Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
බූන්දි, 17:37:17
සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන විට වෙළඳ පොළේ විකිණෙන වෙළඳ භාණ්ඩ ලෙස පැවතියේ සේද රෙදි, වාණිජ බෝග අස්වැන්න, ගෘහ උපකරණ, ලෝහ භාණ්ඩ, ආභරණ වැනි නිශ්චිතව හඳුනාගත හැකි වස්තුන්ය. මෙම වෙළඳ භාණ්ඩ වලට මිලක් නියම වී තිබිම හේතුවෙන් වෙළඳ පළ තුළ එකිනෙකෙහි වටිනාකම් සංසන්දය කොට වෙළඳාමේ යෙදීමට හැකියාව ලැබී තිබිණි. ඒ අනුව පිත්තල බඳුනක් මිලදී ගැනීමට සේද රෙදි යාර කීයක් විකිණිය යුතුද යන්න වෙළඳ පළ මිළ ගණන් අනුව සසඳා තීරණය කිරිමේ හැකියාව පැවතිණි.

ධනවාදයේ වර්ධනය පදනම් වුයේ වැඩි ලාභය හෙවත් අතිරික්ත වටිනාකම වැඩි වැඩියෙන් අතපත්කර ගැනීම තුළය. වැඩි ලාභයක් ඉපයීමට වැඩිපුර නිපදවීමටත් ඒ සඳහා වැඩි වැඩියෙන් අමු ද්‍රව්‍ය ස්වභාවික පරිසරයෙන් උකහා ගැනීමටත් ධනවාදය විසින් මිනිසා පොළඹවන ලදි. මේ අනුව ක්‍රමානුකුලව මහ පොළවට, එහි පවතින ඛනිජ සම්පත් පමණක් නොව, ජලය, ශාක හා සතුන් වැනි දේට ද මිලක් නියම වන්නට විය. එසේ වුව ද එම අවධිය වන විටත් වෙළඳ පළ තුළ ගනුදෙනු කළ නොහැකි මෙන්ම වෙළඳ භාණ්ඩයක් ලෙස කිසිසේත් සිතීමටවත් නොහැකි බොහෝ දෑ පැවතිණ. ඒවාට පැවතියේ වටිනාකමක් මිස මිලක් නොවේ. උදාහරණ ලෙස වනමල් සුවඳින් පිරුනු තුරුලතා පිරි තුරු වදුලු හෝ දිය ඇල්ලකින් ගලායන සිහිල් දිය දහරක් මගින් මිනිස් ගතට මෙන්ම සිතට ගෙනෙන අප්‍රමාණ වු සුවයට පැවතියේ අසීමිත වටිනාකමක් මිස මිලක් නොවේ. එමෙන්ම ඕනෑම මිනිසෙකුට තමා උපත ලැබු භුමිය, කුඩා කල කෙළිදෙලෙන් ඇවිදගිය මංමාවත්, ඇස ගැටුණු වන මලක ප්‍රසන්න පැහැය, වන සතුන්ගේ මිහිරි ස්වරය වැනි දේවල වටිනාකම සංසන්දනය කිරිමට මිම්මක් පැවතියේ නැත.

කෙසේ වෙතත්, ධනවාදයේ ක්‍රමික වර්ධනය සමග ඉහත කී අප්‍රමාණ වටිනාකම් ඇතැයි සැලකු අමිල පාරිසරික සංඝටක සියල්ලම පාහේ වෙළඳ භාණ්ඩ බවට පත්කරමින් නිශ්චිත මිලක් නියම කරනු ලැබීය. මෙසේ එකිනෙකට සංසන්දනය කළ නොහැකි යමක් සතු ගුණාත්මක වටිනාකම් වෙළඳ පොළේ ගනුදෙනු කල හැකි මිලක් සහිත වෙළඳ භාණ්ඩ බවට පත්කිරිමේ ක්‍රියාවලිය 'සොබාදහම වස්තුකරණය කිරිම' (commodification of the Nature)ලෙස හඳුනාගත හැකිය.



මෙම වස්තුකරණයට ලක්වීම සමග එතුවක් මිනිස් ඉතිහාසයේ පරිසරය හා පැවති අනුල්ලංඝනීය බැඳීම් එක්වරම විනාශ කර දැමීමට ධනවාදය සමත්විය. එය එසේ වන්නේ මිල හා වටිනාකම යන සංකල්ප දෙක ධනවාදය තුළ සමපාත කිරිමට උත්සාහ කළ ද එහි පවතින පරස්පරතාවය හේතුවෙනි. "මිල" නමැති ප්‍රපංචය වටිනාකම බවට පත්වන්නේ එකිනෙකා සතුව පවතින වත්කම හෝ මිලදිගැනීමේ හැකියාවට සාපේක්ෂවය. උදාහරණයක් ලෙස ඩොලර් දෙකක වැටුපක් ලබන පුද්ගලයෙකුට ඩොලර් දහසක් වටිනා මෝටර් රථයක් මහඟු වස්තුවක් ලෙස දැනෙන මුත් දෛනික ආදායම ඩොලර් සියයක් වූ අයෙකුට ඩොලර් දහසක මෝටර් රථයක් යනු නොසැලකිය හැකි මට්ටමේ යමකි.

ධනවාදය විසින් වෙළඳ පළ අවශ්‍යතා වෙනුවෙන් ස්වභාව ධර්මයේ සංඝටක වෙළඳ භාණ්ඩ බවට පත්කිරීම සමග එතෙක් මිලදී ගැනිමට බාධාවක්ව පැවති බොහෝ ස්වභාවික සම්පත්, අසීමාන්තිකව සූරාගැනීමට අචාරධාර්මික මාවතක් සකස්විය. එසේ වුයේ වටිනාකමට සාධාරණ මිලක් ගෙවීම නැමති ව්‍යාජ තර්කනය ධනවාදයේ දේශපාලනික දහම වු ලිබරල්වාදය තුල සාධාරණීකරණය කර තිබීමය.

ලෝක ධනවාදයේ බලවතුන්ට රතු ඉන්දියානුවන්ගේ ඓතිහාසික නිජබිමෙහි වු සදාහරිත වන භූමි මිළදිගෙන ඒවායේ නොඉඳුල් පරිසර පද්ධති ඩෝසර් කොට සත්ත්ව ගොවිපළ හෝ තිරිඟු වගාවන් ඇතිකිරීමටත්, පේරුවේ චිරාත් කාලයක් ජනයා විසූ ස්වභාවික වාස භූමි මිලදී ගෙන පරිසර පද්ධති වනසා පොළව තුළ නිදන්ව පැවති තඹ අසීමාන්තිකව කැණීම ඔස්සේ දූෂිත හා හායනයට ලක්වු මුඩුබිම් ඇතිකිරිමටත්, නයිජීරියානු ඩෙල්ටාව වනසා බොර තෙල් උකහා ගැනිමටත් හැකිවුයේ මෙම මානව විරෝධී ව්‍යාජ තර්කය මත පිහිටමිනි.

ධනවාදය තුළ දී සොබාදහම වස්තුකරණයට මග සකසන ආකාර කිහිපයක් හඳුනා ගත හැකිය. එහි එක් ආකාරයක් වනුයේ පෞද්ගලිකකරණයයි (Privatization). පුද්ගලිකරණය යනු සොබාදහමට අයත් ස්වභාවික පරිසරය හා එහි යම් වස්තුවක් හෝ ක්‍රියාවලියක් සදහා මිලක් තක්සේරු කොට එහි අයිතිය යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට නෛතිකව පැවරිමය. එසේ පැවරීම තුළින් එම පරිසරය පිළිබඳ තීරණ ගැනිමේ අයිතිය හිමිකරු මත පැවරෙන අතර එම පරිසරය හා පැවති බාහිර සම්බන්ධතාවන් අයිතිකරුගේ පාලනයට යටත්විම සිදුවේ.

උදාහරණයක් ලෙස විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එක් කෙළවරක පිහිටි මයෝසීන යුගයට අයත් හුණුගල් නිධිය අතිමහත් කාලයක් එම පරිසරයේ සිදුවු ජෛව විද්‍යාත්මක හා භූ රසායනික ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. එම හුණුගල් නිධිය මත පිහිටි පොළව වියළි කලාපීය ශාක හා සත්ත්ව විශේෂ අතිමහත් සංඛ්‍යාවකට වාසස්ථාන සපයන අතර එම ශාක හා සතුන් විවිධ අන්තර් සම්බන්ධතා ඇතිකරගනිමින් පරිසර පද්ධතියක් සකස්කර ගෙන දිවිගෙවනු ඇත.

මෙය එක් යුගයක සිමෙන්ති සංස්ථාව විසින් සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණුගල් කැණීම සදහා භාවිතා කල අතර සිමෙන්ති සංස්ථාව පුද්ගලීකරණය කිරිම සමග භුමියේ අයිතිය පැවරුණේ එම ආයතනය මිලදී ගත් සමාගමටය. සිමෙන්ති සංස්ථාව පුද්ගලීකරණය කරනු ලබන්නේ මෙම භුමියට ද අදාළව නිශ්චිත මිලක් නියම කරමිනි. එම මිල හෝ බදු මුදල තිරණය වුයේ මෙමගින් ලැබිය හැකි සිමෙන්ති නිෂ්පාදිතයේ වාණිජ වටිනාකම මත මිස විල්පත්තු වනාන්තර පද්ධතියේ අතිමහත් පරිසරික වටිනාකම සලකා නොවේ. ඉන්පසු ඔවුන් විසින් අඛන්ඩව හුණුගල් කැණීම සඳහා භුමිය භාවිතා කරනු ලබන බැවින් එම පරිසර පද්ධතියේ ස්වභාවික සම්බන්ධතාවයන් දැන් පවතින්නේ සමාගම් අයිතිකරුගේ කැමැත්ත මතය. මින් පෙර නිදහසේ සැරිසැරූ වන සතුන්ට දැන් ගමන්කළ හැක්කේ විදුලි වැට මගින් වෙන්කරන ලද සිමාවක පමණි. මතුපිටින් ගලාගිය ජලමාර්ග වෙතොත් ඒවායේ මග තීරණය කරනුයේ කර්මාන්තයට වඩාත් හිතකර අයුරිනි.



හෝටලයක් සදහා බදු දෙනු ලැබු තෙත් බිමක ඉරණම ද මේ හා සමානය. එතෙක් නිදහසේ ගලාගිය දිය දහර ඉන්පසු ගැලිය යුත්තේ හිමිකරුට රිසි පාරකය. පරිසරයේ ඉතිරිවිය යුතු ශාක මොනවාද ඉවත්කළ යුතු ශාක මොනවාද යන්න තීරණය කරනුයේ ස්වභාවික වරණයෙන් නොව හිමිකරුගේ රුචිය මතය. පක්ෂීන් පැමිණිය යුත්තේ හිමිකරුට රිසි ස්ථානයට මිස ඔවුන්ගේ ජෛවිය අවශ්‍යතාවට නොවේ.

සොබාදහම වස්තුකරණයට ලක්විමේදි යම් වස්තුවක පවතින පරත්වාරෝපණ හැකියාව (Alienability) වැදගත් සාධකයක් ලෙස සැලකේ. පරත්වාරෝපණ හැකියාව යනු යම් ස්වභාවික වස්තුවක් එහි භූමියෙන්, පරිසර පද්ධතියේ හෝ භාරකරුගේ භෞතික හා ආත්මගත බැඳීම් වලින් කොපමණ දුරකට ඉවත් කිරිමට හැකිද යන්නයි. ධනේෂ්වර දෘෂ්ටිවාදය විසින් සිදුකරනු ලබන්නේ සැම ප්‍රපංචයකම පරත්වාරෝපණ හැකියාව වැඩිකිරීම මගින් පහසුවෙන් විකිණීමේ හා මිලදි ගැමේ හැකියාවක් ගොඩනැංවිමයි. එය මිහිතලයේ අමිල ස්වභාවික නිර්මිතයන් සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත්කිරීමට මාවත සකස්කරයි.

විදුරු වලින් සකස්කල උපැස් යුවලකට වෙළඳ පළ වටිනාකමක් ඇතිබව සැබෑය. නමුත් එම උපැස් යුවල ඔබේ පියා හෝ පවුලේ ඥාතියෙකු විසින් ජීවිත කාලයේම භාවිත කළ ඔහු ආදරයෙන් රැකබලා ගත් උපැස් යුවල නම් එහි ඔබට ඇත්තේ වෙළඳ පළ වටිනාකමක් නොව මිල කළ නොහැකි අනුස්මරණීය මතකයකි. එම වටිනාකම වෙළඳ පළ තුළ මිල කළ නොහැකිය. ස්වභාවික පරිසරයට පවතින්නේ ද එහි නිර්මිතයක් වූ මිනිස් වර්ගයා සමග ඉහත කී ආකාරයේ අනුල්ලංඝනීය වූ බැඳීමක් මිස අන් කවරක්ද?

කෙසේ වෙතත් අද වන විට ධනවාදය විසින් පරත්වාරෝපණ හැකියාව අඩු දේවල් ලෙස ඉතිරි කර ඇත්තේ මිනිස් අවයව වැනි සීමිත වස්තුන් ප්‍රමාණයක් පමණි. මිනිස් අවයව වුවද ප්‍රසිද්ධ වෙළඳ පළේ නොවිකිණෙන නමුදු හොර රහසේ විකිණෙන බව සත්‍යයකි.

සොබාදහම වස්තුකරණයේදී සැලකිය යුතු අනෙක් වැදගත් අංශයක් ලෙස එකෛකකරණය (Individualization) සැලකේ. එකෛකකරණය යනුවෙන් අදහස් වන්නේ ස්වභාවික පරිසරයේ යම් කොටසක් හෝ වස්තුවක් ඒ හා සම්බන්ධිත පුළුල් සන්දර්භයෙන් හුදකලා කොට තනිවු යමක් ලෙස සැලකීමට පසුබිම සකස්කිරිමය. මේ සඳහා නෛතික සීමාවන් හෝ භෞතික සීමාවන් යෙදීම සිදුකරයි. උදාහරණයක් ලෙස නිවර්තන වැසි වනාන්තර පරිසර පද්ධතියක් රක්ෂිතයක් ලෙස නම්කර ඇති මුත් එහි යම් සීමාවක මායිම නෛතික එකඟතාවකින් වෙනස් කොට කොටසක් වාණිජ අවශ්‍යතාවයකට විකිණීම සිදුකළ හැකිය. එහිදි සත්‍ය වශයෙන්ම සිදුවන්නේ සැබෑ පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවය ව්‍යාජ නෛතික සීමාවකින් වසන් කිරිමය.

ධනවාදය විසින් සොබාදහම වස්තුකරණයට ලක්කිරිම තුළ අතිමහත් පාරිසරික හායනයන් ලොව පුරා සිදුවන විට එයට එරෙහිව පාරිසරික විද්‍යා විෂයය කරුනු පුළුල්වු අතර සමගාමීව පරිසර සංරක්ෂණ ව්‍යාපාරයන් ද ගොඩනැගිණි. නමුත් මෙහි පවතින හාස්‍යජනක කරුණ වන්නේ ධනේෂ්වර දෘෂ්ටිවාදය විසින් පරිසර විද්‍යාව මෙන්ම ගෝලීය පාරිසරික සංරක්ෂණ ව්‍යාපාරයන් ද වස්තුකරණ දෘෂ්ටිවාදී සිරකුටිය තුළ සිරකර දැමිමට සමත්වීමයි. එය පැහැදිලි කරගැනිමට 70 දශකය පසුවන විට ලිබරල්වාදයේ සිදුවු පරිණාමනය සැලකීම වඩාත් සුදුසුය.

පාරිසරික තක්සේරුකරණය (Environmental Valuation) විෂයයක් ලෙස නුතන පරිසර විද්‍යාවට එක්ව ඇති අතර එය පාරිසරික ආර්ථික විද්‍යාව (Environmental Economics) යටතේ ලොව පුරා විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධි මට්ටමට වැඩිදියණු කොට උගන්වනු ලැබේ. මෙහි සරල අර්ථය තේරුම් ගැනිමට යම් පරිසර පද්ධතියක පාරිසරික තක්සේරුකරණය සිදුකරන ආකාරය සලකා බැලීම ප්‍රමාණවත් වේ. යම් පරිසර පද්ධතියක පිහිටි තෙත් බිමක පාරිසරික තක්සේරුකරණය සැලකුව හොත් එහිදී මූලිකවම සිදුකරනු ලබන්නේ අදාළ පරිසර පද්ධතියෙන් මිනිසා වෙත ලැබෙන පරිසර විද්‍යාත්මක සේවාවන් වෙන් වෙන්ව සලකා බලා ඒවාට මුල්‍යමය අගයක් පිරිනැමීම හා අවසානයේ ඒ සියල්ලේ එකතුව පාරිසරික තක්සේරු වටිනාකම ලෙස සැලකීමය.

උදාහරණ ලෙස තෙත් බිම් පරිසර පද්ධතියෙන් වායුගෝලයට මුදාහරින ඔක්සිජන් ප්‍රමාණය කෘත්‍රිමව නිපදවීමට කොතරම් පිරිවැයක් දැරිය යුතුද, තෙත් බිම මගින් අවට පරිසරය සිසිල් කිරිමට දක්වන දායකත්වය ගනණය කර එය වායුසමිකරණ යන්ත්‍රයක විදුලි බලගාස්තුවට සංසන්දනය කර ඒ සඳහා කොපමණ අගයක් ලැබේද වැනි පාරිභෝජනවාදී වස්තුකරණ අගයන් ලබා ගෙන අවසානයේ තෙත් බිමටම නිශ්චිත පාරිසරික වටිනාකමක් තක්සේරු කිරීම සිදුවේ. මෙහිදි සෘජු ලෙස ලැබෙන සේවාවන්ට මුල්‍ය අගයන් පිරිනැමුව ද තුරුලතා මල් පල පිරි ස්වභාවික පරිසරයකින් එක් කරනු ලබන සෞන්දර්යාත්මක අගය, මිනිසාට ලැබෙන කායික හා මානසික සුවය මෙන්ම අප්‍රමාණ වු ආහාර දාම හා ආහාර ජාල පවත්වාගනිමින් සිදුකරනු ලබන පරිසර විද්‍යාත්මක සේවාවන්ට මුල්‍යමය වටිනාකමක් කෙසේ නම් පවරන්නද? එපමණක් නොව පරිසර පද්ධතියක් යන්නෙහි මුලික අර්ථයම ජීවීන්-ජීවීන් අතරත්, ජිවීන්-අජෛව පරිසරය අතරත් අන්තර් සම්බන්ධතා සහිතව ස්ථායීව පවතින ඒකකයක් යන්නයි. එවිට ඒ සඳහා පවතින්නේ සංයුක්ත වටිනාකමක් මිස වෙන් වෙන්ව සැලකිය හැකි කැබලිවල වටිනාකමේ එකතුවක් නොවේ. එබැවින් මෙම පාරිසරික තක්සේරුකරණයන් අවසානයේ සේවය කරනුයේ සොබාදහම තවදුරටත් වස්තුකරණය කොට වෙළඳාමේ යෙදීමට මිස සංරක්ෂණයට නොවන බව පැහැදිලිය.



මෙහි අනෙක් පැතිකඩ වන්නේ යම් පරිසර පද්ධතියකට මුල්‍යමය විටිනාකමක් පිරිනැමුණු පසු ලිබරල් වෙළඳ පළ ආචාර ධර්මයන්ට අනුව එම වටිනාකමට වඩා වැඩි වටිනාකමක් සහිත යමක් ඇතිකිරිමේ අරමුණින් පරිසර පද්ධතිය විනාශකර දැමිමට පවා වක්‍රාකාර ඉඩකඩක් විවර විමය.
හැත්තැව දශකයෙන් පසු පැරණි සුභසාධන ධනවාදය වෙනුවට නව ලිබරල්වාදයේ ලෝක ව්‍යාප්තිය ඇරඹිණි. නව ලිබරල්වාදයට සමගාමීව ලෝක පරිසර සංරක්ෂණ ව්‍යාපාර "නව ලිබරල් පරිසරවාදය" (Neoliberal Environmentalism) ලෙස සැලකිය හැකි නව සංකල්පයකින් සංවිධානය විණි. එය නව ලිබරල්වාදි ආර්ථික දෘෂ්ටිය ඔස්සේ පරිසර සංරක්ෂණය සිදුකළ හැකියැයි විශ්වාස කිරීම මත ගොඩනැංවුවකි. ඔවුන්ගේ අදහස වුයේ ලෝකයේ ස්වභාවික සම්පත් හායනයට හේතුව ඒවාට නිශ්චිත මිලක් නොතිබීම බවය. ඒ අනුව සියලු පාරිසරික වස්තුන්ට මිලක් නියම කිරිම මගින් සංරක්ෂණය දිරිගැන්විය හැකි යැයි මොවුන් විසින් පිළිගැනිණි. මෙය සොබාදහම වස්තුකරණයට ලක්විමෙන් ඇතිවු අර්බුදයට විසඳුම ලෙස වස්තුකරණයම තෝරා ගැනීමකි. මෙම සංකල්පය මත පාරිසරික තක්සේරුකරණය ඔස්සේ වනාන්තර, තෙත් බිම්, දිය ඇලි, සතා සිවුපාවන් වැනි සියල්ලට මිලක් නියම කළ හැකිවිය. මෙම සංකල්පයට අනුව සොබාදහම හා එහි සම්පත් 'ලෝක මුදල්' (Global currency) ලෙස හැඳින්වේ. පසුකාලිනව මිහිතලය උණුසුම්වීම වැනි පාරිසරික අර්බුද විසඳීමට කාබන් වෙළඳාම (Carbon Trading) වැනි අසාර්ථක සංකල්ප ගෙන ඒමට දායකවුයේ මෙම මතවාදයයි.

මානව ක්‍රියාකාරකම් වලදි පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට එක්කරනු ලබන කාබන් ඩයොක්සයිඩ් ඇතුලු හරිතාගාර වායුන් ශතවර්ෂ දෙකක් තිස්සේ වායුගෝලය තුළ එක් රැස්වීම මත එම වායුන් විසින් සුර්ය විකිරණ වල තාප ශක්තිය අවශෝෂණය කර තබාගැනිම 'හරිතාගාර ආචරණය' ලෙස හඳුන්වයි. හරිතාගාර ආචරණයේ ප්‍රතිඵලය වන්නේ මිහිතලය උණුසුම් වීම හා එයට අනුශාංගිකව ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම හා ගෝලිය දේශගුණික විපර්යාස වැනි අර්බුද රාශියක් ඇතිවිමය. මෙම මිහිතලය උණුසුම්විම පාලනය කරගැනිම සඳහා පවතින එකම විකල්පය අධික පොසිල ඉන්ධන දහනය සීමාකොට වායුගෝලයට හරිතාගාර වායුන් මුදාහැරිම අවම කරගැනිමය. එසේ නමුදු ලෝක බලවතුන් තම කර්මාන්ත වල අධික ලාභය අඩු කර ගැනීමට දක්වන අකමැත්ත මත මිහිතලය උණුසුම් වීම කෙසේ වෙතත් පොසිල ඉන්ධන දහනය සීමාකිරිමට කිසිසේත් එකඟ නොවන පසුබිමක් ගොඩනැගී ඇත.

මෙයට විසඳුම් සෙවීමට ලෝක නායකයින් එක්ව පැවැත්වූ බොහොමයක් ලෝක පාරිසරික සමුළු ඉලක්කගත අරමුණු ඉටුකරගත නොහැකිව අවසන් වූ අතර ඒවායේදි විසඳුම් ලෙස යෝජනා වූ එක් විහිළු සහගත විසඳුමක් වුයේ කාබන් වෙළඳාමය. කාබන් වෙළඳාම තුළදී සිදුවන්නේ ලොව එක් එක් රාජ්‍යයන්ට වායුගෝලයට මුදා හල හැකි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට අදාළව 'කෝටාවක්' නිකුත් කිරිමය. ඒ අනුව ඇතැම් කාර්මික රාජ්‍යයන් මේ වන විටත් තම කෝටාවේ සිමාවට ළඟාවී ඇති අතර එතරම් කර්මාන්ත හිමිකාරීත්වයක් නැති රාජ්‍යන්ගේ කෝටාව ඉතිරිවී ඇත. ඒ අනුව ලෝක බලවතුන්ට තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් මුදා හැරිමට අවශ්‍යනම් ඒ සදහා ඔවුන්ට පහසු මාවතක් ඇත. එනම් ඔවුන්ට එතරම් කර්මාන්ත හිමිකාරීත්වයක් නැති රටක කාබන් කෝටාව මිලදී ගත හැකිය. මෙම ක්‍රයාවලිය අවසානයේ සිදුව ඇත්තේ කාබන් කෝටාවේ අයිතිය වස්තුකරණයට ලක්කොට විකුණාගැනිම මිස වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කිරිම නොවේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- commodification of the Nature, Carbon trading, Neoliberal Environmentalism, Environmental Valuation, Environmental Economics, Individualization, Alienability, Global warming, Forest Destruction
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කපිල මහේෂ් රාජපක්ෂගෙන් තවත් වියමන්
වෙසෙස්
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
වෙසෙස්
මුතුරාජවෙල වනසන්නට පෙර
කවි
ෆෙන්ෂුයි බුදුන් අනඳ හිමි හමුව..
කවි
තෙතක් නැති රෝහලේ බිල මත -වැතිර හිටියා සුභාෂිත පොත
කවි
ධීවරී ගීතය
තවත් වෙසෙස් බූන්දි
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා... [More]
What's New | අලුතෙන්ම
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook