Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන, 'පක්ෂ වලට නම් සපයා දීමේ ව්‍යාපාරයක්' ආරම්භ කිරීමට සැලසුම් ගහගෙන ඉන්න අතරෙ අමුතුම ලියුමක් කොහෙදෝ ඉදල අතට ආවා. ලියුම ලියල තියෙන්නේ ‘හොරුන්ගේ සංගමය’ කියල සංවිධානයකින් අපේ අගමැතිතුමා වෙතට.

*******

කිසිම ජගතෙකුට බය නැති අපේ අගමැතිතුමා වෙතටයි,

මේ ලියුම ඔබතුමාට ලියන්න කියල අපේ ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සාමාජිකයන් ඒකමතිකව තීරණයක් ගත්තා. හොරුන් වන අපට ඔබතුමන්ලා ලබාදෙන හයිය හත්තිය ගැන ඔබ තුමාට ස්තුති කරන්න කියල තමයි හැමෝම කිවූවෙ. වෙනදට ලැජ්ජාවක් බයක් නැතිව පාරේ බැහැල යන්ඩ විදිහක් නැතිව හිටිය අපිට දැන් ඕනෑම තැනක බොහෝම වැදගත් විදිහට යන්න එන්න පුළුවන් උනේ ඔබතුමාලා හින්දනේ.

අපේ පුංචි පුතාගෙ ඉස්කෝලෙන් දෙමාපියන්ට එන්ඩ කියල පණිවිඩ එව්වම වෙනදනම් මං අපේ හාමිනේව පිටත් කරල නිකං ඉන්නව. මොකද මගේ කේස් එකක් එහෙම දන්න කියන එකෙක් එහෙම එතන හිටියොත් පොඩි එකාටත් හොඳ නෑනේ සර්. මෙදා පාර ඉස්කෝලෙට ගියේ මං. දැක්ක ගමන් පින්සිපලය මාව ඇඳින්න. හානේ ඔයා අර අහවල් හොරකමට සම්බන්ධ මහත්තයා නේද කියල ඇහුව. ඊට පස්සේ මනුස්සයාගේ ඔපිස් එකට එක්ක ගිහිං තේ එකකුත් බොන්ඩ දීලයි එවුවේ. මේ ඔක්කොම සැලකුම් ඉතිං ඔබතුමාල හින්දනේ.

බැංකුවක පොඩි සල්ලි ගේම් එකකට දැන් අවුරුද්දක විතර කාලෙක ඉදල වරෙන්තුවක් තිබ්බ සර්. දැන් ඉතිං මොකාට බය වෙනවද කියල පහුණු දවසක මං ගියා පොලිසියේ ලොක්ක හබ්බු වෙන්න. ලොක්ක කියාපි ඇයි එන්ඩ කරදර උනේ නිවාඩුවක් තියන වෙලාවක් කීවානම් ගෙදරට එනවනෙ කියල. වැඩේ ඉවර වෙලා එළියට ඇවිත් ගේට්ටුව ගාවටත් ආවට පස්සේ මෙන්න සර් ඕඅයිසී කාරය කෙදිරි ගගා පස්සෙන් දුවගෙන එනව. ඇවිත් කියනව මං වීරයෙක් වගේ පොලිසියට ආපු එක ආඩම්බරයක්ලු. තව වරදක් උනානම් සමාවෙන්න කියලත් කීවා. මිනිහ හොඳ මනුස්සය සර්. අපි එකම අදහස් තියන අය එකිනෙකාට උදවු කරගන්න එපැයි නේද සර්?

ජිවත් වෙන්න විදිහක් නැතිව මාලයක් දෙකක් කඩාගෙන බැලන්ස් එකක් ගහගෙන හිටිය අපට මෙහෙම කලක් යයි කියල කවුද හිතුවේ සර්. හය හත් පාරක්ම හිරේ ගිහිං ගෑනිට වත් මුණ දෙන්න බැරිව හිටිය අපට දැන් පන්සල් වල පිංකං වලට එන්න කියල හිටං කෝල් එනවා. තෑන්ක් යූ සර් අපිට කරපු මේ උදවුවට. අපි සර්ලව බලා ගන්නව. ආයේ ඒකෙ දෙකක් නෑ.

තව එකක් සර්. අපේ සංගමයේ ඉන්නව අල ගුණය කියල එකෙක්. වැලිමඩ පැත්තේ අල ගොවියන්ට ගේම් දිදී ඉඳල කොලඹ ඇවිල්ල අල මුදලාලි කෙනෙක් වෙච්ච එකෙක්. ඌ හිතන් ඉන්නව පොතක් ලියන්න. "මා ආ මාවත" කියලලු පොතට නම දාන්නේ. පොත ඇමති කෙනෙකුට පිළිගන්වන්නයි මිනිහගේ කල්පනාව. මං කීවා මේ වගේ වැදගත් පොතක් එක ඇමතියෙකුට පිළිගන්වන්න එපා අනික් කට්ටිය තරහ වෙයි කියල. කැබිනට් රැස්වීමක් තියන වෙලාවක් බලල ඇමති මණ්ඩලයටම පොත ගානේ පිළිගැන්නුවනම් හොදයි නේද සර්.

වෙලාවක අපේ සංගමයේ කස්ටියම සර්ව හම්බ වෙන්න එන්නම්කො සර්. කළු කෝපි ටිකක් බිබී අපි ටිකක් කථා කරමු නේද සර්.

මීට,
ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන්,
කොලොන්නාවේ කන් කොට ගුණයා

ප.ලි.

ලියන්ඩ අමතක උනා සර්, අපේ හොරුන්ගේ සංගමයේ තරුණ සෙට් එකක් ඉන්නව පුදුම අදහස් තියෙන්නේ උන් ගාව. උන් ටික ලැහැත්ති වෙනව හෙට අනිද්දා එන ඡන්දෙට පොඩි පක්ෂයක් අටවල අපේක්ෂකයෝ ලිස්ට් එකක් දාන්ඩ. මං කීවා තනි තනියෙන් ඡන්දෙට යන්නේ නැතුව සර්ල වගේ අපි ගැන බලා කියා ගන්න කට්ටියකට සෙට් වෙමු කියල. ඒක අපි හැමෝටම හොදයි නේද සර්?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ranil Wickremesinghe, Prime Minister of Sri Lanka, Sri Lankan Current Issues, Sri Lankan Politics, Open Letter
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook