Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
බූන්දි, 17:25:04
ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා තිබේ. ඒ එම්.ඩී. ගුණසේන ප්‍රකාශනයක් ලෙසිනි. 1998 දී පළමුව ප්‍රකාශයට පත් වූ මෙම කෙටි කථා සංග්‍රහය ලාංකේය සමාජ- දේශපාලන යන්ත්‍රණයේ සංධිස්ථානයක් සනිටුහන් කරන්නකි. මෙහි දැක්වෙනුයෙ 'අම්මා සහ සඳ එළිය' පාදක කරගනිමින් ඔහු සමඟ පැවැත් වූ සංවාදයේ සංක්ෂිප්ත සටහන යි. මහාචාර්ය ආරි ආරියරත්න තත් කෘතියට ලබා දුන් විචාර මාත්‍රයකින් ඊට එළඹුම ලබමු.

"'අම්මා සහ සඳ එළිය' අශෝක හඳගම නම් කලාකරුවා යථාර්ථය ප්‍රතිනියෝජනය කිරීමට උත්සාහ දැරීමේ සිට ප්‍රබන්ධ යථාර්ථයක් වෙත එළඹීම දක්වා වූ ගමනේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන කෙටිකථා සමුච්චයකි. මේ ගමනේ දී ඔහු ස්වභාවිකත්වයෙන් මුළුමනින් ම කැඩී වෙන් වෙයි."

අපි හඳගමව දකින්නෙ සිනමාකරුවෙක් විදියට. 'අම්මා සහ සඳ එළිය' කෘතියත් එක්ක ඔබ කෙටිකතාකරණයට පිවිසෙන්නෙ සිනමාවෙන් පුරවාගත නොහැකි රික්තකයක් පුරවාගැනීමට කළ උත්සාහයක් විදියට ද?

පටන්ගත්ත විදිය පිළිවෙළින් ගත්තොත් මම මුලින් ලිව්වෙ නාට්‍ය, ඊළඟට කවිය, කෙටිකථාව. පළවෙනි නාට්‍යය ලියනකම් මම මොනවත් ලියලා නැහැ කෙල්ලන්ට ලියුම් ලියුවා හැරෙන්න. ලියවිලි විදියට මං ලියලා තියෙන්නෙ නාට්‍ය තමයි. කෙටිකථා යි කවියි ලියන්න ගත්තෙ ඊට පස්සෙ. මං අවුරුදු දෙකකට තුනකට සැරයක් නාට්‍යයක් කළා. 1979 ඉදන් ම එහෙම නාට්‍ය කරගෙන ආවා. ඒ වගේ සිනමා කෘති දෙකක් නැත්නම් නාට්‍ය දෙකක් අතර ඇතිවන හිඩැසක් තියෙනවනේ. ඒකෙත් මොනවාහරි කියන්න හිටිනවනේ. ඒ ඉතිරිවන දේ කියන්න තමයි කවිය යි කෙටිකථාව යි පාවිච්චි කළේ. මේ සේරම කලාංග එකට වැඩෙන දේවල් මිසක් එක්ක පස්සෙ එකක් නිර්මාණය වෙන දේවල් නෙමෙයි. මොකක් නමුත් සිද්ධියක් මූලික වෙලා තමයි කෙටිකථාවට මට ප්‍රස්තූතය හැදෙන්නෙ. එහෙම නැතුව දැන් කෙටිකථාවක් ලියන්න ඕන කියලා චරිත ටික ගැටගහලා එහෙම නෙමෙයි. එහෙමනෙ ගොඩක් ලේඛකයො ලියන්න ගන්නෙ.

මේවා විවිධ දේශපාලනික ඉසව්, විශේෂයෙන් යුද්ධය ඉලක්ක කරගත් කෙටිකථා. ඕනෑම රටක යුද්දෙකින් පස්සෙ වෙන ම සාහිත්‍යයක් ගොඩනැගෙනවා. ඇයි ලංකාවට මෙවැන්නක් එන්න ප්‍රමාද? වාරණය වන තත්ත්වයක් තිබියදී හෝ යුද්ධය ඉලක්ක කරගත් සිනමා පට නිර්මාණය වෙනවා. ඇයි එවැන්නක් සාහිත්‍යයට ප්‍රබලව නොඑන්නෙ?

බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න තමන් ව එළිදරවු වෙයි කියලා. නැත්නම් ඒ ප්‍රශ්නයට ඔවුන් අවංක නැහැ. යුද්ධය සම්බන්ධයෙන් ඔවුන්ගෙ දැක්ම අවංක නැහැ. තමන් ඇතුලෙ වරදකාරී හැඟීමක් තියෙනවා. ඒ නිසා ඒ දැක්ම එළියට දාන්නෙ නෑ. අපේ හොඳ කෙටිකථාකරුවන් අරන් බලන්න. උදාහරණයකට එරික් ඉලයප්ආරච්චි ගන්න. එරික් හොඳ කෙටිකථාකරුවෙක්. හොඳ විචාරකයෙක්. හොඳ දාර්ශනිකයෙක්. නමුත් මේ දාර්ශනික ගැටලුව ගැන එක වචනයක් කොහෙ හරි කියලා තියෙනවද? කියලා නැහැ නේද? යුද්ධය ගැන හෝ එවැන්නක් ගැන කියනවා මට අහුවෙලා නැහැ. එයාට දැක්මක් ඇතිනෙ මොකක් හරි. නමුත් ඒක කියවිලා නැහැ. ඒ අතින් මම ගුණදාස අමරසේකරට කැමතියි. ඒ අයගේ දැක්ම හොයන්න පුලුවන් ඔවුන්ගේ නිර්මාණ වලින්. අවිඥානයත් හොයන්න පුලුවන්. ගුණදාස අමරසේකරගෙ අවිඥානය ජාතිවාදී නැහැ. එයාගෙ 'කියනු මැන දිවි අරුත' පොතේ 'රෝහලේ ගින්න' කියන කෙටිකථාව අරන් බලන්න. ඒකෙන් තේරෙනවා එයාගෙ මතය. අපි පත්තරවල දකින ගුණදාස අමරසේකර නෙවෙයි ඉන්නෙ එයාගෙ අවිඥානයෙ ඉන්නෙ වෙන කෙනෙක්. තමන්ගෙ මතයක් වෙනුවෙන් ඔහු නිර්මාණයෙ යෙදෙනවා. 'දේශද්‍රෝහියා' වගේ වචන අහගෙන ඒ වගේ පැති ගැන කථා කළේ අපි කිහිපදෙනෙක් විතරයි. අනික් අයටත් ප්‍රකාශනයක් ඇති, නමුත් කියන්නෑ. එහෙම නොකියා ඉන්න හේතුවක් නැහැ. අපි හැදුනෙ අවුරුදු තිහක් යුද්දෙකුත් එක්ක. අපේ ජීවිත කාලෙන් භාගෙකට වඩා යුද්දෙත් එක්කනෙ ඉඳලා තියෙන්නෙ. එතකොට අපිට ඒ ගැන දැක්මක් නැහැයි කියන්න බැහැ. ඇත්ත, ඔබ කිව්වා වගේ ප්‍රමාණවත් තරම් කථාවෙලා නැහැ. අනිත් එක අපි හිතන්නෙ සිංහල විදියට. නමුත් ඇත්තට ම මේ ප්‍රශ්නය තියෙන්න ඕන දෙමළ මිනිස්සුන්ටයි. අපි කවි පැත්තෙන් ගත්තොත් යාපනේ පුස්තකාලය ගිනිතිබ්බ වෙලාවෙ නුහ්මාන් ලියපු කවියනේ ('බුදුන් ඝාතනය කිරීම') ඒ කාලේ ලියවුණු විශේෂ ම කවිය වුණේ. ප්‍රබලව නැගී සිටි කවියක් ඒක. කෝ දෙමළ සාහිත්‍යකරුවන්? තමන්ගෙ ප්‍රකාශනය කරලා නැහැ. එක්කො බයට. නැත්නම් ඒගොල්ලන්ට ඉඩක් නැහැ ඒවා ලියන්න. නමුත් ඒ දේවල් රටට කීමේ වගකීමක් තියෙනවා ඒ අයට. යුද්දෙන් පස්සෙ හරි එයාලගේ ප්‍රකාශනය එළියට එන්න ඕන. එයාලට දැනිච්ච දේ එළියට එන්න ඕන. පිට රට ඉන්න අය, ඉන්දියාවෙ මනිරත්නම් ලංකාවේ යුද්දෙ ගැන චිත්‍රපට කරනවනේ. ඒවා මතුපිටින් ග්‍රහණය කරගත්ත, මාකටින් වලට විතරක් ඉදිරිපත් වෙන චිත්‍රපටි. ඒක තමයි ප්‍රශ්නෙ. මේ දේවල් අමතක වෙලා ගියාට පස්සෙ කවුද ලියන්නෙ? යුද්දෙ ගැන අත්දැකීම් විඳපු පිරිසගෙන් එන නිර්මාණ වෙන අයගෙන් ඇහුවට එන්නෙ නැහැ නේ. 88-89 කාලෙ ලංකාවෙ සිදුවුණු දේවල් අපි දැක්කා. අපි විඳපු දේ, අපි දැකපු දේ දැන් ඉන්න කෙටිකථාකරුවෙක්ට මවාගෙන ලියන්න බැහැ නේ. බැරි ම නැහැ පුලුවන්. හැබැයි ඒ නිර්මාණ කෘතිම වෙයි.

ඔබ පෙම් බඳින කෙටිකථාකරුවා නැත්නම් ලේඛකයා කවුද?

මං ආස ම කෙටිකථාකරුවා අජිත් තිලකසේන. ඒ කෙටිකථාවල භාෂාව, සිදුවීම් හැදෙන හැටි විශිෂ්ට යි. ඔහුගෙ අලුත් ම කෙටිකථා සංග්‍රහය වන 'පස් වසරක්' පොතේ තියෙන 'වතුර ටැංකිය යට සෙවණ' කෙටිකථාව බලන්නකො. ඒක ලියද්දි ඔහුට අසූව පැනලා. නමුත් බලන්න ඒ කථාවෙ තියෙන තරුණකම. කොච්චර සියුම් විදියට අපට නොදැනෙන්න සමලිංගික සම්බන්ධතා ගැන ඒ කෙටිකථාවෙ කියනවෙනවද? 1960 ගණන්වල 'සතුරෝ' ලියපු කාලෙට වඩා ගොඩක් දියුණුයි ඒ කතාව. ඒ වගේ ම සයිමන් නවගත්තේගමට මං කැමතියි. ඒ දවස්වල ටෙලිනාට්‍ය ලියනකාලේ උත්තේජනය ගන්න තිලකසේනගේ, නවගත්තේගමගේ පොත් දෙක තුනක් ආයෙ කියවනවා. 'සින්තටික් සිහිනයෙ' මහාචාර්යවරයාගේ චරිතයට ගන්න හිටියෙ නවගත්තෙගම. ඒ දවස්වල එයාට වචන මතක හිටින්නැති හින්දා ඒකට යොදාගන්න වුණේ නැහැ. කියවුණේ නැති වුණාට ඒ චරිතයෙ නමත් සයිමන්.

මේ කෙටි කථා සංග්‍රහයේ එන 'දොර නාරින් පාර්වතී', 'හාවා' සහ 'ෂැංග්‍රි-ලා වේ දුටු සිහිනය' කියන කෙටිකථාවල ලංකා සමාජයට ප්‍රබලව බලපෑම් කරන ඉන්දියාව, රුසියාව, චීනය වගේ රටවල් පිළිබඳ ව ඔබේ දැක්ම කියවෙනවා. මේ කථාවලින් ඔබ කියන්න අරමුණු කරගත් යම් දේශපාලන පැතිකඩක් තියෙනවා ද?

ඒ කෙටිකථා තුනම සිදුවීම් පදනම් කරගෙන ලියවුණ ඒවා. 'දොර නාරින් පාර්වතී' කෙටිකථාව ලියවෙන්නෙ ඉන්දියන් හමුදාව මෙහෙට ආපු වෙලාවෙ. ඒ වෙලාවෙ එල්.ටී.ටී.ඊ. එක වරද්දගත්තා. එයාලා විශ්වාස කළානේ එගොල්ලො එන්නෙ අපට උදව් කරන්න කියලා. එයාලා අහසෙන් ඇවිත් පරිප්පු දාද්දි දෙමළ මිනිස්සුත් එහෙම හිතුවා. අපි වරද්දගත්තා උතුරෙ හිටපු හමුදාව මෙහෙට එද්දි 'මේ එන්නෙ අපේ හමුදාව. එයාලා එන්නෙ අපිව රකින්න' කියලා. පොලිසියට හූ කිය කිය අපි හමුදාවට අත්පුඩි ගැහුවා කැම්පස් ඉන්නකොට. දෙගොල්ලො දෙපැත්තෙන් ම වරද්දගත්තා. හමුදාව කියලා කියන්නෙ රාජ්‍ය යන්ත්‍රය ආරක්ෂා කරන්න තියෙන දෙයක් මිසක් මිනිස්සු ආරක්ෂා කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඕන ම හමුදාවක් හැසිරෙන්නෙ එක ම විදියට. ඒක තේරුම්ගන්නකොට අපි බැටකාලා ඉවරයි. ඒ කාලේ තිබුණු දැනුම තමයි ඒ කෙටිකථාව ඇතුලෙ තියෙන්නෙ. 'දොර නාරින් පාර්වතී' ලියවෙන්නෙ 1987 දි. ඊට අවුරුදු දෙකක් යනකොට දෙගොල්ලො ම දැනගන්නව ඇත්ත කතන්දරේ. ඊළඟට 'හාවා' බර්ලින් තාප්පය යි ලෙනින්ගේ මළ සිරුර ගොඩගැනීම යි පිළිබඳ සිදුවීම් නිසා බිහි වුණ නිර්මාණයක්. අපි මාක්ස්වාදයෙන් රුසියානු ආස්වාදයෙන් හිටපු මිනිස්සුනෙ. ඒ බිඳවැටීම දැඩිව බලපෑවා. විජේවීරගේ මරණය වගේ දේවල් ඇස් වලට කඳුළු ආව සිදුවීම්. ඒ සිදුවීම් අපි තේරුම්ගන්නෙ කොහොමද කියන එක ම තමයි ගැටලුව වුණේ. ඒ කාලේ අපි විශ්වාස කරපු දේවල් එක්ක කෙටිකථාව ගොඩනැගුණා. 'ෂැංග්‍රි-ලා වේ දුටු සිහිනය' කෙටිකථාව හැදුණේ ඒ බිල්ඩිම හැදීගෙන එන කාලෙ ගෝල්ෆේස් එක කොහොම පෙනෙයිද කියලා හිතිලා හැන්දෑවට මැවිච්ච දේවල් එක්ක. එවැනි දේවල් තුළින් අනාගතය කොහොම වෙයිද කියලා දේශපාලනිකව පේන්න ගන්නවා. එතන තියෙන්නෙ පරිකල්පනය. මගේ ප්‍රකාශනයක් විදියට සමාජය කියවන ආකාරය යි කෙටිකථාවෙ තියෙන්නෙ. ඇත්තට ම ඒවා දේශපාලනික සංධිස්ථාන තමයි.

ඔබේ කෙටිකථා සංග්‍රහයේ එන කථා කිහිපයක් අධි යථාර්ථවාදී ලක්ෂණ දරනවා. ඇතැම් අය මේවා ෆැන්ටසිමය ලක්ෂණ කියලා හඳුන්වනවා. මෙවැන්නක් ඔබ නිර්මාණයට යොදාගත්තෙ සාහිත්‍යමය උපක්‍රමයක් විදියට ද? නැත්නම් වෙන අරමුණක් තියෙනවද?

අධියථාර්ථවාදී ලක්ෂණය මම දකින්නෙ පෙරදිග සාහිත්‍යයේ එන දියුණු ලක්ෂණයක් විදියට. 'ෂැංග්‍රි-ලා වේ දුටු සිහිනය' කෙටිකතාවේ අශ්ව කරත්තයක් කනින් රිංගපු කතාවක් ගැන කියනවානේ. ඒක චීන කථාවක්. මායා යථාර්ථවාදය පටන් ගන්න කලින් ලියපු කථාවක්. අවුරුදු දෙදහකට විතර කලින් ලියවුණු පරණ කථාවක් ඒක. අපිට සමහර සිතුවිලි තියෙනවා විස්තර කරන්න බැරි. සාමාන්‍ය පත්තර වාර්තාවක් විදියට විස්තර කරන්න ගියාම නිර්මාණයෙ ගැඹුර නැතිවෙනවා. නමුත් අර විදියට කිව්වාම අපිට ඒක දැනෙනවා. වෙන උදාහරණයක් විදියට 'මේ මගේ සඳ යි' ගත්තොත් කැමරා හෙලවෙන්නෙ නැතිව ඒක හරිම ස්වභාවික විදියට කථාව යන්නෙ. එක තැනක තියෙනවා මිනිහෙක් අර කෙල්ලෙක්ව අදිනවා. ඒ කෙල්ල ඇද්දට එන්නෑ ගල් පිළිමයක් වගේ ඉන්නවා හෙළවෙන්නැතුව. ඇත්ත ලෝකෙ එහෙම වෙන්නෑ. අතින් ඇද්දොත් නොසෙල්වී ඉන්නෑ නේ. නමුත් සිනමාපටයේ ඒ විදියට නොසෙල්ලී ඉදීම තුළ ඇගේ තියෙන අධිෂ්ඨානෙ පෙන්වනවා. ඒක කියන්න ඊට වඩා සුදුසු වෙන ක්‍රමයක් නෑ. 'අක්ෂරය' සිනමාපටයේ බිත්තිය ඇදිලා යන්නෙ. ඒකෙන් පෙන්වන දෙය වචන දාහකින් වුණත් කියන්න බෑ. මායාමය බව නිර්මාණයකට යොදාගැනීමේ වාසිය ඒක යි. 'ඇගේ ඇස අග' චිත්‍රපටයේ වුණත් ඒ ගෑනු ළමයා ඇත්තට ම ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ චිත්‍රපටයෙ හැම වෙලේ ම පෙන්වන දෙයක් තමයි ගෙදර දොර නිතර ම වසා තිබීම. මහාචාර්යවරයා ඇයව කාර් එකෙන් එළියට දාලා ගියාට පස්සෙත් එළවළු කප කප ඉද්දි පේනවනේ ඇය ඉන්නවා වගේ. ඒවා හරහා තමයි චරිතයක තියෙන බලගතුබව පෙන්නගන්න පුලුවන් වෙන්නෙ.

ඔබේ කෙටිකථාවලින් සිනමා පටයක් හෝ එවැන්නක් නිර්මාණය කිරීමේ අදහසක් තියෙනවාද?

ඒක මට කරන්න බැහැ. මං දැන් කරලා ඉවරයි. ඒකෙන් තවත් දෙකට අතගහන්න අමාරුයි. වෙන කවුරුහරි කරනවා නම් මම සන්තෝසෙන් දෙනවා. 'ෂැංග්‍රි-ලා වේ දුටු සිහිනය' වගේ කථාවක් සිනමාවට ගන්නවා නම් අමුතු ෆැන්ටසියක් කරන්න වෙනවා. ඒක ලොකු වැඩක්.

'චන්න කින්නරී', 'සඳ දඩයම', 'මේ මගේ සඳයි' වගේ ඔබේ සිනමාපට වලත් 'අම්මා සහ සඳඑළිය' කෙටිකථාව ගත්තම හඳ කේන්ද්‍රගතයි. මොකක්ද හඳගමට මේ තරම් හඳ එළියත් එක්ක තියෙන ගනුදෙනුව?

ඒක අවිඥානිකව වෙච්ච දෙයක්. මං දන්නෙ නැහැ මොකක් හින්දා ආව දෙයක් ද කියලා. ඇත්තටම 'මේ මගේ සඳ යි' සිනමාපටයට එනකම් ම දිගට ම හඳත් එක්ක සම්බන්ධයක් තිබුණා නේ. ඊට පස්සෙ ඔබ අහපු ප්‍රශ්නය ම කෙනෙක් මගෙන් ඇහුවා. ඊට පස්සෙ තමයි මම වෙන නම් දාන්න පටන්ගත්තෙ. හඳ අතාරින්න ගත්තෙ ඉන් පස්සෙයි.

'ෂැංග්‍රි-ලා වේ දුටු සිහිනය' ලංකාව චීනකරණය වෙමින් පවතින මොහොතක දකින සිහිනයක්. දැන් අපි ඒ හීනෙන් ඇහැරෙන්න ඕන ද?

ඔව්. අපි ඒ දේ තේරුම්ගන්න ඕන. චීනකරණය වීම වළක්වන්න බෑ. මොකද ඒක වෙමින් පවතින දෙයක්. ලංකාව වගේ රටකට මහා පරිමාණෙන් ආයෝජන කරන්න කවුරු හරි රටක් එන්න ඕන නේ. මේ තියෙන ආර්ථීක තත්ත්වෙත් එක්ක ඇමරිකාවවත් වෙන රටක්වත් මෙහෙ ආයෝජනය කරන්න එන්නෙ නැහැ. චීනය තමයි එන්නෙ. ඒ රටවල් වලින් එනවා කියන්නෙ ඒත් එක්ක ම ඒ සංස්කෘතියත් එනවා. එතකොට අපිට චීනෙන් ගන්න ගොඩක් හොඳ දේවල් තියෙනවා. අපි පරිස්සම් වෙන්න ඕන හොඳ දේවල් විතරක් ගන්න. උදාහරණයක් විදියට චීනය දැන් දියුණුවෙන විදිය ගන්නකො. Socialism with Chinese Characteristics කියලානේ කියන්නෙ. චීනකරණය ලංකාවට එන්නෙ ආක්‍රමණයක් විදියට. ඒත් ඒකට ප්‍රචණ්ඩ ප්‍රතිචාර දක්වලා වැඩක් නැහැ. අපිට සංස්කෘතිකමය වශයෙන් එයින් පොහොසත් වෙන්න පුළුවන්. අපි දන්නෙ ම නැතිව චීනෙත් එක්ක මිශ්‍ර වෙමින් යන්නෙ. ඒ මිශ්‍රවීම සුබවාදීව බාරගන්න පුළුවන් වැඩපිළිවෙළක් රටේ තිබ්බොත් අපිට දියුණුවෙන්න පුළුවන් වෙයි. එහෙම බැරි වුණොත් අපි නැතිවෙලා යයි. අපි චීන හීනෙන් ඇහැරෙන්න ඕන. ඇහැරිලා බලන්න ඕන වශීවෙන්නැතුව.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Asoka Handagama, Amma Saha Sanda Eliya, Collection of Sinhala Short Stories, Interview, Asoka Handagama Films, Asoka Handagama Books
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩිල්ෂානි චතුරිකා දාබරේගෙන් තවත් වියමන්
කවි
බිරියෝසා හිම හඬයි!
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
වෙසෙස්
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
පොත්
සමහර කමටහන් සහ සමහර රජත
වෙසෙස්
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය
තවත් සූකිරි කතා-බස්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
නාඳුනන ගැහැණියකගේ දේශපාලන අරගලය- තිලිනා වීරසිංහ සමග කතාබහක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook