Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
බූන්දි, 17:44:09
ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය


ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත ලද බවට විශ්වාස කෙරේ. ඇරිස්ටොෆනීස්ගේ ජීවිතයේ මෙන්ම නිර්මාණකරණයේ හොඳම කාලය ඇතෑන්ස් අධිරාජ්‍යයේ දුෂ්කර හා අවදානම් සහගත යුගය සහ සමකාලීන වේ. එනම් පෙලොපොනේසියානු යුද සමයයි (ක්‍රි.පූ. 431-404). ඇරිස්ටොෆනීස් අවසන් පැරණි කොමඩි නාට්‍ය රචකයා වන අතර ම වඩාත් ප්‍රසිද්ධම පුද්ගලයා ද වේ. ග්‍රීසියේ පැවති ප්‍රජාන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ප්‍රකාශනය සඳහා පැවති නිදහස ඇරිස්ටොෆනීස් ද අනෙක් නාට්‍ය රචකයින් මෙන්ම භුක්ති වින්දේය. නොබියව රාජ්‍ය බලවතුන් කිහිපදෙනෙකුටත් ආයතන කිහිපයකටත් දිගට හරහට ප්‍රහාර එල්ල කළ ඇරිස්ටොෆනීස්ට විරුද්ධව, එක් අවස්ථාවකදී පමණක්, එනම් ක්‍රි.පූ. 426 දී මහජන සභාව ඉදිරියේ නඩුවක් ගොනු කරන ලදී. ඒ ඔහුගේ බැබිලෝනියානුවන් නාට්‍යයට පසුවයි. ඇරිස්ටොෆනීස් අවුරුදු 33ක් තිස්සේ නාට්‍ය නිර්මාණකරණයේ නියැලුනු අතර ඔහු විසින් රචිත නාට්‍ය ප්‍රමාණය 40ක් පමණ බැව් සඳහන්වේ. නමුත් ඉන් ඉතිරිව ඇත්තේ නාට්‍ය 11ක් පමණි.

1. අකර්නියන්වරු (ක්‍රි. පූ. 425)- මෙම නාට්‍යය තුළින් පෙලොපොනේසියානු යුද්ධයේ හයවෙනි අවුරුද්ද සහ යුද්ධයෙන් ඇතිවන දුක් කරදර පිළිබඳව කියැවෙයි. විශේෂයෙන් අකර්නියා වසමේ සිකයියොපොලිස් වැනි උදවිය විහිළුවට ලක්කරන අතර යුරිපිඩීස්ව ද විහිළුවට ලක් කෙරෙයි.

2. අශ්වාරෝහකයින් (ක්‍රි. පූ. 424)- ස්පාටන්වරු සමඟ ආරම්භ වූ පෙලොපොනේසියානු යුද්ධයේ අටවෙනි අවුරුද්දේ ක්ලියෝන්ට සහ ප්‍රගතිශීලී පක්ෂයට හා යුධ ප්‍රතිපත්තියට පහර ගසමින් රචනා වී ඇත.

3. වළාකුළු (ක්‍රි. පූ. 423)- වළාකුළු නාට්‍යය මගින් සොක්‍රටීස්ගේ දර්ශනය දැඩිලෙස විවේචනය කරනු ලබයි. මෙම නාට්‍යය රචනා කරනු ලැබුවේ සොක්‍රටීස් මිය යෑමට වසර 25කට පෙරදීය. මෙහිදී ඇරිස්ටොෆනීස් විසින් පිළිගන්නා ලද පැරණි අධ්‍යාපන ක්‍රමයත් සොක්‍රටීස් ප්‍රමුඛ පිරිස් විසින් පිළිගන්නා ලද අධ්‍යාපන ක්‍රමයත් නාට්‍යයට වස්තු විෂයය කරගන්නා ලදී. නාට්‍යයේ ගැටුම ඇතිවනුයේ සම්ප්‍රදායික චර්යා ධර්මයන්, දෘෂ්ටීන් හා සිරිත් විරිත් පිළිබඳ අධ්‍යාපනයෙන් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයත් සම්ප්‍රදාය නොතකන පුද්ගල අර්ථ සාධනයට ඉඩ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයත් අතරය. මෙම නාට්‍යය තියුණු අයුරින් සමාජ හා ශාස්ත්‍රීය ස්වරූපයන් ගැනීම හේතු කොටගෙන ප්‍රේක්ෂකයන්ගෙන් දුරස්ථ ස්වභාවයක් උසුලනු ලබයි. මෙහි ගායන වෘන්දය වළාකුළු වශයෙන් නිරූපණය කළ අතර නාට්‍යය 'වළාකුළු' යනුවෙන් නම් කරන ලද්දේ ඒ නිසාවෙනි.

4. දෙබරු (ක්‍රි. පූ. 422)- දෙබරු නාට්‍යය සඳහා වස්තු විෂයය වූයේ කාලීන මාතෘකාවකි. ඇතෑන්ස්වල ජූරි සේවයේ යෙදුනු ජූරි සභිකයන්ට දෙනු ලැබූ දීමනාව විවේචනය කරමින් හාස්‍යය ජනිතවන ලෙසට දෙබරු රචනා කොට තිබේ.

5. සාමය (ක්‍රි. පූ. 421)- සාමය නාට්‍යයෙන් ඇරිස්ටොෆනීස් යුද්ධයට දැක්වූ තදබල විරෝධය කියාපායි. නැතිවූ සාමය නැවත ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ඉතා සිත් ගන්නා සුළු ආකාරයට සංකල්පමය වශයෙන් කථා පුවත ගොඩනඟන අයුරු දක්නට ලැබේ. යුද්ධය දිග්ගැසීම නිසා වෙහෙසට පත් ට්‍රිශ්‍රීසස් නැමැත්තා මෙම අවාසනාවන්ත තත්ත්වය වෙනස් නොකිරීම සම්බන්ධයෙන් සේව්ස් දෙවියන්ට විරෝධය පෑමට සිතාගෙන දෙව්ලොවට යයි. එවිට දෙව්ලොව සිටිනුයේ දෙවියන් නොව අසුරයන්නය. ඔවුහු දෙව්ලොව බලය ලබා ගෙන ග්‍රීසියේ සියලුම රාජ්‍ය වංගෙඩියක දා කොටමින් සිටිති. ඉන් සංකේතවත් වන්නේ යුද්ධයෙන් සිදුවන විනාශයයි. මේ වන විට, සාම දෙව්දුව යුධ නායකයින් විසින් සිර අඩස්සියට ගෙන තිබෙන අතර පසුව ඇය නිදහස් කරගෙන පෘථීවියට රැගෙන එනු ලැබේ. සාම දෙව්දුවගේ සේවිකාව වන අස්වනු කුමරිය හා ට්‍රිග්‍රීසස් විවාහ වන අතර නාට්‍ය අවසන් වෙයි.



6. කුරුල්ලෝ (ක්‍රි. පූ. 414)- ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය අතර 'කුරුල්ලෝ' නාට්‍යය ද වැදගත් තැනක් හිමිකරගත් නාට්‍යයකි. ටෙරෙව්ස් නම් කුරුළු රජකු විසින් පාලනය කරනු ලබන කුරුළු රජදහනක් සොයායන තරුණ හා මහළු මඟීන් දෙදෙනෙකු පිළිබඳව හා එහිදී ඇතිවන තත්ත්වයන් හා ඔවුන් කුරුල්ලන් හා එක්ව කරන ක්‍රියාදාමයන් රැසක් නාට්‍යය තුළ දක්නට ලැබේ. අවසානයේ තරුණයා හා දිව්‍ය කුමරියක් අතර ඇතිවන විවාහ උත්සවයකින් නාට්‍ය අවසන්වේ.



7. ලයිසිස්ට්‍රාටා (ක්‍රි. පූ. 411)- 'ලයිසිස්ට්‍රාටා' යනු ඇරිස්ටොෆනීස්ගේ යුධ විරෝධී නාට්‍ය අතර සාර්ථකම නාට්‍යය ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක්වේ. නමුත් ඇතමුන්ගේ විශ්වාසය නම් එය ඔහුගේ අසැබිම නාට්‍ය බවයි. 'හමුදාව විසුරුවන්නා' යන තේරුම සහිත 'ලයිසිස්ට්‍රාටා' යන නමින් මෙහි කථා නායිකාව හැඳින්වෙන අතර ඇයගේ නමින් නාට්‍යය ද නම් කර තිබේ. සිසිලි ආක්‍රමණයෙන් දෙවර්ෂයකට පමණ පසුව මෙම නාට්‍යය රචනා කොට ඇත. යුද්ධයේ ඛේදවාචකය පිළිබඳ ගැඹුරු සංවාදයකට ප්‍රෙක්ෂකයා කැඳවන තේමාවක් මෙහි දක්නට ලැබේ. යුද්ධය අවසන් කරන තෙක් ගැහැණුන් තම පිරිමින්ව ලිංගිකව වර්ජනය කරන අයුරු, යුද්ධය නැවතීමට පිරිමි පොරොන්දු වන අයුරු සහ ගැහැණු වර්ජනය අත්හරින අන්දම මෙහි නිරූපණය වෙයි. අවසන ඇතෑන්ස්හි හා ස්වාටාහි නියෝජිතයෝ එක්ව ප්‍රීති උත්සවයක් පවත්වති.

8. තෙස්මොෆෝරියා සමරන්නියෝ (ක්‍රි. පූ. 411)- මෙමගින් කතා කරනුයේ යුරිපිඩීස් හා සම්බන්ධ කතා පුවතකී. ස්ත්‍රීන්ට අපහාස කිරීම පිළිබඳව චෝදනා ලබා සිටින යුරිපිඩීස්ට එරෙහිව කාන්තාවන් විසින් නඩු විභාගයක් පවත්වනු ලබයි. ඉන් ගැලවීම උදෙසා යුරිපිඩීස් තමා වෙනුවෙන් කතා කිරීමට පිරිමියෙක් ස්ත්‍රියක ලෙස අන්දවා කාන්තාවන් අතරට යවනු ලැබේ. එය හසු වීම නිසා අපහසුතාවට පත්වන සිය මිතුරාව බේරා ගැනීමට සිය නාට්‍ය උපයෝගී කරගන්නා ආකාරය සහ අවසන කාන්තාවන් හා සංවාද කර ගැටුම සමථයකට පත් කරගන්නා ගන්නා ආකාරය මෙම නාට්‍යයෙන් කියැවෙයි.



9. මැඩියෝ (ක්‍රි. පූ. 405)- 'මැඩියෝ' නාට්‍යය තුල නිරූපණය වනුයේ ඊස්කිලස් හා යුරිපිඩීස් යන කවීන් දෙදෙනාගෙන් වඩාත් ශ්‍රේෂ්ඨතමයා කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා පවත්වනු ලබන විවාදයයි. එය ගැඹුරු ශාස්ත්‍රීය ස්වභාවයක් ගනු ලබන අතර ඔවුන්ගේ කෘතිවල සාහිත්‍යමය අගයන් විග්‍රහ කරනු ලබයි. නමුත් එය විචාර පිළිබඳ වාද මණ්ඩපයකට වඩා ප්‍රහසනයක් බව අමතක නොකළ යුතුය.



10. ස්ත්‍රී පාර්ලිමේන්තුව (ක්‍රි. පූ. 392)- මේ නාට්‍යය තුළ ස්ත්‍රීන් විසින් පිරිමි සේ වෙස්වලාගෙන ජන සභාවේ පාලන බලය හිමිකර ගන්නා අයුරු කියාපායි. එහිදී විප්ලවීය පණත් කිහිපයක් ඔවුන් විසින් සම්මත කර ගනු දැකිය හැකිය. මෙහිදී ප්ලේටෝගේ 'ආදර්ශ රාජ්‍යය' (රිපබ්ලික්) වැනි පාලන ක්‍රම හාස්‍යයට ලක් කිරීමක් සිදු කොට තිබේ.

11. ප්ලුටස් (ක්‍රි. පූ. 388)- මෙය ප්‍රහසනයකට වඩා දෘෂ්ටාන්ත නාට්‍යයකි. ධනයට අධිපති ප්ලූටස් දෙවියන්ව සියුස් දෙව්රජ විසින් අන්ධ කර ඇත. ත්‍යාගශීලීත්වය නිසාවෙන් දුප්පත් බවට පත් වූ කෙවිලස් ගේ උදව් ඇතුව වෛද්‍ය ශාස්ත්‍ර බාරව ඉන්නා ඇස්ක්ලෙපියන් දෙවියන්ගෙන් පෙනීම නැවත ලබා ගනියි. එවිට ඔහු කෙවිලස් දුප්පත්කමින් ගොඩගෙන වස්තුව වඩා සාධාරණ විධියට බෙදා හරියි. යහපත් අයට ධනය- දුෂ්ටයින්ට දිළිඳුකම. මෙහි නව ප්‍රහසන නාට්‍යයක් සේ සැලකීම වඩා සුදුසුය.

සම්භාව්‍ය ග්‍රීක පැරණි කොමඩි නාට්‍ය රචනයේ මුදුන් මල් කඩ සේ පිළිගැනෙන ඇරිස්ටොෆනීස්, ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකාගාරයට නම් එතරම් හුරු පුරුදු නොවේ. සිංහල නාට්‍ය රසිකයන් වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහචාර්ය මර්ලින් පීරිස්, ඔහුගේ කෘති පහක් සිංහලයට පරිවර්තනය කොට තිබේ. අවස්ථා කිහිපයකදී ම ඔහුගේ ලයිසිස්ට්‍රාටා නාට්‍යය මෙරට දී නිර්මාණය වී ඇත. මෑත කාලීනව ඇරිස්ටොෆනීස්ගේ කෘති නව මානයකට යොමු කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ, නාට්‍ය හා රංග කලා ඒකකය විසින් ඔහුගේ කෘති කිහිපයක් නිෂ්පාදනය කොට තිබේ. කොමඩි නාට්‍ය ලෙසින් අරුත් දක්වන හුදු ප්‍රහසන නාට්‍ය සඳහා හුරුවී සිටින අපේ ප්‍රේක්ෂකයින්ට මෙන්ම නිර්මාණකරුවන්ට ද සැබෑ කොමඩි නාට්‍ය පිළිබඳ අවබෝධය ලබාගැනීමට ඇරිස්ටොෆනීස් නැවත කියවීම වැදගත් වේ.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Aristophanes, The Father of Comedy, The Prince of Ancient Comedy, Comic Playwright, Ancient Athens, Peloponnesian War, The Acharnians, Lysistrata, The Frogs, The Birds, The Wasps, The Clouds, The Women at the Thesmophoria Festival
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංජීව නුවන් ගුණරත්නගෙන් තවත් වියමන්
රංග
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියයි.
සිනමා පටයක "දිග" යනු, මිනිස් මුත්‍රාශයේ දරා සිටීමේ හැකියාව සමග සෘජු ලෙස සම්බන්ධ කොට සැලකිය යුත්තකි!
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook