Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
බූන්දි, 18:09:26
ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ පූජාව
විශේෂ පූජාවේ නම- තෙසැත්තෑ ඥාන පූජාව
පූජා වට්ටියක මිල- රු. 3000/-

ලංකාව යනු ඕනෑම කට්ටඬියෙකු හට (ඇත්තෙන්ම ඕනෑම 'තක්කඩියෙකු' හට) කිසිදු වගවීමකින් තොරව, නීතියේ බාධාවකින් තොරව ඕනෑම දෙයක් කළ හැකි රටක් බවට විනිශ්චය කිරීමට ඉහත තොරතුර පමණක් සාක්ෂි දරයි. මෙය මේ වර්ගයේ ජාවාරම් වලින්, ක්‍රියාත්මක වූ තවත් ජාවාරම් සිය ගණනකින් එකක් පමණි.

මෙවැනි ආචාරධාර්මික නොවන රැවටිලිකාර ජාවාරම් වලින් සමාජයට වන අගතිය කෙරෙහි වගකීම් විරහිත වීමට රජයකට හා අදාළ සමාජ සංස්ථාවන්ට නොහැකිය. සමාජයක් ගුණාත්මක හා ශිෂ්ට එකක් වනුයේ සාරාත්මක හරයයන් සහිතව ගොඩනැගෙන විටයි. මෙවැනි ජාවාරම් වලින් හුදී ජනයා රවටා මුදල් ගරා ගැනීම මෙහි එක් ඛේදවාචකයක් පමණි. ඊට වඩා බරපතල කාරණය වන්නේ, ශිෂ්‍ය පරම්පරාවක් මෙවැනි මිත්‍යාවන්හි ගිල්වා තැබීමයි. එහි දීර්ඝ කාලීන විපාකය අනාගත පුරවැසියන් බුද්ධි හීනයින් වීමයි. සමස්ත සම්ප්‍රයුක්තය වන්නේ, මෙවැනි මිත්‍යාවන් හිස දරා සිටින සමාජයක් නිසා අධ්‍යාත්මිකව වියලුනු මනස් පුතුන් සහිත කතරක් නිර්මාණය වීමයි.

මෙම පූජාවට සාභාගී වූ දෙමව්පියෝ පූජාව හේතු කොටගෙන විශේෂ ප්‍රතිලාභයක් හෙවත් තම දරුවා හට (තමන් මුහුණදෙන විභාගයෙන්) ඔහුගේ හෝ අයගේ බුද්ධියට හා මහන්සියට නොසෑහෙන තරම් ඉහල ප්‍රතිඵලයක් අපේක්ෂා කරයි. එහෙත් එලෙස ප්‍රතිඵල ලැබ ගන්නේ නැති බවට අපට ඉඳුරාම කිව හැක්කේ එය ඉතිහාසය පුරාම එසේම වී ඇති බැවිනි. අනෙක් අතට එලෙස පූජාවන්ගෙන් විශේෂ ප්‍රතිඵල අත්කර දෙන්නේ නම් මේ තත්වය පැතිරී ගොස් අපේ රටේ පමණක් නොව ලෝකයේම විභාග ක්‍රමය අර්බුදයට ලක් වනු ඇත.

කරුණු එසේ වුවත් ඊළඟ වසරේදී ද මෙවැනි ආකාරයේ තවත් ජාවාරමකට සිය කැමැත්තෙන්ම අපේ හුදී ජනයා ගොදුරු වන්නේ රෑ වැටුණු වලේ දවල් ද වැටීම මෙවැනි අයගේ ජානගත පුරුද්දක් නිසාය. ඒවග අපේ කට්ටඬි මහත්වරු ද හොඳින් දන්නා නිසාය. එනිසා පසුගිය වතාවේ/ වසරේ පූජාවේ කාර්ය සාඵල්‍යත්වය පිලිබඳ ප්‍රගති සමාලෝචනයක් නොමැතිව ජාවාරම ඉදිරියට යනු ඇත.

මේ ගුප්ත ලෝලිත්වය නම්වූ ඇබ්බැහියෙන් ගැලවීමට නොහැකි වීමට හේතුව එය ඒ අයගේ ජීවිතයේ එක්තරා වින්දනීය ආකාරයක්/ මාදිලියක් වන නිසාය. එය මනෝ වෛද්‍ය විද්‍යාව තුල හඳුනාගෙන ඇති තත්වයකි. කලාතුරකින් මෙවැනි විශ්වාසයන් සහිත මානසිකත්වය තදබල අන්ධ විශ්වාසයක් (delusion) තෙක් උග්‍ර වූ විට, අසල්වැසියා/ මිතුරා පමණක් නොව තම පවුලේ සාමාජිකයින් පවා සැක කරන මනෝ ව්‍යාධියක් තෙක් ඔඩු දුවනු ඇත. මේවයේ ආන්තික ඛේදවාචකය එසේ විය හැකිය.

තමන් ලබන්නාවූ අධ්‍යාපනය අරභයා සිසු සිසුවියන් හට ලබා දියයුතු පළමු ආදර්ශය හා ඔවදන විය යුත්තේ, අධ්‍යාපනයෙන් තම ජීවිතයට හා සමාජයට (හෙවත් සමස්ත ලෝකයට) ඉහළ ගුණාත්මක වටිනාකමක් එකතු කරලීමට එය දායක කර ගැනීම යන්නය. එහෙත් මේ අරමුණ යනු ඉහළම හා පරිසමාප්ත දෙයක් වන නිසා ඇත්තෙන්ම අපට ආසන්න වනුයේ ඊට මෙපිට පුද්ගලික අපේක්ෂාවන්ට අදාළ දේවල්ය. එය එසේ වුවත් අධ්‍යාපනය යනු හුදෙක් තරඟයක් නොවන වග දරුවන්ට ඒත්තු ගැන්වීම අඩුම තරමින් පුද්ගලික ජීවිතයේ සාපේක්ෂ සාර්ථකත්වය කෙරෙහි ඉවහල් වෙයි. මක්නිසාද අධ්‍යාපනය තරඟයකට ඌනණය වූ කල එය විසින් නිරෝගී පුරවැසියෙකු බිහි නොකරන බැවිනි. විභාග ආතතිය/ පීඩනය නිසා මානසිකව අසමතුලිත තාවයන්ට ලක්වන, මානසිකව රෝගීවන සිසු-සිසුවියන් සංඛ්‍යාව දෙස අපගේ බලවත් අවධානය එල්ල විය යුතුය. ඇත්තෙන්ම නූතන සමාජයේ, සමාජීයව රෝගී පුද්ගලයෙකුට පවතින්නට අසීරු වෙයි. හුදෙක් පුද්ගලික අභිමතාර්ථය යන කෝණයෙන් සලකා බලන විට වුව මේවායින් ගැලවීම උදෙසා මේ දේ තේරුම් ගැනීම වැදගත් වෙයි.

පූජාවන් පවත්වා, ජප කරන ලද පෑන් වලින් විභාග ලියන්නට සලස්වා, ප්‍රතිපල එන තෙක්ම බෝධි පූජා පවත්වා ඉෂ්ඨ කරගන්නට උත්සාහ කරන්නේ තම දරුවාට උක්ත තරඟයෙන් ජය ලබා දෙන්නයි. ඒ උදෙසා කළ යුතු නිවැරදි දේ පිළිබඳව බුද්ධිමත් ප්‍රජාවේ නිවැරදි උපදෙස් සමාජය වෙත සන්නිවේදනය විය යුතුය. ඒවා පරයා මේ විසුළු සහගත අභිචාරයන්ට හුදී ජන සමාජයෙන් ඉල්ලුමක් පැනනගින්නේ සහ ඒ වටා ජාවාරම් බිහිවන්නේ, ජනමාධ්‍ය විසින් මේ ජාවාරම් වලට අනුග්‍රහය දැක්වීම නිසයි.

කෙසේමුත් කනගාටුවට කාරණය හා ඛේදවාචකය වන්නේ මෙවැනි මුග්ධ ප්‍රාර්ථනාවන් අරබයා අපේ සමාජයේ සිටින විචාරශීලී සමාජ කොටස් පවා ගොළුවත පවත්වාගෙන යාමයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Superstitious Beliefs, Myths, Sri Lanka, Deva Pooja, Year 5 Scholarship, Exams
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
වෙසෙස්
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
අදහස්
මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
අදහස්
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
තවත් අදහස් බූන්දි
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
පැ ර දු නේ ක වු ද ?
[සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චේ ලියයි.
යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා... [More]
What's New | අලුතෙන්ම
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කතන්දර| වනවාසි සහ ලෝකවාසී

26-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා.... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
කතන්දර| අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]

12-Secs

අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩිත්තන්ට- චූටි ටීචර් සමග "අලුත් වෙමුද අවුරුද්දේ?"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Kids... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
කතන්දර| "මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

මෙන්න පොඩිත්තන්ට රුසියාවෙන් තවත් කතන්දරයක්! වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "මීයා සහ පැන්සල" ළමා කතන්දරයේ සිංහල ප්‍රතිනිර්මාණය.

හඬ මුසුව- නයෝමි ගුණසිරි,... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
රංග| ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය

11-Mins

(චින්තා පවිත්‍රානි) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
කතන්දර| "පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"පුංචි පුතුට පාඩමක්"- පොඩි දරුවන්ට ලොකුම ලොකු පාඩමක් කියා දෙන ආදරණීය කතාවක් [කාටූන්]- Alex Latimer ලියා, Patrick Latimer සිත්තම් කළ... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
ඔත්තු| මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5

21-Secs

කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය, 2018, අප්‍රේල් 05 වන... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook