Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
බූන්දි, 18:00:46
"දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පසුගියදා ප්‍රකාශ කොට ඇත. සීමිත අවස්ථාවන් සඳහා පමණක් ගබ්සා නීතිය ලිහිල් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව මෙසේ විරෝධය ප්‍රකාශ කරයි.

"කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා" යනුවෙන් ඒ විරෝධය කූටප්‍රාප්ත වී ඇත.

තම පවුලේ සමීපතමයෙක් (පියා, සහෝදරයා, බාප්පා වැනි) අතින් දූෂණයට හෝ ලිංගික අතවරය පාත්‍ර වීම හෝ ව්‍යාභිචාරය හේතුවෙන් හෝ වන "උභතෝකෝටික" ගැබ් ගැනීමකදී උපදින්නට යෙදෙන ප්‍රාණියා හට තම අනාගත ජීවිතයේදී මුහුණපාන්නට සිදුවන සමාජ සංස්කෘතික අභියෝගයන්ට කිසිදු පිළිතුරක්/ පිළියමක් මේ ආගමික සංස්ථා වලින් ඉතිරිකොට නැත. එම දරුවාගේ මවට හෝ ජානමය පියාට දරුවා සම්බන්ධයෙන් වන මානව සම්බන්ධතාවය කෙතරම් අසීරු සංකීර්ණ එකක් වනු ඇත්ද? එවැනි තත්වයක් තුල අලුත් ගැටළු ඉතිරි කිරීමට ආගමික නායකයින් නිර්දේශ කිරීම සමාජය තුල සංවාදයට ලක්විය යුතුය. අනෙක් අතට මෙවැනි අවාසනාවන්ත අවස්ථාවකදී හෝ එසේත් නැත්නම් විකෘති කලලයක් වීම වැනි තත්වයකදී හෝ එසේත් නැත්නම් සෞඛ්‍යමය හේතූන් මත (පමණක්) ගබ්සාවක් සඳහා පවතින නීතිය ලිහිල් කිරීම යනු ගබ්සාව සඳහා ලයිසන් දීමක් නොවේ.

නමුත් තත්වයේ බරපතලකම පිළිබඳව අවබෝධයක්, දැනුමක් හා සමාජ අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු, දියුණු ලෝකයේ ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගනිමින් මේ ආගමික තහංචියට එරහිව කරුණු දක්වමින් කියා සිටින්නේ, "ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කමක් නැති නිසා ලාබාල දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුනදේ, අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුනාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව නොසලකා හරින්න බැහැ."

වයස අවුරුදු 13,14 ක දැරියක් තම පවුලේ කෙනෙකුගෙන් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පවසන ඔවුන් එවන් අවස්ථා වල දී මෙවැනි ගබ්සාවකට (විශේෂඥ වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත පමණක්) ඉඩ ලබා දියයුතු බව අවධාරණය කරනවා. "කණගාටුයි මේ දේ කියන්න, තමන් කාන්තාවක් වෙන්න ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල් වලට තමයි මේවගේ ප්‍රශ්නයක් තේරෙන්නේ; පුජකවරුන් වෙන ජිවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ"; මේ විෂයයේ සිටින විශේෂඥයින් ප්‍රශ්නය දකින්නේ එලෙසයි.

"ඇතැම් අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ඉන්නේ ඇද උඩ මළසිරුරක් වගේ, එතකොට ඒ ගොල්ලෝ වගේම ඒ දෙමාපියනුත් පීඩාවට පත්වෙනවා." මෙවන් ජීවිතයක් යනු දෙමව්පියන්හට/පවුලේ සමීපතමයින් හට සදාතනික ඛේදවාචකයක් වනවා මිස දේව සැලැස්ම කෙරෙහි උපන් පහන් සිතින් එය ඉවසා වදාරනවා නොවේ. ඇත්තෙන්ම එවන් දරුවෙකු අවසන් මොහොත දක්වා සියල්ල දරාගෙන රැක බලා ගන්නේ සමාජයේ පවතින මානුෂීය ගුණය නිසාය. එවන් දිගුකාලීන වේදනාකාරී ප්‍රශ්නයකින් සහනයක් ලැබීම සඳහා තිබෙන විකල්පය ගබ්සාවක් නම් ඒ සඳහා අවස්ථාවක් තිබීය යුතුය.

මේ සීමිත අවස්ථා සඳහා නීතිය ලිහිල් කිරීම තුලත් ගබ්සාවකට වෛද්‍ය නිර්දේශය ලැබෙන්නේ කළලය ඉතා මුලික අවස්ථාවට අදාලව පමණි. එය මේරු ළදරු කළල අවස්ථාවකට තරම් කල් ගතවී ඇත්නම් එවිට ගබ්සාවකට විශේෂඥ නිර්දේශය හිමි නොවේ. එනිසා මෙය "ප්‍රාණියා"ට වේදනාවක් ගෙනදෙන්නක් හෝ ප්‍රාණ ඝාතනයක් හෝ නොවේ.

(දේව සැලැස්ම තුල ජීවිතයක් ලෙස සැලකෙන්නේ මානව පැටවෙකු වීම අපේ වාසනාවකි. මක්නිසාද යත් කුකුල් පටවා ද ඒ දේව සැලැස්මේම කොටසක් වී මිනිස් පැටවාට හිමිවූ අනුකම්පාවට පාත්‍ර වුනි නම් අපට බිත්තර පරිභෝජනය කිරීම අත්හරින්නට සිදුවනු ඇත!)

සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව සිද්ධවන දේවල්නම් 2004 වසරේදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ආදී රටවලට සුනාමි රළ කඩාවැදී කුඩා ළමුන් දහස් ගණනක් ද ඇතුළුව ලක්ෂ ගණනක් ජීවිත විනාශ වුයේ අද්භූත හේතුවක් සහිත දේව-සැලැස්මක් නිසාද? අද වනවිට ඉරාකයේ, සිරියාවේ හා අප්‍රිකානු රටවල යුද්ධ ඇවිලී දිනපතා මිනිසුන් මියයන්නේ යම් දේව- සැලැස්මක කොටසක් අනුවදැයි කාදිනල් තුමා අපට පැහැදිලි කල යුතු වෙයි. එමෙන්ම අතීතයේ ලෝක යුද්ධ වලින් මිනිසුන්, ළමුන් මිලියන ගණනක් තිරිසන් ලෙස ඝාතනයට ගොදුරු වුයේ එවන් සැලැස්මක් අනුවද? මේ ලැයිස්තුව කෙතරම් දීර්ඝ එකක් වනු ඇතිද යත් ඒ "දේව- සැලැස්ම" තුල මීටත් වඩා කෘර සිදුවීම් අතීතයේ සිදුවී ඇති ආකාරය විස්තර කල යුතු නොවේ. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව සිදු වූ ඒවා යැයි සිහිබුද්ධිය ඇති කිසිවෙකු අද නොපවසනු ඇත. මක්නිසාද දරු උපත පමණක් නොව ඉන් අනතුරුව සමස්ත ඉරණම ද දෙවියන්ගේ ඉහත සැලැස්ම තුල ඊට අනුකූලව සිදුවන දේවල් විය යුතුය. අතීතයේ දීට වඩා අද ලෝකයේ දේවල් පහසු වී ඇත්තේ ජීවිතය යහපත් වී ඇත්තේ විද්‍යාවේ ජයග්‍රහණ නිසාය. එහෙත් විද්‍යාව මේ තත්වය කරා එළඹුණේ ආගමික බාධාවන් මධ්‍යයේය.

ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී හා නීති පැනවීමේදී ආගමික නිර්දේශ යනු බැහැරින් තැබිය යුතු දේ වෙයි. මෑත දී සමාජ ප්‍රතිසංස්කරණ උත්සාහයන් හමුවේදී බොහෝ දුරට ආගමික සංස්ථා වලින් එල්ල වුයේ පසුගාමී ප්‍රතිචාරයන්ය. සමාජ- දේශපාලන ප්‍රපංචයන් අරබයා ඕනෑම පුරවැසියෙකුට අදහස් දැක්විය හැකිය; යෝජනා ඉදිරිපත් කල හැකිය. එහෙත් ඒ දේවල් නූතන දැනුමට අනුව, මිනිස් වර්ගයාගේ පොදු යහ- පැවැත්මට අදාළ වන්නේ කෙසේද යන්න අනුව, වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව තීරණය විය යුතුවා මිස පැරණි විශ්වාසයන් අනුව තීන්දු කල යුතු නොවේ.

දෙවියන් වහන්සේගේ මැවීම හෝ සැලැස්ම යනු විශ්වාසයක් මිස ලෝකයේ නූතන දැනුම හා විද්‍යාත්මක සාක්ෂි අනුව කිසිදු ලෙසකින් පිළිගත හැකි දේවල් නොවේ. විශ්වාසය හා විද්‍යාත්මක දැනුම/සාක්ෂි යනු ඉතා වේගයෙන් නොපෑහෙසේ ඈත්වන හා එකකින් අනෙක අහෝසි වන සන්දර්භයකි අද තිබෙන්නේ. ඒ බව තේරුම් ගෙන සමාජ ජීවිතයේ යහපත කෙරෙහි බාධාකාරී නොවන භූමිකාව තෝරා ගැනීම ආගමික නායකයින්ගේ "යුතුකම" වනු ඇත. තම නොදැනුම හා තමන්ට අදාළ භූමිකාවේ වපසරිය තේරුම් නොගෙන සමාජ ජීවිතයට අධිකාරිවාදී ලෙස මැදිහත් වීමට යාමෙන් ඒ අයට තිබෙන "පිළිගැනීම" පවා අහිමි වීම ඉක්මන් වනු ඇත. යුරෝපයේදී සිදුවුයේ එයයි.

සියලු ආගමික නායකයින්ට හිස නැමීමට යාමේදී සමාජ ප්‍රගමනයට සිදුවන බාධාව කෙතරම්ද යන්න උගැනීමට ලංකාව තරම් සුදුසු පර්යේෂණ භූමියක් ආසියාවේ වෙන නොමැති තරම්ය. ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේ කාර්යයේ සිට අධිකරණයෙන් වරදකරුවන්/ නිවැරදි කරුවන් තීරණය කිරීමේ කාර්යය තෙක් මතුද නොව මහාමාර්ග පුළුල් කිරීමේදී අවහිර වන කපුටු බෝ රුකක් ඉවත් කිරීම වැනි ක්ෂුද්‍ර කාරණා කෙරෙහි පවා අන්තවාදී ආගමික කණ්ඩායම් බාධාකාරී ලෙස මැදිහත් වන ආකාරය අපි නොකඩවා අත්දකිමු. සමාජය මේ තත්වයට තවදුරටත් ගොදුරු වීමට ඉඩහැර රාජ්‍යය නිෂ්ක්‍රීය වීමට ඉඩ දිය යුතු නොවේ. ඒ උදෙසා බුද්ධිමතුන්ගේ මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍යතාවයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Legalising Abortion in Sri Lanka, Catholic Church, Malcolm Ranjith, Sri Lankan cardinal, Abortion Bill
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
අදහස්
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
අදහස්
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
අදහස්
බාහිර උපකාරක පන්ති තහනම නරක පූර්වාදර්ශයකි!
අදහස්
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!"
තවත් අදහස් බූන්දි
පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!
අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?
[සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්
[සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!
රැකියා විරහිත උපාධිධාරියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලෙනින් ලියයි.
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
කවි| වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය

24-Secs

(මලිත් දිලූෂ නානායක්කාර) ලුද්මිලා,
හදවතත් ඇතැම් විට විපිළිසර ස්වර පෙළක්
විටෙක උච්චව විටෙක මන්ද්‍රව හඬ නැඟෙන
ස්ථායී තැන්වලත් අස්ථායී වෙන
සෘති අස්ථාවර ව ළතැවෙන
විරහ ගී ගැයෙන්නේ එතකොට;... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook