Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
ලියුම්
බූන්දි, 17:54:08
"අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර් කවරයක් ධම්මානන්ද හාමුදුරුවෝ මගේ අතෙන් තිවුවා.

"ඔතන තියෙන්නේ ඔය මහත්තයාගෙ අම්මා කොළඹ ගියපු දවසෙ ඉඳන් මහත්තයාගෙ ලොකුමාමාට එවපු ලියුම් වගයක්. මහත්තයාගෙ මාමාගෙ ඇහේ සුද හින්දා ඒ ලියුම් කියවගත්තේ මට හරි ඇබිත්ත කොල්ලට හරි කියලා, ඊට පස්සෙ මටම තමයි ඒවා අරන්තියන්න කිවුවෙත්.

මහත්තයාගෙ ටෙලිෆෝන් නොම්මරයක්, ඉන්න තැනක ලිපිනයක්වත් දන්නෙ නැති නිසා මහත්තයාගෙ ලොකුමාමා ගිය මාසේ නැති උනාට පස්සෙ අපිට මහත්තයලට දැනුම්දෙන්න විදිහක් වත් තිබ්බෙ නෑ. කොහොම උනත් මේ ලියුම් දෙන්න ඕනී මහත්තයාට කියලා හිතුන හින්දයි මං එනගමන් මේකත් අරගෙන ආවේ..."


එහෙම කියාගෙන හාමුදුරුවෝ මාවත් පහුකරගෙන පාවඩ දිගේ ඇතුළට වැඩියා.

අම්මාව කොළඹ එක්කන් ගියපු දවසෙ ඉඳලා අම්මා ඉන්නෙ මගේ ගෙදර මගෙත් එක්ක කියලා තමයි මගේ කොළඹ යාළුවො වගේම ගමේ මිනිස්සුත් හිතාගෙන හිටියෙ. ගොඩක් වෙලාවට කොළඹදි මගෙන් හරි උදේනිගෙන් හරි කවුරු හරි ඇහුවොත් අපි දෙන්නටම එකතුවෙලා කියන්න පුළුවන් බොරු ටිකක් අපි දෙන්නම ඒ දවස් වල හදාගෙන තිබුනා. නිතරෝම අපේ ගෙදර යන එන යාළුවොන්ට නම් අම්මා මාසෙකට දඹදිව ගියා, තායිලන්ඩ් ගියා කියලා හරි ඉඳලා හිටලා යන එන කෙනෙක්ට නම් ආ අද අම්මා අර අසපුවෙ භාවනා වැඩසටහනකට ගිහින්නෙ කියලා හරි තමයි අපි දෙන්නම කිවුවේ.

ඒත් මේ කියන හැටියට අම්මා සේරම විනාස කරලා ඉවරයි වගේ. අනිවාරෙන්ම කොළඹ විස්තර එයා හිටිය හැටි අපි සලකපු හැටි සේරම ලොකු මාමාට කියලා එවන්න ඇති. මට දැන් දැන් මට අපේ අම්මාගේ වෙන්ව යාමට ඇති දුකට වඩා අම්මා මේ සේරම දේවල් අවුල් කරලා ගියපු එක ගැන පුදුමාකාර කේන්තියක් ඇවිල්ලා මාව වෙවුලන්න ගත්තා.

ධම්මානන්ද හාමුදුරුවෝ ත්‍රිවිධ රත්නයේ අවසර අරන් පාංශුකූලයේ වැඩ ටික පටන්ගත්තා.

මගේ පිටිපස්සෙන් ඉන්න අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත ජයසේකර මහත්තයාගෙ මූණ දකිනකොට මට මට මතක් උනේ දවසක් ඒ මහත්තයාගෙ ආරාධනාවකට බාලිකා විද්‍යාලෙකට ගිහින් අම්මා කෙනෙක්ගෙයි පුතෙක්ගෙයි බැඳීම ගැන මං කරපු කතාවකට ඒ ඉස්කෝලේ ළමයි ලේන්සුවලින් කඳුළු පිහිනකොට ජයසේකර මහත්තයා මාව බදාගෙන මහත්තයා වගේ පුතෙක් ලබන්න මහත්තයාගෙ අම්මා වාසනාවන්තයි කියපු හැටි,

ඇත්තටම ඒ කතාව මං ෆේස්බුක් එකේ කොල්ලෙක් ලියලා තියනවා දැකලා මට ඕනී විදිහට ටිකක් වෙනස්කරපු එකක්.

මගේ පිටිපස්සෙන් හිටියෙ පොලිස් අධිකාරි සහබන්ධු අමරකෝන් මහත්තයා. ගොඩක් වෙලාවට මං එක්ක එකට එකට කන බොන මනුස්සයා. මං ගොඩක් දුරට කොයිතරම් බිවුවත් සිහිය විකල්වෙන තරම් කවදාවත් මට වෙරි වෙන්නෙ නැහැ. සමහර විට බන්ධුලා ලඟ ලඟ නවනකොට මං සෝඩා වැඩිපුර අරක්කු අඩුවෙන් බොන නිසා වෙන්නත් ඇති.

අපේ උදේනි අම්මට මාර ආදරෙයි. අම්මයි මගේ ගෑනියි යාළුවො වගේ. මට අමතක උනත් ඔයාගෙ අම්මා මගෙත් අම්මා කියලා උදේනි අම්මගෙ දේවල් කරන්නෙ වගේ දේවල් කියලා උන්ගෙ පවුල්වල ප්‍රශ්න අහගන්න මට තිබ්බෙ පුදුම ආසාවක්.

එහෙම කියද්දි බන්ධුලා අඩෝ උඹේ ගෑනී නම් දේවතාවියක් නෙවෙයි දේවාලයක් මචං.. ඒකට අපේ උන්.. අම්මා එක්ක කෙහෙවළු පටලවගත්ත ගමන්මයි කියලා උන්ගෙ ගෑනුන්ට බනින්න ගන්නවා...

මළගෙදර ඇවිත් ඉන්න හැමෝම වගේ අම්මාගෙයි මගෙයි ගැන අපි කියාපු විදිහට හිතාගෙන හිටියේ අපේ අම්මා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අම්මා කියලා. ඒත් මේ කියන විදිහට හාමුදුරුවෝ, ඇබිත්ත කොල්ලා අම්මා ලොකුමාමාට එවපු ලියුම් කියවලා තියනවානම් ඇත්තටම අම්මයි මායි විතරක් දන්න සේරම දේවල් දන්නවා ඇති.

තව ටිකකින් කතාව කරනකොට අම්මා ජීවත්වෙලා ඉන්නකොට සැලකුවෙ නැති පුතෙක් කියලා කතාව පටන්ගනීවි. මොකද ධම්මානන්ද හාමුදුරුවෝන්ගෙ හැටි එහෙමයි. උන්නාන්සේ කියන්න ඕනී කෙනාට කියන්න ඕනී දේ කෙලින් කියන අමුතු පහේ චරිතයක්.

මේ විදිහට බලනකොට උදේනිගෙ වචනෙන්ම කියනවානම් අපේ අම්මා කියන්නෙ ප්‍රශ්න වවන කෙනෙක්... ශික්..!

හෙටින් පස්සේ ආයෙමත් කොළඹ ගිහින් දිසාපති පුටුවේ වාඩිවෙන්න තියා රෙද්දක් ඇඳන් පාරක යන්න වෙන්නෙ නැහැ. මාව දන්න පත්තරකාරයො දෙන්නෙකුත් මළගෙදර ඇවිත් ඉන්න හින්දා වැඩේ තවත් අමාරු වේවී.

මට මළගෙදර ඇවිල්ලා ඉන්න සේරම උන්ගෙන් පැනලා යන්න ඕනී උනා. ධම්මානන්ද හාමුදුරුවෝ කතාව කරන්න කලින් මෙතනින් පැනලා ගිහින් උන්ගෙ මූණු නොබල ඉන්න ඕනී උනා.... මං වටපිට බලලා හිටගන්නකොට උදේනි පුදුමෙන් වගේ මගේ දිහා බැළුවා...

පොඩි වැඩක් අමතක උනා. මං ඉක්මනට හන්දියට දුවලා එන්නම්... මං එතනින් නැගිටලා ගොක්කොළ පාර දිගේ ඇවිදගෙන ගිහින් වැවේ සොරොව්වට ගොඩ උනා... හරියටම වැවට එහාපැත්තෙ තියන උඩවළවේ රක්ෂිතේ පැත්තෙ ඉඳන් සුදු සිල්‍ රෙද්දක් ඇඳන් අපේ අම්මා මගේ දිහා බලාගෙන හිටියා... එයාගෙ නළලට උඩින් සුදු පාට ගැහුන කෙස් ගස් දෙකෙන් තමයි මං ඒ අපේ අම්මාමයි කියලා අඳුරගත්තේ...

ඇයි අම්මෙ මට මෙහෙම කෙරුවෙ.. ඇයි අපේ දේවල් හැමෝටම කියලා මාව ලැජ්ජ කෙරුවෙ...

මං එතකන් මගේ සාක්කුවේ තිබුන ලියුම් ටික අරන් එයාට පෙන්නලා මෙහා ගොඩේ ඉඳන් කෑ ගැහුවා. එයා සද්ද නැතුව ඔහේ බලාගෙන හිටියා.

මට හදිස්සියෙම කවදාවත් නැතුව අම්මාගෙ අකුරු බලන්න හිතුනා. එයාට කොහොමත් තිබුනෙ අමාරුවෙන් රවුම් කරලා ලියන්න හදපු කැත බෝල අකුරු.

මං ලියුමක් අරන් ඒ අකුරු කියවන්න ගත්තා....

************

05/02/2010,
පුතාගේ නිවසේදී,

ආදරණීය ලොකු අයියා වෙත,

ඉතිං අයියෙ අයියා සනීපෙන් ඇතැයි සිතමි. මගදිගට වැස්ස හින්දා ඊයේ රෑ අපි පුතාලාගේ ගෙදර එනකොට ටිකක් රෑ උනා. කැළනි පංසල් යන්න හිතාගෙන හිටියත් වැස්ස නිසා ඒ ගියෙත් නැතුව කෙලින්ම ගෙදර එනකොට උදේනි දුව උයලා තිබුනා. දුව මට ලොකු කාමරයකුත් වෙන්කර මට ඕනෑ කරන හැමදේම ලැහැස්ති කරලයි තිබුනේ. ඇත්තටම මගේ බඩෙන් නොවැදුවත් උදේනි දුව මගේම දුවෙක්. ගමේ වගේ නැති නිසා රෑට නින්ද එන්නැති එක ඇර අනික් සේරම දේවල් අඩුවක් නැත. හැකි ඉක්මනට මං අයියාව බලන්න එන්නම්. අද බැරි උනාට හෙට පුතා මාව කැළණි පංසල් එක්ක යන්නම් කිවුවා. එතකොට මං අයියාට තව විස්තර එවන්නම්.

එතකම් තෙරුවන් සරණයි,

මීට නංගී

************

(අම්මා කවමදාවත් මං එක්ක කැළනි පංසල් ගිහින් තිබ්බෙ නැහැ. ඇත්‍තටම උනේ අම්මාව කොළඹ එක්කන් එන දවසෙ කැළනි පංසල් යන්න ආසයි කියලා අම්මා කිවුවම මං පස්සෙ එක්ක යන්න පොරොන්දු වෙලා එතනින් තව ටිකක් හයියෙන් ආපු එක, මොකද ඊට පහුවෙනිදා උදේ පාන්දර මට මතක විදිහට රැස්වීමක් තිබුනා.)

************

08/03/2010,
පුතාගේ නිවසේදී,

ලොකු අයියා වෙත,

ඉතිං අයියෙ, අයියා සනීපෙන් යැයි සිතමි. මමත් සුවසේ සිටිමි. පුතා එක්ක දෙතුන් වතාවක් කැළනි පංසල් ගියාය. උදේනි දුව මගෙන් අහගෙන එක එක ගමේ කෑම උයන්න පුරුදු වෙනවා. මං පල්ල්හැ කාමරේ තනියම කියලා කෙල්ල මගේ කාමරෙත් මාරු කලා. මගේම දුවෙක් වගේ මාව බලාගන්නවා. මුණුපුරත් එහෙමමයි. ආ මං විට කෑම නැවැත්තුවා.

වෙන කියන්න විශේෂ කියලා මොකුත් නැත. අයියාට මං පසුව ලියුමක් එවන්නම්. එතෙක් නවතිමි.
තෙරුවන් සරණයි

මීට නංගී

************

(අම්මා මේ ලියුම් වල ලියලා තියෙන්නේ මොනවද? උදේනී කවදාවත් අම්මා උයන කෑම වලට ආස කරපු එකියක් නෙවෙයි. අම්මා අපේ ගෙදර හිටපු දවසක වැලි පිට්ටු හැදුවා කියලා ගමේ වගේ නෙවෙයි හාල් පොල් මෙහේ ගනන් කිය කිය අම්මට දවසම බැන්න හැටි මට තාමත් මතකයි. ඒ වගේම අම්මා විට කෑම නැවැත්තුවේ දවසක් විට කාලා උදේනිගේ රෝස පාත්තියට කෙළ ගහපු නිසා උදේනි යකා වැහිලා බැන්නාට පස්සේ. අම්මාව මං වැඩිහිටි නිවාසෙට ඇරලුවෙත් ඒ සතියෙමයි.)

************

15/04/2010
පුතාගේ නිවසේදී,

ලොකු අයියා වෙත,

සුබ අළුත් අවුරුද්දක් වේවා. අයියා හොඳින් යැයි සිතමි. අවුරුද්දට එන්න හිතාගෙන හිටියත් උදේනි දුව එක්කලා ගෙවෙන පළවෙනි අලුත් අවුරුද්ද නිසා මේ වැඩ පහුවෙලාම එන්න තීරණය කෙරුවා. අනික පුතාගේ යාළුවොත් එනවානෙ. කැවුම් කිරිබත් හදන්න කොකිස් හදන්න වගේ ගොඩක් වැඩ උනේ මගේ අතින්. මේ හැමෝම කියන්නෙ මගේ අත්ගුණේ හොඳයි කියලා, මට සාරියක්, සෙරෙප්පු දෙකක් අළුත් චීත්ත රෙද්දක් හම්බුනා. අදට නවතිමි. අයියා පරිස්සමෙන් ඉන්න. ඉක්මනට ඇවිල්ලා යන්න එන්නම්.

තෙරුවන් සරණයි
මීට නංගී

************

(අලුත් අවුරුද්දට මම හිටියෙ උදේනි එක්ක උදේනිලාගේ මහගෙදර. අම්මා විනාඩි දෙක තුනකට වැඩිහිටි නිවාසෙ ෆෝන් එකෙන් මට කතාකලාට පස්සෙ අම්මාට සාරියකුයි රෙද්දකුයි සෙරෙප්පු දෙකකුයි ගත්තා, මං අරගෙන එන්නම් කිවුවා ඇර මං ගත්ත රෙද්දක් වත් අම්මා බලන්නට මට යන්න වෙලාවක් වත් තිබුනෙ නැහැ. කොහොමත් මගේ කොට්ඨාසය ඇතුලෙ කරපු අවුරුදු උත්සව වගයක සංවිධායක කමිටුවේ හිටපු නිසා අප්ප්‍රේල් කියන්නෙ බිසී මාසයක්.)

************

20/05/2010
පුතාගේ නිවසේදී,

ලොකු අයියා වෙත,

අවුරුද්දට එන්න බැරිවීම ගැන සමාවෙන්න. අයියා හොඳින් කියලා දන්නවා. පුතාට වැඩ ගොඩයි. නිවාඩුවක් ඇත්තේම නැහැ. උදේනි දූත් එහෙමයි. වෙසක් පෝයට තව දවස් තුනයි. පුතා කිවුවා මේ පෝයට මාව සිල්ගන්න බෙල්ලන්විල හරි හුණුපිටියේ හරි එක්ක යන්නම් කියලා . එයා අළුතෙන්ම මට සිල්‍ රෙදිත් ගෙනාවා. වෙන මොකුත් විශේෂ දෙයක් නැහැ. ඉතිං අයියෙ මං අදට නවතිමි. පසුව ලියන්නම් තෙරුවන් සරණයි අයියෙ.

මීට නංගී

************

(අම්මා හිටපු වැඩිහිටි නිවාසෙන් අම්මලාව බෙල්ලන්විල එක්කන් ගිහින් සීල් සමාදන් කරවලා කවුද ඇමතියෙක් සිල්‍ රෙද්දක් තෑගි දෙනවා කියලා කිවුවෙවැඩිහිටි නිවාසේ මාසෙ ගාස්තුව ගෙවලා ඒක කියන්න කෝල් කලාම එතන ඉන්න මිස් කෙනෙක්.)

************

25/06/2010
පුතාගේ නිවසේදී,

ලොකු අයියා වෙත,

අයියා සනීපෙන් නේද? පුතා මාව පොසොන් උත්සව බලන්න එක්කගෙන ගියා. හැම පාරක් පාරක් ගානෙම තවුතිසාව වගේ. ආ අයියා කලබලවෙන්න එපා. ඊයේ රෑ මට පොඩි පපුවෙ ඇම්මක් එක්ක කැස්සක් ආවා. මං කහින සද්දෙට පුතා හුඟක් කලබල වෙලා මාව ලොකු ඉස්පිරිතාලෙකට එක්කන් ගිහින් බෙහෙත් අරගෙන දුන්නා. දැන් හොඳයි, අදට නවතිමි. පසුව ලියන්නම්.

අයියාට තෙරුවන් සරණයි.
පරිස්සමෙන් ඉන්න.
මීට නංගී

************

(මට අම්මාව ඉස්පිරිතාලෙට අරගෙන යන්න වෙලාවක් තිබුනෙ නැහැ. අම්මාට දවසක් අමාරු වෙලා අම්මාව හොස්පිටල් ඇඩ්මිට් කලා කියලා කෝල් කලාම මං ඉක්මනට අම්මාව බලන්න ගියා. එදා මං යනකොට අම්මා ආසිරි එක ඉස්සරහා එල්ලලා තියන වෙසක් කූඩූ දිහා ඔහේ බලාගෙන හිටියා. ආ ඒ සතියේම තමයි අම්මාට කැන්සර් එකක් කියලා රිපෝට් ආවේත්.)

************

02/07/2010
පුතාගේ නිවසේදී,

ලොකු අයියා වෙත,

අයියෙ අයියා හොඳින් නේද? මං ඊයේ රෑ අපේ සුමනසිරිවයි අයියාවයි දෙන්නවම හීනෙන් දැක්කා. සමහර විට සුමනසිරිගෙ අවුරුද්දේ දානේ ලඟ නිසා වෙන්න ඇති. මං පුතා එක්ක හෙට අනිද්දා ගමට එන්නම්. දානේ දුන්නාට පස්සෙ ආයෙමත් මෙහේ එන්නෙ නැහැ. මට අයියා එක්ක ටිකක් ගමේ ඉන්න ඕනී. අනික පුතාලත් හරියට වද වෙනවා. සුමනසිරි මැරුනට පස්සේ මාව තනියම ගමේ නොතිය මෙහේ එක්කරන් ඇවිල්ලා මගේ හැම ඕනෑ එපාකමකටම වද වෙවී මාව බලාගන්න මේ මගේ පුතා ජාති ජාතිත් මගේම වෙන්න ඕනී.

මං නවතින්නම් අයියෙ. ඉක්මනට ගමේදි හම්බෙමු අපි. එතකම් පරිස්සමෙන් ඉන්න.
අයියාට තෙරුවන් සරණයි.

මීට නංගී

************

අම්මාගෙ අන්තිම ලියුමත් කියවලා ආයෙමත් මං උඩවළවේ වැවෙන් එගොඩහා බලනකොට අම්මා එතන හිටියෙ නැහැ. ඒ වෙනුවට වැව මැද්දෙ හිඳුන තැනකින් උඩ ආපු ලොකු කුඹුක් කොටයක් තිබ්බා. එතකොටම හුළඟත් එක්ක ආපු මරණ කොළයක් ඇවිත් මගේ මූණ ඉම්බා. මං බලනකොට ඒකේ උඩින්ම ලියලා තිබුනෙ 'මව් සෙනෙහසක නිමාව...!' කියලා...
සිත්තම- Radha Flora
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Sinhala Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජනිත් විතාරණගේගෙන් තවත් වියමන්
කවි
ගරු අධිකරණයෙන් අවසරයි..!
කවි
(හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!
කවි
උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)
කවි
උසාවිය උන් ඊයේ නිදොස්කොට පිටකළා
කරන්ට්ස්
මේ මැයි එක කොහෙ රැළියටද ?
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook