Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
බූන්දි, 18:04:56
මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම් අන්තවාදයක්; ත්‍රස්තවාදයක් වැනි තත්වයක් නොවේ. (ඒකාධිපතිවාදයට වඩා අරාජිකත්වය යනු එකී රාජ්‍යයට පමණක් නොව සමස්ත කලාපයටම මතු ද නොව ලෝකයටම ප්‍රශ්නයක්; විනාශයක් බව පසක් කර ගැනීමට ඇමෙරිකාවටත් ඔවුන්ගේ ‘ඇලියටත්’ කල් ගත විය. ඒ නිසා ඉරාකයේ, ලිබියාවේ හා සිරියාවේ වූ විනාශය තුලින් උගත් පාඩම බෙහෙවින් මිල අධික විය. ඒ අරාජිකත්වය නිසා ඒ රටවල් තුල මුස්ලිම් ත්‍රස්තවාදයක් නිර්මාණය විය.) කෙසේ මුත් මියන්මාරයේ සිදුවුයේ එවැන්නක් නොවේ. එහෙත් අපේ රටේ මිත්‍යාවෙන් හා ජාතිවාදයෙන් ආතුරවූ පිරිස් වලට, ඉරාකයේ හෝ සිරියාවේ IS ත්‍රස්තවාදීන් හා මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවෙන් බැටකා පලායන රෝහින්ග්‍යාවරු පෙනෙන්නේ එක වගේය.

රටක් නොමැති; පුරවැසි භාවයක් නොමැති දිළිඳු හා දේශපාලන වශයෙන් දුර්වල රෝහින්ග්‍යාවරුන්ට ඇති එකම පිහිට මේ මොහොතේ තිබෙන ජාත්‍යන්තර අවධානය පමණි. රෝහින්ග්‍යාවරු යනු ලංකාවේ දෙමළ ප්‍රජාව හෝ නැගෙනහිර ටිමෝරයේ ජනතාව හෝ පිලිපීනයේ මෝරෝ මුස්ලිම් වෙන්වීම්වාදී ව්‍යාපාරය මෙන් ශක්තිමත් හෝ සංවිධානාත්මක ප්‍රජාවක් නොවේ. ඔවුන් භාරගැනීමට මුස්ලිම් රාජ්‍යයක් පවා නැති බැවින් ඔවුන්ට ඇති එකම විකල්පය ජීවිත අවදානම දරා ගෙන පලා යාම පමණි. එසේ පලායමින් සිටියදී නාවුක හමුදා භාරයට පත්වුණු බහුතරයක් ළමුන් සහිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තාවකාලිකව රඳවා සිටි ස්ථානයකට කඩා වැදුණු භික්ෂූන් ඇතුළු මදාවි පිරිසක් ආක්‍රමණකාරී ලෙස මැදිහත්වී එම අසරණයින් පිරිස පලවා හරිනු ලැබුවේ ලෝකයා ඉදිරියේ රට අවමානයට පාත්‍ර කරමිනි. කිසිදු අභියෝගයක් නැති රෝහින්ග්‍යාවරු සුළු පිරිසක් හමුවේ ඉතා කෝපාවිෂ්ට ලෙස හැසිරුණු මේ වර්ගයේ ජාතිවාදී චන්ඩින් ගේ මානසිකත්වය තේරුම් ගැනීමට මේ සිදුවීම එක්තරා හොඳ අවස්ථාවකි.



විදේශයකදී සරණාගතයින් පිරිසකට මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ අවස්ථාවක් අපට මෑතකදී අසන්නට නොවුනි. යුරෝපයේ පවා සංක්‍රමණ විරෝධී කල්ලි සිටිනමුත් ඒ අන්තවාදයට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනීසිටින; ක්‍රියාත්මක වන බහුතරයක් පුරවැසියන් ඒ සමාජ වල බලවත් නිසා (ඒ සමාජ ශිෂ්ට නිසා) ඒ නරුම සුළුතරය තීරණාත්මක නොවෙයි. අපේ රටේ මේ නරුමවාදී කල්ලි වලට එරෙහිව ක්‍රියාත්මක වන මහජන බලවේගයක් නැත. එදා ගල්කිස්සේදී මදාවි ලෙස හැසිරුණු භික්ෂුන් කිහිප දෙනා ගේ ක්‍රියාකලාපය හෙලා දකින ප්‍රකාශයක් පවා ප්‍රභූ භික්ෂු සංස්ථාව තුලින් ඉදිරිපත් නොවන්නේ ඇයිද යන ප්‍රශ්නය බොහෝ යුක්ති සහගත මිනිසුන් හට පැන නැගෙන ප්‍රශ්නයයි. මේ අන්තවාදයට එරෙහි උගත් භික්ෂූන් බොහෝ දෙනා සිටිනමුත් පවතින නිහැඬියාව අප බිය ගන්වයි. මේ ප්‍රහාරයට සම්බන්ධ වුයේ සුළු පිරිසක් වුවද රෝහින්ග්‍යාවරු සම්බන්ධයෙන් පතුරුවා ඇති සාහසික මිත්‍යාවන් නිසා එයින් ආතුරවූ සැලකියයුතු පිරිසක් මේ සමාජයේ සිටීම මේ නිහඬතාවය/ මේ අනුකූලතාවය පිටුපස ඇති යථාර්ථයයි.



සිරියාවේ සරණාගතයින් දහස් ගණනක් රැක බලා ගැනීමට ජර්මනිය, කැනඩාව ඇතුළු රටවල් ඉදිරිපත් වුයේ යුරෝපයේ රටවල් ගණනාවකට එල්ලවී ඇති IS ත්‍රස්ත තර්ජනය ද තිබියදීය. කැනඩා අගමැතිවරයා ඒ සම්බන්ධව පවසා සිටියේ, සරණාගතයින් සම්බන්ධ මානුෂික කාරණයේදී මැදිහත් වනවිට අපගේ ජාතික ආරක්ෂාව යන කාරණය මත මනුෂ්‍යත්වය කේවල් කිරීමට ඉදිරිපත් නොවන බවයි. ඒ මානවවාදය ලෝකය ඉදිරියට ගෙන යයි. ලෝක මට්ටමේදී අපට සතුටු විය හැකි කාරණය එයයි. එහෙත් ඒ රටවල මානවීය මැදිහත් වීම දරා ගත නොහැකි අපේ රටේ ජාතිකවාදී බෞද්ධ උපාසක ළිං-මැඩි පණ්ඩිතයින් ප්‍රකාශ කරන්නේ "අහක යන නයින් රෙද්ද අස්සේ දාගන්නවා" කියලයි. ගවමස් නොකා ගවයින්හට දක්වන අනුකම්පාව මේ අසරණයින් හට පෙන්වන්නට අපේ සමාජයේ බහුතරකට නොහැකිය. අපේ මෙවැනි නරුම හා බැහැර කිරීම්වාදී ප්‍රතිචාර තුලින් සිදුවන්නේ මධ්‍යස්ත මුස්ලිම් ප්‍රජාව දේශපාලනිකව අසරණ වී අන්තවාදී මුස්ලිම් මතවාදය ඒ සමාජයන් තුල ශක්තිමත් වීමට/ වලංගු වීමට විභවය නිර්මාණය වීමයි. මුස්ලිම් රටවල් සමග ආරවුල් නිර්මාණය කරගැනීමට පෙර වකවානුව හා ඇමෙරිකාව විසින් ඉරාකය, ලිබියාව, සිරියාව අස්ථාවර කොට අන්තවාදය රෝපණය වීමට පසුබිම/ විභවය නිර්මාණය කළ ආකාරය අපේ කාලයේ අත්දැකීමයි. ඉන් උගෙනීම ලෝකයාටම වැදගත් වෙයි. යම් සමාජයකට එලෙස ආක්‍රමණික ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ විට පෙරලා දක්වන ප්‍රතික්‍රියාව බොහෝ නරක ප්‍රතිවිපාක ජනිත කරන්නක් විය හැකිය.

අනෙක් අතට සමාජයේ බොහෝදෙනා, විදේශිකයෙකුට හෝ සරණාගතයෙකුට හෝ අපේ රටේ පුරවැසි භාවය ලබා ගැනීමට ඇති නොහැකියාව පිළිබඳ අවබෝධයක් නැත. ශ්‍රී ලාංකිකයින් ලක්ෂ ගණනක් යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ හා වෙනත් රටවලට සංක්‍රමණය වී යහපත් ජීවිත ගත කරන අතරතුර අපි වෙනත් රටක කිසිවෙකුට මේ රටේ පුරවැසි භාවය ලබා දීමට එරෙහිව මාරාන්තිකව විරෝධය දැක්වීමින් සිටින්නෙමු.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rohingya Refugees, Rohingya Genocide, Protest, Sri Lankan Buddhist Monks, Myanmar, United Nations Sri Lanka, Racism in sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
අදහස්
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
අදහස්
බාහිර උපකාරක පන්ති තහනම නරක පූර්වාදර්ශයකි!
අදහස්
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!"
තවත් අදහස් බූන්දි
පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!
අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?
[සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්
[සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!
රැකියා විරහිත උපාධිධාරියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මාක්ස් ලියයි.
......විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.

[-Das... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
කවි| වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය

24-Secs

(මලිත් දිලූෂ නානායක්කාර) ලුද්මිලා,
හදවතත් ඇතැම් විට විපිළිසර ස්වර පෙළක්
විටෙක උච්චව විටෙක මන්ද්‍රව හඬ නැඟෙන
ස්ථායී තැන්වලත් අස්ථායී වෙන
සෘති අස්ථාවර ව ළතැවෙන
විරහ ගී ගැයෙන්නේ එතකොට;... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook