Review on Sanda Horen Horen Horen Bala- Sinhala Song by W D Amaradeva | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
බූන්දි, 18:19:10
ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ සංස්ථාවේ ම එක පුද්ගලයෙක් වශයෙනි. කොටින් කිවහොත් ඔවුන්ට සඳ ආකාශ වස්තුවක් නොව සජීවි වස්තුවකි. එබැවිනි එය 'හඳ හාමී' වන්නේ. තනිකඩ තරුණයන්ට එය තවත් යහලුවෙක් පමණි. එබැවිනි සෝමතිලක ජයමහ ගයනුයේ 'යාලු බාල සඳේ'. සඳ පුරුෂ ලිංග භජනය කරන්නක් ලෙස දුටුවත්, ශෘංගාරාත්මක රැයක දී සඳ ස්ත්‍රියක වෙයි. ගුණදාස අමරසේකරගේ සඳේ මායම් කව් පෙළේ 'සඳේ කුමාරී සඳ තුළ සලුව උණනවා', රන්වල පදනමෙන් උපන් 'සඳ සාවී මා', කසුන් කල්හාරගේ 'සඳ මිතුරී' ආදි නිදසුන් මෙම මතය සපථ කරවයි. එහිදී ලිංගික හැඟීම් තීව්‍ර කරනු වස් සඳ නම් ස්ත්‍රිය සමඟ ලන්ද හෝ කන්ද යන පුරුෂ ලිංගය සංකේතවත් කරන වස්තූන් සමීපාර්ථයේ යොදවන 'අරලිය ලන්දට සඳ පායනකොට', 'හන්තානට පායන සඳ', 'කන්ද කපා පායන් රන් පුන් සඳ' වැනි ගී ද හමුවේ. ඉන් ඔබ්බට මාතෘත්වයෙහි ලා සඳ අරුත් ගැන්වීමට 'අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී' වැනි ගී ද ඉවහල් වේ.

පණ්ඩිත් අමරදේව ගයන ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සංගීත රටා ඔස්සේ මවන සඳ ද කාන්තාවකි. එබැවිනි ඇය ලජ්ජා පෙරදැරිව මදින් මද හොරෙන් එබි එබී බලනුයේ. මෙහි 'හොරෙන්' යන පදය තෙවරක් යොදන්නේ භාවෝද්දීපනයට පමණක් නොවෙයි. වලා රොද අතරින් සඳ දිස්වන අවස්ථාවේදී ක්‍රමිකව සඳේ එළඹීම දැක්වීම සඳහා ය. කේමදාස ශූරීන් 'හොරෙන්' යන්න යෙදෙන මොහොතේ සැලකිය යුතු විරාම අවස්ථා තැබීමට උත්සුකවන්නේ එම වදන යෙදෙන අවස්ථා තුනෙහි දී ස්වර රටා තුනක් ද මවමිනි.

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කථා
අසා සිටිනවා


ගී පද රචක කුලරත්න ආරියවංශ මෙම ගීයෙන් මවන පරිසර දර්ශනයෙහි කෝණ කෙරෙහි විමසිලිමත් වෙමු. සඳ ඇත්තේ ඉහළ කෝණයෙනි. පෙම්වතුන් සිටින කෝණය පහළ ය. නමුත් ගීය රසවිඳින්නාට සමීපයේ ය. ඈත පෙනෙන සඳත් මෑත සිටින පෙම්වතුනුත් අතර මැද ඊට බාධක නොමැති ලම්බක ඉරක් ඇඳිය හැකි සෘජු සම්බන්ධයක් පවතී. මුළු අහස ම දූරස්ථ රූපයක් කර බලන්නේ නම් සඳ එහි මධ්‍යයේ ඇති තිතක් පමණි. සෙසු බාහිර පරිසරය බොඳ සිතුවමක් ලෙස දර්ශනය වන අතරෙහි පෙම්වත් යුවළ නාභිගත කරමින් ගුවනේ සිට ගන්නා ඡායාරූපයක් මේ මොහොතේ සඳ දකිමින් සිටී. පෙම්වතුන් සඳ දකින කෝණය අසන්නාට ද පෙනේ. කොටින් ම ඔහු මේ අවස්ථාවේ සිටින්නේ පෙම්වතුන් අතර ය.

ගී පද රචනයට අනුව සඳ එබෙනුයේ වලාකුළකින් නොව වලා රොදකිනි. වලාකුළ හා වලා රොද යනු දෙකකි. සඳ 'වලා රොදක සැඟවිලා' යන්න වෙනුවට 'වලාකුළක සැඟවිලා' යි කීවේ නම් සහෘදයාට හැගෙන්නේ කුමක් ද? රාත්‍රී අහසට බාධාවන පරිදි තරමක් විශාල ප්‍රමාණයේ සුදු වලාකුළක් අතරින් සඳ එබීම පෝදා අහසකට නම් සුදුසු ය. එහෙත් පෙම්වතුන් බලා සිටින රැයකට අවැසි සඳ මිස වලාකුළ නොවේ. එබැවින් රචකයා වලාකුළට ප්‍රධානත්වය නොදී එය ක්ෂුද්‍ර වස්තුවක් කිරීමට වලා රොදකැයි කියයි. රොද කී විට නැගෙන රසය අනෙකකි. එබැවින් රචකයා බස පිළිබඳව සවිඥානික බැව් අමුතුවෙන් කිව යුතු නැත.

කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී මහද වියරු වෙයි


ගීතයේ දෙවන පද්‍යය අරුත් ගණනාවක් මතු කරන්නේ වෙයි. 'කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා' යන්න ආකාර දෙකකින් අරුත් භජනය කරයි. රාත්‍රියේ පූර්වයාමය පළමු පද්‍යයෙන් කියැවිණි. ගීතයේ දෙවන පද්‍යය වනවිට අලුයමට ආසන්න රාත්‍රිය ඇරඹී ඇත. පරිසරය නිහඬය. සුපෙම්වත් පිළිසඳර නොඇසෙන තරම්ය. හෙමි හෙමින් පිනි වැටෙන්නට ගනී. පෙම්වතුන්ට සිය පෞද්ගලිකත්වයට ඉඩ සලසන රචකයා ඔවුන් සිටින පරිසරය කෙරේ අප නෙත් යොමවයි. සඳ හඬන කඳුළු වනාහි රාත්‍රිය හේතුවෙන් උනන පිනි යි. තුරු ලතා පුරා ගලායන්නේ පිනි දියරයි. ශෘංගාරයට උචිත මෙම පරිසර වර්ණනය සහෘදයාගේ රසායනික ක්‍රියාවලිය ද මෙහෙයවීමට සමත්ය. මෙ පද්‍ය කොටස ම තවත් ආකාරයකින් නිර්වචනය කළ හැකි ය. රාත්‍රී අහසේ හඬන්නේ සඳ යි. මෙතෙක් වේලා වලා රොදට මුවා වී පෙම්වතුන්ගේ බස් අසා සිටි හඳ එක්වර ම මෙලෙසින් හඬන්නේ ඇයි? සඳේ අරමුණ ඉටු නොවුණු නිසා නොවේ ද? සඳ අහසට පැමිණියේ පෙම්වතුන් හා හැංගි මුත්තන් කිරීමට නොවේ. පෙම්වතුන්ගේ ලිංගික සප්‍රාණිකත්වයට වුවමනා හෝමෝන උද්දීපනය කරනු වස් අදාළ පරිසර පසුබිම සැකසුමට යි. මධ්‍යම රැයත් එළඹී ඇතත් තවමත් සඳ දකින්නේ කුමක් ද? පෙම්වතුන් ශාරීරිකව එක්වනු තබා කලින් තිබූ පෙම් බස් ද නැවතී සිටින අයුරුයි. අහසට තමා ආ වෑයම නිශ්ඵල යැයි සිතන සඳ වැළපෙයි. එබැවිනි සඳෙන් කඳුළු ගලනුයේ. මේ කඳුළු වැටෙන්නේ තුරු ලතා වෙත ය. තුරු නම් පුරුෂයා ය. එසේ වන කල්හි ලතාව ස්ත්‍රිය නොවන්නේ ද? සඳේ කඳුළු තුරුලතා (ස්ත්‍රී-පුරුෂයන්) වෙත ගලා එන බව කීමෙන් අදහස් වන්නේ අන් කවරක්වත් නොව රාත්‍රියේ දී ශාරීරිකව සිදුවන රසායනික හෝමෝන නිෂ්පාදනය ඇරඹීම නොවේද? මේ ගලා යන්නේ පෙම්වතුන්ගේ සම්භෝගයට අවශ්‍ය කාම දියරය යි. ගීතය ගයන්නේ පෙම්වතා යි. ස්ත්‍රී පුරුෂ ඇසුරෙහි දී පළමුව ප්‍රාණවත්වන්නේ පුරුෂයා බව පොදු කරුණකි. ගීතයේ සිටින පෙම්වතා ද එම අරුමය අත්පත් කරගෙන සිටින මොහොතකි මේ. එයින් පසු එන පදයේ පෙම්වතිය පිළිබඳව පැවසීමට ප්‍රථමව පෙම්වතා 'සියොළඟ ම සැලී මගේ' ලෙසින් තමා පිළිබඳව පවසනුයේ එබැවිනි. පසුවයි ඔහු 'ඔබේ නෙත යදී' යනුවෙන් පෙම්වතිය අමතනුයේ. පෙම්වතිය අයදින්නේ කුමක්ද? ඔහුගේ සප්‍රාණිකත්වයේ කූඨප්‍රාප්තිය නොවේද? ඇය මුවින් නොඅයැද නෙතින් අයදින්නේ කිම? වදනක් බිණීම තරමින්වත් රාත්‍රියේ නිහඬතාව මොහොතක් බිඳ දැමීමට ඇය නොරිසි බැවිනි. ඇගේ නෙතින් කියැවෙන පණිවිඩය පෙම්වතා මෙතරම් සූක්ෂ්මව දකින්නේ බලන බැල්ම හා රාගයේ පිළිඹිබුවක්ව ඇසේ වර්ණයෙහි වෙනස්වීම හේතුවෙන් බව වටහා ගැනීම අසීරු නොවේ. තිරිසන් සතුන්ට නොමැති මිනිසුන් පමණක් අත්පත් කරගන්නා ඇස් කියවීම නොහොත් වත්මනෙහි සෘජු ප්‍රකාශන ලීලය හැඳිනිය හැකි ඇසින් කරනා වූ සංවාද නොහොත් Eye-Contact මඟින් හැඟීම් වටහා ගැනීම පෙම්වත් සඳරෙහි අත්‍යවශ්‍ය සාධකයකි.

කියුඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල්තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා ඔබේ සිසිලසින්


ඇගේ නෙතෙහි අයැදුමින් පිබිදෙන භාව සහිත පෙම්වත් හද වියරු වෙයි. නැවත නැවත ඔහු ඇයව ඉල්ලා සිටී. සම්භෝගය නොනිමි ආසා දල්වන පරිද්දෙන් ඔහු සිත රුදුරුවන තරමට ම රාත්‍රිය සිහිල් ය. හුදු පද යෝජනය මතු නොව සංගීතය පවා පෙම්වතාගේ වියරුව විශද කරවයි. පෙම්වතියගේ බැඳ තිබූ වරල දැන් මුක්ත ය. රාත්‍රියේ හමන මද සුළඟින් ඇගේ කියුඹුවැල් අවුත් ඔහු කොපුල්තලයේ ගැටේ. ඔවුන් සම්භෝගයට පත් වූ පුවත ගී පද රචකයා සංකේතීය වශයෙන් පවසයි. පෙම්වතියගේ කියුඹුවැල පෙම්වතාගේ කොපුලෙහි ගැටෙන තරම් සමීපයකය ඔවුන් සිටින්නේ. මෙය ජී.බී. සේනානායකගේ 'නිශ්ශබ්දතාව' නිසඳැස සිහිගන්වයි. අවසානයේ 'නිවාලන්න මා ඔබේ සිහිලසින්' යැයි ඔහු අයද සිටියි. පළමුව ඔහුගෙන් අයැදියේ ඇය යි. අවසානයේ අයදිනුයේ ඔහුයි. රෂෝමාන් චිත්‍රපටය මීට දෙස් දෙයි. සම්භෝග අවස්ථාවකින් ස්ත්‍රිය ගැළවිය නොහැකි පරිද්දෙන් ඔහුට ආශක්ත වෙතැයි පැවසෙන නමුදු කායික ශක්තිය හැරුණුවිට උපක්‍රමිකව යටපත් කරගැනීමේ හැකියාව ස්ත්‍රිය සතු බව වටහා ගත යුතු සත්‍යයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sanda Horen Horen Horen Bala, Sinhala Song, W.D. Amaradeva, Premasiri Khemadasa, Kularathna Ariyawansha, Maestro Khemadasa Songs, Amaradeva Songs
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩිල්ෂානි චතුරිකා දාබරේගෙන් තවත් වියමන්
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
වෙසෙස්
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
කවි
බිරියෝසා හිම හඬයි!
වෙසෙස්
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
තවත් ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
මේ තරම් සියුමැලි ද කළුගල්....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
What's New | අලුතෙන්ම
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook