Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
බූන්දි, 17:33:54
ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව හැකිය. ඔහුගේ පෙම්වතියන්ගෙන් කෙනකු වන ඇය, එනම් තානායමේ පිළිගැනීම් කවුන්ටරයේ සිටින්නිය ඔහුගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සිටින්නා සේ ය. එසේ නැති නම්, ඔහු ඉක්‌මනින් අවබෝධ කර ගන්නා පරිදි ඔහු වෙනුවෙන් බලා සිට වෙනකෙකු සමඟ විවාහ වන්නට තීරණය කර ඇත. වඩාත් කුතුහලයට තුඩු දෙන කාරණාව වන්නේ ඇය ළඟ දී විවාහ වුණු සැමියාත් සමඟ රට හැර යැමට සූදානම් වී සිටීමයි. එය සිදු වන්නේ චිත්‍රපටය තුළ නොකියවෙන උඩරට දෙමළ ප්‍රජාවගේ ඡන්ද අයිතිය අහෝසි කළ 1948 පුරවැසි පනත නිසා ඇති වුණු පලවා හැරීමක්‌ ලෙසිනි.

අඳුරු පෙරනිමිති මැදින් උභතෝකෝටික ලෙස ස්‌වරූප ආරම්භ වන්නේ, මනුෂ්‍ය ප්‍රාණියකු ලෙස ග්‍රෙගරි සැම්සන්ගේ අඳුරු ඉරණම අපට හඳුන්වා දෙන මේ සුළු හා උපේක්‌ෂා සහගත සඳහනෙනි. එය ෆ්‍රාන්ස්‌ කෆ්කාගේ රූපාන්තරණය (The Metamorphosis) කෙටි නවකතාවට නොගැලපෙන ආරම්භයක්‌ සේ ය. ඉතා ඉක්‌මනින් එය බොහෝ දුරට ඩිලුසියානු රයිසෝමයක්‌ (Deleuzian rhizome) ලෙස වෙනත් අවකාශයකට, එනම් ග්‍රෙගරි සැම්සන් ඒ රාත්‍රියේ නිදා ගන්නා හෝටලයේ අවකාශයට මාරු වෙයි. එහි ඔබට හමුවන්නේ මෙහෙකරුවෙකි. ඔහු ද උඩරට දෙමළ ප්‍රජාවේ සාමාජිකයකු බව කෙනකුට අනුමාන කළ හැකි අතර ඒ අවකාශය ද හෝටලයේ අඳුරු කොරිඩෝරයන්ට හෝ එසේ නැති නම් අවසානයේ දී සිදුවන පරිදි රෝහලේ අඳුරු අවකාශයන්ට හෝ මාරු වෙයි. ඖෂධ වෙළෙඳ නියෝජිතයකු වූ ග්‍රෙගරි සැම්සන් ඒ මෙහෙකරුවාට බෙහෙත් සාම්පලයක්‌ තිළිණ කරමින්, සමාජ කේන්ද්‍රයේ නොව ගැට්‌ටේ හා සීමාවේ සිදු කරන වචන විරහිත නාටකය අපට වෙළුම් ගණනක කතාවක්‌ කියයි.



'පංති සටන මිනිස්‌ ශරීරය තුළම සිදු වෙනවා. කාල් මාක්‌ස්‌ටත් ඒ වැදගත් කාරණය මගහැරුණා' යි මධ්‍යකාලීන කාය ව්‍යවච්ඡේදක (anatomist), මොන්ඩිනෝ න්‍යාය විස්‌තරාත්මකව පැහැදිලි කරමින් කාය ව්‍යවච්ඡේද විද්‍යා මහාචාර්යවරයා පවසයි. මේ චිත්‍රපටයේ සෑම හැරවුම් ලක්‌ෂ්‍යයක දී අපට පංතිය මුණගැසෙයි. එය මියෑදෙන වැඩවසම් රදල පංතියක්‌ සමාජ වෙනස්‌වීම්වලට එරෙහිව සිදු කරන අරගලය නිරූපණය කරන චෙකොවියානු දෝංකාරයන් සහිත ය. සිය නාට්‍යවල දී ඇන්තන් චෙකොව් පිරිහෙන පංතියක මරණය වෙනුවෙන් වැළැපීමත්, එය උත්සවාකාරයෙන් සැමරීමත් සිදු කරන නමුත් සැම්සන් පවුල රදල පංතියට අයිති නොවේ. එය ඉහළ පංතික සෝබනය සහ අපේක්‌ෂා සහිත බහුපරිමාණික සරණාගත පවුලකි.

මේ චිත්‍රපටය තමා විසින් නිර්මාණය කර ගන්නා ලද විවේචනාත්මක යථාර්ථවාදයක්‌ තහවුරු කරයි. පවුල පැහැදිලිව සිටින්නේ ගැට්‌ටේ, මායිමේ හෙවත් මාජිනයේ ය (margin). පවුල භාවිත කරන්නේ ප්‍රධාන භාෂාව නොව සුළු භාෂාවකි (minor language). එය එක්‌තරා ඉංග්‍රීසි හැඩයක්‌ ගත් සිංහල (Anglicized Sinhala) වන එය අවශ්‍යයෙන්ම ඉංග්‍රීසි කතා කරන මධ්‍යම හා පහළ මැද පංතියක්‌ කතා කරන බසක්‌ නොවූවත් එම පවුලේ පංතික හා වාර්ගික මූලයන් ධ්වනිත කරයි. ඉංග්‍රීසි - කේන්ද්‍රීය සමාජය සහ සීමාවාසී ආන්තිකතාව (Anglo and marginality) අප සාමාන්‍යයෙන් එකට එක සම්බන්ධ කර දකින පැතිකඩවල් නොවේ. ශ්‍රී ලංකාවේ පංතීන් ගැන කතා කරන සෑම චිත්‍රපටයක්‌ම පාහේ ඉංග්‍රීසි සමාජය ඉහළ මැද පංතියේ පවුලක්‌ සමඟ ගැටගසයි. එනමුත් මේ චිත්‍රපටයේ අපට සිටින්නේ තමා තවමත් රාජකීය ගොල්ෆ් සමාජයේ සාමාජිකයකු බවත්, බෲනායි රජු සමඟ එකට අධ්‍යාපනය ලැබූ ආදිත්‍ය තමාගේ ව්‍යාපාරික හවුල්කාරයා බවත් කියමින් කෙළවරක්‌ නැති පුරසාරම් දොඩවන හිටපු හමුදා නිලධාරියකු වූ හර්මන් ය. කටුක ජීවන අරගලයේ යෙදුණු හර්මන්, ඔහුගේ බිරිඳ මාර්තා, සොහොයුරිය ග්‍රේටා සහ ග්‍රෙගරි පවා යැපෙන්නේ ඖෂධ වෙළෙඳ සේවකයකුගේ සුළු ආදායමෙනි. එනමුත් ග්‍රේටාට වෘත්තීය වයලීන වාදිකාවක්‌ වීමටත්, ඒ සඳහා ට්‍රිනිටි විද්‍යාල විභාග සමත් වීමටත්, හර්මන්ට දිගටම රෝයල් ගොල්ෆ් සමාජයේ සාමාජිකත්වය රඳවා ගන්නටත් වුවමනාය. රජ පවුලක්‌ ලෙස ජීවත් වීමට වුවමනාව ඇති එම පවුලට වැඩ කිරීමට සිදු වන අතර මව මාර්තාට ඇඳුම් මැසීමේ රැකියාව කරන්නටත්, වයලින් වාදිකාවක වීමේ අභිලාෂයෙන් හෙබි ග්‍රේටාට පවුලේ මිතුරකුගේ සමාගමක සේවය කරන්නටත් සිදු වේ. කලින් හමුදාවේ රැකියාව කිරීම ප්‍රයෝජනයට ගනිමින් පියා රාත්‍රි මුරකාරයෙක්‌ වෙයි.



ස්‌වරූප මගින් ඉංග්‍රීසි කතා කරන පහළ මැද පංතියේ කතෝලික පවුලක්‌ සිය පශ්චාත්-යටත්විජිත (post-colonial) දේශයෙහි සිදු කරන ගැඹුරු සාකච්ඡා සභාවේ මධ්‍ය කේන්ද්‍රය ලෙස ස්‌ථාපනය කර ගැනීම රැඩිකල් පියවරකි. අශුභ පෙරනිමිති පෙන්වන ඖෂධ කොම්පැණි මගින් පෙන්නුම් කරනු ලබන නැගී එන ධනේශ්වර වෙළෙඳපොළ දොරකඩටම පැමිණ තිබේ. කාය ව්‍යවච්ඡේද දේශන ශාලාව හා තියටරය මරණය පෙන්වන ස්‌ථානයක්‌ වන අතරේම වෛද්‍ය සංස්‌ථාපිතය පංති අරගලයේ නව බිම වන්නේ කෙසේ දැයි පෙන්වයි. කාය ව්‍යවච්ඡේද පංති කාමරයේ සහ දේශන පීඨයේ විචිත්‍ර පරිසරය පුරවැසි ව්‍යුහයේ (civic public structure) නිරූපණයක්‌ බව පෙනෙන අතරේ මහා විද්‍යා පුනර්ජීවන කලාවේ (Renaissance art) කාව්‍යමය නිරූපණයන් සහ මුල්-නූතනත්වයේ (early modernity) කතිකාවන් ද, පොදු මහජන වෙළෙඳපොළ ඇතුළු පුරවැසි ව්‍යුහයන් සහ මහජන අවකාශය (public space) ද සිහිපත් කරවයි. සමගාමී ලෙසත්, පෙරළිකාරී ලෙසත් කෙනකුට මුල්-නූතනත්වය සහ පශ්චාත්-යටත්විජිතත්වය (postcoloniality) ආවර්ජනය කළ හැකි වේ.

ග්‍රෙගරි මිනිස්‌ වංශය තුළ තව දුරටත් සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳ තෝරා ගැනීමක්‌ සිදු කරන අතර (මේ අදහස මා සමඟ පැවසුවේ පසුගිය අගෝස්‌තු 15 වැනිදා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට සහභාගි වූ නිකොලා පෙරේරා විසිනි), එසේ කිරීමෙන් ජාතියෙන්ම තමන් සමුගන්නේ ද නැද්ද යන්න පිළිබඳව ද තෝරා ගැනීමක්‌ කරයි. එය උත්ප්‍රාසාත්මක ලෙස අඩු වැඩි වශයෙන් ඔහු තමා අනතුරට යොමු කිරීමකි. එය තොරා ගැනීමක්‌ ලෙස හැඳින්විය හැකි නම් ඔහු කරන්නේ තෝරා ගැනීමකි. එනම්, තමන් වැඩ කරන තැන අහුමුලුවල, බෝතල් කුප්පි අතරේ, තීන්ත කූඩුවේ, අල්මාරිවල, දින පොත්වල, කාමරයේ කුණු කසළ ආදිය අතරේ නොපෙනී යැමකි. මනුෂ්‍යයකු ලෙස මිය නොයන ඔහු කුරුමිණි ජීවියෙක්‌ ලෙස මියයන අතර කසළ බාල්දියට දමා පසුව කුණු කන්දට රැගෙන ගොස්‌ වීසිකර දමනු ලැබේ. කසළකරණයට පාත්‍රවන ඔහු මනුෂ්‍ය කසළ කන්ද තුළට උරා ගනු ලැබේ. මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු මේ චිත්‍රපටය නරඹන්නකු එහි ඇතුළත් වී තිබෙන අනාගතවාදී ධ්වනිය දැක තිගැස්‌සෙනු ඇත.

අධියථාර්ථවාදී (Surreal) පැත්ත අතින් ස්‌වරූප, පාර දිගේ චිත්‍රපටයට බෙහෙවින් සමීප ය. මිනී කපන මේසය උඩ බාවා තිබෙන මළමිනියේ ඇසක්‌ අඩක්‌ විවෘත වන විට සාප්පු කවුළුවක තබා තිබෙන විලාසිතා ඩමියක්‌ පාරේ නැවතී එදෙස බලා සිටින්නකු වෙත ඇසින් ඉඟි කරනු දුටු මතකයෙන් කෙනකුගේ සිත ගැස්‌සෙයි. පාර දිගේ චිත්‍රපටය පශ්චාත්-යටත්විජිත ජාතියක උප්පත්ති මොහොත හා එහි කාංසාභරිත අන්තර්ගතය ඒ අයුරින්ම නිරූපණය කරන අතර උපදින්නටත් කලින් කඩා වැටුණු පශ්චාත්- යටත්විජිත ජාතියක්‌ දෙස ස්‌වරූප චිත්‍රපටය නෙත් හෙළයි. තිස්‌ අවුරුදු යුද්ධයකින් හා නිදහස ලැබීමෙන් හැත්තෑ අවුරුද්දකට පසු ජාතියේ ප්‍රගතිය ලෙස අපට දීමට තිබෙන්නේ කුමක්‌ ද? ප්‍රබන්ධ යථාර්ථයක්‌ නොවන කායිකතාව, ස්‌පර්ශ කළ හැකි ප්‍රතිරූප සහ දේශපාලන ගුප්තාර්ථය අතින් ස්‌වරූප නරඹන කෙනකුට තර්කොව්ස්‌කි සිහිපත් වෙයි. එනමුත් ස්‌වරූප තර්කෝවස්‌කියානු චිත්‍රපටයක්‌ නොවේ. එය තර්කෝව්ස්‌කියානු සිනමා ව්‍යවහාර සම්ප්‍රදායක්‌ උසුලා නොසිටියි. චිත්‍රපට කලාව පිළිබඳව අපගේ මතිමතාන්තර විභාග කිරීමටත්, සමකාලීන සිනමා නිර්මාණ භාවිතය විභාග කරන්නටත් එය අප පොළඹවයි.



(2017-09-10 දා දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියක උපුටනයකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Film Reviews, Sinhala Movies, Swarupa, Swaroopa, Self Image, Dharmasena Pathiraja, The Metamorphosis, Die Verwandlung, Franz Kafka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සිවමෝහන් සුමතිගෙන් තවත් වියමන්
පොත්
"Everything is fair on a leaking boat"| In the Same Boat By Channa Wickremesekera
තවත් Cine බූන්දි
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
විපරීත යුගයක තරුණ සිනමාව
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook