Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
බූන්දි, 18:27:41
රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව මීට වසර තුන හතරකට පෙර මට අසන්නට ලැබිණ.

රෝගීන්ට නේවාසික ප්‍රතිකාර පවා ලබාදෙන ඔහුගේ රෝහල පිහිටියේ රඹුක්කන ආසන්නයේ බව ද මට වැඩිදුරටත් දැනගත හැකිවිය. දුරකතනය මඟින් අපගේ පාඨකයෙකු හෙළි කළ එම වෙදමහතා පිළිබඳ විස්මිත පුවත සවන් වැකුණු සැනින් මට සිහිපත් වූයේ මගේ හිතවත් විශේෂඥ ප්‍රජාවෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතාය. ඔහු සතු ගමගේ රෝහල පිහිටි මාවනැල්ලට රඹුක්කන සිට වැඩි දුරක් නැත.

'ඩොක්ටර් ළඟදිම හොස්පිට්ල් එක වහන්න ලෑස්ති වෙලා ඉන්න.' එක්තරා දිනයෙක මම වෛද්‍ය ගමගේට දුරකතනයෙන් කියා සිටියෙමි.

'ඒ මොකද?' ඔහු විමසන ලද්දේ තරමක කුතුහලයෙන් බව මට වැටහුණි. එවිට මම එක්ස්රේ, ස්කෑන්, රුධිර සහ මුත්‍රා පරීක්ෂණ ආදී වෛද්‍ය පරීක්ෂණ වලින් ලබා ගන්නා නිගමනයන් රෝගියා දෙන බුලත්කොළයක් දෙස බලා ඉතා නිවැරදිව ලබා ගන්නා බව පැවසෙන එම වෙද මහතා පිළිබඳව ඔහුට කීවෙමි.

'ඉතින් ඔයා යනවද ඔතනට?'

මගේ කතාව අසා මහ හඬින් සිනාසුණු වෛද්‍ය ගමගේ ඉන්පසුව කීය.

'යන්න තමයි මම හිතාගෙන ඉන්නේ' මම කීවෙමි.

'අනේ එහෙනම් මාත් එන්නද?'

ඔහු අසන ලද්දේ වැඩිහිටියන් විනෝද ගමනක් සංවිධානය කළ විට ඊට සහභාගිවෙන්නදැයි අසන දඟකාර දරුවෙකු මෙනැයි මට සිතිණ.

'ආවට නම් කමක් නෑ, හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.' මම කීවෙමි. 'මාවනැල්ලෙ ඉදලා රඹුක්කනට වැඩි දුරක් නැහැනේ. අනික මාව වගේ නෙමෙයි ඩොක්ටව ඔය පැත්තෙ හැමෝම වගේ දන්නවා. ඉතින් අපි යන්නෙ ඇත්තටම බෙහෙත් ගන්න නෙවෙයි කියන එක නොතේරෙන්න තරමටම ඒ මිනිස්සු මෝඩ නැතුව ඇතිනේ.' මම කීවෙමි.

'එහෙමනං අපි මෙහෙම කරමු.' වෛද්‍ය ගමගේ කීය.

'අපි දෙන්නා එකම වෙලාවට ඔතනට යමු; හැබැයි වෙන වෙනම. එතනදිත් අපි දෙන්නා වෙන වෙනම ගිහින් ඒ වෙදමහත්තයා මුණ ගැහෙමු. එතකොට පස්සේ ඒ වෙදකම ගැන ඔයාගෙ නිගමනෙයි මගේ නිගමනෙයි ගැන අපිට පස්සෙ කථාකරන්නත් පුළුවන්නේ.'

ප්‍රජාවෛද්‍ය විශේෂඥයෙකු වූ ඔහුගේ එම උපාය මාර්ගය ඉතා ඵලදායක විය හැකි යැයි මට එසැණින්ම වැටහිණ.

නියමිත දිනයේ අප කථාකරගත් වේලාවට මා එහි යන විට එම ‍වෙදමහතාගේ රෝහල ඉදිරිපිට වාහන හත අටක් නතරකොට තිබිණ. මා ගමන්ගත් වාහනය රථ ගාලේ නතර කරත්ම අසල තිබූ ත්‍රිරෝද රථයකින් සුදු සරමක් සහ කමිසයක් හැඳගත් ආරෝහ පරිණාහ දේහයකින් යුත් පුද්ගලයෙකු එළියට බසිනු මට පෙනිණ. ඒ පුද්ගලයා දුටු සැනින් මට නෙත් අදහාගත නොහැකිවිය. ඒ මගේ හිතවත් වෛද්‍ය ගමගේය. ඔහු එවර පැමිණ සිටියේ කැලිස්ටර් නම් ඔහුගේ සමීප‍තම හිතවතෙකු ද සමඟය. ‍

'දැන්නම් නියම මුදලාලි' වෛද්‍ය ගමගේ ගේ බාහිර ස්වරූපය දුටු සැනින් මම රහසින් තොල් මැරුවෙමි.

'එහෙම මුදලාලිලා අපි අතරත් ඉන්නවා තමයි; හැබැයි මං නම් එහෙම කෙනෙක් නෙවෙයි.' ඔහුද රහසින් තොල් මැතිරීය.

ඉන්පසු අප දෙදෙනා එකි'නෙකා ‍නොහඳුනන්නවුන් මෙන් එම වෙදහලේ බාහිර රෝග අංශයේ අසුන්වල වාඩිවිමු. එවිට එම රෝහලේ සිටි නේවාසික රෝගීන් කීපදෙනා වරින්වර අප සිටි තැන පසුකොට එහාමෙහා යනු අපට පෙනිණි. එහිදී මට පෙනෙන මානයක සිටි වෛද්‍ය ගමගේ හිටි හැටියේ තදබල හිසේ රුදාවකින් පෙළෙන්නකු මෙන් සිය නළලත සුරතේ ඇඟිළිතුඩු වලින් මිරිකා ගනු ලදුව හිස පහළට නවා ගන්නා අයුරු මම දුටුවෙමි. 'මේ මනුස්සයට හිටි හැටියේ හැඳුණු අසනීපය කුමක්දැ'යි මට සිතුණු මුත් අවස්ථාවේ හැටියට ඒ පිළිබඳ යමක් ඔහුගෙන් ඇසීමට මම මැළිවීමි. අනෙක එම රෝහලේ අපට රහසින් සීසීටීවී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන්නේය යන සැකයද මගේ සිත තුළ ක්‍රියාත්මක වීම ඊට හේතුවන්නට ඇත.

කෙසේ හෝ අපවෙත ලැබුණු අංක පිළිවෙල අනුව පළමුව ඇතුලට ගැණුනේ වෛද්‍ය ගමගේවය. විනාඩි දහයකට පමණ පසු කරබාගත් හිසිත් යුතු ඔහු අප සිටි තැන පසුකොට රෝහලින් පිටවිණි. ඉන්පසු මගේ වාරය පැමිණි පසු මම ද එම වෛද්‍යවරයා හමුවට ගියෙමි. ඔහු වසර තිහක් පමණ විය හැකි පැහැපත් තරුණයෙකි. මා දුන් බුලත් කිහිපය අතට ගත් ඔහු මගේ මුහුණ දෙස බලා කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හන්දිපත්රුදාව, ආදී රෝග වට්ටෝරුවක්ම කියාගෙන ගියේය. මගේ අවාසනාවට සහ ඔහුගේ වාසනාවට ඒ රෝගවලින් 75% කටත් වඩා මට තිබිණ. අනතුරුව ඔහු ප්‍රතිකාර නියම කිරීමට පෙර මා තරුණ වියේදී රැකියාව අහිමිව සිට කලක් අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබා දැන් නිවසට පැමිණ තනිව ජීවත්වන බවත් මේ වන විට මා සමඟ ජීවත්විය නොහැකි බවක් පවසා මගේ බිරිය සහ දරුවන් මා අතැර ගොස් ඇති බවත් කීයේ මගේ ආත්ම ගෞරවය කෙසේ වෙතත් පොකැට්ටුව ඒ වෙදමහතාගෙන් රැක ගැනීම පිණිසය. එවිට ඔහු මගේ මුහුණ දෙස මඳක් බලා සිට අප ජීවත්වන පරිසරයෙන් සපයා ගත හැකි ගස්වැල් වලින් සිදුකරගත හැකි ගොඩවෙදකම් කීපයක් කියා මට එතැනින් නික්මීමට අවසර දුන්නේය. නැතහොත් මා පන්නා ගත්තේය.

මා නැවත වාහනයට නැගීමට බලන විට වෛද්‍ය ගමගේ පැමිණි ත්‍රි‍රෝද රථය එතන නැත. එබැවින් ඉන් මදක් විස්මයට පත් වූ මම ඒ මොහොතේම ඔහුට දුරකතන ඇමතුමක් ගතිමි.

හිටි හැටියේ හටගත් හිස රුදාවෙන් ඔහුට කිසියම් කරදරයක්වත් විණි ද? මට එසැණින් සිතුනි.

'හරි හරි අපි මේ ඉස්සරහට ඇවිත් ඉන්නවා; ඔයා ඔහොම එන්න.' ඔහු කීය.

මා හා කී ලෙසම ඉන් කිලෝ මීටර් බාගයක් පමණ දුර පාර අයිනේ ත්‍රිරෝද රථය නතර කර තිබූ අතර ඔහුගේ මිතුරු කැලිස්ටර් සහ ඔහු ඒ වන විට ඉන් බැස මා එන පෙරමඟ බලා සිටියේය.

'මොකද එකපාරටම අතනදි නළල මිරිකගෙන ඔලුව පාත් කරගත්තේ?' මම සියල්ලට පළමු ඔහුගෙන් ඇසීමි.

'මාර වැඩක්නෙ වුණේ; අපේ හොස්පිට්ල් එකෙන් බේත් ගත්ත අම්ම කෙනෙක් එතනින් ගියානේ; ඒ මනුස්සයා මාව දැක්කනම් කම්මුතුයි.' ඔහු කීය.

ඉන් පසුව මම වෙද මහතා ලෙඩ හඳුනාගත් අයුරු විමසීමි.

'ඒ හාදයා මගේ බුලත් අත දිහා බලලා; ලෙඩ කීපයක් කිව්වා. ඒ සමහර ලෙඩ මට තිබුණා. ඒත් මට හොඳටම තේරුණා ඒ මනුස්සයා කරන්නේ කණාපල්ලන් ගැහීමක් බව. ඒ හින්දා මම කිව්වා මට ඒ මොකුත් නෑ කියලා. ඊට පස්සේ මිනිහා මගේ උරහිස අල්ලලා මෙන්න මෙහෙම තද කරලා රිදෙනවද ඇහුවා.' කියූ වෛද්‍ය ගමගේ මගේ උරහිස අල්ලා එලෙසින්ම තද කරත්ම මට 'ඌයි අම්මෝ' යනුවෙන් කියැවිණි.

'මිනිහා කියනවානේ එතන තද කළාම රිදෙන්නේ මොකක්ද ලෙඩක් තියෙනව නම්ලු; ඒත් මට කියන්න හිතුණා එතැන මිරිකනකොට රිදෙන්නේ ලෙඩ තියෙන හින්දා නෙමෙයි පණ තියෙන හින්දා කියලා.' ඔහුගේ කීමට අපි තිදෙනාම හිතේ හැටියට සිනාසුනෙමු.

ප්‍රජාවෛද්‍ය නිලධාරියෙකු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු සහ විශ්ව විද්‍යාල වෛද්‍යපීඨ කථිකාචාර්යවරයෙකු ආදී වැදගත් වෘත්තීන් ගණනාවක යෙදී ඇති සේම ප්‍රජාවෛද්‍ය විද්‍යාව පිළිබඳ වැදගත් විද්‍යාත්මක පරීක්ෂණ රැසක් සිදුකොට ඇති ලොව රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක සංචාරය කර ඇති මෙම විද්වතා තුළ වූ ලේඛන සහ සන්නිවේදන කුසලතාව සේම කලා රසඥතාවය මෙන්ම පරිකල්පන ශක්තිය, නිදහස් චින්තනය ආදී සියල්ල 'වෘත්තීය පත්තරකාරයෙකු' වන මට වඩා ඉතා ඉහළ මට්ටමක පැවති බව මා මේ මොහොතේ ඉතා නිහතමානීව සටහන් කරමි. එමෙන්ම ජාත්‍යන්තර වෛද්‍ය සම්මන්ත්‍රණ වලට සම්බන්ධවීමේ සිට රාජ රාජ මහාමාත්‍යවරුන් හා සම අසුන් ගැනීමේ සිට සාමාන්‍ය ජනතාව සමඟ හන්දියේ 'බෝක්කුවක් උඩ වාඩිවීමට' තරම් විස්මිත අනතිමානී බවක්; නිරහංකාර බවක් මේ විද්වත් රසවතා තුළ තිබිණ. එනිසා ඔහු මීට වසර විස්සකට පමණ පෙර ඔහු මට හදුන්වාදුන් ඔහුගේ සුමිතුරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානි මෙල් සහෘර්දයානන්ට ද මෙහිදී මා තුති පුදකළ යුතුය.

තමන් සතු වාහන කිහිපයට අමතරව ත්‍රි‍රෝද රථයක් ද මිලට ගත යුතු යැයි වෛද්‍ය ගමගේට වරක් සිතුණි. ඒ රෝද හතරේ වාහනයකට කළ නොහැකි ලෙසින් මහපාරේ වෙට්ටු දැමීමට ත්‍රිරෝද රථයකට ඇති හැකියාව මුල්කරගනිමිනි. මාවනැල්ලේ සිංහල සේම මුස්ලිම් පිරිස් අතරේ අතිශය ජනප්‍රියත්වයට පත් වෛද්‍ය ගමගේ ගේ ප්‍රබුද්ධ චින්තනයේ අගුපිළකවත් ජාති ආගම් ‍ආදී බේද වලට වාසය කිරීමට කිසිදු ඉඩක් හිමි නොවීය. එනිසාම සියළු ආගමිකයෝත්, සිය‍ළු ජාතිකයෝත් ඔහුට එකසේ ආදරය කළහ.

මේ අතර වෛද්‍ය ගමගේ සමීපව ඇසුරු කළ මාවනැල්ලේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සිටී. ඔහු වෛද්‍ය ගමගේ වැනි විද්වතෙකුගේ ඇසුර තමන් හට මහත් අභිමානයක් ගෙන දෙන්නක් සේ සැලකූ අයෙකි. එනිසාම සිය ප්‍රජාව අතරින් එම ව්‍යාපාරිකයා ද කිසියම් සුවිශේෂ ගෞරවයක් හිමිවන්නට ඇත.

වරක් එම ත්‍රිරෝද රථය මිලදී ගත් අලුතම වෛද්‍ය ගමගේ එම ත්‍රිරෝද රථය පදවාගෙන තම හිතවත් මුස්ලිම් මුදලාලි බැලීමට මාවනැල්ල නගරයට ගියේය. වෛද්‍ය ගමගේ තම වෙළඳසල ඉදිරියේ ත්‍රිරෝද රථය නවත්වා එහි රියැදුරු අසුනින් බසිනු දුටු මුස්ලිම් මුදලාලිට නෙත් අදහාගත නොහැකි විය. ඒ සමඟම ඔහුට ඇති වූයේ නිම්හිම් නැති කෝපයකි.

'සර්....'‍ මුදලාලි කෑ ගසාගෙන වෛද්‍ය ගමගේ ළඟට ආවේය.

ඉන්පසුව ඔහු වෛද්‍ය ගමගේ ගේ කනට මුව ළං කළේය.

'සර්, ඔයිට වැඩිය හොඳයි සර්.. බූරුවෙක්ගේ පිටේ නැගලා ආවනම්.'

මේ කතාව වෙනත් ක්‍රමයකින් දැන ගත් මම ඉළ ඇදෙන තෙක් සිනාසුණෙමි. ඉන්පසුව වෛද්‍ය ගමගේ ගෙන් ඒ පිළිබඳව විමසූවිට ඔහු දුන් පිළිතුරු වූයේ 'මිනිහත් මාර බඩුවක් තමයි' යනුවෙනි.

කෙසේ හෝ ජීවිතයේ බර හිසමත දරාගෙන ජීවිතය විඳවන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අතරේ තමන්ගේ දැන උගත්කම්, වත්පොහොසත්කම් සහ ඉහළ සමාජ තත්ත්වයන් කිසිවක් ඉහ මතට නොගෙන ඉතා සොඳුරු සහනශීලී සහ සැනසිලිදායි දිවිපෙවෙතක් ගත කළ මේ නිදහස් චින්තකයාගේ, සොඳුරු කලා කරුවාගේ අභාවය වෙනුවෙන් ඔහුට පරලොව සුගතියක් ප්‍රාර්ථනා කිරීමට මට නොපුළුවන.

ඒ අද සමාජයේ බොහෝ දෙනෙකුට 'ඇලජික්' විය හැකි මරණයෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මෙහි සටහන් කළ නොහැකි රහසක් සහ එකඟතාවක් අප දෙදෙනා අතර පැවැති බැවිනි. එබැවින් මෙහිදී ඔහු සම්බන්ධයෙන් මට කිව හැක්කේ මෙපමණකි.

'මම ඔබ සම්බන්ධයෙන් මේ මොහොතේ ප්‍රතිඥාවක් දෙමි; එනම් ඔබ පිළිබඳ ගෞරවනීය සහ සොඳුරු මතකය මා මියයන මොහොත දක්වාම මගේ මතකයේ මස්තකප්‍රාප්ත කොට සුරැකිව තබා ගන්නා බවටය.'
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Dr Ariyasena U Gamage, Sri Lankan Physician, Sri Lankan Author, Superstitious Beliefs, Myths
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තිලක් සේනාසිංහ ගෙන් තවත් වියමන්
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
අදහස්
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
වෙසෙස්
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
වෙසෙස්
මිනිසාගේ ගුප්ත ලෝලීත්වයේ රහස මෙන්න...!
තවත් වෙසෙස් බූන්දි
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඊ.ඩබ්. අදිකාරම් ලියයි- "පරමාර්ථය සහ මාර්ගය"
දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නැමති දම්වැලේ අවසාන පුරුකය.... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook