Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,
අනුන්ගේ ලියුම් කියවීමේ කැත පුරුද්ද අතැරල දාල දැහැමෙන්, හොදින් ඉන්නකොට ගෙදෙට්ටම ආපි ලියුමක්. මුද්දරෙන්ම කියතහැකි බඩු ඇවිල්ල තියෙන්නේ ඇමරිකාවෙන් කියල. ජනාධිපති ට්‍රම්ප්ස්ගෙ දුව ඉවන්කා විසින් අපේ මෛත්‍රී ජනාධිපතිගෙ චතුරිකා දෝණියන්ද ට එවපු ලියුමක් එයා මට එවල. 'අපේ තාත්ත හැම දේම දැනගන්නේ පත්තරෙන් නිසා තාත්තට පේන්න පත්තරේ දාන්න' කියල කියල පොඩි තුන්ඩු කෑල්ලකුත් එක්ක.
ඩාලිං චතු,

ඔයා තාත්ත ගැන පොතක් ලියල ලොකු සද්දයක් දැම්ම කියල ආරංචි උනාම මං ගොඩාක් සතුටු උනා. මං ඒත් බැලුව ඔයා මොකද පරක්කු කියල. මං නම් අපේ තාත්ත ධවල මන්දිරේට ගිය දවසෙම තමයි වැඩ පටන් ගත්තේ, ෆැෂන් ඩිසයින් කොම්පැණියක් ධවල මන්දිරේම දාල. අනුන්ගේ ඩිසයින් කොපි කරනව කියල සමහරු කුනු කුනු ගානාව. ඒත් අපිට ඒවා ඇහෙන්නේ නෑ නේද මෙයා. දැන් බලන්න ඔයාගේ ලිවීමේ හැකියාව ගැන උනත් කට්ටිය කෙදිරි ගෑවාට දැන් වැඩක් නෑනේ. බඩු එලියට දාල ඉවරනේ.

ඇත්තටම මං අහන්ඩමයි හිටියෙ, ඔයාලගේ රටේ ජනාධිපතිවරුන්ගේ ළමයි හරි ටැලන්ටඩ් නේ. කොහොමද අනේ එහෙම වෙන්නේ. බලන්න අර ඉස්සර හිටිය මිස්ටර් ප්‍රේමදාසගෙ පුතා, තාත්ත ජනාධිපති උනු ගමන් කොහෙදෝ කැලේක ඉදල ඇවිල්ල එකපාරම එන්වයරල්මනිස්ට් කෙනෙක් උනානේ. එතකොට හිටපු එක්කෙනාගේ බෝයිස්ල, එයාලට මොනාද බැරි අනේ... අන්තිමට සැටලයිට් පවා ඇරියනේ. ඒවා කොච්චර ඈතට ඇරියද කියනවනම් තාම කාටවත් හොයාගන්ඩ වත් බෑලු නේද මෙයා.

ඒ අතින් ඔයා මාර ලයින් එකකට තමයි සෙට් වෙලා තියෙන්නේ. හැබැයි ඔයා තරහ වෙන්නෙ නැතිනම් එකක් කියන්නම්. නිකං ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වගේ නැතුව ලේඛිකාවක් වගේ ඔයාගේ අවුට්ෆිට් එක හදාගන්න. කොන්ඩය ටිකක් රැළි කරගන්න. නිකං හරි කන්නාඩි දෙකක් දාන්න. අර අරුන්දතී රෝයිගේ ෆොටෝ ටිකක් බලන්නකෝ. පොතකුත් ලියල තියන එකේ එතකොට ඔයා බලා ඉදිද්දිම පට්ට ලේඛිකාවක් වෙයි.

ඒක නෙමෙයි, අර ඔයාගේ මල්ලියා දැන් මොනාද කරන්නේ? එයා හරි ස්වීට් අනේ... ටිකක් ලැජ්ජා කාරයා වගේ නේද? එයාට නැද්ද ඔය මොකුත් ලොකු ප්‍රොජෙක්ට්ස්. මේ කාලේ කරන්නේ නැති දේවල් කවද කරන්නද අනේ... මට හිතෙන්නේ එයාට හොදයි ඉකොනොමිස්ට් කෙනෙක් වගේ වෙන එක. ඒක ඔය පොත් ලියන එක තරම් අමාරු නෑ. ඔය ලෝකේ කොහේ හරි මුල්ලකට ගිහිල්ල ඩිග්‍රියක් ගහගෙන ලොකු බෝතල් අඩි කන්නාඩියක් දාගත්තම ඔක්කොම හරි. ඊටපස්සේ ඒ කන්නාඩි දෙක අල්ල අල්ල ටීවී එකේ කථා කරන්න පුරුදු වෙන්න ඕනි. කථා කරන්න දේවල් හොයාගන්න එක ඒ හැටි දෙයක් නෙමෙයිනේ අනේ. ඔයාට වගේ හොද බැකප් ටීම් එකක් හදා ගත්තනම් ඔක්කොම හරි.

දැන් බලන්න මං... තාත්ත ප්‍රසිඩන්ට් උනු ගමන් එයාට මං කිස් එකක් දීලා කීවා මට ඇඳුම් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕනි කියල. මං හිතන්නත් කලින් වැඩේ උනා. අපේ තාත්ත හැම වෙලාවේම අපට කියන්නේ ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑනේ ඒක නිසා කරන කියන දෙයක් දැන්ම කරන්න කියල. මං හිතන්නේ ඊයේ පෙරේදා ඔයාගේ තාත්ත අර සමුළුවට මෙහෙ ඇවිල්ල අපේ එක්කෙනා හමු උන වෙලේ ඔය කාරණේ කතාකලා. එතකොට ඔයාගේ තාත්ත කරබාගෙන ඔළුව වන වන හිටිය.

ඔය මොකක් හරි සාහිත්‍ය සමුළුවක් අටවගෙන වෙලාවක මෙහෙ එන්නකෝ අනේ... අපිට ටිකක් එන්ජෝයි කරල යන්න පුළුවන්. විෂ් යු ඕල් ද බෙස්ට්!

ආදර මිතුරිය,
ඉවන්කා

ප.ලි.

ඔයා තාත්ත ගැන පොතක් ලීව කියල මං මගේ තාත්තට කීවම එයා ඇහුව කොහොමද ඔයා ඔය තඩි පොතක් පිරෙන්න තරම් කරුණු හොයාගත්තේ කියල. ඊට පස්සේ එයා කියාපි ඔයා තාත්ත ගැන එක පොතක් ලිව්වනම් ඇයි මට බැරි එයා ගැන පොත් සාප්පුවක් පිරෙන්න පොත් ලියන්න කියල. එතකොටම එයාට කෝල් එකක් ආව. අර උතුරු කොරියාවෙ මනුස්සයාගේ චන්ඩි පාට් නිසා මේ දවස්වල එයා පොඩ්ඩක් අප්සෙට් එකේ ඉන්නේ. ඇරත් එයාට ඔය පොත් පත් එච්චර දිරවන්නේ නෑ. එයා සෙට් වෙලා ඉන්නේ ට්විටර් එක්කනේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Chathurika Sirisena, Ivanka Trump, Dhaham Sirisena, Maithripala Sirisena, Donald Trump
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලෙනින් ලියයි.
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook