Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය
බූන්දි, 16:57:10
පාත්ත ගෑණි, පාත්ත කෙල්ල ආදී වශයෙනුත් පාත්තයාට මනුෂ්‍ය ස්වභාවයක් ආරූඪ කළ හැකිව තිබුණ ද ඇය මෙම ගැහැණු පාත්තයාට වික්ටෝරියානු ගෞරවාන්විතයක් ලබා දෙයි. සිත් ඇදගන්නා සුළුයි, මොකද ඇය යෝජනා කරනවා නමින් ම මේක වික්ටෝරියානු සභ්‍යත්වය ඇතුලෙ විග්‍රහ වෙන කතාවක් කියලා. දැනට කියල තියමු, එක්කෝ මේක සුරංගනා කතාවක්, කාංචනා ලියන්නෙ සුරංගනා කතා, නැත්නම් මැජිකල් රියැලිසම්, ඒ කෙසේ වෙතත් මම නම් දැක්කෙ ලතින් ඇමරිකානු රාමුව නෙවෙයි, ඇමරිකන් පික්සාර් ගතියක්, මොඩර්න් සුරංගනා කතා ගතියක්. හැබැයි නමෙන් එහෙම කිව්වට මම ටිකක් වැරදියි.

කතන්දරේ පටන්ගන්නේ 'සරාස්' ගාල. පාත්ත ජෝඩුවක් පාත්වෙනව පොකුණට. අනුෂ්කා කියන කාංචනා නියෝජනය කරන ගැහැණු චරිතය, පාත්ත ජෝඩුව තරුණයි කියල හිතන්නේ පිරිමි පාත්තයගේ බැල්ම මනමාල නිසා. සිත් ඇදගන්නා සුළුයි, මනුස්සලෝකේ වයසක මනුස්සයෙක් මනමාල බැල්මක් දැම්මොත් ඒ මනුස්සය නාකි මනමාලයෙක් වෙනව මිසක් තරුණ වෙන්නෙ නෑ. මෙතන සිද්ධවෙන්නෙ මොකද්ද? බැල්මෙන් සියල්ල නිර්මාණය කරගන්නා ආකාරයක්. ඒ කියන්නෙ කතාකාරයට ඕනේ පාත්තයගෙ මනමාල බැල්ම විතරයි, ඊළඟට සාධාරණීකරණය කරගැන්මක් විදියට ඒ නිසා පාත්තයා තරුණයි කියල යෝජනා කරගන්නවා.

මම කතාවක් ගොඩ නගද්දි 3 Act Structure කියන ආකෘතිය පොඩ්ඩක් ඔළුවෙ තියාගන්නවා. ඊට අනුව බැලුවොත් මේ කතන්දරයේ Inciting incident එක හෝ Plot point එක හෝ ලෙස ගන්න වෙන්නෙ මම හිතන විදියට පිරිමි පාත්තයා අනුෂ්කා සලිත කරවන බැල්මක් හෙලීම, හරියටම කියන්න අමාරුයි, මේක කෙටි කතාවක්. දැන් අනුෂ්කාගේ සුපුරුදු ලෝකය, පෙම්වතයි පෙම්වතියයි පාක් එකට ගිහින් එකල මෙකල වෙවී ඉන්න සාමාන්‍ය ලෝකය එක බැල්මකින් බිඳිලා. දැන් තමා conflict එක.

ඇත්තට ම මේ conflict එක, ප්‍රශ්නය, කුමක් ද? තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන් පලක් නෑ. මට හිතෙන්නෙ මෙහෙමයි, අනුෂ්කට තියෙන්නෙ ලිංගික අතෘප්තියක්, ශිෂ්ට මිනිසා එක්ක තියෙන බෝරිං ලිංගිකත්වයක්, මනමේ කුමාරිට වැද්දෙක් ඕන උනා වගේ, සුප්පා දේවිට සිංහයෙක් ඕන උනා වගේ (මෙහෙම කියන එක ටයිපෝ එකක් නෙවෙයි), අනුෂ්කට ඕනෙ 'වල් පාත්තයෙක්'.

3 Act Structure එකත් එක්ක එන Hero's Journey එකේ තවත් කියන කතාවක් තමා කතාවේ වීරයා වීර චාරිකාවට අඬගැහුවම පොඩ්ඩක් මග අරින එක. අනුෂ්කාත් ලිංගික උද්වේගය 'නිකං අමුත්තක් දැනුණා' ලෙස මගහැර මාලිංගවත් ඇදගෙන යන්න යයි. එපමණක් ද නොව නැවත ශිෂ්ට වෙන්නට හදමින්, අවම තරමේ ඒ බව පෙන්වමින් මාලිංගට රස්සාවක් හොයාගන්න කියයි, ඊට පස්සෙ අපිට විවාහ වෙන්න පුළුවන් බව කියයි, රතු හැට්ටකාරිය කොයිතරම් වෘකයා ප්‍රතික්ෂේප කරයි ද? පළා යයි ද? එය ලිංගික එක්වීමකට පෙර කරන පූර්ව-රංගනයක් පමණක් වේද?

ඊළඟට වෙන්නෙ පාත්ත වලියක්... හැබැයි අපූරුම දේ මේවෙනකොට අර පාත්ත ජෝඩුවේ ගැහැණු පාත්තයා අතුරුදන්. කාංචනා මේ අතුරුදන්වීමට වගකිව යුතු නමුත් මේ අතුරුදන් වීම සමහර විට ඇගේ අමතක වීමක් විය හැකියි. එය හරියට Freudian slip එකක් වාගේ ය, හරියට ම අමතක වී ඇත. මන්ද අනුෂ්කාට වුවමනා පාත්ත මෙනවිය වීමට ය, ඉතින් ගැහැණු පාත්තයෙක් පැවතිය නොහැක. කොහොම උනත් පිරිමි පාත්තයා වෙන පාත්තයෙක් මරණවා, ඒ දුර්වල පාත්තයෙක්, ඒ දුර්වල පාත්තයා මරණ එක 'ගේමක්' නෙවෙයි, ඒත් පිරිමි පාත්තයා, අපේ ඇල්ෆා මේල් එහෙම කරන්නෙ අනුෂ්කා වෙනුවෙන්, තම පිරිමිකම පෙන්වන්න. 'ඇල්ෆා මේල්'කම ඇත්තට ම වරදකාරී දෙයක්. පිරිමි පාත්තයා ඇත්තට ම කියන්නෙ මෙහෙම, 'මං උඹ වෙනුවෙන් මගේ ආත්මයත් පාවා දුන්නා. මං උඹට ආදරෙයි ඒ තරම්'

මේ කැපකිරීම හමුවේ අනුෂ්කාට ඇගේ ප්‍රතික්ෂේප කිරීම කොයිතරම් දුරට පවත්වාගත හැකි ද?

ඇය තීරණය කරනව ඇගේ ගමන යන්න, මාලිංග පුදුම වෙන, අමානුෂික ඝාතනය ගැන 'හොඳ වැඩේ' යන 'නිකම්ම' කියවීම ඈ අතින් සිද්ධ වෙනවා. දැන් ඇයට ආපසු හැරීමක් නෑ. දැන් ඇගේ ලිංගික ආශාව ඇගේ Lady සීමාව අතික්‍රමණය කරනවා, ඉතිරි සියල්ල සිදුවෙන්නෙ ශිෂ්ටත්වයට එහා, හුදෙක් ම ආශාවේ ඵලයක්, ලිංගික ශක්තියේ ඵලයක් ලෙස, නිර්මාණයක් ලෙස. කුමක් ද මේ නිර්මාණය? බෝට්ටුවක්. Impossible බෝට්ටුවක්. මොකද මේක වරදකාරී, අශිෂ්ට නිර්මාණයක්. කඩදාසියකින් හදන බෝට්ටුවක්.

සමහරවිට මේ කතාවේ විශිෂ්ටතම මොහොත මේ ප්‍රකාශය විය හැක, 'මං දවසකුත් මේ පොතෙන් බලලා අපේ අම්මට කුඩයක් හදල දුන්නා'

මෙහි ඇති Sarcasm එක ලෙවල් ගණනාවක එකකි. මනෝ විශ්ලේෂණයේ දී මව සහ දියණිය අතර සම්බන්ධය නිතර කතා කරන එකකි, අනුෂ්කා ඇගේ සීමාව අතික්‍රමණය කරන ලිංගික ජවය, ඇගේ මවට වැස්සෙන් බේරීමට 'කුඩයක්' - සීමාවක් නිර්මාණය කරදෙයි! (කොන්ඩම් වෙළඳ දැන්වීම්වල කුඩය සහ කොන්ඩමය සංකේතීය සමෝධානයකින් ඉදිරිපත්වනු ඔබ දැක ඇතුවාට නිසැක ය.)

හාෆ්ෂීට් කොළයෙන් හදන බෝට්ටුවකින් අච්චර ලොකු පාත්තයෙක් පා කරන්නෙ කෙසේ ද? මාලිංගට තාම මැජික් ය. රතු හැට්ටකාරියට තියෙන ප්‍රශ්නය ආච්චිගේ අවයව (ඇත්තටම වෘකයාගේ) ප්‍රමාණයට වඩා 'විශාල' වීම ය. ගැහැණු, පිරිමින්ගේ අවයව වුවමනාවට වඩා 'විශාල වීම'ට කැමතිය -ශිෂ්ණය ද ගැහැණිය උදෙසා විශාලවන එකකි- අවයව පමණක් නොව පට්ට බේගල්, පුරසාරම් දොඩවන උන්ටත් කැමතිය. මාලිංගට ඇති ප්‍රශ්නය පැහැදිලි ඇති. මනුස්සයට ඇති ප්‍රශ්නය අනුෂ්කාගේ ලිංගික තෘප්තියේ සීමාව කුමක් ද යන විස්මයයි.

Blue Velvet චිත්‍රපටයේ දී ඩොරති පිරිමියාගේ ආශාවේ සහ ෆැන්ටසියේ ඉතා ම ගුප්ත සහ පෞද්ගලික තලයක දී අතවරයකට ලක්වන Red Room එකක් වැනි ඕනෑම දෙයක් සිදු විය හැකි ස්ථානයේ දී අතිශය උදාසීන ලෙස සිටියි, මෙම අතවරය ස්ත්‍රීවාදීන් සැබැවින් ම දැකිය යුත්තේ අතිශය ධනාත්මක ලෙස ය. මන්ද ඩොරති පිරිමියාට quest එකක් දෙයි, 'පුළුවන්නම් මාව ලිංගිකව ඇහැරවපන්'... පිරිමියා අසමත් වෙයි. මේ අසමත්කම ඊට වඩා අහිංසක පටු විදියට මාලිංගට දැනෙයි, ඔහු අසයි, 'කොළවලින් හදන බෝට්ටුවක අච්චර ලොකු පාත්තයෙක් දාලා පා කරන්නෙ කොහොම ද?'... අන්න ඔහුගේ අසමත්කමේ විස්මය. ඉතින් සුප්පාදේවිය ශිෂ්ට පිරිමින් අතහැර සිංහයෙකු සොයාගෙන වනවැදුණේ(? ටයිපෝ එකක් නොවේ) ඇයි දැයි ඔබට සිතාගත හැක.

අනුෂ්කා මාලිංග තව තවත් ලිංගික අපහරණයට ලක් කරයි, 'මාව 'කන්න' වගේ බලාගෙන ඉන්නෙ නැතුව උදව් කරන්න බෝට්ටුව හදන්න' ඈ කියයි, 'ආච්චියේ, ඔයාට ඔච්චර 'ලොකු' දත් තියෙන්නෙ ඇයි?... උඹව 'කන්න'.. ' වෘකයා ඇඳෙන් පනියි. රතු හැට්ටකාරිය... අනුෂ්කා මාලිංගට ඇයව 'කන්න'ට බැරි වීම ගැන අපහාස කරයි, ටින්ටෝ බ්‍රාස්ගේ Monamour මතක් වේ.

ඉතින් ඇගේ අතිරික්ත ලිංගික ජවය ඇගේ ෆැන්ටසියේ පරම ලිංගික තෘප්තිය කරා යන්න හදන බෝට්ටුව නිමවයි. මෙය ඇගේ ශිෂ්ටත්වයෙන් මිදීමයි, ඇගේ සියදිවි නසාගැනීමයි, ඇය අවසන් වශයෙන් මනුෂ්‍ය ස්වභාවය සිය ෆැන්ටසික පැවැත්ම වෙනුවෙන් අතහැර දමයි. අර කටට වත් කරගන්නා දියරය හරියට කෘමිනාශක වගෙයි (නෙවෙයි තමා), ඒක සැබෑ සියදිවි නසා ගැනීමක්, අනුෂ්කා සියදිවි නසාගන්නවා, සිය ෆැන්ටසිය ඉතිරිකරගෙන අතෘප්තිකර තේරුමක් නැති ලෝකය අතහැර යනවා. මරණයක්.

ජීවිතය ආයෙත් කතා කරනවා, මාලිංග පොකුණ පැත්තට දුවගෙන යනවා. ගහක හැප්පිල වැටෙනවා. මං ඇත්තට ම මේකට කැමති නෑ. ගහ කෘත්‍රිමයි, ආගන්තුකයි, කතා විශ්වයට අදාල නෑ. ඔහුගේ ශිෂ්ට පිරිමිකමේ සීමාවක් ඔහු බිම වැට්ටුවනම් මම කැමතියි, ඒ කියන්නෙ උදාහරණයකට, ගහක මුලක මාලිංගගෙ ඩෙනිමේ කකුලක් පැටලෙනවා, ඒත් කලිසම ගලවල දුවන්න බැරි නිසා ඔහු නවතිනවා, ඒ වගේ එකක්.

Wuthering Heights අවසානය මතකයි ටිකක්. ප්‍රේමය මරණයෙන් පසු ආදරයෙන් වෙලී මහා නිම්න වගුරු පුරා සැරිසරති, එය සදාතනික ආදරය එකිනෙකා හා එකතුවන එකම ආකාරය හෙවත් මරණයෙන් පසු ආදරය කිරීම ගැන කතාවක්, අනුෂ්කට එහෙම කරන්න බෑ, සියදිවි නසාගැනීමෙන් පස්සෙ පිරිමිකම කියන යාන්ත්‍රණය එක්ක පමණක් යන්න යනවා, ඒකට ඈ දෙන රූපය විතරයි පාත්තයා, මේක අසමත් පිරිමි අසමත් ගැහැණු ගැන කතාවක්.

සියදිවි නසාගැනීම පිළිබඳ කතාවක්.

********

කාංචනා මෙය සුපිරියට ලියා ඇත, මීට වඩා සුපිරිව ලිවිය හැකිව තිබිණි, එහි ඇති අඩුපාඩුවලින් එක ම එකක් පමණක් මා මෙහි සඳහන් කර ඇත, තව බොහෝ ඇතැයි සිතමි, නමුත් ඒ මට හිතෙන හැටියට ය, ඔබට එය වෙනයම්ම ආකාරයකට සිතෙන්නට ඕනෑ ම තරම් පුළුල් අවකාශයක් ලේඛිකාව විසින් සපයා දී ඇත. නමුත් අවංකව ම සඳහන් කරනවානම් මෙවැනි 'අවංක' කතන්දර කීම් තුළ අද අපි කියවන මහා (ව්‍යාජ) සම්භාව්‍ය ආකෘතියේ කතන්දරවල නැති මහා පුළුල් විශ්වයක් ඇති බව ය. මන්ද මෙවන් කතා රෝග ලක්ෂණ කලාවක් ලෙස එනයින්ම අවංක වන අතර industry line එකකින් එළියට එන කෘත්‍රීම products නොවන බැවිණි. මැජිකල් රියැලිස්ම් වවාගෙන කනු වෙනුවට ඇයට ම ආවේණික විදියකට සමහර විට Satire සහ සුරංගනා කතාව එක් කරන අපූර්ව තැන ඈ සිය අනන්‍යතාවය තෝරාගෙන ඇත.

ඇය තව ඇගේ සන්දර්භය පුළුල් කරගනු පිණිස කියවනවානම් සංකේත භාවිතය පිළිබඳ තව දුරටත් අධ්‍යනය කරනවා නම් මේ ස්ටයිල් එකෙන් සහ ඈ අතින් මාස්ටර්පීස් එකක් බිහිවනු නොඅනුමානය. මම එවැන්නක් කියවීමට නොතින් ආශාවකින් පසුවෙමි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Gammiris Kurulla, Collection of Sinhala Short Stories, Kanchana Amilani, Sinhala Keti Katha, Book Review
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පොත් බූන්දි
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
සමහර කමටහන් සහ සමහර රජත
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook