Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මගේ හොඳ යාළුවෙක්. නිතර මට කෝල් කරනවා. ‘මැතිවරණත් තියන්නේ නැති එකේ හරි කම්මැලියි බං... නිකං ඉන්න වෙලාවට මේ පැත්තේ වරෙං බං..’ කියල මනුස්සය නිතරම කියනවා. ඉතිං මං බාගෙකුත් ඉණේ ගහගෙන කටගැස්මකුත් ඔතාගෙන මැතිවරණ කොමිසම පැත්තේ ගියා. බාගේ ඇතුළට අරගෙන යන්න බෑ කියල සෙකුරිටිකාරය ගේට්ටුව ගාවදි කියපු නිසා මං බාගේ උගුරට හලාගෙන ඇතුළට ගියා. යනකොට මහින්ද මහත්තය ඈනුම් ඇර ඇර චන්ද පෙට්ටියක් උඩ ඇලවෙලා ඉන්නව. දැන් කියව කියව හිටිය පත්තරේ බිම.

‘මොකක්ද කියව කියව හිටියේ, මංගල යෝජනාවක්වත්ද?‘ මං ඇහුවා.

‘නෑ බං..., මේ ලුහුඬු දැන්වීමක්වත් දාන්ඩ කියල. චන්දත් නැති එකේ මේ පෙට්ටි ටික විකුණලා දාන්ඩ.’ දූවිලි වැදුනු චන්ද පෙට්ටියක් මං දිහාට තල්ලු කරන ගමන් මනුස්සය කීවා.

ඊට පස්සේ මනුස්සය හතරට පහට නමාපු ලියුමක් මගේ අතේ තිබ්බ. බැලින්නම් හිටපු ජනාධිපති ජේ.ආර්. අපේ මැතිවරණ කොමිසමේ සභාපතිට කොහෙදෝ ඉඳල ලියුමක් එවල.

*******

මහින්ද දේශප්‍රිය මහත්මයා,

මේ ලියමන ලියන්ඩ කියල හිතුනේ ඔය මහත්මයට පොඩි අවවාද කීපයක් දෙන්ඩත් එක්ක. මැතිවරණ තියන්නේ නැතෙයි කියල හිතේ තෝන්තුවක් හදා ගෙන නිකං බොරූවට ආතතියට ලක් වෙන්න අවශ්‍ය නෑ. මොකද මං ඔය ක්‍රමේ හැදුවේම ජනාධිපතිට ඕනි විදිහට චන්ද තියන වැඩපිළිවෙලක් ලැහැත්ති කොරන්ඩ හිතාගෙනනෙ. ඉතිං ඔය ඉන්න ලොක්කට කීකරු වෙලා එයා කියන විදිහට වැඩපල ටික කොරගෙන යන්න.

ආයෙත් ලාම්පු කලගෙඩි සෙල්ලමක් නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් එනවලු නේද මහත්මයෝ. ජනාධිපති ක්‍රමෙත් නැතිකරන්ඩ යනවයි කියන්නේ. හැබැයි ළමයෝ මං ඔය ක්‍රමේ හැදුවේ ආයේ වෙනස් කරන්ඩ පුළුවන් වෙන විදිහටනම් නෙමෙයි. ඒ ගැන ඔය ලොකු මහත්වරුන්ට හමු උනොතින් කියන්න. අපේ රනිල් ළමය හරියට හිටියනම් තාමත් අපේ කට්ටිය ආණ්ඩුවේ ලොකුම පුටුවේ.

හැබෑටම දැන් මොකටද ඔය ව්‍යවස්ථාව වෙනස් කොරන්ඩ යන්නේ? මං නං ඒක කළේ රටේ සංවර්ධන විප්ලවයක් ඇති කොරන්ඩ හිතාගෙන නොවැ. ඉන්දියාවට හිටං ලයිට් දෙන්ඩ නේ මං ප්ලෑන් ගැහුවෙ. දැන් තමිල්නාඩුවේ මිනිස්සු අපිට පිං දිදී අපේ විදුලිබලය බුක්ති විදිනව ඇති නේද මහත්තයෝ. තාම එහෙම නෙමෙයි නම් අපේ රනිල් ළමයට කියන්න. එයා ඒකට වැඩපිළිවෙලක් හදල දෙයි. එයා හරි හපනා.

ඒක නෙමෙයි මං අහන්ඩමයි කියල හිටියේ අර රතු පක්ෂේ නායකයා වෙලා ඉන්න ළමයගේ එඩ්රස් ඒක මට පොඩ්ඩක් එවනවද පොඩි ප්‍රසන්ට් එකක් යවන්ඩ. මනුස්සය අපේ රනිල් ළමයට පුදුම උදවුවක්නේ දෙන්නේ. ඩිංගක් මුකරි කට උනාට හරිම සාමකාමී මනුස්සය. මගේ කාලේ ඒ පක්ෂයේ හිටියේ විජේවීරනේ. මිනිහ මාත් එක්ක ආරෝවටමනේ හිටියේ. අර මං චන්ද කල් දා ගන්ඩ ගිය වෙලේ. මිනිහ ඇරියෙම නෑ නොවැ. මට පුදුම හිසරදයක් උනානේ. ඒ අතින් බලනකොට නං අපේ රනිල් ළමය අවාසනාවන්තමත් නෑ. පක්ෂෙත් කීකරුයි. විපක්ෂෙ ඊටත් වැඩිය කීකරුයි.

මගේ කාලේ ඔය මැතිවරණ රාජකාරි කරපු මහත්තය ගැන මට පුදුම කනගාටුවක් තිබුනේ. මනුස්සයට විවේක ගන්නත් එක්ක කොහෙ හරි හොඳ රටක තානාපතිකමකට යවන්න ඕනි කියල හිතං හිටියත් වැඩේ උනේ නෑ. ඔය මහත්තුරු මහන්සි වෙලා චන්ද තිබ්බට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑනේ. ඔළුගෙඩි ටිකක් එහෙට මෙහෙට වෙලා ආපහු තිබ්බ විදිහටම වැඩ සිද්ද වෙනව. මං ඉතිං වැඩ හැදුවේ ඒ විදිහටනේ. ඔය මහත්තය වගේ උගත් මහත්තරුන්ට ජිවිත කාලේ පුරාවටම කිසිම වැදගැම්මකට නැති වැඩක නිරත වෙන්ඩ සිද්ධ වෙච්ච එක ගැන මට හරිම කනගාටුයි. ඔය ඉන්න තැන් වලින් අයින් වෙලා දේශපාලනේ වගේ තමුන්ට ප්‍රයෝජනවත් වැඩක් කරන්න බලන්න. මාත් පුලු පුළුවන් විදිහට උදව් කරන්නම්.

මීට,

ජේ.ආර්. ජයවර්ධන
හිටපු ජනාධිපති


*******

ලියුම ඉවර වෙනවත් එක්කම, මට ඉඳගන්ඩ දුන්න චන්ද පෙට්ටියෙ දැල් බැඳන් උන්න මකුළුවෙක් මගෙ කමිසෙ අස්සට රිංගුවා. ඌට කේන්ති ඇති! මං නිසා උගේ "පරමාධිපත්‍යයට" කෙළවෙන්ඩ ඇති...!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Elections Commissioner Mahinda Deshapriya, J R Jayawardena Late President of Sri Lanka, Democracy in Sri Lanka, Sri Lankan Elections
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
එලී වියෙසෙල් කියයි.
අප සෑම විටම පැත්තක් ගත යුතුම ය. මධ්‍යස්ථභාවය උපකාර කරනුයේ පීඩාවට ගොදුරු වන්නන්ට නොව පීඩකයාටම ය. නිහැඬියාව දිරි ගන්වන්නේ වධකයා මිස වධයට පාත්‍ර වන්නා නොවේ.... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook