Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
බූන්දි, 18:24:57
මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක පැත්තකින් ටෙලි නාට්‍ය කලාව නීරස, අරුත්සුන් කලාවක් වෙලා තියෙද්දි කලාත්මක ගණයේ නිර්මාණ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩුවෙන් තමයි තියෙන්නෙ. මේ තත්ත්වය උඩ 'නැගෙනහිර වෙරළ' විශේෂ වන්නේ කොහොමද?

මං මෙහෙම කියන්නම්කො. ඇත්තටම ලංකාවේ ටෙලි නාට්‍ය කියන එක කලා මාධ්‍යයක් හැටියට පාවිච්චි කරන්න පුළුවං කියලා විශ්වාස කරපු අපේ පරම්පරාවේ හිටපු කීප දෙනෙක් අතරින් එක්කෙනෙක් තමයි මම. ජයන්ත, මම, පතිරාජලා, ඔබේසේකරලා ඔය අපි හැමෝම ඒ කාලෙ ටෙලි නාට්‍ය කළානෙ. මේක හරහා හොඳ රසික ප්‍රජාවක් ඇති කරන්න පුළුවං වෙයි කියලා අපේ විශ්වාසයක් තිබ්බා ඉස්සර. එක්තරා විදියකට සිනමාවෙන් ප්‍රේක්ෂකයින් ඈත් වෙමින් තිබුණා විවිධ තාක්ෂණික හේතු හින්දා. එතකොට මේ හරහා ඇති කෙරෙන රසවින්දනයේ කිසියම් හුරු කිරීමක් ඔස්සේ වෙන කලා භාවිතාවකට මිනිස්සු හුරු කරන්න පුළුවං කියලා අපි විශ්වාස කළා. එහෙම විශ්වාස කරගෙන තමයි ටෙලිවිෂන් එකේ වැඩ කළේ. ඒකෙ ඇත්තටම ප්‍රයෝජන තිබ්බා. ඒ දවස්වල මට මතකයි දියකැට පහණ, සින්තටික් සිහින වගේ ටෙලි නාට්‍ය විකාශය වෙන කාලෙ අට හමාරෙ විකාශය නවයට නැවතුණාට පස්සෙ නවයෙ ඉඳන් නවය හමාර වෙනකල් ලක්හඬ ගුවන්විදුලියේ ඒ එපිසෝඩ් එක පිළිබඳ විද්වතුන් ඇවිල්ලා සාකච්ඡාවක් තිබ්බා.

එතකොට තිබුණෙ රූපවාහිනී නාලිකා දෙකයි. රූපවාහිනිය තමයි ටෙලි නාට්‍ය සඳහා විශේෂ සහන කාලයක් දීලා තිබුණෙ ඒ අරමුණ සඳහාම. දැන් ඒ සහජාතකම නැති වෙලා. අයිතිකාරයො නෑනෙ ටෙලි නාට්‍යවලට. අධ්‍යක්ෂකත් සමහර වෙලාවට මැරිලා ඉන්නෙ. කමර්ෂල්වලින් නාවලා තියෙන්නෙ. ඔය පුරුද්ද ආවට පස්සෙ ටෙලි නාට්‍යයක ගුණාත්මක බව කියන එක වැදගත් වුණේ නෑ. ඒ හින්දා රූපවාහිනියෙන් මිනිස්සු ටික ටික ඈත් වෙන්න පටන් ගත්තා. අපි එතකොට රූපවාහිනිය අතෑරියා. අතෑරලා සිනමාව විතරක් ප්‍රකාශනය හැටියට පාවිච්චි කරන්න පටන් ගත්තා. කලාවක් මේක ඇතුළෙ කරන්න පුළුවන් කියන ඉඩ අතහැරලා දැම්මා. නමුත් ඔය අතරෙ තමයි සටන් විරාම කාලයක් ආපු වෙලාවෙ ආරාධනා ලැබුණෙ ටෙලි නාට්‍යයක් කරන්න. ඒ ආරාධනාවට තමයි "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" කළේ. එතකොට ඒක හරහා ඒ දවස්වල ඇති වෙමින් තිබිච්ච යුද්ධය, යුද්ධයේ ඵලවිපාක, ජාතීන් අතර ඇතිවෙලා තිබුණු ආතතිය, ඒ ආතතියට හේතු වෙලා තිබුණු දේවල්, එතකොට සුනාමිය වගේ සුවිශේෂී සිදු වීමක් කොහොමද මිනිස්සු තුළ නැවත වතාවක් මානුෂිකත්වය කියන එක ඇති කළේ. ඒක කොච්චර දුරට පවත්වාගෙන යන්න පුළුවන්ද? ඒ තත්වය තුළ කොහොමද ආයෙ සැරයක් අර දේවල් ඇති වෙන්නෙ කියන එක ගැන සංවාදයක් ගොඩනගන්න පුළුවන් පසුබිමක් යටතේ ටෙලි නාට්‍යයක් කරන්න අවස්ථාවක් ලැබුණා. එහෙම ලැබුණා වුණත් මේක මිනිස්සුන්ට දැනගන්න විකාශය කරන්න හැකියාවක් ලැබුණෙ නෑ. නැවත වතාවක් මේක අයිටීඑන් ඔස්සේ විකාශය වීම හරහා නොබලපු විශාල පිරිසක් මේ නාට්‍ය බලන්න පුරුදු වෙලා තියනවා.

"නැගෙනහිර වෙරළෙන් ඇසෙන" තේමාව මොකක්ද?

මිනිස්සු ජාති, ආගම්, කුල හැටියට වෙන් වෙන්නෙ සංස්කෘතික වුණාට පස්සෙ. සංස්කෘතිය විසින්නෙ කෙනෙක්ගෙ ජාතිය, ආගම තීරණය කරන්නෙ. සංස්කෘතිකව තමයි අපි වෙන් වෙලා ඉන්නෙ. ඒ වෙන්වීම කියන හැඟීම නිසා එකිනෙකා අතර තරඟය වගේ දේවල් ඇතිවෙලා තියනවා. යුද්ධය ඇතිවුණෙත් ඒ පසුබිම ඇතුළෙනෙ. එතකොට සුනාමිය කියන එක මිනිස්සුන්ව සීරෝ කරලම දැම්මනෙ. සියලු දේවල් උස්- පහත්කම් සමතලා කරලා දැම්මා. ඊට පස්සෙ එකම කඳවුරක විවිධ ජාතිවල මිනිස්සු ගාල් වුණා. ගාල් වුණාම මිනිස්සුන්ට රකින්න දෙයක් නෑ. මොකුත් ඉතිරිවෙලා නැති වුණාම රකින්න සංස්කෘතියක් නෑනෙ. එතකොට තියෙන්නෙ එකිනෙකාට පිහිට වෙන එකිනෙකා එක්ක ඉන්න වුවමනාව තමයි. අපි දැක්ක ඒ දවස්වල මිනිස්සුන්ට ජාති ද අරව ද මේව ද මොකුත් තිබ්බෙ නෑ. මිනිස්සු මෙහෙන් එහෙට බෙදුවා - එහෙං මෙහෙට බෙදුවා. හැම තැනම කලවං වෙලා ඒ වැඩ ටික වුණා. ඒක පාඩමක්. නමුත් ඒක ටික ටික යථා තත්වයට පත්වෙන කොට අපි ආයෙ අර සංස්කෘතික ගොඩවල්වලට වෙන් වෙන්න ගන්නවා. අපිට ආයෙ අමතක වෙනවා අපි මෙහෙම තත්වෙක හිටිය නේද කියලා. මේ තත්වය ඇති වෙන්න, ජාතීන් අතර ආගම් අතර ආතතීන් ඇතිවෙන්න හේතුව කිසිම තේරුමක් නැති දෙයක්. අනිත් එක අපි අහම්බෙන්, නොදැනුවත්ව අමතක කරලා දානවා ඒවට කිසි පදනමක් නෑ කියන එක. අමතක කරලා දාලා එක එක ගොඩවල්වලට ගොඩ ගැහෙනවා. ඉතිං ඒක තමයි මේක ඇතුළෙ කතා කරන්නෙ. බිංදුවටම බැහැපු මිනිස්සු ඊට පස්සෙ ටික ටික ඒ ගොල්ලන්ගෙ සංස්කෘතික ජීවිතය ගොඩනැගෙන්න පටන් ගත්තාම ආයෙ අර දෙගොල්ල අතර ටෙන්ෂන් එක ඇති වන්න පටන් ගන්නවා. ඉතිං ඒක මං හිතන්නෙ මේ තියන ප්‍රශ්නය තේරුම් ගන්න පිවිසුමක් විදියට හොඳයි කියලා. ඒක තමයි ටෙලි නාට්‍යයේ මූලිකවම කතා කරන්නෙ.

ඔබ දකින විදියට 2004 සුනාමිය ලංකාවට කොයි තරම් වැදගත්ද?

ඇත්තයම සුනාමිය විසින් කියලා දීපු පාඩම් අපි හරියට ඉගෙන ගත්ත නම් යුද්ධයේ දෙවැනි අදියර කියන එක ඇති නොවී මේ ගැටලුව විසඳගන්න තිබුණ කියන එක මං විශ්වාස කරනවා. ඒක අපි මඟහැරපු පාඩමක්.

"නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය අයිටීඑන් එකේ විකාශය වෙනවා කියලා සමාජ මාධයන්වල ප්‍රචාරය වෙද්දි අපි දැක්කා විවිධ තරාතිරමෙ අන්තවාදීන් ඊට විවේචන ගේනවා. ශුද්ධ වූ සිංහල ලේ ගැන පාරම්බානවා. කෙනෙක්ගෙ ජාතිය තීරණය කරන්න පුළුවන්ද ලේවලින්?

ජාතිය තීරණය කරන්නෙ ලේ නෙවෙයිනෙ. තමං හැදෙන සංස්කෘතිය. ලේවලින් ජාතිය තීරණය කරනවා කියලා කතන්දරයක් නෑනෙ. ලේ ඔක්කොම එකයි. ජාතිය තීරණය කරන්නෙ තමන් හැදෙන පරිසරය හා සංස්කෘතිය විසින්. උදාහරණයක් හැටියට අපි ගමු නුවර යුගයේ හිටපු දස්කොන්. දස්කොන් (ගැස්කොන්) ප්‍රංශ සම්භවයක් තියන කෙනෙක්. තාත්තා ප්‍රංශ. හැබැයි ගැස්කොන් ලංකාවෙ ඉපදිච්ච, සිංහල සම්භවයක් තියෙන කෙනෙක්. එතකොට එයාගෙ ජාතිය මොකද්ද? තමං හැදෙන පරිසරය විසින් තමයි කෙනෙක්ගෙ සංස්කෘතික හැඩ ගැසීම කරන්නෙ. ඒ උඩනෙ එයා හිතන්නෙ. එයා අදහන ආගම තීරණය වෙන්නෙ, මොන භාෂාවද කතා කරන්නෙ කියන දේවල් ලේවලට සම්බන්ධයක් නෑ. තමංගෙ සංස්කෘතිය විසින් තමයි තමං කොහාට ද අයිති වෙන්නෙ කියන එක තීරණය කරන්නෙ. ඊට පස්සෙ ප්‍රශ්නයක් ආවම තමයි ඕකෙ ශුද්ධ වූ මුල් හොයාගෙන යන්නෙ. ප්‍රශ්නයක් ඇති වෙනකල් සිංහල කතා කරන බර්ගර් මනුස්සයත් සිංහල තමයි. නමුත් ප්‍රශ්නයක් ඇති වී ගෙන ඇති වී ගෙන කොනකට ගියාම අපි වෙන් කරන්න එකක් හොයනවා. සිංහල ඇතුළෙ වුණත් වෙන් කරන්න හේතුවක් හොයනවා. අඩු අවකාශයක් තියන තැනකට වැඩි පිරිසක් එනකොට ඒ අඩු අවකාශය පුරවනකොට තේරීමක් කරන්න ඕනෙ නෙ. තේරීම හැම වෙලේම ඔය වගේ මොකක් හරි බෙදීමකින් එන එකක්.

ඒ කාරණය ඔබේ ටෙලි නාට්‍යය ඇතුළෙ පැහැදිලිව මතු කරනවා. ඇන්ටනී කියන චරිතය මීගමුවෙ වාරකං කාලෙට නැගෙනහිර මුහුදුකරේ දෙමළෙනුත්, නැගෙනහිර වාරකං කාලෙට මීගමුවේ සිංහලෙනුත් ඉන්නවා.

ඔව්. එහෙම ඉන්නවා. ඇත්තටම ඉන්නවා එහෙම මිනිස්සු. අහඹු කෙනෙක් නෙවේ එයා. ඒ කියන්න එහෙත් පවුලක් ඉන්නවා මෙහෙත් පවුලක් ඉන්නවා. අදාළ කාලෙට එහෙ පවුලත් එක්ක ඉන්නවා දෙමළෙන්. මෙහෙ ඇවිල්ලා සිංහලෙන් ඉන්නවා. එහෙම ඉන්නවා. ඒකෙ වැරැද්දක් නෑ මං කියන්නෙ.

සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විසින් දෙමළා අනෙකා බවට පත් කරගෙන සටන් කිරීමේ ඉතිහාසය සංකේතීය නිමාවක් ලබලා තියනවා. දැන් මුසල්මානුවා අනෙකා බවට පත් කරගෙන. මේ තත්වය ඔබ විග්‍රහ කරන්නෙ කොහොමද?

හැම වෙලේම අපිට බැහැ අපේ ඇතුළෙන් අපිට තියන ප්‍රශ්නය තේරුම් ගන්න, අපේ තියන අර්බුදය තේරුම් ගන්න. උදාහරණයක් හැටියට ක්‍රිකට් ගන්නකො. ක්‍රිකට් දැං කොලිටි එකක් විදියට බැහැලනෙ ලංකාවෙ. එතකොට දැං ඉන්දියාවත් එක්ක ක්‍රිකට් ගහනකොට ඉන්දියාව අපිට වඩා හොඳට ක්‍රිකට් ගහනවා. හොඳට ක්‍රිකට් ගහන එක නෙවේ දැං අපේ අයට තියෙන ප්‍රශ්නෙ. "මුං ඉන්දියන්. මුං ඇවිල්ලා අපිව කන්න ඉන්න එවුං ජාතියක්." ආන් එහෙම එකක් එනවනෙ. ඒ කියන්නෙ අපේ අර්බුදය තියන්නේ ක්‍රිකට් කොලිටි එකේනෙ. අපි දිනන කාලෙ ඒ ප්‍රශ්නෙ නෑ. ඉන්දියාව අපිට ගහන කාලෙ වෙනකොට අපේ ප්‍රශ්නෙ තියෙන්නෙ ක්‍රිකට්වල. ඒ වුණාට වෙන තැනකට වැරැද්ද පටවනවා. ඒ වගේ අපේ අර්බුදයට සතුරෙක් හැම වෙලේම ඕනෙ අපේ නොහැකියාව වහගන්න. අපිට ඉස්සර හිටියා හතුරෙක්. ඒ හතුරා බොහෝම බරපතලයි. එයා නැති වුණාට පස්සෙ එයාගෙං ගැටලුවක් නෑ තාවකාලිකව. තව එක්කෙනෙක් ඕනෙ අපේ තියන එක නැති කරගන්න. එතකොට තමයි අර කෑල්ල එන්නෙ. ඕස්ට්‍රේලියාව වගේ රටක ඕක නැහැනෙ. එහෙ කෙලින්ම සිස්ටම් එකෙන්ම ඒක නැති කරලා දානවා. හේතුව ඒකට ඇවිල්ලා ඉන්නෙම පිට මිනිස්සුනෙ. ඒක ඇතුළෙ ජාතිවාද මතුවෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ තත්වෙ මහා ව්‍යසනයකට මුල පුරනවා කියලා ඒගොල්ලො දන්නවා. පසුගිය දවස්වල වුණානෙ කොෆි ෂොප් එකක ප්‍රශ්නයක්. ISIS කියලා ගහලම තිබුණනෙ. හරි නම් ලොකුවට මුස්ලිම් විරෝධයක් රට ඇතුළෙ ඇති වෙන්න තිබ්බනෙ. ඒ තත්වෙ ආණ්ඩුවෙන්ම සහ මිනිස්සු විසින්මත් ඇති වෙන්න දුන්නෑ. අපේ මීඩියා නම් වැඩ කරන්නෙ ඒක අවුළුවන්න. ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම, "මෝටර් සයිකලයකින් තරුණයෙක් හැප්පිලා මැරුණා" කියලා නෙවෙයිනෙ වාර්තා කරන්නෙ. "මුස්ලිම් තරුණයෙක් පදවාගෙන ආ මෝටර් සයිකලයක හැප්පිලා සිංහල තරුණයෙක් මැරිලා" කියලා තමයි වාර්තා කරන්නෙ. ඒක අදාළ නෑනෙ, මුස්ලිම් තරුණයෙක් ද පදවගෙන ආවෙ කියන එක. එහෙම තමයි අපේ මීඩියා රිපෝට් කරන්නෙ. ඒක කියවන එකා "මුං එන්නෙ අපේ උං මරන්න" කියලා එකක් හදා ගන්නවා. එහෙම තමයි ඒක ඇති කරන්නෙ. මේක බලෙන් ඇති කරපු ජනමතයක්.

ඔබගේ ප්‍රකාශනය කතා දෙකක් නැතුව දේශපාලනිකයි. ඒ නිසයි මේ ප්‍රශ්නය අහන්නෙ. අපේ රට ඇතුළෙ තියන ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන්ද?

ජාතික ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අපි ශිෂ්ටව හිතන්න පුරුදු වෙන්න ඕනෙ. එතකොට විසඳුමක් හොයා ගන්න පුළුවං. දැං උදාහරණයක් හැටියට අපි කියනවා සුළු ජාතීන්ට ප්‍රශ්නයක් නෑ කියලා. ඒක අපි කියලා හරියන්නෑනෙ. ඒ අය කියන්න ඕනෙ අපිට ප්‍රශ්නයක් නෑ කියලා. අපි තමයි කියන්නෙ ප්‍රශ්නයක් නෑ කියලා. අපි හිතමු කෙනෙක් කොහෙ හරි පළාතක වෙන් වෙන්න හදනව නම් තමන් මේකත් එක්ක ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ ඒ ගොල්ලො මිසක් මෙහෙන් නෙවෙයිනෙ. ඒක නැති කර ගන්න නම් අපි අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනෙ අනිත් මනුස්සයාව ඉවසන්න.

ඇත්තටම රටක් හැටියට අපි ඉන්න ඕනෙ මෙතන නෙවේනෙ. අපි ඇවිල්ලා මහා සංස්කෘතියක් වන ඉන්දියානු සංස්කෘතිය තුළ හැදිච්ච රටක්නෙ. වෙන් වෙලා තිබ්බට ඒ මහා සංස්කෘතියෙ ආභාසයනෙ අපිට තියෙන්නෙ. අපි කොච්චර ඉන්දියාවට විරුද්ධ වුණත් අපේ මුල්, බුද්ධාගම ද ඇතුළු සියලු දේවල් එහෙං ඇවිල්ලා තියෙන්නෙ. ඊට පස්සෙ බටහිර නිසා අපිට තව දේවල් ලැබිලා තියෙනවා. අපි ඇත්තටම ගත්තොත් එහෙම හොඳ පොහොසත් මිශ්‍ර සංස්කෘතියකට උරුමකම් කියන රටක්. ආර්ථීකව, දේශපාලනිකව අපි ඉතාමත්ම වටිනා තැනක ඉන්නවා. ඉතිහාසය ගත්තත් එහෙමයි. නැගෙනහිරයි - බටහිරයි සම්බන්ධ කරන එක් උපායමාර්ගික මධ්‍යස්ථානයක ඉන්නවා. ඒ ඔක්කොම තියෙද්දි අපි කොහෙද අද ඉන්නෙ. මොකද්ද ඒකට හේතුව. හේතුව තනිකරම අපේ තියන ගෝත්‍රික ලක්ෂණ. වෙන මොකක්වත් නෙවේ පසුගාමී ලක්ෂණ.

දැං එමු ඔබේ කලාත්මක භාවිතය ගැන කතා බහකට. අපි දකිනවා ඔබේ හැම නිර්මාණයක්ම වගේ යථාර්ථවාදී බවේ නොඉඳ යම් ප්‍රකාශනවාදී, අධි යථාර්ථවාදී ස්වභාවයන් කරා ගමන් කරනවා. එය නැගෙනහිර වෙරළෙන් ඇසෙන තුළත් දකින්න පුළුවන්. මේක විශේෂ ලක්ෂණයක්. මොකක්ද මේ රීතියේ තියන විශේෂත්වය?

කොහොමත් ඉතිං යථාර්ථය කියන්නෙ ම ගොඩනගපු ප්‍රබන්ධයක්නෙ. ඒක හින්දා යථාර්ථය සොයා යාම කියන එකම ගැටලු සහගතයි. එහෙම නෙවෙයි, අපි හිතමුකො මොකක් හරි ප්‍රශ්නයක තියෙන ගතිකයන් තේරුම් ගන්න අපි පිවිසෙනකොට සමහර වෙලාවට අපිට නොපෙනෙන මානයන්ට යන්න සිද්ධ වෙනවනෙ. එහෙම යන්න පුළුවංකම තියෙන්නෙ ස්වභාවිකවාදයෙන් එළියට ගිය ප්‍රකාශන විදියක් හරහා කියන එක තමයි මං හිතන්නෙ. අපි හීන දකිනවා. කතන්දර කියනකොට අතින් දාලා කියනවා. සමහර වෙලාවට කපුටෙක් දැකපු කෙනෙක් ටිකක් දුර ගියාම රාජාලියෙක් තරම් ලොකු කරනවා. එහෙම එකක් අපේ ශෛලිය ඇතුළෙ තියනවා. ඒක මං හිතනවා අපි කතා කියන සහ කතා තේරුම් ගන්න විදියේ හැටියක්. අපිට ඕනෙ දේ අවධාරණය කරන්න සමහර දේවල් තියනවට වඩා ලොකුවට මවනවා. තියනවට වඩා දේවල් එකතු කරනවා. සමහර වෙලාවට විශ්වාස නොකරන, ඇහැට පේනවට වඩා දේවල් අතින් දාලා කියනවා. ඒක මං හිතනවා අපි ඇතුළෙම වැඩුණු සුවිශේෂී ගුණයක් කියලා. අපේ ජාතක කතා ගන්නකො. ජාතක කතාවල විශ්වාස කරන්න බැරි කතා තියෙනවනෙ. නමුත් ඒ විශ්වාස කරන්න බැරි කතා අපි විශ්වාස කරනවනෙ. ඒක අපේ කතා ශෛලියේම කෑල්ලක්. ඒක යොදපුවාම අර ප්‍රකාශනය පොහොසත් වෙනවා. ඒක වඩ වඩා සමීප කරන්න පුළුවං. කතාවක් කියනකොට අපිට ඒ හරහා අලුත් මානයන්වලට පිවිසෙන්න පුළුවන්.

ටෙලි නාට්‍යය ඇතුළෙ අපි දකිනවා නිතරම පොඩි වීඩියෝ කැමරාවක් අතේ තියා ගත්තු තරුණයෙක්. නාට්‍යය පුරාවටම ප්‍රධාන කැමරාවෙ දර්ශනවලට අමතරව තරුණයගෙ අතේ තියන කැමරාවෙන් ගන්න කළුසුදු දර්ශනත් ප්‍රේක්ෂකයට පෙන්වනවා. මොකක්ද මේ උපක්‍රමය?

සමහර වෙලාවලදි අපි දකින එකක් වෙන විදියකට අවධාරණය කරන්න ඕනෙ. උදාහරණයක් විදියට පළවෙනි එපිසෝඩ් එකම කළු සුදු කැමරාවෙන් පේන්නෙ. ඒකෙම හමුවෙනවා ඇත්ත සුනාමියට මුහුණ දීපු මිනිස්සු ඇවිදගෙන එන දර්ශන. ඒව අපි ෂූට් කරපුව නෙවේ. ජීප් එක යනකොට ඉස්සරහට එන මිනිස්සු, ඒව ඇත්ත රූපරාමු. අපි හොයලා හොයලා ගත්තු රූපරාමු බලල තමයි පළවෙනි එපිසෝඩ් එක ලියන්නෙ. කාහොමද ඇත්ත සුනාමිය මේකට ගාවගන්නෙ කියන එක මං බැලුවෙ. එතකොට අපි ඇත්ත විෂුවල් ටික තමයි ගත්තෙ. ඒ විෂුවල් ෂූට් කරලා තියෙන කැමරා ලෝ රෙසලූෂන්. එක එක්කෙනා එකතු කරපුවනෙ ඒවා. එතකොට ඒවට ගැලපෙන විෂුවල් එකක් හොයන්න ඕනෙ. නැත්නම් ඒව ගලප්පන්න බෑනෙ. ඒක නිසා තමයි මේක මූලිකවම හඳුන්වා දෙන්නෙ. ඊට පස්සෙ එතනින් ඉවර කරන්න බෑනෙ. මුළු ටෙලි නාට්‍යය පුරාම මේක තියාගන්නකොට සමහර වෙලාවට නිකං ඔහේ ගලාගෙන යන එක කඩන්න ඕනෙ වෙච්චහම අරක පාවිච්චි කරලා අපි වෙන තලයකට යනවා. එහෙම තමයි ඒක දිගට පාවිච්චි කළේ. උදාහරනෙකට ශාන්ති අඬන කොටස. අඬලා අඬලා ඉවර වෙනකල්ම තරුණයා අතේ තියන කැමරාවෙන් ෂූට් කරනවනෙ. ඊට පස්සෙ අපිටම පෙන්නනවා. පෙන්නලා ශාන්තිටම බලන්න දෙනවා. තමන්ම අඬන එක දැක්කම එයාට හිනා යනවා. ඒ වගේ දේවල්වලට ඒක පාවිච්චි කරන්න පුළුවංකම ලැබුණා. ඒක තමා ඒකෙන් වෙච්ච වාසිය.

අනිත් විශේෂතම දේ තමයි කාත් කවුරුවත් නැති දැරිය. ටෙලි නාට්‍යය පුරාවටම ඇය කතා කරන් නෑ. අවසානයේ මේ දැරිවිය ගීතයක් ගායනා කරනවා. ඇය සිංහලද දෙමළද? ප්‍රේක්ෂකයා අතරමං වෙනවා. ඔබේ ප්‍රකාශනයට මේ චරිතය මොන වගේ ආයුධයක්ද?

ඒක ඉමැජිනේෂන් එකක්. එයා ඇත්තටම සිංදුව කියනවද නැද්ද? හඬක් තමයි ඇහෙන්න. එතකොට ඒ හඬ එන්නෙ මෙහෙම කියලා අරගොල්ලො තමයි හිතන්නෙ. එයාගෙ භාෂාව ඒකයි කියන එක ඒකෙන් කියන් නෑ.

හරි. කොහොම නමුත් මේ චරිතය ප්‍රේක්ෂකයව අර්බුදයකට දානවනෙ. ඇයි මේ චරිතය විශේෂයෙන් පාවිච්චි කළේ.

මෙයා කොයි ජාතියට අයිති කොහොම කෙනෙක්ද කියන එක කවුරුත් දන්නෙ නෑ. එයා ඉන්නවා. මෙතන මුස්ලිම් අය ඉන්නවා, දෙමළ අය ඉන්නවා, සිංහල අය ඉන්නවා, එකිනෙකා අතර ප්‍රශ්න තියෙනවා. ඔය ඔක්කෝටම අයිති නැති කෙනෙක් ඉන්නවා. එතකොට අර කැමරා කරන තරුණයා ගත්තොත්, එයාටත් හරි සම්භවයක් නැතිවනෙ ඉන්නෙ. "මං දෙමළ" කියලා එයා කියනවනෙ. ඒත් පොඩි කාලෙ හැදිලා තියෙන්නෙ සිංහල පරිසරයක. ඒ හින්දා එයා සිංහල වෙලා. එයාම කිව්වෙ නැත්නම් එයා දෙමළ කියලා අපි දන්නෑ. එතකොට අපි හදා ගත්තු අසමානකම් සියලුම දේවල් මවාගත්තුව කියන එක තමයි ඒක ඇතුළෙ තියෙන්නෙ. ඒක ඉදිරිපත් කරන විශේෂ චරිතයක් තමයි අර ළමයා. ළමයා හරහා වෙන තලයකින් ඒ කථීකාවම ගේනවා. ආයෙ ප්‍රශ්න කරන්න හදනවා. හිතන්න පොළඹවනවා මිනිස්සුන්ව. තමන් ගැන හිතන්න.

අවසාන ප්‍රශ්නය ඔබේ ඉදිරි නිර්මාණ ගැන. නුදුරේදිම එන්න නියමිත සිනමා කෘති දෙක ගැන සහ ඔබ ඉදිරියේදිත් ටෙලි නාට්‍ය කරන්න බලාපොරොත්තු වෙනද කියන කාරණා දෙක ගැන දැනගන්න කැමතියි.

මුලින්ම සිනමා කෘති දෙක ගැන කියන්නම්. මම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර එක්ව කරපු "තුන්දෙනෙක්" ළඟදිම සිනමාහල්වලට ඒවි. ඒ වගේම මගේ අලුත්ම සිනමා කෘතිය "අසන්ධිමිත්තා" මේ වෙද්දි සංස්කරණය වෙමින් පවතිනවා. ටෙලි නාට්‍ය ගැන කතා කළොත් ඉතිං මේ සහජාත බවක් නැති තත්වය වෙනස් වුණොත් ඒ ගැන හිතන්න පුළුවං. ඒ වගේ පසුබිමක් ඇතුළෙ කවුරු හරි ආරාධනා කළොත් එවැන්නක් සිතා බලනවා.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Asoka Handagama, Nagenahira Weralen Asena, The East is Calling, Sinhala Teledrama, Sinhala TV Drama, Asoka Handagama New Film, Asandimiththa, Sinhala Cinema
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.ඩී. දර්ශනගෙන් තවත් වියමන්
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
නිල් සුළිය
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
රංග
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
අදහස්
ඩෙරීඩාගේ විශ්වවිද්‍යාලය සහ කැලණියේ නවකවදය
තවත් රහ කතා-බස්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චාර්ලි චැප්ලින් කියයි.
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.
What's New | අලුතෙන්ම
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook