Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
බූන්දි, 17:08:44
පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ, මෙම කතිකාවට මැදිහත් වූවන් "ටොයියන් සහ බයියන්" යනුවෙන් වූ කාණ්ඩ දෙකකට වර්ග කරනු ලැබීමයි. මෙම වර්ගීකරණය නිර්මාණය කරනු ලැබුවේ, වර්ගීකරණය තුළ තමන් විසින්ම "ටොයියන්" යනුවෙන් හඳුන්වාගනු ලැබූ පිරිස් විසින් බව පෙනේ. එසේම "බයියන්" යනුවෙන් "ටොයියන්" ලෙස ගර්හා සහගත ලෙස හඳුන්වනු ලැබූ පිරිසද ක්‍රමාණුකූලව "බයියන්" යන පදය, උත්ප්‍රාසයක් සහිතව, තමන් වෙනුවෙන් යොදා ගැනීමට උත්සුක විය. මෙම "ටොයි/බයි" විභේදනය සමකාලීන දේශපාලන කතිකාමය අවකාශය තුළ පවතින බහුවිධත්වය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්නක් නොවුනත් මාලක දේවප්‍රියගේ "බහුචිතවාදියා" (The Undecided) චිත්‍රපටය පිළිබඳ මගේ සාකච්ඡාවට ප්‍රවේශ වීමට මෙය කදිම කවුළුවක් බව යෝජනා කිරීමට කැමැත්තෙමි.

"බයියන්" සාමාන්‍ය වශයෙන් ගත්කළ "දේශප්‍රේමීන්" ලෙස හඳුන්වා දීමට පුළුවන. "දේශප්‍රේමී නමින්" යන ප්‍රවර්ගය නිර්වචනය කිරීමට යාමේ දී අපට මුහුණ පෑමට ඉඩ තිබෙන සංකීර්ණ ගැටලු වෙත යොමු නොවී, කතිකාව තුළ "දේශප්‍රේමීන්" ලෙස හඳුනා ගැනෙන පිරිස්ම තමන්ගේ චරිත ලක්ෂණ ලෙස යෝජනා කරන ඇතැම් ලක්ෂණ තුළින් අපට "දේශප්‍රේමීන්" හඳුනා ගැනීමට පුළුවන. ඒවා අතරින් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ "බයියන්" රටට ආදරය කරන අතර "ටොයියන්" එහි ප්‍රතිපක්ෂය වීමයි.

මාලක දේවප්‍රියගේ ගේ "බහුචිතවාදියා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සසිත නමැති තරුණයාගේ මූලික අභිමතාර්ථය වන්නේ කෙසේ හෝ ලංකාවෙන් පිටවී යාමයි. ඔහු වරක් සිය "විධිමත්" පෙම්වතිය කාංචනා සමග සිය පිටරට සිහිනය මෙලෙස ධූරාවලිගත කරයි. ඒ අනුව අංක එක වන්නේ යුරෝපයයි. ඊළඟට ඇමරිකාව වන අතර ඉන් පසුව ඕස්ට්‍රේලියාව, ජපානය වැනි රටවල් පෙළ ගැසී ඇත. ඒ අවස්ථාවේ ඔහුගේ පෙම්වතිය ප්‍රකාශ කරන්නේ "මට නං ලංකාව හැර කොහේ වුණත් හොඳයි. ඉන්දියාව වුනත් කමක් නැහැ" වැන්නකි. "ටොයියන්" යන ප්‍රවර්ගයට අයත් වන ඇතමුන් අතර ප්‍රචලිත ව්‍යවහාරයක් වන්නේ "ලංකාව අප්සෙට්" යන්නයි. "බහුචිතවාදියා" හි අපට හමුවන තරුණයා මෙන්ම ඔහුගේ "විධිමත් පෙම්වතිය" කාංචනා ද මෙම "ටොයි" මානසිකත්වයේ ප්‍රතිමූර්තීන් ලෙස කෙනෙකුට පෙනී යාමට ඉඩ තිබේ.

නමුත් තත්වය එතරම් සරල නැත. සිය පිටරට සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහා ද, යම් යම් ද්‍රව්‍යමය වාසි ලබා ගැනීම සඳහා ද, ලිංගික ස්වයං වින්දනය සඳහා උත්තේජනයක් ලෙස ද, මූලික වශයෙන්, අන්තර් ජාලය ඇසුරු කරගෙන සබඳතා පවත්වන මැද පෙරදිග පෙම්වතියන්ට සමග ඔහුගේ සංවාද නිමා වන්නේ "බයියන්ගේ" කතිකාව සිහිගන්වන "බුදු සරණයි" යන ප්‍රාර්ථනා වෙනි.

අපගේ තරුණයා අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහරින ආයතනයක බෙදාහරින්නෙකි. ඔහු සිය රැකියාව තුළ තමන්ට මුණ ගැසෙන මධ්‍යම පංතික ස්ත්‍රීන් දෙදෙනෙක් සමඟ ලිංගික ඇසුරක් ඇතුළත් කිට්ටු සබදතා පවත්වාගෙන යයි. ලිංගික ඇසුරට අමතරව ඔහුගේ බලාපොරොත්තුව වන්නේ මේ ස්ත්‍රීන් මාර්ගයෙන් තමන්ට පිටරට යාමට පොටක් පාදා ගැනීමයි.

මේ ස්ත්‍රීන් දෙදෙනා අතරින් එක් අයෙක් මැදි වයසේ පසුවන්නියකි. තනිවම සුඛෝපපොගී තට්ටු නිවාසයක ජීවත්වන ඇය ජීවිතයේ තනිකම නැතිකර ගැනීමට නියැලෙන එක් ක්‍රියාකාරකමක් වන්නේ "බයියන්ගේ කතිකාවට" අයත් ඇතැම් රූපවාහිනී වැඩ සටහන් නැරඹීමයි. බෞද්ධ ධර්ම දේශනා මෙන්ම "දොරමඬලාව" වැනි වැඩසටහන් ද ඇගේ රූපවාහිනී වැඩසටහන් ලැයිස්තුවට අයත්ය. නිතරම අපගේ තරුණයා හා මේ ස්ත්‍රීය අතර ඇතිවන සංවාද අපට ශ්‍රවණය වන්නේ මේ රූපවාහිනී වැඩසටහන්වල කතිකාව සමග මිශ්‍රිතවයි.

"බහුචිතවාදියා" චිත්‍රපටයේ මට දැකගත හැකි එක් විශිෂ්ට ලක්ෂණයක් වන්නේ ඒ මගින් සමකාලීන අගනාගරික භූමි දර්ශනය අප වෙත පමුණවන ආකාරයයි. චිත්‍රපටයේ ආරම්භය තුළ දිස්වන සසිත සිය භාණ්ඩ බෙදා හැරීමේ චාරිකාවන්හි නිරතවන දර්ශනයේ පටන්ම බොහොවිට කැමරාව දිශාගත වී ඇත්තේ වීදි දිගේ ඇති ගොඩනැගිලිවල උඩුමහල් වෙතටයි. චිත්‍රපටය තුළ අපට මුණ ගැසෙන සිදුවීම් බහුල සංඛ්‍යාවක් සිදු වන්නේ ද මේ උඩු මහල්වලදී වීම විශේෂත්වයකි. මේ උඩුමහල් අපට සිහි ගන්වන්නේ ඇමරිකාවේ මෑන්හැටන් හෝ හොංකොං වැනි අග නාගරික භූමි දර්ශනයක් නොව ඊට වඩා බෙහෙවින් අවිධිමත් නාගරීකරණයක් පිළිබද හැඟීම් ඇති කරන භූමි දර්ශනයකි. මෙහි මස්තක ප්‍රාප්තිය ලෙස හැඳින්වීමට පුළුවන් වන්නේ සසිත සිය මිතුරාත් සමඟ ගංජා ඉරීම සඳහා භාවිතා කරන දිරාපත් වී ඇති උඩුමහල් සඳළු තලයයි. මේ බෙහෙවින් ජරාවාස වී ඇති සඳළු තලය තුළින් අපට සාමාන්‍ය වශයෙන් ජනාකීර්ණ, අග නාගරික මංසන්දියක් ද දැක ගැනීමට ඉඩ සැලසේ.


"බහුචිතවාදියා" (The Undecided)

මාලක දේවප්‍රියගේ ගේ "බහුචිතවාදියා" එක් අතකින් ඔහුට පෙර පරම්පරාවට අයත් සිනමා කරුවන් වූ අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැන්නන්ගේ සිනමා කෘතිවලින් රැඩිකල් ලෙස වෙන් වීමක් පෙන්නුම් කරන බව පෙනී යයි. එක් අතකින් එය ධර්මසේන පතිරාජ වැන්නෙකුගේ සිනමා කතිකාව කරා අපසු යෑමක් වැන්නක් ලෙස නම් කිරීමට ද පුළුවන. විශේෂයෙන්ම හඳගමගේ ප්‍රවේශය තුළ දැකගත හැකිවන ලක්ෂණයයක් වන්නේ ප්‍රේක්ෂකයා සිය කතිකාව තුළට ප්‍රචණ්ඩ ලෙස ඇද ගැනීමට දරණ නිරන්තර උත්සාහයකි. මා එය දකින්නේ හඳගමගේ චිත්‍රපටවල දක්නට ලැබෙන දේශපාලන වශයෙන් ඉතාම වැදගත් ප්‍රබල ලක්ෂණයක් ලෙසටයි. කෙසේ වෙතත් මාලක අනුගමනය කරන්නේ මීට වඩා බෙහෙවින් වෙනස් උපාය මාර්ගයකි. හඳගම අනුව යමින් "යථාර්ථය" ග්‍රහණය කරගැනීම පහසු කරවීම සඳහා තමන් විසින්ම නිර්මිත චරිත සහ අවස්ථා මගින් "යථාර්ථය" පිළිබද වියුක්ත (abstract) නියෝජනයක් වෙනුවට මාලක අපට පොරොන්දු වෙන්නේ, උදාරණයක් ලෙස "බඹරු ඇවිත්" වැනි චිත්‍රපටයක ධර්මසේන පතිරාජ අපට පොරොන්දු වන ආකාරයේ, "යථාර්ථය" පිළිබද සංයුක්ත (concrete) නියෝජනයකි.

මෙම සංයුක්ත යථාර්ථය යනු කවරක්ද? ආර්ථීක යථාර්ථය දෙසට යොමු වූ කල්හි ගෝලීය සංසිද්ධියක් බවට පත් වෙමින් යන ශ්‍රම වෙළදපොළ විසින්, විශේෂයෙන්ම, ලංකාවේ අග නාගරික මෙන්ම ග්‍රාමීය ජීවිත කෙරේ සිදුකරනු ලැබ ඇති බලපෑම චිත්‍රපටයේ අපිට හමුවන සෑම චරිතයක්ම පාහේ මෙම නව ශ්‍රම වෙළඳ පොළේ යථාර්ථය මගින් හැසිරවේ. මෙහි දී අපට අදාළ පාත්‍රයින් ශ්‍රම වෙළඳ පොළ සමග තමන්ට ඇති සම්බන්ධයේ මානසික ආචරණය සම්බන්ධව වැදගත් වියහැකි නිරීක්ෂණයක් කිරීමට පුළුවන. එනම් ශ්‍රම වෙළද පොළ සමග ඍජු ලෙස ගණුදෙණු කරන ස්ත්‍රීන්ගේ දක්නට ලැබෙන ආර්ථීක වශයෙන් සාපේක්ෂ වශයෙන් වූ තෘප්තිමත්භාවයත් (contentedness) පුරුෂයින් තුළ දක්නට ලැබෙන අතෘප්තියත් (discontent) ය.

චිත්‍රපටය තුළ අපට හමුවන සසිතගේ ප්‍රධාන පෙම්වතියන් පස් දෙනා වර්ග දෙකකට බෙදා වෙන් කිරීමට පුළුවන. මෙරට සිටින විධිමත් පෙම්වතිය සහ මැදපෙරදිග පෙම්වතියන් දෙදෙනා සාමාන්‍ය වශයෙන් ආර්ථීකමය ලෙස තෘප්තිමත් බව පෙනේ. ඒ අයගේ ආසන්න ජීවන ඉලක්කය බවට පත් වී ඇත්තේ සුදුසු සහකාරයෙක් සොයාගෙන විවාහ ජීවිතයක් ආරම්භ කිරීමයි. ඒ තිදෙනාම සාමාන්‍ය වශයෙන් පහළ මධ්‍යම පංතික සමාජ පසුබිමක් ඇති අය ලෙස හඳුන්වා දීමට පුළුවන. සෙසු පෙම්වතියන් දෙදෙනාගේ ගැටළු වඩා සංකීර්ණ ඒවාය. සාමාන්‍යයෙන් ඒ දෙදෙනා අතරින් වඩා තරුණ ඉහළ මධ්‍යම පංතික ස්ත්‍රියට (සමනලී ෆොන්සේකා) සසිත සමඟ ඇත්තේ තම හුදෙකලා ජීවිතයට තාවකාලික සහනයක් ලබා ගැනීම සඳහා වූ සීමිත අරමුණක් පමණි. වියපත් ස්ත්‍රියගේ (වීනා ජයකොඩි) තත්වය වඩාත් සංකීරණ මනෝ- සමාජයීය තලයක් සමඟ සම්බන්ධ වී ඇත.

අපට අභිමුඛවන ප්‍රධාන පිරිමින් තිදෙනාගේම (සසිත, සසිතගේ මිතුරා සහ සසිතගේ සේවායෝජකයා) ජීවිතය ව්‍යුහගත වී ඇත්තේ ආර්ථීක වශයෙන් වූ අතෘප්තිය මතයි. සසිත "පිටරට පැනීම" මගින් ද, ඔහුගේ මිතුරා සසිතට පිහිට වීමේ මුවාවෙන් ඔහුගෙන් වංචනික ලෙස ආර්ථීක ප්‍රයෝජන ලබා ගැනීමෙන් ද, සසිතගේම සබඳතා පාවිච්චි කිරීමෙන් තම ගැලවීම සාක්ෂාත් කරගැනීම සඳහා යොමු වී සිටී. සසිතගේ සේවායෝජකයා වන හිටපු වාමාංශිකයා තමා යටතේ සේවය කරන්නන් රවටා අයථා ලෙස සිය ව්‍යාපාරය දියුණු කරගැනීම තම අරමුණ බවට පත්කරගෙන සිටී.

මගේ යෝජනාව වන්නේ "බහුචිතවාදියා" හරහා අපවෙත සම්ප්‍රේෂණය වන මේ තොරතුරු ලංකාවේ ආර්ථීකය ගෝලීය වශයෙන් ස්ථානගත වී ඇති ආකාරය තුළින් ජනිත වී ඇති ව්‍යුහාත්මක යථාර්ථයේ ඇතැම් සංයුක්ත ප්‍රකාශමාන වීම් බවයි. මා ඉහත සාකච්ඡා කළ "ටොයි/බයි" විභේදනය තුළ එක්තරා ආකාරයකට මෙම යථාර්ථය දෘෂ්ටිවාදීමය වශයෙන් මාධ්‍යය කොට (mediate) එම යථාර්ථය අපට නොපෙනෙන්නට සලස්වා තිබේ. මෙම යථාර්ථයේ කේන්ද්‍රයේ පවතින්නේ ගෝලීය ශ්‍රම වෙළඳපොළේ මිල මට්ටම්වල පවත්නා විචල්‍යයන් පිළිිබඳ ගැටලුවයි.
ලංකාවේ ආර්ථීකය දැනට මුහුණ දී සිටින ප්‍රබල ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ ශ්‍රමිකයා සිය ශ්‍රමය සඳහා සාපේක්ෂ වශයෙන් ඉහළ මිලක් ඉල්ලා සිටීමයි. මෙය ලංකාවේ දැනට පවත්නා, විශේෂයෙන් අඩු වැටුප් සහිත, ආර්ථීක කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. එසේම ශ්‍රමයේ මිල ඉහළ යාම පිළිබද මෙම ගැටලුව, දේශපාලකයින්ගේ වාග්කෝෂයේ නිරතුරුව දැකිය හැකි, ලංකාව වෙත විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම කෙරෙහි ද දැඩි ලෙස බලපා තිබේ. එසේ වන්නේ ශ්‍රමයේ මිළ ඉහළ යාම ලාභ අනුපාතිකය අඩු වීම කෙරෙහි ඍජුවම බලපාන නිසාය.

ශ්‍රමයේ මිල ඉහළ යාම ශ්‍රම වෙළඳ පොළේ ව්‍යුහය කෙරෙහි ආකාර කීපයකට බලපායි. එක් අතකින් එය ඍජුවම අඩු වැටුප් සහිත ආර්ථීක කටයුතුවලින් ශ්‍රම වෙළඳ පොළේ සාමාජිකයින් විතැන් කරවීමට හේතු වේ. "බහුචිතවාදියා" හී සසිතගේ මිත්‍රයා රැකියා විරහිතව සිටින්නේ රැකියා වෙළඳ පොළේ රැකියා නොමැති නිසාම නොවේ. ඔහු වැන්නන් සඳහා වර්තමානයේ අවශ්‍යතරම් විවිධ ක්ෂේත්‍රවල ආර්ථීක කටයුතුවල ඇති තරම් රැකියා සොයා ගතහැක. නමුත් සසිතගේ මිතුරා වැන්නන් ඒ සඳහා දක්වන නැඹුරුතාවය අඩුය.

අනෙක් ආකාර බලපෑම වන්නේ ඉක්මනින් ඉහළ වැටුප් තලයන්ට ගමන් කළ හැකි ඉණිමං සහිත ආර්ථීක ක්ෂේත්‍ර සඳහාවූ නැඹුරුවයි. ස්වයං රැකියාවක් ලෙස රෙදි මැසීමේ නිරත වන සසිතගේ සොහොයුරිය සසිතට ආරාධනා කරන්නේ සිය ව්‍යාපාරය සමඟ සම්බන්ධ වන ලෙසයි. නමුත් සසිත අඩුම තරමින් එම ආරාධනය සලකා බැලීමට හෝ යොමු නොවීම සෙවීම වැදගත්ය. ඔහු වැටුප පවා නිසි ලෙස නොලැබෙන අන්තර්ජාල බඩු බෙදාහැරීමේ ආයතනයේ රැකියාවේ නියැලෙන්නේ රෙදි මැසීමේ ව්‍යාපාරට වඩා සිය සිහිනය කරා වූ ඉණිමගක් ඒ හරහා සොයා ගැනීමේ විභවය වැඩි නිසාය.

සංතෘප්ත ශ්‍රමය සහ අසංතෘප්ත ශ්‍රමය අතර වෙනස කෙරෙහි ද "බහුචිතවාදියා" අපගේ අවධානය යොමු කරවයි. ගිෆ්ට්නෙට්හි හිමිකරුවා ප්‍රචණ්ඩ ලෙස සසිත ආයතනයෙන් එළවා දමා ඒ වෙනුවට ආයතනයට බඳවා ගන්නේ තම ලිංගික ශ්‍රමය ද ඔහු වෙනුවෙන් ලබාදීම සඳහා සූදානමින් සිටින, සසිතගෙන් වෙන්ව සිටින ඔහුගේ කලින් පෙම්වතියයි. මේ වකවානුවේ පහළ පාංතික ස්ත්‍රීන්ගේ ශ්‍රමය සාපේක්ෂ වශයෙන් ලාභදායීවේ. සසිතගේ පැරණි පෙම්වතිය ගිෆ්ට්නෙට් හිමිකරුවා වෙත පැමිණීමට පෙර රැකියාව කරන්නේ, සාමාන්‍ය වශයෙන් ඉතා අඩු වැටුප් ගෙවන, සන්නිවේදන සේවා සපයන ස්ථානයකයි. ඇය ඒ ස්ථානයේ ද සාපේක්ෂ වශයෙන් සතුටින් සේවය කරන බව, පරිගණක ක්‍රීඩා කරමින් රැකියා ස්ථානයේ පසුවන ඇය දෙස බැලීමෙන් අපට පෙනේ. ඇයගේ ජීවන අපේක්ෂාව වන්නේ, තම වැටුප් ඉහළ දමා ගැනීමට කටයුතු කිරීමට වඩා, සසිතගේ මැද පෙරදිග පෙම්වතින්ගේ මෙන්ම, පුරුෂයෙක් සොයා ගැනීමයි.

"බහුචිතවාදියා" අප වෙත පමුණුවන්නේ "දොරමඬලාව" අසන "බයියන්" සහ "ලංකාව හැර ඕනෑම රටක් පාරාදීසයකි" යැයි තනුක කරන ලද අර්ථයෙන් සිතන "ටොයියන්" ලෙස සරල ලෙස බෙදී ගිය සමාජයකට වඩා වෙනස් වූ සමාජ- මානසික යථාර්ථයකි. එය අපගේ සමකාලීන යථාර්ථය පිළිබද අධිපති දෘෂ්ටිවාද විසින් අපගේ දේශපාලන දෙ ඇස මත පතිත කර ඇති දෘෂ්ටිවාදී ගණඳුර ඉරා දැමීමට අපව බලහත්කාරයෙන් තල්ලු කරන ප්‍රබල කලා කෘතියකි.


(මෙම සිනමා කෘතිය පසුගිය දෙරණ සිනමා උළෙලේ හෙට දවසේ සිනමා අංශයේ හොඳම සිනමා කෘතිය ලෙස සම්මාන ලැබීය.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Bahuchithawadiya, The Undecided, Malaka Dewapriya, Sinhala Movie
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
නිර්මාල් රංජිත් දේවසිරිගෙන් තවත් වියමන්
අදහස්
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
අදහස්
භික්ෂුන් දේශපාලනයට පැමිණීම වැලැක්වීමේ පනත
වෙසෙස්
යුද්ධයට පසු ශ‍්‍රී ලංකාව: පශ්චාත් යුධ සහජීවනය සඳහා වන අභියෝග
පොත්
ප්‍රබන්ධ ලෝකය හා යථා ලෝකය අතර සම්බන්ධය ගැන කතිකාවක් | "පොදු පුරුෂයා" නවකතාව ඇසුරෙන්
වෙසෙස්
ලංකාවේ සිංහල ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ දේශපාලන දෘෂ්ටිවාදය හා ගුණදාස අමරසේකරගේ මෑතකාලීන නවකථා
තවත් Cine බූන්දි
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
කවි| වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය

24-Secs

(මලිත් දිලූෂ නානායක්කාර) ලුද්මිලා,
හදවතත් ඇතැම් විට විපිළිසර ස්වර පෙළක්
විටෙක උච්චව විටෙක මන්ද්‍රව හඬ නැඟෙන
ස්ථායී තැන්වලත් අස්ථායී වෙන
සෘති අස්ථාවර ව ළතැවෙන
විරහ ගී ගැයෙන්නේ එතකොට;... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook