Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්
බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා. 'අලින්ට අකුරු කියවන්න පුලුවන්ද? මේවා මේ පුංචි ළමයෙකුගේ හුරතල් වැඩ' කියමින් බෙල්ලන්විල පන්සලේ දෙවැනි හාමුදුරුවො ලියුම කුණු කූඩෙට විසිකරලා. මගේ ලියුම් හැකින්ස් පුරුද්ද දන්න මනුස්සයෙක් ලියුම අහුලාගෙන ඇවිල්ල මට දුන්නා. මේ ඒ ලියුම!

'මියන් කුමරා' අලි පැටියෝ,

මොනා උනත් ඔයා කරපු වැඩේනම් වැරදියි. කොච්චර තරහ ගියත් කන්ඩ බොන්ඩ දෙන එක්කෙනාට මැරෙන්න ගහන සිරිතක් තියනවද? පොඩ්ඩක් හොඬේ උස්සල ඔළුව වනල බය කරන්ඩනෙ තිබුනේ. හරි හරි මට තේරෙනවා ඔයාගේ වේදනාව. අපි දෙන්නම එකයිනේ. ඔයත් මං වගේම අවතැන් වෙලානේ ඉන්නේ. මියන්මාර් කැලේක ඔයාගේ අම්ම එක්ක සන්තෝෂයෙන් ඉන්නකොට කවුරුහරි කට්ටියක් ඔයාව කුදලාගෙන ප්ලේන් එකෙන් අරගෙන ඇවිල්ල ඔයාව මේ පංසලට අතෑරියා. අපි පවුල් පිටින් රෝහින්ග්‍යා වල ඉන්නකොට අපේ ගෙවල් ගිනිතියල අපිව පැන්නුව. බෝට්ටුවක නැගිල පණ බේරගෙන එනකොට අහම්බෙන් වගේ ලංකාවට ගහගෙන ආවා.

කොච්චර උනත් අවතැන් වෙච්ච අලියෙක් වෙන එක අවතැන් ළමයෙක් වෙනවට වඩා හොඳයි. අපි අවතැන් වෙලා ලංකාවට ආවම හාමුදුරුවරුයි මිනිස්සුයි එකතු වෙලා අපිව මරන්ඩ හැදුව, අනු නමයෙන් බේරුනේ. ඒත් අවතැන් වෙච්චි ඔයාට හාමුදුරුවො පලතුරු කැවුවනේ.

ඔය බෙල්ලන්විල හාමුදුරුවො නම් ඔයාට බොහෝම ආදරයෙන් හිටිය කියල තමයි ආරංචිය. ඇයි ඔයා හාමුදුරුවොන්ට ආදරේ නැද්ද? මං දන්නව, කොච්චර උනත් ඔයාගේ උපන් ගම මියන්මාරයනේ.

මං දන්නව නිදහසේ කැලේකට වෙලා ඉන්ඩ ඕනි අලි පැටියෙකුට පන්සලකට කොටු වෙලා පලතුරු කකා ඉන්න එක කොයිතරං අමාරුද කියල. ඔයාට බිම පෙරලිල මඩේ වැතිරිලා ඉන්ඩ ඕනි වෙලාවට ඒගොල්ලො ඔයාව නාවල, ඇදුම් අන්දල සාදු සාදු කියා කියා පෙරහැරේ අරගෙන යනව. ඔයා බඩගිනි වෙලා ඉන්නකොට ඔයාට සිද්ධවෙනව හොඬේ උස්සගෙන ඉන්න, ඒගොල්ලන්ට ලස්සන ෆොටෝ ගහගන්න. ඔයා ඩිංගක් නිවී හැනහිල්ලේ ඇලවෙලා ඉන්නකොට හාමුදුරුවො හරි උජාරුවෙන් ඇවිල්ල දායකයෝ ඉස්සරහ කෙහෙල් ඇවරි ඔයාගේ කටට ඔබනව.

අලි පැටියෙකුගේ ප්‍රශ්න ඉතින් හාමුදුරුවන්ට වත් මිනිස්සුන්ටවත් තේරෙන්නේ නෑනේ. ළමයෙක්ම වෙන්න ඕනි ඒවා තේරුම් ගන්න. ඒත් ඉතින් ඔයාට නම් තරහ ඇරගන්න ක්‍රම තියනව. මට ඉතිං පුළුවන් හයියෙන් අඬන්න විතරයිනේ. එක අතකට ළමයෙක් වෙනවට වඩා කොච්චර හොඳද අලි පැටියෙක් වෙන එක.

ඔයා දන්නවද ඔයා මේ රටේ හරි ජනප්‍රියයි. ඔයා හින්ද පන්සලයි හාමුදුරුවොයි ඔක්කොම හරි ජනප්‍රියයි. අපේ රටේ ඉඳල ලංකාවට ඇවිල්ල ඔයා මේ රටේ මෙහෙම ජනප්‍රිය වෙනකොට මටත් හරි ආඩම්බරයි. ඒත් ඉතින් ඔයාට ඔය ජනප්‍රියකම්වත් ආඩම්බරකම්වත් වැඩක් නෑනේ. ඔයාට ඕනි මියන්මාරයේ ඔයා හිටපු කැලේට ගිහිල්ල ඔයාගේ නෑයොත් එක්ක ඉන්ඩනෙ නේද?

මට කවද ආයෙත් රෝහින්ග්‍යා අපේ ගමට යන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ. ඔයාට නම් කවදාවත් මියන්මාර් කැලේට තියා ලංකාවේ කැලේකටවත් යන්ඩ වෙන්නේ නෑ. මොකද දැන් ඔයා අයිති පන්සලට. අඩු ගානේ ඔයා පන්සලකටවත් අයිතියි. එත් අපි? අපි කාටවත් අයිති නෑ...!

ඔයා දඟ කරන්නේ නැතිව ඉවසගෙන ඉන්න!

මීට,
මියන්මාරයේ ඔයාගේ උපන් රටේ ළමයෙක්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Miyan Kumara, Tusker, Tamed Elephants, Myanmar, Burma, Rohingya Muslims, Prof Ven Bellanwila Wimalarathana Thero
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
පැ ර දු නේ ක වු ද ?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.
What's New | අලුතෙන්ම
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
කතන්දර| අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]

12-Secs

අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩිත්තන්ට- චූටි ටීචර් සමග "අලුත් වෙමුද අවුරුද්දේ?"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Kids... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කතන්දර| වනවාසි සහ ලෝකවාසී

26-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා.... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
කතන්දර| "මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

මෙන්න පොඩිත්තන්ට රුසියාවෙන් තවත් කතන්දරයක්! වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "මීයා සහ පැන්සල" ළමා කතන්දරයේ සිංහල ප්‍රතිනිර්මාණය.

හඬ මුසුව- නයෝමි ගුණසිරි,... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
රංග| ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය

11-Mins

(චින්තා පවිත්‍රානි) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
කතන්දර| "පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"පුංචි පුතුට පාඩමක්"- පොඩි දරුවන්ට ලොකුම ලොකු පාඩමක් කියා දෙන ආදරණීය කතාවක් [කාටූන්]- Alex Latimer ලියා, Patrick Latimer සිත්තම් කළ... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
ඔත්තු| මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5

21-Secs

කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය, 2018, අප්‍රේල් 05 වන... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook