Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
බූන්දි, 18:01:49
සංචාරක කර්මාන්තය ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන අතරම සීඝ්‍රතාවයකින් වර්ධනය වෙමින් පවතී. එය ඊටත් වඩා සැලකිය යුතු වේගයකින් ලංකාවේ වර්ධනය වෙමින් පවතී. WTTC (World Travel and Tourism Council)ට අනුව 2027 වසර වන විට ලෝක දළ ජාතික නිෂ්පාදනයන්හි එකතුවෙන් 11.4% ක් සෘජු සහ වක්‍ර ලෙස සංචාරක කර්මාන්තය තුළින් දායකවීමට නියමිත (දැනට එය 10.2%කි.) අතර ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති 11.4% 13.5% දක්වා වර්ධනය වීමට නියමිතය.

රජය මගින් පසුගිය දා එළිදැක්වූ "වසර 2025 දැක්ම" ප්‍රකාශනයට අනුව සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2025 වසර වන විට මධ්‍ය ඉහළ ආදායම් ලබන රටක් දක්වා වර්ධනය වීමට අපනයන ක්ෂේත්‍රය නගා සිටුවීම අත්‍යාවශ්‍ය කොට දක්වා ඇති අතර විදේශ විනිමය ලබාදෙන ක්ෂේත්‍ර අතර තෙවැනි තැන ඇති සංචාරක ව්‍යාපාරය තවමත් සිය හොඳම හැකියාව ළගාකරගත නොහැකිව පසුවන බව ද දක්වා ඇත.

සංචාරක සංවර්ධන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති, 2017-2020 උපක්‍රමික සැලසුමට අනුව සංචාරක ව්‍යාපාරයෙන් 2016 වසරේදී ලද ඇමරිකානු ඩොලර් බිලියන 3.4ක මුදල, 2020 වසරේදී බිලයන 7ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. 2016 වසරේදී ලංකාවට පැමිණි මිලියන 2.05ක සංචාරකයින් ප්‍රමාණය මිලියන 4.5ක් දක්වා වර්ධනය කිරීම ද රජයේ අරමුණයි.

මේ අනුව, ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන සංචාරක ව්‍යාපාරය ලංකාවේ ආර්ථිකය තුළ ද තීරණාත්මක ස්ථානයක් අත්පත් කරගනිමින් සිටී. සංචාරක කර්මාන්තය එක් අතකින් ආර්ථික සමෘද්ධිය පිළිබදව සංඛ්‍යා දත්ත සපයන අතරම අනෙක් පසින් ලෝකය තුළ දිනෙන් දින වැඩිවන අසමානතාවය, ආදායම් බෙදී යාමේ විෂමතාවය, අසමමිතික සංවර්ධනය වැනි සෘණාත්මක කාරණාවන් සඳහා ද සංඛ්‍යා දත්ත සපයයි. ඉන් වඩාත්ම සැලකිල්ලට ගනුලබන කාරණයක් නම් මෙම කර්මාන්තය විසින් සිදුකරනු ලබන සම්පත් අධිපරිභෝජනයයි. එක් පසෙකින් ලෝකය සම්පත් හිඟතාවයකින් පීඩා විඳින අතර අනෙක් පසින් අධිපාරිභෝජනය ප්‍රචාරණය කොටගත් කර්මාන්තයක් කොතරම් තිරසාර ද යන්න සොයාබැලිය යුතුය.



අධික ජල පරිභෝජනය ආචාරධාර්මික සංචාරක කටයුතු වෙනුවෙන් පෙනී සිටින tourismconcern.org.uk ආයතනයට අනූව සුඛෝපභෝගි සංචාරයක නිරතවන සංචාරකයෙකු විසින් සාමාන්‍යයෙන් නිවසේ භාවිතා කරනවාට වඩා වැඩි ජලය ප්‍රමාණයක් දිනකදී පරිභෝජනය කරයි. සංචාරක ආකර්ෂණය ලත් දුප්පත් රටක දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති සංචාරක හෝටලයක 100 දෙනෙකු දින 55කදී පරිභෝජනය කරන ජල ප්‍රමාණයෙන් අදාළ ප්‍රදේශයේ පවුල් 100කට අවුරුදු 3ක ජල අවශ්‍යතාව පිරිමසා ගත හැක. සීමිත ජල සම්පතක් ඇති අප්‍රිකාවේ සහ මැදපෙරදිග දුප්පත් රටවල ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයේ දායකත්වය ඉහළය. මේ නිසා එම රටවල රජයයන් විසින් අදාළ සංචාරක අවශ්‍යතා වෙනුවෙන් මූලිකත්වය ලබාදේ. බොහෝ විට එසේ ලබාගනු ලබන්නේ සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනයට වෙන්කළ සීමිත සම්පත්ය.
එවැනි සිද්ධි කිහිපයක් පහත දැක්වේ.

සයිප්‍රසය

තව් (holes) 18ක ගෝල්ෆ් පිටියක් පවත්වාගෙන යාම වෙනුවෙන් වසරකට ජලය ලීටර මිලියන 15ක් වැය කරයි. ඒ උසස් තත්ත්වයේ තණකොළ වගාකොට ඒවා ඉහළ තත්ත්වයෙන් පවත්වාගෙන යාම වෙනුවෙනි. එම ජල ප්‍රමාණය පවුල් 1000 ක වසරක ජල අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රමාණවත්ය. අවම ජල සම්පත් ප්‍රමාණයක් ඇති සයිප්‍රසයේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් තවත් ගෝල්ෆ් පිටි 14ක් නිර්මාණය කිරීමට සැළසුම් කොට තිබේ.

සැන්සිබාරය (නැගෙනහිර අප්‍රිකාව)

දළ වශයෙන් එක් පුද්ගලයෙකුගේ දෛනික ජල පාරිභෝජනය ලීටර් 30කි. සුඛෝපභෝගී හෝටලයක සිටින සංචාරකයෙකුගේ දෛනික ජල පරිභෝජනය ලීටර් 2000 දක්වා විය හැකිය. සමහර හෝටල් වල ජලය සපයන පයිප්ප ලයින් ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක භටයන් යොදවා ඇත්තේ අදාළ ස්වදේශිකයින් විසින් අදාළ පයිප්ප වලින් ජලය ලබාගැනීම වැළැක්වීම සදහාය.

ආහාර අධිපරිභෝජනය

සංචාරක ව්‍යාපාරයෙන් වන බලපෑම් නිරික්ෂණය කරන tourism-watch.deට අනූව සංචාරකයෙකු විසින් නිවසේදී භාවිතා කරනවාට වඩා ආහාර ග්‍රෑම් 500ක් දිනකට පරිභෝජනය කරයි. ඒ අනූව සමස්තයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ දියුණුව විසින් සමස්ත ආහාර පාරිභෝජනය ඉහළ දමා ඇත. මෙම තත්ත්වය යම් කාලයකදි ආහාර හිඟතාවයක් වර්ධනය කිරීමට ද හැකියාව ඇත.

ලෝකයේ සංචාරක ප්‍රමාණය වාර්ෂිකව 4% වර්ධනය වීමට නියමිත බව පුරෝකතනය කර ඇත. එය 2015 වසරේදී මිලියන 1186 කි. (UNTWO 2016)

මේ අනුව ගත්කළ සංචාරක ව්‍යාපාරයේ අධිපරිභෝජන රටාව ලෝකයට බලපැම් සහගත ව ඇත. ලංකාවේ අනාගත ආර්ථික උපාය මාර්ගිකව වැදගත්වන සංචාරක ව්‍යාපාරයේ අධිපාරිභෝජන රටාව මෙන්ම අපි විසින් සැලකිළිමත්විය යුතු ගැටළු ගණනාවක් ඇත.

මිලියන 20කට අධික ජනතාවක් සිටින දූපතක් වන ශ්‍රී ලංකාව ආනයන සහ විදේශ ණය මත බෙහෙවින් යැපෙන රටකි. අධික ලෙස වර්ධනය වන අධිපරිභෝජනවාදී සංචාරක ව්‍යාපාරය ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයේ අවම පරිභෝජනය වෙනුවෙන් කෙසේ බලපෑම් කරනු ඇතිද? මේ වන විටත් සහල්, පොල් වැනි අත්‍යවශ්‍ය ආහාර සමහර කාලයන්හිදී වලදී ආනයනය කිරීමට සිදුව ඇත. සාමාන්‍ය ප්‍රමාණයට වඩා කිහිපගුණයක් වැඩිපුර පරිභෝජනය කරන මිලියන දෙකක සංචාරකයින්ගේ පරිභෝජන රටාවේ බලපෑම කවර ආකාරයකින් මෙරට පුරවැසියන්ට බලපානු ඇත්ද?



මේ සියළු කාරණා විශ්ලේෂණය සදහා නිශ්චිත දත්ත අත්‍යවශ්‍ය අතර ඒ වෙනුවෙන් පර්යේෂණ සිදුකළ යුතුය. සංචාරක කර්මාන්තය බැලු බැල්මට ලංකාවේ ආර්ථිකයට කෙතරම් ඵලදායී වුවත්, ඒ වෙනුවෙන් අප විසින් සිදුකරන වියදම කවරදක් යන්න ගණන් බැලිය හැක්කේ එවිටය.
තිරසාර සංවර්ධන ඉලක්ක සහ තිරසාර පරිභෝජනය සංචාරක කර්මාන්තයේ ඇති අධිපරිභෝජන රටාව මෙන්ම ලෝකයේ දියුණු රටවල් විසින් පවත්වාගෙන යන අධි පාරිභෝජනය රටාවේ ඇති බලපෑම නිසාම එක්සත් ජාතීන් විසින් 2030 වසරේදි ළඟා කරගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධනය ඉලක්ක තුළ තිරසාර පරිභෝජන රටාව පිළිබඳව ද අවධාරණය කොට ඇත. ඉලක්ක 17කින් සමන්විත මෙහි අංක 12 වෙන්කොට ඇත්තේ තිරසාර පරිභෝජනය සහ තිරසාර නිෂ්පාදනය වෙනුවෙනි.

මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Global Tourism industry, Over-consumption, Sri Lankan Tourism industry, Tourists, Sri Lankan Government, Tourism Industry Statistics
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
අදහස්
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
තවත් වෙසෙස් බූන්දි
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ?
අහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ? මා කියන්න අසන්න. සිතිවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනක ද යම් විටෙක ද ඉඩ... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
කවි| වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය

24-Secs

(මලිත් දිලූෂ නානායක්කාර) ලුද්මිලා,
හදවතත් ඇතැම් විට විපිළිසර ස්වර පෙළක්
විටෙක උච්චව විටෙක මන්ද්‍රව හඬ නැඟෙන
ස්ථායී තැන්වලත් අස්ථායී වෙන
සෘති අස්ථාවර ව ළතැවෙන
විරහ ගී ගැයෙන්නේ එතකොට;... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook