Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
බූන්දි, 18:09:41
අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ මිනිසුන්ට ආදරය කළ හා පීඩිත පංතිය වෙනුවෙන් කතා කළ වරදට, පාලකයන් වෙතින් මරණීය දඬුවමින් සංග්‍රහ ලැබූ තවත් එක් උතුම් මිනිසකුගේ නික්ම යාම සිහිපත් කරමිනි. දෛවයේ සරදමකටදෝ මේ සති අන්තයේම කලකට පසු මා ඉතාමත්ම ආශාවෙන්, ඕනෑකමකින් හා සෙනෙහසින් නැරඹූ "සහෝදරයා" ටෙලි වෘතාන්තයේ නික්ම යාම ද සිදුවූයේ මගේ හදවතට මහා බරක්, තනිකමක් මෙන්ම හිස් තැනක්ද එක් කර දෙමිනි.

සෙනසුරාදාවේ නොසිතූ ලෙස සිදුවූ "උත්තරා දේවියගේ" නික්මයාම, කුණාටුවක් ලෙසින් පැමිණ පාස්කු ඉරිදාවේ සිදුවූ "අජන්තගේ" නික්මයාමත් සමඟම මහා සුනාමියක් බවට පෙරළිණි.

70 දශකයේදී පුංචි කොලුවෙකු විලස "සතුට" චිත්‍ර කතා පත්තරය කියවීමට අඟහරුවාදා වෙනතුරු ඇඟිලි ගනිමින් නොඉවසිල්ලෙන් සිටියේ යම් සේද, 80 දශකයේ යොවුන් වියේ ගැටවරයකු ලෙස "රොබින් හුඩ්" හා "කුන්ෆූ" නැරඹීමට සෙනසුරාදා වනතුරු නොඉවසිල්ලෙන් සිටියේ යම්සේද මම අද මැදිවියේ පසුවන්නකු විලස "සහෝදරයා" ටෙලි නාටකය නැරඹීමට සති අන්තය එනතුරු පෙරුම් පුරමින් සිටියෙමි.

"සහෝදරයා" ගැන මා යමක් ලිවීමට සිතා සිටියේ බොහෝ කලක සිටය. එම සටහන භාගයක් පමණ ලියා අවසන් කොට ද තිබිණි. එහෙත් මෙතරම් ඉක්මනින් "සහෝදරයා" අපගෙන් නික්ම යතැයි නම් කිසිසේත්ම නොසිතුවෙමි. එහෙයින් දැන් ඒ සටහනින් ඇති පලක් නැත. හදිසියේ ඇතිවූ කම්පනයත් සමඟින්ම මට මේ නව සටහන අකුරු කරන්නට අවසර ඉල්ලමි.

උත්තරා දේවී සමුගනිද්දී අජන්ත සේම අප ද දුක් වුණෙමු. හදවත කඩා හැළුණේ නොසිතූ පරිද්දෙනි. අජන්තගේ සිතේ උත්තරාට තිබූ ඒ උත්තරීතර අධ්‍යාත්මික ප්‍රේමයට අපිත් පෙම් බැන්දෙමු. උත්තරාදේවියට පණ දුන් කලණි දොඩංතැන්න එම චරිතය අපේ හදවත් තුළ ජීවමානව ලැඟුම් ගන්වා තිබිණි. ඇය දෙතොල තදින් පියවා දෑසින් පාන මදහසට අප වශී වුණෙමු. දෙමළ ඌරුවට ඇය කතා කළ සිංහල, දෙසවනට ගෙන ආවේ අමුතුම හැඟීමකි. ඇයගේ ගමන් විලාසය, අංග චලනය, සිනහව සහ රූප සොබාව රසික හදවත් කුල්මත් කිරීමට සමත් විය.



මට උත්තරාදේවිය දකිනවිට 80 දශකයේදී අප තදින්ම ඇලුම් කළ තවත් නිළියක් සිහියට එන්නේ නිතැතිනි. රූපයෙන් දෙදෙනාගේ සමාන කමක් නැතත් කුමක්දෝ සැඟවුණු දෙයක්, විස්තර කිරීමට අපහසු කාන්තියක් දෙදෙනාටම තිබිණි. ඇය වෙන කවුරුන් හෝ නොව අචලා අලස්ය. එදා ගැටවර වියේ පසුවූ අපගේ කුටිවල බිත්ති ඇයගේ පෝස්ටරයකින් සැරසුණේ අපගේ මනෝ රාජ්‍යවල රාජිණිය විලසිනි. මේ උත්තරා දේවියගේ බාහිර ස්වභාවය මට පෙනුණු හැටිය. එපමණක්ද ඇයගේ තාත්වික රංගනය ද එයට එක්කළේ මනා හැඩයකි. මහා ආලෝකයකි. ඇය නුදුරු අනාගතයේදීම සිනමාවට, ටෙලි නාට්‍යයට නැතිවම බැරි නිළියක වන බව ඒකාන්තය.

මෙහිදී මාධ්‍යවේදී රජීවට පණ පොවන තුමිඳු දොඩංතැන්න, උත්තරාදේවියගේ එනම් කලණිගේ සැබෑ දිවියේ ද ස්වාමි පුරුෂයා වීම විශේෂත්වයකි. මේ දිනවලම විකාශනය වූ හා අතිශය රසික ප්‍රසාදයට පාත්‍රවූ "කූඹියෝ" ටෙලි නාට්‍යයෙන් තුමිඳුට ලැබුණු විසල් ජනප්‍රියතාවය, "සහෝදරයා" හී ඔහුගේ භූමිකාවට සහන් එළියක් වූ බව නොකියාම බැරිය.

"සහෝදරයා" හි ප්‍රධාන භූමිකාව වන අජන්තට ජීවය දෙන රොෂාන් රවින්ද්‍රට කලකට පසුව ඔහුගේ සැබෑ රංග ප්‍රතිභාව ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව මගේ විශ්වාසයයි. අසාර්ථක "ගුරු ගීතය" සිනමා පටයෙන් නන්නත්තාර කරවූ ඔහුගේ රංගන දිවිය "ඇඩ්රස් නෑ" සිනමා පටයෙන් මඳක් පණ ගැහී ආ අතර "සහෝදරයා" හී රංගනය එහි කූටප්ප්‍රාප්තිය වන්නේය. අප "අජන්තට" පෙම් බැන්ඳේත් අපි ඔහු තුළ ජීවත් වූයේත් එහෙයිනි.

තමන්ගේ සැබෑ වයසට වඩා වයසැති වයෝවෘධ ඇල්ෂයිමිර් රෝගයෙන් පෙළෙන රජීවගේ මවගේ චරිතය ජීවමාන කරන චාන්දනී සෙනවිරත්නගේ රංගනයන් ගැන කුමන නම් අටුවා ටිකාද? එදා අසූව දශකයේ මුල භාගයේ සෝමලතා සුබසිංහයන්ගේ "විකෘති" වේදිකා නාට්‍යයෙන් රසිකයන්ගේ හද බැඳගත් ඇය දිනෙන් දින ඔප මට්ටම් වෙමින් ප්‍රතිභා කිරණ විහිදුවේ මඳින් මඳ කැපී ඔප මට්ටම් වන මැණිකක් විලසිනි. බුමුතුරුණු නාට්‍යයේ ඇයගේ රංගනය කෙලෙසනම් අමතක කරන්නද?

ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, උදේනි අල්විස් හා ක්ෂේවියර්ගේ රංගනයන් ඉතාමත්ම තාත්විකය. එළකිරි වගේය. එමෙන්ම අජන්තගේ පෙම්වතිය සහ රජීවගේ සොයුරියගේද රංගන කෞෂල්‍ය අතිශයම තාත්විකය. ප්‍රබලය.



මෙහි පසුබිම් සංගීතය සපයන කසුන් කල්හාරයන් ගැන මම මොනවා කියන්නද? එතරම්ම විශිෂ්ටය. ඒ සංගීතයෙන් නාට්‍යයට ලැබෙන්නේ විසල් ජවයකි. ආලෝකයකි.

රූප රාමුවෙන් රූප රාමුවට ප්‍රේක්ෂක දෑස් මුදාගත නොහැකි වන අයුරින් යොදාගෙ තිබූ ආලෝක පරිපාලනය, කැමරා කෝණ සහ රූපක භාවිතය අතිවිශිෂ්ටය. සොහොනේ දර්ශන බටහිර චිත්‍රපටයක දර්ශනයන්ට වඩා තාත්විකය. ප්‍රබලය. මම සිනමාවේ හෝ කැමරා අධ්‍යක්ෂණයේ නිපුනයෙකු නොවෙමි. එහෙත් මට විඳින්නට හැකිය. සිනමාපට බොහෝ නරඹා ඇත්තෙමි. මා මේ පැවසුවේ ප්‍රේක්ෂකයෙකුට දැනෙන, හැඟෙන දේය.

ඈතින් ඇසෙන බල්ලකුගේ බිරීම් හඬ මා ගෙන ගියේ 88-89 භීෂණ යුගයේ අප නින්දත් නොනින්දත් අතර මරණ බියේ පහන් කළ ඒ කාලකණ්ණි, මූසල රාත්‍රීන්ටය. පරෙවියන්ගේ හඬ හා ජනෙල් පඩිය උඩ ඇති පැද්දෙන සෙල්ලම් බඩුවේ හඬවල් යොදාගෙන තිබූ ආකාරය ඉතාමත්ම කාලානුරෑපීය. යෝග්‍යයය. ඒවා රූපරාමු හා බදධ වූයේ ගසට පොත්ත මෙනි. ආලෝකකරණයෙන් පෝසත් හා අනර්ඝ කැමරා කෝණයන්ගෙන් යුතු එම දර්ශන දකිද්දී මට හැඟුණේ මෙම දර්ශන අති විශාල රිදී තිරයට ඔබින බවයි. එපමණකට ඒවා හැම අතින්ම පෝසත් විය. දෑස මඳකට හෝ ඉවතට ගැනීමට අපට නොහැකි වූයේ එහෙයිනි. එහි තිබූ හැම අංගයක්ම අප දෑසින් උරා බීවෙමු.

මෙම රූප රාමු වල ඇති පිරිපුන් බව සමඟ තවත් රූපවාහිනියේ බොහෝවිට විකාශනය වන වෙනත් කසිකබල් නාට්‍යක රූප රාමුවල ඇති සුන් බව සැසඳීමට මම එක උදාහරණයක් ඔබ වෙත ගෙන එන්නම්. මගේ ප්‍රිය බිරිඳ කෑම පිසින්නේ එවැනි නාට්‍යක් ඇයගේ ජංගම දුරකථනයේ ක්‍රියාත්මක කොටගෙන දුරකතනය පසෙකින් තබාගෙනය. උයන ගමන් ඇය සවන්දෙන්නේ එහි දෙබස්වලට පමණි. රූප රාමු බැලුවත් නැතත් එහි ඇති විශේෂත්වයක් නැත. සතියේ දින පහේ කොටස් පහට සවන් දී අවසන්වන විට ඇය බතකුත් ව්‍යාංජන හතර පහකුත් පිස හමාරය. මෙය බහුතරයකගේ අත්දැකීමකි.

මේසා විශාල පෙළහරක් පෑ මේ නාටකයේ අධ්‍යක්ෂකවරයා කවුද? ඔහු නමින් නාමල් ජයසිංහ නම් වන්නේය. "ඉර මැඳියම" සිනමා පටයේ පුංචි හමුදා සෙබළ ගැටයාට පණ පෙවූ ඒ පුංචි කොලුවාද මේ? මගේ මතකය මීට දෙවසරකට පමණ ඉහතදී මා ලන්ඩනයේදී නැරඹූ "තණ්හා, රතී, රඟා" සිනමා පටය කරා දිව යයි. එහි අධ්‍යක්ෂකවරයා වූයේ අප කවුරුත් දන්නා නිලේන්ද්‍ර දේශප්‍රිය වූ අතර රඟ පෑ නළු නිළියන් බහුතරයක්ද මා දන්නා, දැක පුරුදු අය වූහ. ඒ අතර මෙම අපූරු කතා වස්තුවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය වූ මිතුරන් තිදෙනාගෙන් දෙදෙනකුම මා ඉතාමත්ම තදින් ප්‍රිය කළ ප්‍රතිභාපූර්ණ නළුවන් වීම මගේ සිතට ගෙනආවේ සොම්නසකි. ඒ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරයි. එහෙත් ඔවුන් ත්‍රිත්වයේ තෙවැනි මිතුරාව මා මීට පෙර දැක තිබුණේ නැත. එහෙත් ඔහුගේ ජවසම්පන්න රංගනය හා තිරයටම ඔබින ගැඹුරු කට හඬ (screen voice) මගේ හදපත්ලටම වැදනි. මට සිහියට නැගුණෙ යොවුන් කලංසූරියවය. ඔහුගේ දඩි බිඩි රංගනයය. මම සිනමා පටය අවසානයේ මගේ මිතුරන් සමඟ මේ යොවුන් නළු පැටියා ගැන කතා කළා මතකය. එහෙත් ඔහු කවුදැයි කියා සොයා බැලීම නම් මට අතපසු විය.


නාමල් ජයසිංහ

මෙලෙස කාලය ගත වෙද්දී පුංචි තිරයේ විකාශනය වූ "අප්පච්චී" නම්වූ ටෙලි කාටකයක් යූටියුබයේ තිබී අහම්බෙන් මගේ නෙත ගැටිණි. ජැක්සන් ඇන්තනී රංගධරයාට මගේ ඇති අසීමිත කැමැත්ත නිසාම එය නැරඹීමට පටන් ගතිමි. කොටස් කිහිපයක් නැරඹීමෙන්ම එහි නව රසයක් හා වර්ණයක් තැවරී ඇති බව මට හැඟිණි. එහෙත් ඒ දිනවල දිවියේ ඇතිවූ අවීවේකී බව නිසා කොටස් කිහිපයක් නැරඹීමෙන් අනතුරුව එය මගෙන් ගිලිහිණි. කාලය නොනැවතී ගලා ගිය අතර ජැක්සන්ගේ පුතා රඟපෑ "බොහීමියානුවා" නමින් විකාශනය වූ තවත් ටෙලි නාටකයක් දෙස මගේ ඉව වැටිණි. යූටියුබයෙන් එහි කොටස් 51ම සොයා ගත් මම දින දෙකක් ඇතුළත එය නරඹා නිම කළෙමි. එහි තිරපිටපත ලියා තිබුණේ මේ සටහනේ අපේ කතා නායකයා වන නාමල් ජයසිංහයන්මය. ඒ දෙබස් අතිශය සුන්දර, ගැඹුරු හා ජීවිත පාඩම් විය.

එහෙයින් මෙහිදී "සහෝදරයා" හී නාමල් ජයසිංහයන් යොදාගෙන තිබූ දෙබස් ගැන නොකියාම බැරිය. එකල අප ටයි මහත්තයාට පිං සිදුවන්නට "රොබින් හුඩ්", "කුංෆු" හා "ඔෂීන්" වැනි පිටරට කථාවල තිබූ සරු දෙබස්වල සැබෑ සාරය සිංහලෙන්ම විඳ ගන්නට සමත් වුණෙමු. අපි වචනයක් නෑර ඒවා කියවා ගත්තේ එහෙයිනි. "කුංෆු" කථාවේ ශැවොලින් පංසලේ ප්‍රධාන පූජක තැන පුංචි තණකොළපෙත්තාට (කුංෆුගේ ළමාවියේ සුරතල් නාමය) දෙන මසුරං වටිනා ඔවදන් අප දෑස මදකට හෝ ඉවතට නොගෙන කියවා ගතිමු. එවා දිවිය සරසවන, දිවිය සනසවන අමා ඔසු මෙන් විය. "සහෝදරයා" හී දෙබස්ද එසේමය. වචනයක් හෝ අහක දැමිය නොහැක. නාමල්ගේ සුරත ඉඹගෙන ඉඹගෙන යන්නට සිතෙන්නේ එහෙයිනි. නාමල් "බොහීමියානුවා" හා "අප්පචිචී" වැනි ඔහුගේ නාට්‍ය වලද මෙවැනි අර්ථපූර්ණ දෙබස් යොදාගෙන තිබිණි. එහෙත් එදා ඒවා කොතරම් දුරට ප්‍රේක්ෂකයා වැළඳ ගත්තේද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි. එහෙත් අද ලකාගේ "කූඹියෝ" තුළින් වෙනම මඟකට යොමු කළ ප්‍රේක්ෂක ඔළු ගෙඩි "සහෝදරයා" හී දෙබස් ජීර්ණය කර ගැනීමට පොහොසත්වී සිටියහ. හුරු වී සිටියහ.

එහෙත් ඒ හැම දැන් අවසානය. ඇත්තේ රික්තකයකි. ප්‍රේක්ෂක මනස් අයාලයේ යෑමට මේ රික්තකය නැවතත් උත්සුකවනු ඇත. එහෙයින් "සහෝදරයා" වැනි අංගසම්පූර්ණ හා අර්ථපූර්ණ නාට්‍ය හා සිනමාපට අපට තව තවත් උවමනාය. ඒවා කිරීමට හැකියාව හා ප්‍රතිභාව ඇති නාමල් ජයසිංහ වැනි දක්ෂයින් අපට සිටීම අපේ භාග්‍යකි. අවශ්‍ය වන්නේ ඔවුනට ක්‍රියාත්මක වීමට අවැසි මූල්‍ය දායකත්වය හා යහපත් වාතාවරණය පමණි. මෙලෙස මිනිසුන් කලාවෙන් පෝෂණය වන විට ඒ සඳහා සහය නිරතුරුවම ගලා එනු ඇත. මිනිසුන් දැනුවත් වනු ඇත. එවිට අපට හැත්තෑවේ දශකයවන් ස්වර්ණමය යුගයක් නැවතත් ඇතිකර ගැනීමට හැකිවීම කලාවට ළැඳි අපගේ සිහිනයක් පමණක් නොවී සැබෑවක්ම වනු ඇති බව නම් ඒකාන්තය.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sahodaraya, Namal Jayasinghe, Koombiyo, Independent Television Network, ITN, Roshan Ravindra, Thumindu Dodantenna, Kalani Dodantenna, Kasun Kalhara
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චන්දන ගුණසේකරගෙන් තවත් වියමන්
Cine
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
පොත්
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
තවත් අදහස් බූන්දි
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
නයනහාරී නිමේෂ
මල්තුහින නොවේ මේ යාපනේ - இவைகள் யாழின் பனித்துளிகள் அல்ல
ඔටුවන් එක්ක නිදිවදින "බල්ලොත් එක්ක" බෑ.....!
සිනමා ශිෂ්‍යයා සහ සිනමා අපචාර
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook