්ස්රේ එක. පෙනහළු දෙක මැද්දේ හිලක්. හදවතක් නෑ."
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විසල් සේනාතිලකගෙන් තවත් වියමන්
කවි
මඟහැරුණ සෙවණැලි
කතන්දර
තොල් සායම්
කතන්දර
පොදු සාධකය
තවත් කතන්දර බූන්දි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
ලියුම්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook