[Sarada's Letter Hacking]- A letter to Minister of Finance Mangala Samaraweera | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු පුදුම විදිහට සන්තෝෂ වෙලා එතුමාට ලියුම් පිට ලියුම් එවන්ඩ පටන්ගෙන. මේ ගැන උන්නැහේට ස්තුති කරන්නත් එක්ක මං මුදල් අමාත්‍යාංශය පැත්තේ යනකොට එතුමා තමන්ව වැහෙන්න තරම් ලියුම් ගොඩක් මැදි කරගෙන ඔළුව කහ කහ ඉන්නවා.

"ආ උඹ ආපු එක හොදයි, මේ ලියුම් ටික ඇරලා බලල වැදගත් දෙයක් තියනවනම් මට කියපන්..." මාව දැකපු ගමන් එතුමා කියාපි.

මමත් ඉතිං ඇස් දෙක පියාගෙන ලොතරැයි තෝරනවා වගේ ලියුම් ගොඩෙන් ලියුමක් අරගෙන කඩල බැලුවා. ලියුම එවලා තියෙන්නේ කහටගස්දිගිලියෙ කුසුමාවතී කියල අම්මා කෙනෙක්.


*******

මංගල ඇමතිතුමෝ,

වෙනදට කසිප්පු පොලෙන් කසිය පැකට් එකක් බීල, කඩල ඇටයක් දෙකක් හප හප ගෙදර එන අපේ මිනිහ බියර් බෝතලයක් ඉනේ ගහගෙන උජාරුවෙන් පහුන්ද දවසක ගෙදර එනව දැකල මං මොකද කියල ඇහුවම උන්දැ කියාපි ‘ඒක අහගනින් මුදල් ඇමතිගෙන්’ කියල. පස්සේ තමයි දැනගත්තේ වැඩේ. හැමදේම නහුතෙට මිල වැඩිවෙනකොට බියර් උනත් කමක් නෑ මොනා හරි දෙයක් අඩු වෙලා කියල අහන්ඩත් සතුටුයි ඇමතිතුමෝ.

පොල් බෑය හැට හැත්තෑවට ගණන් ගියා තමයි. හාල් සීයට නැග්ග තමයි. ඒත් හාල් පොල් වගේද බියර්? කොයි තරං උජාරුද? නෑ මං අහන්නෙ කසිප්පු කෙලිනව වගෙද බියර් බිවුවම අඩුම ගානේ බෝතලේ හරි ඉතුරු වෙනවනේ. මනුස්සය බීල විසිකරන බෝතල් ටික එකහු කරල මට ගෙයි සාලෙ ලස්සනට පේලියට තියල තියන්න පුළුවන් නොවැ. ඇරත් කසිප්පු පැකට් බීල ප්ලාස්ටික් කොළ හැම තැනම දාල පරිසරේ කාබාසිනිය කරනවට වඩා බෝතල් කෙරුවාව කොච්චර ෂෝක්ද?

ඒක නෙමෙයි අපේ ඇමතිතුමෝ, අපේ ලොකු කෙලීගේ පොඩි පුතා, කිරි බොන වයසේ පොඩි එකා. ඌට කිරි පැකට් එකක් ගන්න කීයක් හරි ඉල්ලගන්න කෙලී පහුන්දා අපේ දිහා ආව. එතකොට අපේ මහ එකා ඉස්තෝප්පුවේ බියර් බිබී ඉන්නව. කිරි වෙනුවට කොලුවට බියර් හුරු කරපං, අඩු කරලත් තියෙන එකේ කියල අපේ මිනිහ කියාපි. බියර් බීලත් මුගේ නොසන්ඩාල කතා නැවතිල නැති හැටි අම්ම්පා...!

අනික ඇමතිතුමෝ අපිට තියෙන ප්‍රශ්න කන්දරාව තමුන්නාන්සේ කියල කොහොම විසදන්නද? එක පුරස්නයක් යැයි. කුඹුරේ වතුර ප්‍රශ්නෙ, ලොකු කොල්ලගේ රස්සා ප්‍රශ්නෙ, එහෙන් පොඩි කෙලි දීග දෙන්න බැරුව ඉන්නව. මේවා ඉතිං කවද කියල විසඳන්නද නේද? ඊට මීට වඩා හොඳයි තමුන්නැහෙලගේ බියර් ඩිංගක් බීල ප්‍රශ්න අමතක වෙන්ඩත් එක්ක පාවි පාවි ඉන්න එක.

ඔය අය වැයද මොකක්ද එක එකලහක් කරල හදා ගන්ඩ ඒ තරං අමාරුද ඇමතිතුමෝ. නෑ මං අහන්නෙ අපේ මනුස්සය කට කැඩිච්ච කථා කියනව. උන්දැ කියනව අර අයි එම් ඇප් ද මොකක්ද එකකින් හදල දෙන ලිය කියවිලි ටික ෆොටෝ කොපි ගහල කවුන්සිලේට අරගෙන ගිහිල්ල බර සාරෙට වතුර බිබී, කන්නාඩි ගලව ගලව කියවන එකලු තමුන්නැහෙලා කරන්නේ. ඒ ඇත්තද ඇමතිතුමෝ. එහෙමනං අපේ මනුස්සය උනත් ඔය තානන්තරේට සුදුසුයි. බොරු බේගල් ඇත්ත වගේ රස කර කර කියන්න උන්දැ හරි රුසියා.

සෑර්, ඔබතුමාට මේ ලියුම් කරදහිය ලියන අතරේ තවත් රස්සා ඉන්ටව් එහෙකට ගොහිං ආපු අපේ ලොකු කොලුවා පොඩ්ඩක් ලියුමට එබිල බැලුව. ඌ තමුන්නැහෙට පුංචි කාරණයක් මතක් කරන්න කීවා. පුලුවන්නං වහ කුප්පි වල මිලත් ටිකක් අඩු කරල දෙන්නලු. වෙන දේවල් වල හැටියට වහ කුප්පියක් කටේ හලාගෙන කැලේ රිංගනව හොඳයි කියල තමයි ඌ කියන්නේ.

මීට,
කුසුමාවතී
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Minister of Finance, Mangala Samaraweera, Open Letter, Budget of Sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මාක්ස් ලියයි.
......විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.

[-Das... [More]
What's New | අලුතෙන්ම
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook