Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
බූන්දි, 16:01:11
පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ සමාජ ව්‍යූහයන්ගෙන් සැදුම් ලත් උක්ත පෞර රාජ්‍යන් විසින් බටහිර ශිෂ්ටාචාරයටත්, ඒ හරහා පොදුවේ මුළු ලොවටත් එක් කල දෑ බොහෝමයකි. මෙම ලිපියෙන් අදහස් කරනුයේ පුරාතන ග්‍රීක යුගයෙහි මෙම අවකාශය තුළ වාසය කල ස්ත්‍රියගේ සමාජ ආස්ථානය ගැන කෙටි විග්‍රහයක් කිරීමයි.

පුරාණ ග්‍රීක ඉතිහාසය ගත් කල ප්‍රධාන වශයෙන් යුග පහකට බෙදා දැක්විය හැකිය. (මිනෝයියානු, මයිසීනියානු, ආකෙයික්, සම්භාව්‍ය සහ හෙලනිස්ටික් යුග වශයෙනි.) අඩු වැඩි වශයෙන් මෙම යුගයන් තුළ, ස්ත්‍රී අවකාශය භාවිතාවෙහි වෙනස්කම් දැකිය හැකි වුවද පොදුවේ ගත් කල, ඇතන්ස් සහ ස්පාර්ටා නැඟීම ප්‍රබලව සිදුවූ සම්භාව්‍ය යුගයෙහි, (ක්‍රිපූ 508–322) මුළුමනින්ම පුරුෂමූලික ප්‍රපංචයක් වූ ඇතන්ස් සමාජයෙහි, ස්ත්‍රියට හිමි වී තිබුනේ ගෘහයට සහ පවුලට සීමා වූ, පුරුෂයා විසින් පාලනය කිරීමට නතු වූ දිවියකි.

ඇතීනියානු පාලක සෝලෝන් (ක්‍රිපූ 638–558) විසින් හඳුන්වාදුන් ප්‍රතිපත්ති හරහා ස්ත්‍රී නිදහසට සීමා පැනවෙන අතර, සම්භාව්‍ය යුගය වනවිට ස්ත්‍රීය භුක්ති විඳි නිදහස තව තවත් සීමා සහිත වූ බව, පෙලපනීසියානු සටන් අතර තුර පුර නායකයා වූ පෙරික්ලීස් ඇතීනියානු පුරවැසියන් අමතා කළ සුප්‍රකට කථාවෙන් පෙනී යයි. මෙකල බිහිවූ නාට්‍ය කෘති තුලින් හමුවන සම්මතයට අභියෝග කරන සමහර වීර කාන්තා චරිත, පවතින යථාර්ථයට එම නාට්‍ය රචකයන් දැක්වූ ප්‍රතිරෝධයෙහි පිළිබිඹුවක් ද විය හැක.


හෙටෙයිරා පුරඟනන්

අසමසම ඇතැන්ස් හඳුන්වාදීමක් වූ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගික ලෙස භාවිතා කිරීමට ස්ත්‍රීන්ට හැකියාවක් නොවුනු අතර, එදිනෙදා කටයුතු උදෙසා නිවසින් පිටතට යාමට සිදු වූ දුප්පත් සහ වහල් ස්ත්‍රීන්ට තරම්වත් නිදහසක් භුක්ති විදීමට උසස් පන්තියේ ඇතීනියානු කාන්තාවට නොහැකි විය. තම නිවාස තුළ වූ "ජයිනීසියම්" (gynaeceum) යනුවෙන් හැඳින්වූ ඔවුන්ටම වෙන් කල කොටසෙහි කාන්තාවන් වාසය කල අතර, පුරුෂ සමාජය හා මුසු වීමට ඔවුන්ට අවස්ථාවක් නොමැති තරම් විය. යම්තරමක හෝ සමාජීය පිළිගැනීමක් සහ ගෞරවයක් ලැබුවේත්, පුරුෂ සමාජය සමඟ ගනුදෙනු කිරීමට තරම් බුද්ධි මට්ටමකින් යුක්ත වූයෙත්, "හෙටෙයිරා" (hetaera) නමින් හැඳින්වූ උසස් පංතියේ පුරඟනන්ට පමණි.

ආර්ථික සහ සමාජීය වශයෙන් පහළ පන්තීන් නියෝජනය කල ස්ත්‍රිය නිවසෙන් පරිබාහිර ක්‍රියාකරකම් වල නිරත වූ බැවින්, ඔවුන්ගේ සමාජානුයෝජනීය වීමේ සම්භාවිතාවය (අවම වශයෙන් සෙසු ස්ත්‍රීන් සමඟ හෝ) වැඩි විය. විවාහය සම්බන්ධයේදී වූ දේපළ පිලිබඳ කාරණාවේදීත්, ආගමික කටයුතු සහ අවමඟුල් වලදීත් කාන්තා දායක්තවය කැපී පෙනුන නමුත් සම්භාව්‍ය යුගයේ පොදු ඇතීනියානු ගැහැණිය මුළුමනින්ම පුරුෂ සමාජයට යටත් වූ ප්‍රස්තුතයක් විය.

බටහිර ශිෂ්ඨාචාරයෙහි තිඹිරි ගෙය ලෙස සැලකිය හැකි ඇතන්ස් නුවර ස්ත්‍රියගේ භූමිකාව එසේ වත්දී, ස්පාර්ටන් ගැහැණියගේ සමාජීය, දේශපාලනික ස්වභාවයන් කෙසේ වීද? ස්පාර්ටන් කාන්තාව පිළිබඳ විශ්ලේෂණයට පෙර ස්පාර්ටා නුවර සමාජ-දේශපාලනික සන්දර්භය විමසා බලමු.


Lysistrata වේදිකා නිෂ්පාදනයකින්

'ඇතැන්ස් නුවර මිනිසුන් තනද්දී ස්පාර්ටා නුවර සොල්දාදුවන් තැනුවේ' යැයි ප්‍රසිද්ධ කියමනක් වෙයි. එය ස්පාර්ටන් සමාජ ව්‍යූහය විසින් ඉල්ලා සිටි පෙළඹවීමකි. ස්පාර්ටා නුවර නීති දායකයා වශයෙන් සලකන, ලයිකගස් (Lycurgus) විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්ති වලට අනුව, හීලොට් වහලුන් බහුතරය වූ ස්පාර්ටාවෙහි, ඔවුන්ගේ අධිපතීත්වය දැරූ ස්පාර්ටාවරුන්ට දැඩි යුදමය පුහුණුවක් හා විනයක් යටතෙහි ජීවත් වීමට සිදු විය. ස්පාර්ටන් දිවි පෙවෙත යනු කෙතරම් සරල සහ විනයානුකූල එකක්දැයි, දැඩි සරල සහ කටුක බව හැඟවීමට එම වදන නාමවිශේෂණයක් ලෙස යෙදීමෙන්ම ["Spartan living"] පෙනී යයි. හීලොට් යැයි හැඳින්වූ යටත්වැසි වහලුන්ගේ සංඛ්‍යාව ස්පාර්ටන්වරුන්ට වඩා බොහෝ වැඩි වූ හෙයින් සියළු ස්පාර්ටාවරුන්ගේ එකම අරමුණ වූයේ තමා සතුවූ රාජ්‍ය බලය ආරක්ෂා කර ගැනමයි. ස්පාර්ටා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයෙහිම ජීවිත මේ ඒකායන අරමුණ වෙනුවෙන් උපතේ පටන් හැඩ ගස්වනු ලැබිණි.

ස්පාර්ටන් පිරිමි දරුවන් මෙන් ගැහැනු දරුවන් ද උපතේ සිටම රාජ්‍යයට වැදගත් පුරවැසියන් ලෙස සැලකිනි. එමෙන්ම දෙපාර්ශ්වය විසින්ම, ශරීර සරඹ, ක්‍රීඩා, ලිවීම, ගණනය වැනි අධ්‍යාපනික කටයුතු ද ඉගෙන ගන්නා ලදී. අනාගතහෙහි පුරවැසියන් බිහි කරන තීරණාත්මක සාධකය වූ බැවින් පිරිමි දරුවන්ගේ මෙන්ම ගැහැනු දරුවන්ගේද නිරෝගී බව සහ ශරීර යෝග්‍යතාවය වැදගත් කොට සැලකිණි. ඇතීනියානු ගැහැනිය ඇඳි වස්ත්‍රයෙන් වෙනස්ව, ස්පාර්ටන් ගැහැනිය විසින් ඇඳි වස්ත්‍රයෙහි පැලීමක් සහිත වූයේ හෝ කෙටි වූයේ ඇයට වඩා පහසු සහ කඩිසර ලෙස ශරීරය හැසිරවීමට හැකිවීමටයි. ඇතන්ස් නුවර ගැහැනු දරුවෙකු වැඩිවිය පත්වූ වහා (12-14 වැනි වියේදී) විවාහ ජීවිතයට ඇතුළත් කෙරුන ද, ස්පාර්ටා ගැහැනු දරුවෙකු විවාහ වූයේ දහ අට විය ඉක්ම වූ පසුවය. මෙමඟින් ඇයට ශාරීරිකව සහ මානසිකව විවාහයට සූදානම් වීමට වැඩි අවකාශයක් සැලසිනි. වදන දරුවන්ගේ සංඛ්‍යාත්මක ප්‍රමාණයට වඩා, නිරෝගී, ශක්ති සම්පන්න දරුවන් බිහි කිරීම ස්පාර්ටාවරුන්ට වඩා වැදගත් වූ අතර, එමඟින් තම ලිංගිකත්වයෙහි පාලනය යම්තරමකට තමා සතුකරගැනීමට ස්ත්‍රීයට හැකි විය. වඩා වැදගත් වූයේ ශක්ති සම්පන්න, නිරෝගී දරුවන් බිහි කිරිම වූ බැවින්, එවන් ශක්තිමත් පුරුෂයින් හා සංවාසයේ යෙදීමට විවාහක කාන්තාවන්ට බාධාවක් නොවිනි. පූර්ණ රාජ්‍ය ව්‍යූහයෙහිම දෘෂ්ටිවාදය, මිලිටරිමය එකක් වූ වපසරියක, ස්පාර්ටා විවාහය වූ කලී මූලිකවම දරුවන් බිහි කිරීම සම්බධයෙන් පැවති ආයතනයක් විය. භවාතිශ බව යනු ස්පාර්ටාවරුන්‍ පිළිකුලින් හෙලා දුටු සංකල්පයකි. අනවශ්‍ය විළි බිය නැති කරගැනීම සඳහා උත්සව අවථාවන්හිදී ප්‍රසිද්ධියේ නිරුවතින් රඟ දැක්වීම ස්පාර්ටන් ස්ත්‍රියට නුහුරු දෙයක් නොවුන අතර, ඔවුන්ග්ගේ ස්වාභාවික අලංකාරය අන් නුවරුන් අතර පවා පැසසුමට ලක් වූ ප්‍රකට කාරණාවක් විය.



ස්පාර්ටා පිරිමින් තම දිවියෙන් වැඩි කළක් යුද කඳවුරු සහ බංකර තුල දිවි ගෙවද්දී නිවාස සහ ඉඩකඩම් පාලනය, වහලුන් පාලනය යන කාරණා සියල්ලම ස්පාර්ටන් ස්ත්‍රීන් අතින් සිදු විය. එමඟින් ඇතන්ස් ස්ත්‍රියට වඩා ස්පාර්ටා ස්ත්‍රිය වගකීම් දැරීම සහ සමාජය හා ගැටීම අතින් ඉහළ ස්ථානයක සිටි අතර, බොහෝ කලක් පුරුෂ ඇසුරෙන් ඈත්ව දිවි ගෙවීම ඔවුන් තුළ ස්වාධීන මානසිකත්වයක් නිර්මාණය කරන්නට ඇත. එමතුදු නොව, ඉඩකඩම් වල අයිතියත්, දික්කසාදයක් පිළිබඳ මූලික පියවර ගැනීමට අයිතියත් යන, සමකාලීන ග්‍රීක සමාජයෙහි අන් කිසිඳු තැනක නොදකින අයිතීන්, ස්පාර්ටන් ස්ත්‍රිය විසින් භුක්ති විඳින ලදී. ඒ කෙසේ වුවත්, රාජ්‍යයෙහි දේශපාලනික කාරණා මුළුමනින්ම පුරුෂ මැදිහත් වීම් යටතේ සිදු වූ අතර, දේශපාලන අවකාශය තුළදී ඇතීනියානු ගැහැණියට මෙන්ම ස්පාර්ටා ගැහැණියට ද නිහඬ වීමට සිදු විය.

ස්පාර්ටන් සමාජ ව්‍යූහය සහ එහි වූ ස්ත්‍රී භූමිකාව සමකාලීන සහ පසුකාලීන රචකයන්ගේත් දාර්ශනිකයින්ගේත් අවධානයට ලක් වූ බව පෙනී යයි. සැබවින්ම ස්පාර්ටන්වරු අතර ලේඛකයන් නොවූ අතර, ඔවුන් පිළිබඳ තොරතුරු අපට ලැබෙනුයේ ඇතීනියානුවන් හරහාය. ප්ලූටාර්ක්, ප්ලේටෝ, ඇරිස්ටෝට්ල්, හෙරඩෝටස් වැනි කතුවරුන් සහ දාර්ශනිකයන් අඩු වැඩි වශයෙන් සිය කෘතීන් තුළ ස්පාර්ටා සමාජයත්, එහි වූ ස්ත්‍රී පුරුෂ භූමිකාත් නොයෙක් අයුරින් සටහන් කර ඇත. ප්ලේටෝගේ "ජනරජය" කෘතියෙහි ඔහු යෝජනා කරන යුටෝපියානු රාජ්‍ය සංකල්පය බොහෝ දුරට ස්පාර්ටා පෞර රාජ්‍යයෙහි ස්ථාපිතව පැවති සමාජ, දේශපාලනික ලක්ෂණ පෙන්වුම් කරයි. විශේෂයෙන්ම රාජ්‍යය සම්බන්ධයෙන් ප්ලේටෝ යෝජනා කරන ස්ත්‍රී මැදිහත් වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්වතාවය යම්තරමක් දුරට ස්පාර්ටා නුවර ස්ත්‍රී භූමිකාවට සමාන්තර ලෙස විහිදෙයි.


John William Godward සිත්තම් කළ Sappho of Lesbos

ස්පාර්ටන් ස්ත්‍රිය පිළිබඳ ප්ලේටෝගේ දැක්ම සුභවාදි වුවද එම විෂයයෙහිලා ඇරිස්ටෝටල්ගේ විග්‍රහයන් ප්‍රශංසා සගගත බවක් පෙන්වුම් නොකරයි. පොදුවේ තම කෘති තුළින් ස්ත්‍රී විරෝධීත්වයක් පෙන්වන ඔහු ස්පාර්ටන් ස්ත්‍රිය දුටුවේ ස්පාර්ටාවේ කඩා වැටීමට මුල් වූ අශීලාචාර සහ තණ්හාධික පිරිසක් ලෙසයි.

හෙරඩෝටස් සහ ප්ලූටාක්, ගෝගෝ යන ස්පාර්ටා රැජිණ ගැන සිය කෘති තුළ සඳහන් කරයි. රාජ්‍ය පාලනයේදී සිය සැමියාට සහය වූ ඇයගෙන්, ඇටික් ප්‍රදේශයෙහි (ඇතන්ස් නුවර අයිති භූගෝලීය පෙදෙස) කාන්තාවක් මෙසේ විමසයි. "කොහොමද ස්පාර්ටා කාන්තාවන් පමණක් ඔය ලෙස තම පිරිමින් පාලනය කරන්නේ?" ඇය ඊට දෙන පිළිතුර නම් "පුරුෂයන් බිහි කරන්නේ ස්පාර්ටා ස්ත්‍රීන් පමණක් නිසා" යන්නයි. ස්පාර්ටාවෙහි පැවති රණකාමී දෘශ්ටිවාදය විසින් එහි සිටි ස්ත්‍රී පුරුෂයන්ගේ සමාජ භාවයන් සහ අන්‍යෝන්‍ය ගනුදෙනු කිරීම් නිර්මාණය කළ සැටි මෙම වදන් වලින් මැනවින් පැහැදිලි වෙයි.

අවසාන වශයෙන් අප මතක තබාගත යුතු කරුණක් වනුයේ ස්පාර්ටා ස්ත්‍රිය භුක්ති විදි සාපෙක්ෂිත නිදහස සහ ගෞරවනීය බව හුදෙක් එහි දේශපාලනික, ආර්ථික සහ සමාජීය පරිසරය විසින් ඉල්ලා සිටි යථාර්ථයක් මිස දෘශ්ටිවාදී ස්ත්‍රී විමුක්තියක් නොවන බවයි. අවසාන විග්‍රහයේදී ඇතන්ස් සහ ස්පාර්ටා යන මේ රාජ්‍යයන් දෙකම ස්ත්‍රීන්ගෙන් බලාපොරොත්තු වූයේ එකම දෙයක් පමණි. එනම් තම රාජ්‍යය වෙනුවෙන් වර්ගයා බෝ කිරීමයි. කෙසේ වුවද, නිර්දය ලෙස ස්ත්‍රීය පාලනයට නතුව තිබූ එවන් යුගයක, එලෙසින් හෝ සාපෙක්ෂිත නිවහල් අවකාශයක හැසිරුනු ස්පාර්ටා ස්ත්‍රිය අදටත් ස්ත්‍රී විමුක්තිය පිළිබඳ කතිකාවත තුළදී හමුවන ආනන්දනීය සංකේතයකි.


Hypatia- ග්‍රීක ස්ත්‍රී දාර්ශනිකාව/ තාරකා විද්‍යාඥවරිය (Agora (2009) චිත්‍රපටයෙන්)

ආශ්‍රිත ග්‍රන්ථ-

1. Plutarch, Lives of Noble Gracians and Romans
2. Heredotus, Histories
3. Aristotle, Politics
4. Plato, The Republic
5. Thucydides, History of the Peloponnesian War
6. Pomeroy, S.B., Spartan Women
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Women in ancient Greek society, Sparta and Athens, The Women of Athens, The women of Sparta, Athenian women, gynaeceum, hetaera, Spartan living
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂි බී. වීරකෝන්ගෙන් තවත් වියමන්
අදහස්
ඒ ඇගේ අහසයි!
අදහස්
කාලෝ අයංතේ
රංග
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
කවි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
තවත් වෙසෙස් බූන්දි
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා... [More]
What's New | අලුතෙන්ම
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook