Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
බූන්දි, 16:50:51
උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ සුණු විසුණු කර දමන්නා සේ උසස් කලා කෘතිය ද පවතින්නේය. කලාවේ නිර්මාණාත්මක ක්‍රියාවලිය උදෙසා මිනිසාගේ බුද්ධිමය ක්‍රියාකාරකම්වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. නිර්මාණකරුවා සිය අනුභූතිය රූපයන් සහ රූප භාවිතයේ කොන්දේසි මුල් කරගෙන ප්‍රතිනිර්මාණය කරනු ඇත. තත් රූපයන් බාහිර ලෝකය හරහා ඉතාමත් ස්වාභාවික අවබෝධයකින් කලාකරුවාගේ මනසට ඇතුළු වේ. නිර්මාණකරුවා තමාගේ අත්දැකීමට උචිත අංශය තෝරාගෙන කවියක්, කෙටිකතාවක්, නවකතාවක් හෝ නාට්‍යයක් ආදි වශයෙන් නිර්මාණය කරයි. මෙහිදී මාගේ අවධානයට ලක් වන්නේ අද්‍යතනයේ නැගී එන නාට්‍යකරුවකුගේ නාට්‍ය නිර්මාණයක් පිළිබඳවය. ඒ අඛිල සපුමල්ගේ "හිනාවෙලා මිනිත්තුවක්" නාට්‍යයයි.

එය 2015 ජාතික යෞවන නාට්‍ය උලෙළේ, හොඳම නාට්‍යය ලෙස සම්මානය හිමි කර ගත්තේය. එමෙන්ම හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම නළුවා සහ නිළිය ආදි අංශ රැසක්ම ජයග්‍රහණය කිරීමට ද හැකියාව ලැබුණි. පාසල් සමයේ දී නාට්‍යකරණයට පිළිපන් අඛිල සපුමල් විශ්වවිද්‍යාල ජීවිතයේ දී හා විශ්වවිද්‍යාලයේ සහකාර කථීකාචාර්යවරයෙකු ලෙස සේවය කළ කාලයේ දී තවදුරටත් නාට්‍ය කලාව ප්‍රගුණ කළේය. ස්වතන්ත්‍ර නිර්මාණ කෙරේ මූලික අවධානය යොමු කරන්නෙකු වන අඛිල පරිවර්තන නිර්මාණයන් ද කරළියට ගෙනාවේය. ඔහුගේ "ආදරයේ හුස්ම ළඟ රාවණ", "ඌ වීරයා", "විකාරම හැන්දෑව", "බැකී" (පරිවර්තන) යන නාට්‍ය ප්‍රේක්ෂකයාගේ අනල්ප අවධානයට හසු විය. නව නව අත්හදා බැලීම් ඔස්සේ සහෘද මනස ස්පර්ශ කිරීමට නොමසුරු උත්සාහයක යෙදෙන්නකු ලෙස ද ඔහු හඳුනා ගැනීම වටී. ඔහු මුල් කාලීන නිර්මාණවලින් ඓතිහාසික කතා සහ පුරාණෝක්ති මුල් කරගෙන සමකාලීන සමාජ ප්‍රශ්න මතු කිරීමට පෙලඹිණ. ඒ උත්සාහයේ දිගුව වන්නේ "හිනාවෙලා මිනිත්තුවක්" නාට්‍යයයි.



මෙම නාට්‍ය ඓතිහාසික කතාවක් නොවන්නේය. නමුත් ඓතිහාසිකව ගල් ගැසී ඇති සමාජ ක්‍රමය පිළිබඳ සැබෑ තතු මතු කරන නාට්‍යයක් වේ. සමාජයේ පහළම ස්ථරයේ ජීවත් වන මිනිසුන්ගේ ඛේදාත්මක බව මෙමඟින් සුවිශදය. චරිත පහකට පමණක් සීමාවන ලෙස කතන්දරය දිගහැරේ. මෙහි කතා නායකයා වන සමිත් විවාහක තරුණයෙකි. ඔහුගේ තරුණ බිරිය නිශානිය. සමිත් දුම්රියේ සිංදු කියා ලබන මුදලින් ඔවුහු දුකසේ දිවි රැක ගත්තෝය. ඔවුනට කියා නිවහනක් නොවීය. කාමරවලට කුලී ගෙවමින් ජීවිත්වීම හා යන්තමින් බඩසා දුක නිවාගැනීම හැරෙන්නට කිසිදු ඉතිරියක් ද නොවීය. මෙකී කම්කටොලු මැද්දේ වුව නිශානිට තිබූ අවශ්‍යතාවය නම් දරු පැටියෙකි. ඇය හැම විවාහ සැමරුමකදීම කපුටන්ට කේක් දමා දරුවෙකු ප්‍රාර්ථනා කරන්නීය. නාට්‍යයේ ආරම්භයේ සිට අවසානය දක්වා විටින් විට එය සිදු වේ. ඒ සෑම අවස්ථාවකම සමිත් විපිළිසර වෙයි. ඔවුන් දුක් විඳින නරා වළට තවත් දරු පැටියෙකු එකතු කර ගැනීම තරම් වරදක් ලොවේ නොමැති බව ඔහුට සිතෙනු ඇත. ෂිතේ (පිරිමි චරිතයකි) සහ ෂිතේසුරේ (ගැහැනු චරිතයකි) යන චරිතද්වය නාට්‍යයට ජීවය ලබා දෙන්නේ විවිධ පාත්‍රවර්ගයින් ලෙස රංගනයේ යෙදීමෙනි. එහි දී ෂිතේ යන චරිතයෙන් කතාවට ලැබෙන මෙහෙය විශාල වේ. මෙකී වෘත්තාන්තයේ අවසානය මහත් සංවේගාත්මක තත්ත්වයට පත් වන්නේය.

ව්‍යුහවාදී කෝණයෙන් බලන කල සමිත් සහ නිශානි යනු සංස්ථීති දෙකකි. එනම් සමාජයේ බලපවත්වන පුද්ගල ජීවිතයන්හි සැබෑ තතු ඔවුන්ගෙන් රූපිතය. සමිත් උගත් තරුණයෙකු නොවේ. නමුත් කලා හැකියාවක් ඇත. ඔහු විසින්ම හදා ගායනා කරන සිංදුවක් ද වේ. ඔහු නූගත් වුව ද කිසියම් ආකාරයකට හුරුකර ගත් ශික්ෂණයකින් යුක්තය. සමිත් යන හැඟවුම් කාරකයෙන් හැඟවුම් කිහිපයක් මතුවන්නේය. තාරුණ්‍යය, විවාහක ජීවිතය, කලාකාමීත්වය, නූගත්කම හා අශිෂ්ටත්වය යනාදියයි. මෙසේ අර්ථ ජනනය කරනු ලබන්නේ සමාජය විසින්මය. අධ්‍යාපනය නොලද පුද්ගලයා ශිෂ්ට නොවන බවට අර්ථය ලබා දෙන්නේ ද සමාජයමයි. මනමේ නාට්‍යයෙහි මනමේ කුමරු උගත් ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකු වේ. නමුත් වැදි රජු අශිෂ්ටයෙකි. වනචාරියෙකි. සමිත්ගේ චරිතය මෙසේ අපට හඳුනා ගැනීමට පුළුවන. සංස්කෘතිය විසින් පුහුණු කරන සමාජයේ හර පද්ධති දඬු ගසා මිනිසාව පීඩාවට පත් කරන ආකාරය සමිත්ගේ චරිතයෙන් විද්‍යමානය. නිශානි එහි ප්‍රතිපක්ෂයයි. නිශානිගේ හැඟවුම් කාරකයෙන් මතු වන හැඟවුම් අතර තාරුණ්‍යය, විවාහ ජීවිතය සමිත්ට සමානය. නමුත් අනෙක් දෑ ඊට ප්‍රතිවිරුද්ධව පවතී. ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන්නීය. උගත්කම, ශිෂ්ටත්වය යන හැඟවුම් මේ චරිතය තුළින් ඉස්මතු කොට දැක්වේ. කෙසේ වෙතත් ඇයට මූලිකවම අවශ්‍ය වූයේ දරුවෙකි. ඇය සමාජය විසින් උරුම කර දුන් සංස්කෘතිකමය කූඩුවට කොටුව සිටින්නීය.

නිශානි දරුවෙකු ගැනම සිහින මැවුව ද ඔවුන්ගේ සමාජ පරිසරය තුළ ඊට ඉඩක් තිබෙන්නේ ද? නාට්‍යයේ යම් යම් අවස්ථාවල දරුවන්ට සමාජයෙන් ලබා දෙන වටිනාකම මතුකර පෙන්වයි. අකාලයේ විනාශ මුඛයට ඇද වැටෙන ජීවිත ප්‍රතිනිර්මාණය කරයි. තත් නාට්‍යයේ හතර වන දර්ශනයේ අවස්ථාවක දී නිශානිගේ බලාපොරොත්තු සුන් වී යන්නේය. දරුවෙකු ගැන කතා කරන සෑම අවස්ථාවකදීම මඟ හරින සමිත් ඇයට පිළිතුරු ලබා දෙන්නේ මෙසේය.

නිශානි- ගෑනියෙකුට කරනන් පුළුවන් ලොකුම වැරද්ද තමයි ඔයා කරන්නෙ. (සිටි ඉරියව්වෙන්) මට පිස්සු හැදෙයි. මං රූකඩයක් නෙමෙයි සමිත්, මං ගෑනියෙක්.
සමිත් - මං මිනිහෙක්... අඩියකවත් බිම් කෑල්ලක් නැති, මුකුත්ම නැති මිනිහෙක්.

(-හිනාවෙලා මිනිත්තුවක්, අඛිල සපුමල්, 73 පිට)



මින් සමාජයේ යථාව නිරූපණය නොවන්නේ ද? දරුවෙකු වත්තන් කරනවා තබා නොබියව බිම අඩිය ගැසීමට ද හැකියාවක් නැත්තේය. සමිත්ගේ ළදරු කාලය ගෙවෙන්නේ ද මහමඟය. ඔහුගේ දරුවාට ද එය අත්වේ යැයි යන බියෙන් ඔහු පසුවේ. සමාජය දියුණුවත්ම මානව සංහතිය නිහීනත්වයට පත් විය. සමාජයේ ධනය හා බලය අරා සිටින ඉහළ ස්ථරය යැයි නම් දරන්නෝ නිර්ධන පාන්තිකයන්ව මහත් පීඩාවට පත් කළහ. දුකසේ දිවි රැක ගන්නා ඔවුහු අපායවල් බඳු මුඩුක්කුවල පැල්පත්වල මුස්පේන්තු වූ ජීවිත ගත කරති. ඔවුනගේ එදා බඩ වියත රැකෙන්නේ එදා වැඩ කළහොත් පමණි. සමිත් හැම දිනම දුම්රියේ සිංදු කියන්නට යන්නේ එනිසාවෙනි. ආර්.ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යය ද මෙවන් ඛේදවාචකයක් මතු කොට දක්වන්නේය. එනම් සිතන්නට බැරි තරම් දුක්ඛිත තත්ත්වයට පත් වී කල් ගත කරන මිනිසුන් රැසකි. ගංවතුර වැනි ස්වාභාවික විපතකින් ලබන පිඩාව සමාජ ව්‍යුහයේ ශාපයක් වී ක්‍රියාත්මක වන්නේය. කැලණි පාලමෙන් මුණගැහෙන රූපවතීලා, චුට්ටෙලා, මාටින්ලා, මැටිල්ඩලා හිනාවෙලා මිනිත්තුවක් නාට්‍යයෙන් ද අඩු වැඩි වශයෙන් හමුවේ.

හිනාවෙලා මිනිත්තුවක් නාට්‍යයෙන් අස්තිත්වය හා අනස්තිත්වය යන අංශද්වය භෞතික තතු මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන ආකාරය විද්‍යමානය. ද්‍රව්‍යමය ලෝකයේ මිනිසාට ආවශ්‍යකම දෙයක් වන්නේ නිවාසයකි. ස්වභාව ධර්මයෙන් නැගී ආ මිනිසා ස්වභාව ධර්මයෙන්ම තමන්ට අවශ්‍ය දෑ ලබා ගත්තේය. සංස්කෘතිය ගොඩනැගුනේ ද මෙහි ප්‍රතිඵලයක් ලෙසය. මේ ගනුදෙනුව ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වාම පැවතෙන්නේය. තත් සමාජයේ සියල්ල මිල කර හමාරය. භෞතික අභෞතික සියලුම දේ මිලයට විකිණේ. ධනවාදී සමාජ ක්‍රමයේ අධිවේගාත්මක විපාකය නම් මෙයම වේ. මහගම සේකරගේ "බෝඩිම" පද්‍ය කෘතියෙන් නිරූපණය වන්නේත් මෙවන් සමාජයක ඕපපාතික වී කල් ගත කරන්නන් පිරිසක් ගැනය. සමිත් මෙන් නොව බෝඩිමේ නිරූපිත බොහෝ පුද්ගල චරිත උගත්, රජයේ රැකියා කරන අය වූහ. නමුත් ඔවුන්ගේ ඉරණම විසඳෙන්නේත් සමිත් ගේ ඉරණම විසඳෙන සමාජයේමය. බෝඩිමේ මංගලිකාට ලියුමක් එවන විල්බට් මෙසේ පවසයි.

ප්‍රේමිය, මංගලිකෝ.
මට ලැබෙනව රස්සාවක් රජ වාසල
එන සුමානෙ
ලබන මාසෙ
තව අවුරුදු පහකින්.
එතකොට අපි බඳිනව
බැඳලා අපි ගොඩනගනව මාලිගාව
ගෝල්පේස් පිට්ටනියේ.
තට්ටු. තට්ටු. තට්ටු. තට්ටු. තට්ටු. තට්ටු. තට්ටු.
සත් මහල් ප්‍රාසාදෙ.

(-බෝඩිම, මහගම සේකර, 6 පිට)

නමුත් කිසි දා මේ පොරොන්දුව ඉටු කරන්නට විල්බට්ට හැකි නොවේ. එන්න එන්නටම මිනිසා ආගාධයටම ඇද වැටෙන්නේය. සමිත්ගේ බලා පොරොත්තුව වූයේ ද ඉඩමක් මිලදී ගෙන නිවසක් සදා ගැනීමය. දෙවන දර්ශනයේ උද්‍යානයේ වෙන කතා බහක දී ඔහු මෙසේ කියයි.

සමිත්- මං ලබන අවුරුද්දෙ කොහොම හරි ඉඩමක් ගන්නව. ඊළඟ අවුරුද්දෙ ගෙයක් හදමු.
නිශානි- සල්ලි?
සමිත්- (පර්ස් එක පෙන්වමින්) ස්වීප් දොළහක් තියෙනවා.

(-හිනාවෙලා මිනිත්තුවක්, අඛිල සපුමල්, 39 පිට)

මිනිසාගේ සිත බලාපොරොත්තුවලින් පිරී ඇත්තේය. මේ සියලු දේ මස්තකප්‍රාප්ත කර ගැනීමට මුදල් අවශ්‍යය. මුදල් යනු වටිනාකම, සමාජගත ධනය මූර්තිමත් කිරීමයි. සමාජයේ වෙසෙන සාමාජිකයන් වැය කළ ශ්‍රමය මුදල තුළ මධ්‍යගත වී ඇත. මෙහි ජීවමාන යථාර්ථය වන්නේ මිනිසුන් අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා ද මුදල් තුළම සංකේද්‍රණය වීමයි. එනම් පුද්ගල ගනුදෙනු මුදලේ රූපය ගෙන තිබීමයි. මුදල් පහළ වූ කාලයේ පටන්ම ඒත්තු ගිය දෙය නම් මුදල් ඇත්තාට අනෙකුත් සියලුදේ ද ඇති බවයි. සමාජය සතු එකම සාරධර්මය මුදල විය. පුද්ගල සබඳතා පවා මුදල නිසා භේදනය වූවේය. තුන් වන දර්ශනයේ දී සමිත්ට සහ නිශානිට කුලී නිවසෙන් යන්නට සිදු වන්නේ මුදල් ගෙවීමේ ප්‍රමාදය නිසාවෙනි. සමිත්ගෙන් ලැබෙන්නේ අල්ප මුදල් ප්‍රමාණයකි. එක් අතකට ඔහු නිසි පරිදි මුදල් ලබා දෙන්නේ ද නොවේ. සමිත්ට සිදුවන්නේ අගහිඟ මධ්‍යයේ මහපාරට වැටීමටය. කබලෙන් ලිපට වැටීමටය. වෘත්තාන්තයේ තුන් වන අංකයෙහි කුලී කාරිය මෙසේ පවසන්නීය.

"කුලීකාරිය(ෂිතේසුරේ)- සමිත් මං උඹව හම්බ වෙන්න ආවේ. මට ලබන මාසෙ ගේ ඕන කියන්න.
සමිත්- (එකවර අදහා ගත නොහැකිව) එහෙම කරන්න එපා අක්කෙ.
කුලීකාරිය(ෂිතේසුරේ)- සිමෙන්ති ගල් ටිකක් ගෙනල්ල කාමරය උඩට නග්ගලා වැඩිගානකට දෙන්න මං හිතාගෙන ඉන්නෙ."

(-හිනාවෙලා මිනිත්තුවක්, අඛිල සපුමල්, 64 පිට)



පුද්ගලික දේපළ අධිකාරය දරන සමාජයක බලය හිමි වන්නේ මුදලටය. මුදලට නොකළ හැක්කක් නොමැත. මුදල් නොමැතිව කළ හැක්කක්ද නොමැත. මුදල තුළ පවත්නා මෙම ආධිපත්‍යය කාල් මාක්ස් තම ප්‍රාග්ධන කෘතියෙහි දී මතු කළේය. වෙළඳ භාණ්ඩයත් පුද්ගල ශ්‍රමයත් හා මුදලත් යන අංශත්‍රය අතර පවතින අනුසන්ධානය ඔහු විශද කළේය. සුචරිත ගම්ලත් මේ පිළිබඳව සුබස් මිණි ආර කෘතියේ මෙසේ පැහැදිලි කරයි.

"මුදල යනු වෙළඳ භාණ්ඩ හුවමාරුවෙ දී යෙදෙන මාධ්‍යයයි. එහෙයින් එය තුළ මිනිසාගේ පරාරෝපිත ශ්‍රමය ගැබ් වෙයි. ශ්‍රමය යනු වටිනාකමයි. මුදල තුළ ගැබ් වන සියලු වටිනාකම්වල ප්‍රභවය මෙයයි."

(-සුබස් මිණි ආර, සුචරිත ගම්ලත්, 91 පිට)

මෙහි විටින් විට මතුවෙන ෂිතේගේ චරිතය ඔස්සේ අනේක පටලැවිලිවලට මුහුණ දුන් මිනිසුන් නිරූපණය වේ. ඔහු විටෙක නීතිඥයෙකු ලෙස පැමිණේ. 89 දී ඇති වුණ භීෂණ සමය මතකයට නගන්නේය. නැවත වරක් ඔහු පැමිණෙන්නේ මවක් ඝාතනය කළ පාසැල් සිසුවෙකු ලෙසටය. තම පෙම්වතියට මව බැන වැදුණ නිසා ඇයව ඇළට තල්ලු කළ බව සිසුවා පවසන්නේය. එමෙන්ම ෂිතේ විටෙක වයෝවෘද්ධ දේශපාලනඥයෙකු ලෙස ද, දුම්රි රියදුරෙකු ලෙස ද, නාට්‍යකරුවෙකු ලෙස ද, සාමාන්‍ය වැසියෙකු ලෙස ද විටින් විට මතු වේ. ඒ සෑම පුද්ගල චරිතයකම පැවතියේ තදීය සමාජයෙන් මිනිසාට උරුම කර දී තිබූ රූපාකාරයන්හි චිත්‍රණයයි.

දෙවන අංකයෙහි මිනිසෙකු බෝඩ් කැබැල්ලක "මට වෙඩි තියන්න"යැයි ලියා උද්‍යානයේ කණුවක් අසළ සිටියි. ඒ සමාජ ප්‍රශ්න නිසා ජීවන මඩ ගොහොරෙහි කර වටක් ගිලුණෙකි. පසෙකින් දේශපාලන රැස්වීමක කතාවක් ඇසෙන්නේය. අනෙක් පස මේ සමාජ ප්‍රශ්න ගැන නොතකන නාට්‍යකරුවෙකු (ෂිතේ) මමායනයෙන් උදම් අනයි. එනම් මේ සෑම දෙයින්ම ධනවාදී සමාජ ව්‍යුහයේ කෲරතර බව විදහා පෙනෙනු ඇත.

නාට්‍යය අවසන් වන විටදීත් නිශානිගේ බලාපොරොත්තු ඉටු වී නැත. වයස අවුරුදු හතලිහේදීත් ඔවුහු ජීවිතය ජයගෙන නොමැත. සමිත්ගේ චරිතය මෙතැන් සිට ෂිතේ ලෙස ඉදිරියට ගෙන යයි. සමිත් දැන් වයෝවෘද්ධයෙකි. ඔහුගේ වාසස්ථානය උද්‍යානයක බංකුවකි. තලතුනා ස්ත්‍රියක වූ නිශානිව කිහිප දෙනෙකු දූෂණය කොට මරා දමා තිබේ. පුරුෂෝත්තමවාදී සමාජයක ස්ත්‍රිය වහලියක් වී ඇත. පුරුෂයාට ඕනෑම දෙයක් කිරීමට බලපත්‍රයක් තිබේ. එනිසා ඉන් පීඩාවට පත් වන්නේ ස්ත්‍රීන්ය. වැඩිහිටියෙකුටවත් ජීවත් විමට අපහසු කාලයක දරුවෙකු හදාගෙන කෙසේ කටයුකු කරනන්නේදැයි ෂිතේ ප්‍රකාශ කරයි. මේ නාට්‍යය අවසානයේ දී ප්‍රේක්ෂකයා මහත් වික්ෂිප්තතාවයකට පත් වන්නේමය.

හඬ- කාවද සැක? මරල දාල තියෙන්නෙ දෙතුන්දෙනෙක් දූෂණය කරලා. තමුසෙව අත්තඩංගුවට ගන්න සිද්ධ වෙනවා.
ෂිතේ (සමිත්)- එයාටවත් පරිස්සම් වෙන්න බැරි එකේ අපිට දරුවො පරිස්සම් කරන්න බෑ කියලා දැන් එයා දන්නවා
.
(-හිනාවෙලා මිනිත්තුවක්, අඛිල සපුමල්, 79 පිට)

සමස්තයක් වශයෙන් ගත් කල තත් නාට්‍යයෙහි භාවිත භාෂාව, පරිසරයෙන් පරිසරයට වෙනස් වන මිනිස් චර්යා ආදිය මැනවින් හසුරුවා තිබේ. ගායනය කරන ගීතයන්හි සංගීතය හා පද ගැළපීම වෘත්තාන්ත පසුබිම සමඟ මනාව බැඳෙන්නේය. ඒකාකාරී ඇතැම් අවස්ථා මෙන්ම සමාජ ක්‍රියාවලියේ මතුවන ප්‍රශ්න අතොරක් නොමැතිව මතුවීම වැනි අවස්ථා ද මඟහැරිය යුතුය. එසේ නොවුණහොත් ප්‍රේක්ෂකයාට අර්ථ ඥානනයේ දී ගැටලු මතුවේ. එය නාට්‍යකරුවාගේ ඉදිරි සංස්කරණවලදී දැකගනු හැකිවේ යැයි සිතමු. කෙසේ වෙතත් ලාංකේය නාට්‍ය කලාවට අඛිල සපුමල් වැනි තරුණ කලාකරුවෙකුගෙන් ලැබෙන මෙහෙය අගය කළ යුත්තේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hinawela Miniththuwak, Sinhala Stage Drama, Sri Lankan Stage Drama, Akhila Sapumal, Kelani Palama
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදේශ් කවීශ්වරගෙන් තවත් වියමන්
කතා-බස්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
ගී කිය(ව)මු
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook