Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
බූන්දි, 18:19:28
මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ අඩු වැඩි වුනත්, මල් එක විදියටම පිපෙනවා. මිනිසුන් නිවැරදිව ගොඩ නගන්න එතරම් සරල විදියට බැහැ. ඔහේ හැදිල විනාශ වෙන්න තිබුනු ජීවිතයක, සුන්දර හදවතකට බද්ධ වුනු ලෝකයට තෑග්ගක් ලෙස ලැබුනු අත් දෙකක් ගැන කියන චිත්‍රපටයක්!

චිත්‍රපටයෙ නම Gifted Hands. චිත්‍රපටය ආරම්භ වන්නේ සම්භාව්‍ය සංගීත ඛණ්ඩයක් වාදනය කිරිමෙන්. එයින් චිත්‍රපටයේ පුර්විකාව මතු කරලා දක්වනවා. ජර්මනියේ, 1987 වසරේ යම් කිසි දෙමව්පිය යුවලකට ඔලුවෙන් බද්ධ වුනු දරුවන් දෙදෙනෙකු පිළිසිඳගැනීම හඟවන්නේ මෙම දෙමාපිය යුවලගේ මානසික වියවුල පෙන්නුම් කරමින්. මුලින් වාදනය කළ සංගීත ඛණ්ඩය අපූරුවට මෙම මානසික තත්ත්වය සමග ගැලපෙන අතර චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යද්දි වෛද්‍යවරයෙක් සැත්කමක් සදහා අත් සෝදමින් සිටින දර්ශනය හා සැත්කම සඳහා හිසෙහි ජේදනය කල යුතු කොටස සලකුණු කිරීමක් දැකිය හැකි වෙනවා.

එය සමස්ත ජීවිතයේම වෙනසක් සඳහා වන මනසෙහි කළ යුතු වෙනස් කම් සලකුණු කිරීමක් වෙනවා. මොකද චිත්‍රපටයේ කතා නායකයා වන බෙන්ජමින් කාසන් නැතහොත් බෙන් කාසන්ගේ ජීවිතයත් සකස් කරන්නේ ඔහුගේ මව. ඇය තම මනස වෙනස් කර ගන්නවා ඇයට ජීවිතය දුන් දේවල් ඒ ආකාරයෙන්ම භාර නොගන්න. මේක ගොඩක් මිනිස්සුන්ට කළ නොහැකි දෙය. තමන්ට ලැබුනු ජීවිතය වෙනස් කරගත හැකිය යන්න බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේක තමයි ලෝකයේ ඇති ඛේදවාචකය. ලංකාව වැනි පෙරදිග රටවල් දියුණුවට නොයන්නේ කර්මය සහ කර්ම එලය පිළිබඳව ඕනෑවට වඩා විශ්වාස කිරීම මත.


Gifted Hands (2009) චිත්‍රපටයෙන්

හැබැයි අකුරු කියවන්න ලියන්න බැරි බෙන් කාසන්ගේ මව තේරුම් ගන්නවා, තම මැදිහත්වීම දරුවන්ගේ අනාගතය ගොඩ නගන්න සෘජුවම දායක වන බව. ඒ නිසා ඇය මානසික උපදේශනයට යොමුවන්නේ මනස සුවපත් කර ගැනීම වෙනුවෙන්. මෙතනදී බෙන්ගේ මව අනෙක් අයගෙන් වෙනස් වන්නේ තම වැන්දඹු ජීවිතය සහ දරීද්‍රතාවය හමුවේ ඇතිවන මානසික පීඩනය සුවපත් කර ගැනීම තම දරුවන්ගේ අනාගතයට සෘජුවම බලපාන බව තේරුම් ගැනීමෙන්. ඇය මනස සුවපත් කර ගෙන දරුවන් සුවපත් කරගන්නවා. දෙමව්පියන් ලෙස අපි බොහොමයක් දෙනා දරුවන් නිවැරදි කරන්න යන්නේ අපි වැරදි කරමින්. නැතහොත් අපි වැඩිහිටියෝ ලෙස මනස සුවපත් නොකරගෙන දරුවන් සුවපත් කරන්න උත්සාහ ගන්නවා. මේ නිසා අංග විකල මනසක් සහිත උගතුන් බිහිවෙනවා.

ඔලුවෙන් බද්ධ වු දරුවන් ලද ජර්මන් දෙමාපියන් සමග බෙන් කාසන් කරන සංවාදය තුළ, විකෘති දරුවන් දෙදෙනෙකු කුසෙහි පිළිසිඳීම නිසා මවට ඇතිවු මානසික තත්ත්වය විස්තර කෙරෙයි. මුලින් සිය දිවි නසා ගැනීමට සිතුණු බවත් පසුව දරුවන්ගේ මුහුණ දැකීමෙන් පසු සියල්ල අමතතකව ගිය බවත් මව පවසයි. අවසානයේ බෙන් කාසන් සැත්කම සදහා කැමැත්ත ප්‍රකාශ කරන අතර, සැත්කම සදහා දැනුම ලබා ගැනීමට පොත් කියවමින් සිතුවිල්ලක නිමග්න වන සංගීත ඛන්ඩයකින් චිත්‍රපටයේ පළමු කොටස අවසන් වෙයි.

චිත්‍රපටයේ දෙවන කොටස ආරම්භ වන්නේ බෙන්ජමින් කාසන් පාසල තුල ප්‍රශ්න පත්‍රයක් සඳහා පිළිතුරු සපයා එහි ලකුණු ගණනය කරන දර්ශනයකිනි. ඔහුගේ ලකුණු බිංදුවක් වන විට අනෙක් සිසුන් 25 න් 23, 25 වැනි ප්‍රමාණයන් ලබා ගෙන ඇත. කාසන් පරමාදර්ශයක් වන්නේ මෙතනදීය. ඉන් වසර කිහිපයකට පසු, ලොකයේ හොදම ස්නායු වෛද්‍යවරයා වීමට නියමිත සිසුවා පාසලේ ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබා ගෙන නොමැත. ජිවිතය වෙනස් විය යුත්තේ කෙසේද? වෙනස්කර ගත යුතු කොන්දේසි මොනවාද? අධ්‍යාපන විශේෂඥයන් ආරය සහ පරිසරය පිළිබඳ අදහස් දක්වද්දී කාසන්ගේ මව පරිසරය කෙරෙහි පමණක් විශ්වාස තබන්නේ කෙසේද? පංතියේදී සමච්චලයට ලක් වන බෙන් කාසන් හට පවතින තත්ත්වය වෙනස් කර ගැනීමට විශ්වාසයක් ඇති කිරීමට මව කෙසේ බලපෑවේද? රූපවාහිනිය කෙරෙහි ඇබ්බැහි වී සිටි තම දරුවන් ඉන් මුදවා පොත් කෙරෙහි යොමු කිරිමට ඇය බලය හා ආදරය භාවිතා කරනු ලබයි.

අප විශ්වාස කරන්නේ තම කුසින් බිහිකරන මිනිස් ජීවියා යහපත් මිනිසෙකු කරන තෙක් මවගේ වගකීම අවසන් නොවන බවයි. අකුරු නුගත් කාසන් ගේ මව මෙම සත්‍යය අවබෝධ කර ගත්තේ උදෑසන පහේ සිට රාත්‍රී එකොළහ දක්වා රැකියාවන් කිරිමෙන්ද? තමන් විඳවන ලද ජිවිතයම තම දරුවන්ට උරුම කර දීම තරම් අපරාධයක් නොමැති බව තම මව ගැඹුරින් තේරුම් ගැනීම කාසන්ගේ වාසනාව විය. අවස්ථා කළමනාකරණය, සිද්ධි කළමනාකරණය වර්තමානයේ විශ්ව විද්‍යාල උපාධි මට්ටමින් උගන්වන විට තුන් වැනි ශ්‍රේණිය දක්වා පමණක් පාසල් ගිය කාසන්ගේ මව, කාසන් පාසලේ දී සිදුවකුට පහර දුන් අවස්ථාව දරුවාගේ යහපත වෙනුවෙන් යොදා ගත් අපූරුව සෑම මවකටම ආදර්ශයකි.


බෙන් කාසන්, රංගන ශිල්පී Cuba Gooding Jr. සමග

සොන්යාට (කාසන්ගේ මව) අකුරු කියවීමට ලිවීවිමට නොහැකි වුවද ඇය කිසි විටෙක එය තම දරුවන්ට දැන ගැනීමට නොතබයි. වරක් කාසන් පාසලේ ඉතිහාසය පාඩම සදහා මවගෙන් උදව් ඉල්ලා සිටි අවස්ථාවේ මව තමාට කියවිය නොහැක්කේ කන්නාඩි නොමැති නිසාවෙන් බව පවසා අවස්ථාව මග හරී. ඇයට අකුරු බැරි බව දරුවන් දැන ගතහොත්, ඇය ඔවුන් තුල ඇති කරනු ලබන උනන්දුව එල රහිත වන වබ ඇය සිතුවා වන්නට හැක. පාසලේ දි කාසන් වැඩි ලකුණු ගත් පළමු අවස්ථාවේ ගුරුවරිය ඔහුට කරන ප්‍රශංසාව, ලංකාවේ බොහො ගුරුවරුන් විසින් සිදු නොකරන දෙයකි. බොහෝ විට සිසුන් හංවඩු ගසා අති අතර, එවැනි සිසුවෙක් ලකුණු ලබා ගත්විට අසන ප්‍රශ්නය වන්නේ කාගෙන්ද බලා ගත්තේ වැන්නකි. කාසන් වාසනාවන්ත වනුයේ තම හැකියාව නොමසුරුව ඇගයීමට ලක් කිරීමෙන් ඇතිවන ආත්ම විශ්වාසය ඔහුගේ ඊළග ජයග්‍රහණයට උපස්ථම්භක වු බැවිනි.

පුස්තකාලය සුපුරුදු ස්ථානයක් වන විට කාසන් දැනුමෙන් මෝරා යයි. මව ඔහුට පවසන්නේ ලෝකයම ඔහුගේ හිසට ගත හැකි බවයි. බත් කූරා ජීවිතය වතුරෙහි පටන් ගත්තද එක දවසක ඌ වතුරෙන් ගොඩට එන අතර නැවත කිසිදා උත්පත්තිය දුන් ජලයට නොයයි. නෙලුම් මල මඩෙන් උපදිනවා සේම, මිනිස් ජීවිත තමා ඉපදීමට හේතුව දැන ගත් මොහොතේ සිට හේතුව තුළ ජීවිතය වර්ධනය කර ගනියි. අපට මිනිසුන් හැදිය නොහැකි නමුත් මිනිසුන්ගේ අපේක්ෂාවන් දැල්විය හැකිය. බොහෝ මිනිසුන් ගිනි ගන්නා සුළු වුවද අපේ සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ගිනි පුළිඟු ඇති නොකිරීමෙන් බොහෝ දරුවන් තුළ අපේක්ෂාවන් දල්වනු වෙනුවට අපේක්ෂා භංගත්වය ඇති කරනු ලැබ ඇත. මීට වසර 15කට පෙර ගඩොල් බාගයක් තරම් වු ඇනලොග් දුරකථනය අද කෙතරම් තාක්ෂණිකව දියුණු කර ඇත්ද? එහෙත්, අපි අපේ පංති කාමර සහ අධ්‍යාපනය දියුණු කර ඇති ප්‍රමාණය කෙතරම්ද?

කාසන්ගේ වටිනා අත් දෙකෙන් ජීවිතවලට ආලෝකය ලබා දුනි. ලෝකයේ පළමු වතාවට දෙබිඩි දරුවන් දෙදෙනෙකු වෙන් කිරීමේ සැත්කම සාර්ථකව සිදු කරමින් ලොක පූජිත වු මේ දඩබ්බර මිනිසා ගේ ජීවිතය ගොඩ නැගුනු අපූරුව විනාඩි 90ක පමණ රූප රාමු වලින් විස්තර කිරීමේ අභියෝගය සාර්ථක වී ඇති බව මම විශ්වාස කරමි. Gifted Hands: The Ben Carson Story- දරුවන් සිටින සියළු දෙමවුපියන් තම දරුවන් වෙනුවෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස දකිමි.


බෙන් කාසන්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Benjamin Solomon Carson, Neurosurgeon, Movie Review, Gifted Hands (2009), The Ben Carson Story, Thomas Carter, Cuba Gooding Jr.
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Cine බූන්දි
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චාර්ලි චැප්ලින් කියයි.
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook