Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ වාසනාව තියෙන්න ඕනි කියල මං ඉගෙනගත්තේ ළගදී. ඡන්දෙ හෙම දාල 'මගේ එවුන්' රජ වෙලා ඉන්නව හීනෙන් දකින්න ආසාවෙන් නිදියගෙන හිටිය මට හීන දෙවියන්වහන්සේ හීනෙන් පෙනුනා. පෙනුනා විතරක් නම් මදෑ, උන්වහන්සේ මට හීනෙන්ම ලියුමකුත් එවලා. මේං ඒ ලියුම!

එම්බල නරය!

මේ දවස්වල ලංකාවේ නරපණුවො හුඟ දෙනෙක් මගේ සේවාදායකයො වෙලා ඉන්නේ. ඡන්ද කතිර සෙල්ලම හෙම ඉවරවෙලා උන් දැන් පාට පාට හීන දැක දැක ඉන්නේ. මේ වාසනාවන්ත හීන දකින්නන්ගේ සමාජයට පරක්කු වෙලා හරි ඔය නර පණුවත් එකහුවීම ගැන සටුතුයි.

යුෂ්මතාගේ රටේ නරයෝ ගැන වෙලාවකට මට පුදුම හිතෙනවා. කොච්චර අවදි වෙන්න අවස්ථා තිබුනත් හීන දැක දැක ඉන්නමනේ උන්ගේ හිත. ඔය නරයන්ගේ සමර්ථකම කියන්නේ, ඔය හැටි හීන දකින්නේ කොච්චර නම් ප්‍රශ්ණ ඔළුගෙඩියෙ තියාගෙනද? එහෙන් වකුගඩු රෝගේ හැදිල පවුල් පිටින් අනාථ වෙනව. කඩේට බඩු ගන්න ගියාම ඒවයේ ගනං මිනුම් අහල සමහර නරයො පපු පැලිල මැරෙනවා. වගාවට වතුර ඉල්ලගෙන නරයො නර පතියන් ගාවට ගියාම උන්ට ගහල එලවනවා.

නරයන් වන තොපි දිනපතා විඳින දුක් ගැහැට ගැන හිතල තමයි මං ජීවමාන හීන හදලා තොපේ ලෝකෙට එවලා තියෙන්නෙ. යුෂ්මතාට දැන් කොච්චර ලස්සන ජීවමාන හීන දකින්න පුලුවන්ද! දැන් ඔය නරපතියන් දිහා බලව. උන් සුවපහසුවට පෘෂ්ටිමත් වාහන වල නැගිල උජාරුවට එහෙ මෙහෙ යනව, හිටි ගමන් තොපට ඇහෙන්න ලස්සන වචන එකතු කරල පණිවිඩ නිකුත්කරනවා. සාකච්ඡා කරනවා, පිටරට සවාරි යනවා. මේ ඔක්කොම කරන්නේ තොපි වෙනුවෙන් කියලා හීනයක් හදාගෙන ජිවත්වෙනු.

පහුගිය කාලයේ මං තොපට දිරවගන්න බැරිතරම් හීන දුන්න මතකද? ඡන්ද හීනයක් දීල උහුලගන්න බැරිතරම් මිනිස්සු කන්දරාවක් මන්ත්‍රීවරු කරල දැන් ඒ නරයන් ටික එකතුවෙලා තොපේ ගම ගොඩදාල දෙන හීනයක තොපව ගැටගහල තිබ්බ මතකද?

ඡන්ද හීනෙන් ඇහැරෙන්ඩත් ඉස්සෙල්ල තමයි තොපට මං ආණ්ඩු හීනයක් දුන්නේ. අගමැති වෙන්නේ මොන නරපනුව ද, ඇමතිකම් නැතිවෙන්නේ මොන නරයගෙ ද වගේ දේවල් ගැන සංවේදී හීන දකින්න දැන් තොපට පුළුවන්. එහෙමත් නැතිනම් ඉන්න නරපනුවන්ම අලුත් සෙයියාවකින් ඇවිල්ල තොපලාගේ ප්‍රශ්න විසදලා දෙයි කියමින් හීන දැකීමේ වාසනාව දැන් තොපට ලැබිල තියනවා.

තොපට හීන දැක දැක ඉන්න එක ටිකක් කම්මැලියි කියල හිතෙනවනම් හිතේ මලකඩ යවාගන්ඩත් එක්ක පුංචි පුංචි ‘ගෙදර වැඩ’ තියනව ඒවා ගැන අවධානය යොමු කරව.

තොපගේ ජාතිය නැතිබංගස්ථාන කරන්න මුළු ලෝකයේම උන් දත කට මැදගෙන ඉන්නවා යැයි පුංචි හීනයක් හදාගෙන ජිවත් වෙනු. කන්ඩ බොන්ඩ නැතත් ජොගීන් පාක්, හයිවේ දිහා බල බලා සැනසෙනු. අහස උසට ඉදිවෙන බිල්ඩිම් දිහා බල බල ඇස් නිලංකාර කරගනු. පුළුවන් තරම් සංවර්ධන හීන දැකගැනීමට සුදානමින් සිටිනු. ටීවී එකේ දකින ලොකු ලොකු රට කරන මහත්තරුයි රට කරන්ඩ බලාපොරොත්තු වෙන මහත්තුරුයි කොයි වෙලේ හරි රට ගොඩ දාල දෙපා මුලටම ගෙනත් දෙන හීන බල බල ජීවත්වීමට පුරුදු වෙනු.

හැබැයි නරය, ඔය නරයට තියෙන ලෙන්ගතුකමටයි මං මේ කියන්නේ ඔය හීන ලෝකයෙන් එළියට එන්න නං හීනෙකින්වත් හිතන්න එපා. හීන බල බලම හිටු. ලංකාවේ නරයන් වන තොපි අවදි උනොත් අපි ඔක්කොම සුන්. යුෂ්මතාලගේ හීන වල ඉන්න ඔය නරයො ඔක්කොම සුන්නද්දුලි වෙලා යයි.

වෙන එකක් තියා ඔය නරයන්ගේ හීන වලට අධිපති වන මගේ ජොබ් එකත් ගහල යයි!

මිට,

හීන දෙවියන්වහන්සේ
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Open Letter, God of Dreams, Sri Lankans, Sri Lankan Politics, Sri Lankan Elections, Sri Lankan Politicians
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ස්ටීව් බිකෝ කියයි.
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook