Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
බූන්දි, 19:09:26
මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත 'අඩසඳ යාය' පමණක් ඉතිරි කොට සියලු දිය බිඳක්ම ඉහළට ඇද ගත්තේ හිත්පිත් නැත්තෙකු විලසිනි. මිනිසුන්ගේ සිරුරුවල රුධිරය ද කෝප වී තිබූ ඒ කාලයේ රටේ නීතිය වල් වැදී අවනීතියම රජ කරමින් පැවතියේය. දිනෙක රජයේ ඇඳිරි නීතිය නිසා මිනිසුන් නිවෙස් වලට ගාල්වූ අතර තවත් දිනෙක අවි ගත් කොල්ලන්ගේ කැලෑ නීතියට යටත්ව මිනිසුන් නිවෙස්වලට සිර වූහ. ඔළුව වසා ගත් බිල්ලකුගේ හිස සෙලවීමක් වෙඩි පාරක රස විඳ මහ මඟ මැරී වැටෙන්නටත්, "ගම් පෙරළිය" වැනි පොතක් ළඟ තබා ගැනීම ටයර් සෑයක පණපිටින් දැවී යාමටත් සුදුසුකමක් වූ ඒ රාක්ෂයාගේ අවනීතිය රජවූ යුගයේ මිනිස්කමට හෝ මරණයට වටිනාකමක් තිබුණේම නැත.

නිවෙස්වල ගාල් වූ මරණ භයින් පීඩිත මිනිසුන්ට කළ හැකි දෙයක් නොවුණි. රජයේ රූපවාහිනියට ඔරවාගෙන සිටිනු හැර කරන්නට දෙයක් හෝ එළියට යන්නට නිදහසක් හෝ තිබුණේ නැත. එයට විසඳුමක් ලෙස රජය කළේ අපූරු වැඩකි. එනම් මහ දහවලේ රූපවාහිනියේ සිනමාපට විකාශනය කිරීමයි. එසේ ඕනෑවට එපාවට බලා සිටි සිනමාපට අතර දිනෙක මා අමුතුම ලොවකට ගෙන ගිය සිනමා පටයක් අහම්බෙන් මගේ නෙත ගැටිණි. එය "දෑස නිසා" නම්වූ අතර, අග්‍රගණ්‍ය නළු ජෝ අබේවික්‍රමයන්ගේ රංගනය මා අමුතුම ලොවකට රැගෙන යාමට සමත් විය. දෑස් කඳුළින් පිරිණි. හදවත දැවී උගුරේ යමක් සිරවූවාක් මෙන් මට දැනිණි. සිනමා පටයේ කතාව එතරම්ම සංවේදී විය. තාත්වික විය. මා මීට බොහෝ කලකට පෙර දුටු මගේ දිව්යේ නැරඹූ ප්‍රථම සිනමා පටය වූ "මාතලන්" වැනි ඉන්දියානු ආරට තැනූ චිත්‍රපට වලට වඩා "දෑස නිසා"හි තිබුණේ අපේ කමකි. ලාංකික අනන්‍යතාවයකි.


රේඛාව

"දෑස නිසා" නරඹා උත්තේජනය වූ මම එහි තොරතුරු සොයා වෙහෙසුනෙමි. එහි අධ්‍යක්ෂකවරයා වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්වූ මහා සිනමාවේදියාය. එදා සිංහල සිනමාවේ දෑවැන්ත තිරයට තනා තිබූ එහි රූප රාමු අඟල් 12 පුංචි තිරයට කෙලෙසවත් ගැළපුණේ නැත. එහෙත් ඊට පෙර මා කුඩා කළ සිනමා ශාලාවකට ගොස් නැරඹූ "මඩොල්දූව" සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා ද එතුමාම බැව් මා එය නරඹද්දී එතරම් තේරුමක් නොතිබුණද "දෑස නිසා" ගැන සොයද්දී ඒ බැව් දැන ගතිමි. එතුමා 1955 දී තැනූ, එතුමන්ගේ මුල්ම සිනමා නිර්මානය "රේඛාව" ද මට නරඹන්නට ලැබුණෙ පුංචි තිරයෙනි. ඒ සමයේ නිපදවූ ගතානුගතික වට්ටෝරු ඉන්දියානු කොපි සිනමා කෘතිවලට කනේ පහරක් එල්ල කළ "රේඛාව" අපට අපේම කියා සිනමා මඟක් ඇතිබව ලෝකයට පෙන්වා දීමට සමත් විය. මහ සිනමාකරු වංග දේශයේ සත්‍යජිත් රායි මෙන් ලෙස්ටර් සූරීන් තම සිනමාවෙන් අපේ ගැමි ජීවිතයට, සංස්කෘතියට හා අපේ කමට ආමන්ත්‍රණය කළේය. "රේඛාව" සිනමාපටයට අපේ දිවියම වූයේ එහෙයිනි. එමෙන්ම එහි ගීත රචනා කළ ගරු මර්සිලින් ජයකොඩි පියතුමන්ගේ ශූර ගීපද රචනා එයට පැලඳවූ මුතු පොටක්ම විය. ඒ ගීත අදටත් දනන් තුඬ තුඬ රැව්දෙන්නේ එහෙයිනි.

එපමණක්ද ලෙස්ටර් මහත්තයා තැනූ "ගම්පෙරළිය" එදා මාටින් වික්‍රමසිංහයන් අපේ සිත්වල කෙටූ චරිත ජීවමාන කිරීමක් විය. එතැන්නි නොනැවතුනූ ලෙස්ටර් සුරීන්, සත්‍යජිත් රායි තුමන් "අපූ ත්‍රිත්වය" සිනමාවට නැඟුවාක් මෙන් මාටින් වික්‍රමසිංහයන්ගේ ඒ තුන් ඈඳුතු නවකතාව "ගම්පෙරළිය", "කලියුගය" හා "යුගාන්තය" සිංහල සිනමාවේ දිග හැරීය. ජී.බී. සේනානායකයන්ගේ "පළිගැනීම" නම්වූ කෙටි කතා සංග්‍රහයේ තිබූ පිටු දෙක තුනක පුංචි කතාවක් වූ "නිධානය" කෙටි කතාව ඇසුරින් තැණූ "නිධානය" සිනමාපටය ලෝක මට්ටමේ තැබිය හැකි ලෝක පූජිත සිනමා කෘතියක් නොවේ යැයි පැවසිය හැක්කේ කාහටද? එහි තිස්ස අබේසේකරයන් විසින් ලියූ අති විශිෂ්ට තිර රචනය මේ ප්‍රාතිහාර්යයේ රහස වූවත් අධ්‍යක්ෂකයාගේ ශූරකමත් ප්‍රතිභාවත් නොමැති වූවානම් එය තිරයට ප්‍රක්ෂේපණය වන්නේ නැත.


ගම් පෙරළිය

ලෙස්ටර් නම්වූ මහා හිරුගෙන් බැබළුණු තවත් තරුවක් බවට පත්වූ තිස්ස අබේසේකරයන් පසු කලෙක තවත් ඉරක්ම වූයේ ඒ විසල් සූර්යයාගේම ආභාසයෙනි. එපමණක්ද එතුමා තිරයට ගෙනා ලෙනාඩ් වුල්ෆ්ගේ "බැද්දේගම" අපට අමතක කළ හැකිද? එහි ජෝ අබේවික්‍රමයන්, හෙන්රි ජයසේනයන්, විජය, මාලිනී හා නදීකාගේ රංගනයන් කෙසේනම් අමතක කරන්නද? මෙහි "බබුං" ගේ චරිතයට විජයව තෝරා ගැනීම එතරම්ම හොඳ තේරීමක් නොවූවත් විවේචනයට බඳුන් වූවත් ජෝ අබේවික්‍රමයන්ගේ අතිවිශිෂ්ට රංග ප්‍රතිභා ආලෝකය හමුවේ එම කරුණ කඳෝපැණි තත්වයට පත්වූ බව මගේ හැඟීමයි.

එහෙත් සහෘදයිනී, ලංකීය සිනමාවේ ගමන් මඟ වෙනස් කළ, එයට අපේ කම කාන්දු කළ, අමරණීය නිර්මාණ රාශියක් දැයට දායාද කළ හා බෙහෝ සිනමාකරුවන් රාශියකට සිනමා ගමන් මඟ සාදා දුන් ඒ අමරණීය යුග පුරුෂයා අප හැර ගොස්ය. මහා සන්සුන් නිහැඬියාවකට පසුව ආ චණ්ඩ කුණාටුවක් සේ එම ආරංචිය මට දැනගන්නට ලැබුණේ පසුගිය ඉරිදා, 29 වෙනිදා හැන්දෑ යාමයේය. වසර 99ක් වූ එතුමන්ගේ දිඟු දිවි ගමනේ 1949 සිට 2006 දක්වා සක්‍රීයව සිටියද 2006න් පසු එතරම් පෙනෙන්නට හා දැනෙන්නට දායකත්වයක් සිනමාවට නොලැබුණු බව සත්‍යයකි. එහෙත් මේ ඊයෙ පෙරේදා සිනමාහල් වල ප්‍රදර්ශනය ඇරඹූ ලෙස්ටර් මහත්තයාගේ ආදරණීය බිරිඳ අධ්‍යක්ෂණය කළ "වෛෂ්නාවී" සිනමාපටයේ නම පවා තබා තිබුණේ ලෙස්ටර් මහත්තයාම බව ඔබ දන්නවාද?


නිධානය

එංගලන්තයට ගොස් එහිදී හමු වූ තවත් ලාංකික මිතුරකු සමඟ නිපදවූ ඉංග්‍රීසි කෙටි චිත්‍රපටයකින් ඇරඹි ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ දිගු ගමන් මඟ මහා දිග පුස්තකයක් වැන්න. 1949 දී නිපදවූ ඒ පළමුවැන්න මිනිත්තු 12 ක් දිගු "Soliloquy" කෙටි චිත්‍රපටයයි. ඉන්පසු 1950 දී "A Sinhalese Dance" හා "Farewell to Childhood", 1954 දී "Conquest in the Dry Zone" හා 1955 දී "Be Safe or Be Sorry" යන කෙටි චිත්‍රපට නිර්මාණය කළ අතර ඒවායින් සම්මානයට ද පාත්‍ර විය. ඉන් පසු ලංකාවට පැමිණ එතුමා නිර්මාණය කළ "රේඛාව", සිංහල සිනමාවේ එතෙක් ආ ගමන් මඟ උඩු යටිකුරු කළ අතර එහි හැරවුම් ලක්ෂ්‍යය ද වූයේය. එදා මෙදා තුර 2006 වසර දක්වා එතුමා රටට දායාද කළ සිනමාපට සංඛ්‍යාව විස්සකි. ඉහත දැක්වූ විශිෂ්ට සිනමාපටවලට අමතරව එතුමා කරුණාසේන ජයලත් සූරීන්ගේ "ගොළුහදවත" නවකතාව ඇසුරින් තැනූ "ගොළුහදවත" සිනමා කෘතිය ලංකීය යොවුන් හදවත් තුළ ප්‍රේමණීය සංස්කෘතියක් බිහි කිරීමට සමත් විය. තරුණන් පැරදුණු ආදරය හමුවේ මත්පැනට ඇබ්බැහිවී "සුගත්" මෙන් දිවිය අවුල් කර ගැනීමේ ආදිනව සිනමා පටයෙන් උගත්හ. "දෙලොවක් අතර", "රන් සළු", "අක්කර පහ", "අහසින් පොළොවට", "වීරපුරන් අප්පු" හා "අවරගිර" වැනි සිනමා කෘති ද එතුමන්ගේ සෙසු නිර්මාණ අතර වෙයි. එතුමා නිර්මාණය කළ "මඩොල්දූව" හා "පිංහාමි" යන ළමා චිත්‍රපට වලින් අපගේ ළමා ලෝකය ඒකාලෝක වුණි.

ලාංකීය සංගීතයේ අමරදේවයන් යම්සේද, සාහිත්‍යයේ මාටින් වික්‍රමසිංහයන් යම්සේද, නාට්‍ය කලාවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් යම්සේද සිනමාවේ මෙතෙක් පහළ වූ මහා යුග පුරුෂයා ආචාර්‍ර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ම වන්නේය. එතුමන්ගේ මෙම ප්‍රතිභාවට සහ හැකියාවට බෙහෝ සම්මානයෙන් පිදුම් ලැබුවේ එහෙයිනි. එතුමා තැනූ "රේඛාව, "ගම් පෙරළිය", "දෙලොවක් අතර" හා "ගොළු හදවත" යන සිනමාපට වලට හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානය ද, "අහසින් පොළොවට" හා "යුගාන්තය"හොඳම අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානය ද හිමි වූ අතර "ගම්පෙරළිය" මොස්කව් සිනමා උළෙලට ද, "නිධානය" ලංඩන් සිනමා උළෙලට ද, "පිංහාමි" මොස්කව් ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලට ද, "බැද්දේගම" හා "කලියුගය" ඛාන් චිත්‍රපට උළෙලට ද හා "යුගාන්තය" මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලටද ඉදිරිපත් වූ අතර එහිදී ප්‍රේක්ෂක හා විචාරක ප්‍රසාදයට පත්වූ අතර සම්මානයට ද පාත්‍ර විය. ලංකාව තුළ ලාංකික සිවිල් පුරවැසියකුට ලැබිය හැකි උසස්ම ගරු නාමය වූ "ශ්‍රී ලංකාභිමාන්‍ය" නාමයෙන් ද 2007 වසරේදී පිදුම් ලද ලෙස්ටර් සූරීන් වෙනුවෙන් 2002 වසරේදී සමරු මුද්දරයක් ද නිකුත් වූයේ, ශ්‍රී ලාංකිය සිනමාවට කළ අමිල සේවයටත් අපගේ සිනමාව ජාත්‍යන්තරයටත් ගෙනයාමේ උතුම් කාර්යයටත් කෘතගුණ දැක්වීමක් වශයෙනි.


යුගාන්තය

මෙසේ විසල් ගස් එකින් එක ඇද වැටෙද්දී හදට දැනෙන්නේ කම්පනයකි. එහෙත් ඒ විසල් ගස් යට වැඩුණු යටි රෝපණය දැන් දැන් නව හිරු රැස් වැටී උඩට මතුවී එනු ඇත. ලෙස්ටර් මහත්තයලා දහඩිය මහන්සියෙන් තැනූ ගමන් මඟ ඔවුනට තෝතැන්නක් වනු ඇත. ඉදින් ආදරණීය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාණෙනි සමුගන්නට අවසර! ඔබ අද නැති නමුදු ඔබගේ අමරණීය නිර්මාණ සහ ඔබ සෙවණේ වැඩුණු ඔබගේ ආදරණීය බිරිඳ ඇතුළු සුව හසක් සිනමාවේදීන් හා අංකුර කලාකරුවන් ඔබ නැවැත්වූ තැන සිට ඒ ගමන දිඟටම යනු ඇත. එය එසේම වුවහොත් එයටත් වඩා ඔබට කළ හැකි උපහාරයක් තවත් නම් තිබේද? ඔබගේ පැතුම ද එයම වන්නට ඇත. "රේඛාවෙන්" ඇරඹී "අම්මාවරුන්" ගෙන් අවසන් කළ ඔබගේ මහා සිනමා දිවි මගත්, 1919-2018 දක්වා දිවූ ඔබගේ භෞතිත දිවිමගත් මෙලෙසින් අවසන් වූවත් ඔබගේ නාමය සදා කල්හිම අමරණීය වනු ඇත. ඔබට සුවදායී නින්දක් සමග සුබ රාත්‍රියක්!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Lester James Peries, Rekava, Desa Nisa, Gamperaliya, Nidhanaya, Golu Hadawatha, Kaliyugaya, Yuganthaya, Awaragira, Ransalu, Ammawarune, Madolduwa, Akkara Paha, Sinhala Films, Sinhala Movies, Sri Lankan Movies
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චන්දන ගුණසේකරගෙන් තවත් වියමන්
අදහස්
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
පොත්
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
තවත් Cine බූන්දි
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook